ගුප්ත විද්‍යා My First Thread

TheOwl

Banned
May 3, 2013
190
35
0
ගුප්ත විද්‍යා My First Thread

කාලයක් තිස්සේ බලාගෙන ඉඳල මමත් හිතුව එලකිරියට සෙට් වෙන්න. හා හා පුරා කියල මම අලුත් දෙයක් දාන්න තමයි හදන්නේ. අලුත් කිව්වට පරණම විෂයක්..
ගුප්ත විද්‍යා ගැන උනන්දු අය ඉන්නවා නම් ඉතින් මේ දේවල් වැදගත් වෙයි කියල හිතනවා..

ඉස්සෙල්ලම බලමුකෝ ගුප්ත විද්‍යා හදාරන කෙනෙකුට මුලිකවම දැනගන්න ඕන කාරණා මොනවද කියල..
ඉස්සෙල්ලම කියන්න ඕන මේක සෙල්ලමක් නෙමෙයි.. තමන් හරියට විෂය හදාරන තුරු කාටවත් මේ ගැන නොකිය හිටියට කමක් නැහැ. මුලින්ම මේ ලෝකය වැඩකරන විදිය භෞතික සහ අධ්‍යාත්මික කියන ක්‍රම දෙකෙන්ම වැටහ ගන්න ඕන.. ඒ කියන්නේ විවෘත මනසක් සහිතව ඉන්න ඕන, අනිත් ආගම් ගැනත් ඉගෙන ගන්න වෙනවා.. කව්ද හරි කව්ද වැරදි කියන එක ගැන තර්ක කරන්න යන්න එපා..තමන්ට කියවන්න ලැබෙන හැම ගුප්ත විද්‍යා පොතක්ම කියවන්නත් ඕන. එතකොට මොලයේ සෛල වැඩෙනවා.. ඒ නිසා කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා..

ප්‍රයෝගිකව කරන්න තියන මුලිකම දේ තමයි තමන්ගේ සිහින ගැන විමසිලිමත් වෙන එක. ලොකු පොතක් අරගෙන තමන්ගේ සිහින හැම එකක්ම වාර්තා කරන්න ඕන වෙනවා. මේක මාස 4ක් 5ක් කරන්න ඕන දෙයක්. ඔයගොල්ල නොදැන හිටපු ගොඩක් දේවල් මේ මාස ගානේදී දැනගන්න ලැබෙනවා.

මෙහෙමයි මේක පටන් ගන්නේ..

රාත්‍රියේ නින්දට යන්න කලින් මනස ටිකක් නිශ්ශබ්ද කරගන්න ඕන, භාවනා කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි.. යොගා වගේ දේවල් සහ අංග ඇදෙන ව්‍යායාම ටිකක් කරන්න ඕන. ආහාර ගැනීමේ විශේෂයක් නැහැ. මස් මාළු කෑවොත් නම් ටිකක් වැඩේ අමාරුයි. මොකද ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසා ගැඹුරු නින්දට නොයා අඩ නින්දේ ගත කරන්න වෙයි. සිකරට් බොනවා නම් එකත් අවුල්. මත්පැන්, ගංජා වගේ දේවලුත් අවුල්. මොලයට හොඳට ඔක්සිජන් දීම අවශ්‍යමයි.

දෙවෙනි පියවර විදියට ඇඳට ගිහිල්ලා තමන්ගේ හිතට මේ අදහස දාන්න ඕන. " මම දකින හැම හීනයක්ම මට මතකයි. හැම හීනයක් අවසානයේම මම නිගිටල එක ලියනවා" (තමන්ට ලේසි වෙන එකක් හද ගත්තත් කමක් නැහැ.) විනාඩි දහයක් විතර හරී නින්ද යනකන්ම හරි නැවත නැවත ඕක කියන්න ඕන.. නින්ද යන්න කිට්ටු උනාම (border line sleep level) තමයි අපේ හිතට හොඳටම අදහස් කාවදින්නේ. (පාට පාට තියන හීන විශේෂයෙන් ලියන්න, කළු සුදු ඒවත් ලියන්න ඒ දෙක අඳුන ගන්න පුළුවන් විදියට සටහන් කරලා තියාගන්න. ඉදිරියේදී වැදගත් වෙනවා)

ඉතින් ඔයගොල්ලෝ මේක කරලා බලන්න. ඔයගොල්ලෝ නොහිතන පුදුම දේවල් දකින්න ලැබේවි. තව දේවල් ඉදිරියේදී කියල දෙන්නම්.. (මේක අනිව්වාර්යේන්ම කල යුතු දෙයක් ගුප්ත විද්‍යා ඉගෙන ගන්නවා නම්..)

එහෙනම් සුභ දවසක්..

දෙවන කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1552339
 
Last edited:

TheOwl

Banned
May 3, 2013
190
35
0
Mata nam heena penne naddda manda :/

හැමෝටම පේනවා. එත් අපේ හිත ඒවා මතක තියාගන්නේ නැහැ. ඒවා අපිට එදිනදා ජීවිතේට වැදගත් නැති නිසා. මේ වගේ දෙයක් කරලා බලනකන් මම හිතාගෙන හිටියෙත් ඔහොම තමයි..