වෙච්චි දෙයක් ....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මෙන්න ලඟදි Nat Geo චැනල් එකේ ගිය ඇත්ත සිද්දියක්. තල්මසුන් නරබමින් යන සංචාරක බෝට්ටුවකට තමයි මේ අකර තබ්බයට මුණ දෙන්ඩ වෙන්නේ.මේක සිද්ද වෙන්නේ දකුණු අප්‍රිකානු Cape තුඩුවට ආසන්න මුහුදේ.මේ බෝට්ටුවේ ඒ වෙලාවේ ගිහින් තියෙන්නේ යුවලක් විතරයි.
    සිද්ද වෙන්නේ එකවරම මුහුදෙන් මතුවූ දැවැන්ත තල්මසෙක් බෝට්ටුවට කඩා පාත් වෙන එක . හැබැයි මේ තල්මසා Right Whale කියන වර්ගයේ තවමත් සම්පූර්ණයෙන් නොවැඩුණු ලාබාල සත්වයෙක්. බලන්ඩකෝ සිද්දිය .

    4720whale.jpg





    මෙන්න ඊට පස්සේ බෝට්ටුවට වුන දේ.


    53146w2.jpeg



    හැබැයි වාසනාවකට මෙහි ගමන් ගත් යුවලට කිසිම අනතුරක් වෙලා නෑ . හැබැයි තල්මස් යාළුවාට නම් පොඩ්ඩක් විතර තුවාල වෙනඩ ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද දන්නවද බෝට්ටුවේ තිබිලා එයාගේ හම හීරිච්ච කොටස් හම්ඹ වෙලා තියෙනවා.
    දකුණු අප්‍රිකානු බලදාරින් සහ සත්ව වේදීන් මේගැන නොයෙක් අදහස් පල කරනවා . සමහරුන් ගේ අදහස නම් මෙයා තුවාල වුනු හෝ රෝගී වූ තල්මස් පැටියෙක් වෙනඩ ඇති කියන එකයි .තවත් අය කියන්නේ බෝට්ටු පිලිබඳ අද්දැකීම් නැති දගකාරයෙක් පොඩි දාංගලේ හින්ද වෙච්චි වැඩක් කියන එක .කොහොම වුනත් තල්මස් යාළුවාට ඉක්මන් සුවය අපි ප්රාර්තනා කරමු.

    මෙන්න මගේ අනික් ත්රෙඩ්

    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි .......http://www.elakiri.com/forum/showthread.php?t=1529661.

    සයිබීරියානු රුදුරු මිනීකන්නා ....... http://www.elakiri.com/forum/showthread.php?t=1529238
     
    • Like
    Reactions: SANJEE and OOH

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් ඕක නිල තල්මහ නෙමෙයිද ? අයි උට නිල තල් මහා කියන්නේ උ නිල පාටද?