ලෝකප්‍රකට_Harrods_සංකීර්ණය_නරඹමු !
මගේ පසුගිය thread එක, "තේම්ස් නදියේ හා ලන්ඩන් eye සංචාරය"ට ලැබුණු ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි. ඒ නිසාම ඊළඟ ලිපිය ඉක්මනින් දාන්න හිතුනා. කලින් හිතාගෙන හිටියේ අපි හැමෝම දන්න Florence Nightingale විසු St . Thomas Hospital සහ Big Ben ඇතුළු පාර්ලිමේන්තු සංකීර්ණයට යන්න උනත් ඒ අදහස පොඩ්ඩක් වෙනස් කරලා ඒ වගේම තවත් වැදගත් ස්ථානයක් වන සුප්‍රසිද්ධ "Harrods" වෙළඳ සංකීර්ණයට යන්න තීරණය කළා.
මේවා ගැන පසුවට දාන්නම්.
- පාර්ලිමේන්තු නිවස -
- St . Thomas රෝහල -
කවුරුහරි නොබලපු කැමති කෙනෙක් ඉන්නවනම් ••London eye සහ තේම්ස් නදියේ සංචාරය කරමු•• මෙතනින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1548066
.
.
.
හරි එහෙනම් වැඩේට බහිමු.
සුප්‍රසිද්ධ " Harrods"
Harrods වෙළඳ සංකීර්ණය කිව්වහම අපි ඔයාල ගොඩක් දෙනෙක් දන්නවා ඇති, නමවත් අහල ඇති. නොදන්නා කවුරුහරි ඉන්නවනම් පොඩි හැඳින්වීමක් කරන්නම්.
Harrods කියන්නේ ලන්ඩනයේ Knightsbridge කියන ස්ථානයේ පිහිටි සංචාරක ආකර්ෂණය දිනා ගත් සුපිරි පන්තියේ සාප්පු සංකීර්ණයක්. Harrods කියන වෙළඳ නාමය යටතේ තියෙන්නේ මේක විතරක් නෙමෙයි. තවත් වෙළඳ බැංකු, ගුවන් සේවා සහ වැවිලිකරණයට අදාළ ස්ථාන පිහිටි සමාගම් සමුහයක්.
ලන්ඩනයේ පිහිටි මේ වෙළඳ සංකීර්ණය කොච්චර විශාලද කිව්වොත් අක්කර 5ක පමණ භුමි ප්‍රදේශයක් මේ දැවැන්ත ගොඩනැගිල්ලෙන් ආවරණය වෙනවා.
තට්ටු 7කින් සමන්විතයි. හිතාගන්නකෝ තරම?? වෙළඳ ස්ථාන 330 ක් විතර තියනවා. යුරෝපයේ තියන ලොකුම වෙළඳ සංකීර්ණයට හිමිකම් කියන්නේ මේ Harrods සංකීර්ණයයි. 
මේකේ ඉතිහාසය ගැන කිව්වොත් අවුරුදු 200ක පමණ ලොකු ඉතිහාසයක් තියන ස්ථානයක්. හරියටම කිව්වොත් ආරම්භ කරලා තියෙන්නේ 1824 දී. Charles Henry Harrod කියන කෙනා තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි වෙනත් ස්ථානයක.
අපි කවුරුත් දන්න Fayed සහෝදරවරු මේක අරගෙන තියෙන්නේ 1985 දී. හැබැයි මේ වෙනකොට අපි කවුරුත් දන්න Mohomad Al Fayed මේ කටයුතු වලින් විශ්‍රාම ගිහින් තියෙන්නේ. දැන් පාලන කටයුතු කරන්නේ Qatar Holdings සමාගමයි.
- Mohomad Al Fayed -
විවිධ සිද්ධි සහ හැලහැප්පීම් මැද්දෙන් උනත් මේ වෙද්දී Harrods ව්‍යාපාර චීනය සිංගප්පුරුව වගේ රටවල ව්‍යාප්ත කරන්න කටයුතු යොදල තියනවා.
ඇත්තටම Harrods ඇතුලට ගියහම ඔලුවේ කැකුම හැදෙනවා. ඒ තරමට සෙනග සහ හරි සංකීර්ණයි.
අකුරු පොඩි වීම පිලිබඳ බන්ටුගේ කනගාටුව
මේකේ ඇතුලේ කාන්තා පිරිමි ළමා ඇඳුම් පැළදුම්, පාවහන්, අභරණ, electronic බඩු, කෑම බීම, සුරතල් සතුන්, health & beauty, housewear ඇතුළු එකී නොකී මෙකී ඔක්කොම තියනවා. කොටින්ම නැති දෙයක් නෑ. ඒවා ඔක්කොම සුපිරි. කොටින්ම apple ගෙඩිය පවා සුපිරි. කවුරුහරි සංචාරකයෙක් Harrods එකෙන් key tag එකක් තමන්ගේ රටට් ගිහින් තෑගි දුන්නොත් හරි ඉහලයි. වෙන මොකක්වත් නිසා නෙමෙයි Harrods කියන නාමය නිසා. හැබැයි එක දෙයක් කියන්න ඕන මේකේ තියෙන්නේ ඉස්තරම්ම බඩු.
ඔය ලොකු ලොක්කෝ ඔක්කොම මේකෙන් වෙන්න ඇති ඇවිත් බඩු ගන්නේ
ඒවගේම මේකේ size එකට හරියන්න සේවකයෝත් දහස් ගානක් ඉන්නවා.
එහෙනම් පොඩ්ඩක් කැරකිලා බලමු නේද?

මේ ඉතින් පැති දර්ශනයක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ ?
මේ කොළ පාට එක මේකටම ආවේනික එකක්ලු.
කොහොමද කෑම?
අරාබි කෑම වසන්තය !

meat නොහොත් මස්
ජපන් ආහාර
මගේ ආසම

කොහොමද බීම?

මේ වගේ කෑම විවිධ රටවල කෑම වර්ග විශාල ප්‍රමාණයක් බිම්මහලේ තියනවා. හැබැයි අපේ එව්වා නෑ.

කොහොමුනත් මෙතනින් මොනවහරි නොකා බේරිලා යනවා බොරු.
අපිට කෝ පැපොල්?
මේකකුත් උස්සගෙන ඊයේ නවලෝකේ ලඟට එන්න බැරි උනානේ
යකෝ මාළුත් තියනවනේ
මේ ඉස්සා හෙන ලොකුයි. මෙච්චර ලොකු එකෙක් දැක්කමයි.
මේ වගේ සමරු සෑහෙන්න තියනවා.
මේක හදල තියෙන්නේ සර්ප හමකින්ලු.
එච්චර ගානකුත් නෑ, ගමුද? £ 550 
ඕකනම් මොකක්ද ඔරලෝසු සහ ස්වර්ණාභරන පැත්තට ගියා. ඔරලෝසුවක් තියනවා £ 80,000 ක්.

එච්ච්රා ගානකට තියනවා කියල දැක්කෙත් එදාමයි. හැබැයි photo නම් ගන්න බැරි උනා.
Photo එකක් ගන්න යද්දීම සික්කෙක් දුවන් ඇවිත් බුදු අය්යේ ෆොටෝනම් ගන්න එපා මගේ රස්සාව ගහල යයි කිව්වා.
මන් ඉතින් නිකන් හිටිය. 
(පස්සේ තමයි දන්නේ designs out යන නිසා ෆොටෝස් ගන්න දෙන්නේ නෑලු), මල සමයන්.

බුදු පිළිම වහන්සේ කෙනෙකුත් වැඩ සිටියා
බඩු තෝරමින්
Mohamed Al Fayed ගේ පුතනුවන් වන Dodi Al Fayed සහ ඩයනා කුමරිය සිහිගැන්වීම සඳහා නිර්මාණය කරන ලද්දක්. මේ මුද්ද බර ගානක් වෙනවා ඇති. Dodi, ඩයනා කතාව ඔක්කොමල්ලම දන්නවනේ නේද? දන්නේ නැත්තම් නිකන් හිටපල්ලා.
මේ වගේ තව සමරුවක් තියනවා, එතෙන්ටනම් එදා යන්න බැරි උනා.
පාරාවරු සිහිවීම පිණිස නිර්මාණය කරන ලද්දක්
ඒ අස්සේ මෙව්වත් තියනවා
ඔන්න ඔහොමයි ඇතුලේ තත්වේ. හැබැයි මේ මුළු ඔක්කොම නෙමෙයි. ඔක්කොම යන්න සෑහෙන්න වෙලා යනවා. මට මේ thread 1 අද දවසේ ඉවර කරගන්න වෙන්නේ නෑ. පුළුවන් උනොත් පස්සේ තව ටිකක් දාන්නම්.
එහෙනම් යන්නයි හදන්නේ. නිකන් යන්නේ නැතුව මොනවා හරි කොටලා යන්න. ඒක මට ලොකු සතුටක්.
ඒවගේම කවුරුහරි මේවා තමන්ගේ website එකකට හෝ blog එකකට ගන්නවානම් කතෘ අවසරය ගන්න ඕන කියලත් සඳහන් කරන්න කැමතියි. තරහ නෑනේ??
එහෙනම් ඔක්කොටම ජයෙන් ජයම වේවා !!
© බන්ටු