part 2 ගුප්ත විද්‍යා

TheOwl

Banned
May 3, 2013
190
35
0
part 2 ගුප්ත විද්‍යා

පළමු කොටස මෙතන
http://www.elakiri.com/forum/showthread.php?t=1552287

දැන් ඉතින් පලවෙනි එක බලලම එනවා නම් හොඳයි..

කලින් කිව්වේ මම සිහින වාර්තා කිරීම ගැන. දෙවෙනි පියවරත් ඉතාම වැදගත්. පලවෙනි පියවර කරන ගමන්ම දෙවෙනි එකත් ප්‍රගුණ කරන එක වැදගත්. ඒ තමයි භාවනා කිරීම. භාවනා කිව්වම නොයෙක් විදියේ ඒවා තියනවා. බෞද්ධ අයට නම් සමථ සහ විදර්ශනා කියල කොටස් දෙකක් තියනවා. අපිට වැදගත් වෙන්නේ මෙතැනදී සමථ භාවනා විතරයි..

අරමුණ වෙන්නේ තමන්ගේ හිතේ වරින් වර ඇතිවන අනවශ්‍ය සිතිවිලි වලින් තොරව එක අරමුණක හිත ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න එක. එහෙම කරන්න බැරිනම් කවදාවත් සාර්ථක මායාකරුවෙක් වෙන්න බැහැ. මානසික ඒකාග්‍රතාවය මායා වැඩ වලදී ඉතාම වැදගත්. ඔබ කරන මායාව ගැන සිත හරියට පිහිටුවා ගන්න බැරිනම් ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ කරන දේ හරි යයි කියල?

තමන් දන්නා භාවනාවක් තියනවා නම් එක කරන්න, එහෙම නැත්නම් සරල එකක් මම කියල දෙන්නම්..
ඉස්සෙල්ල ඇඟ ඇදෙන ව්‍යායාම කරලා ඇඟ සෝදාගෙන පිරිසිදු වෙලා ලෑස්ති වෙන්න ඕන. ඊට පස්සේ පුටුවක වාදී වෙලා හරි ඇඳක දිගා වෙලා හරි තමයි වැඩේ කරන්න ලේසි. ඊට පස්සේ ඇස්දෙක පියාගෙන හිතෙන ලොකු කුණු කුඩයක් මවා ගන්න ඕන (පියන තියන එකක්). දැන් ඔයගොල්ලන්ගේ එදිනෙදා ප්‍රශ්න එකින් එක කුණු කුඩේට දාන්න. තමන්ගේ යාලුවෝ, ගැනු ළමය, බිල්, වාහන, හතුරෝ, හිතට එයි කියල හිතෙන හැම දෙයක්ම මේකට දාල තදින් පියන වහල හිතෙන ඇතට තල්ලු කරලා දාන්න ඕන. දැන් සරල වචනයක් හිතෙන නැවත නැවත කියන්න ඕන. "ඕම්" කියන වචනය මේකට ඉතාම සුදුසුයි..මුලින් විනාඩි පහක් වගේ මේක කරන්න. පලවෙනි දවසෙම ඔයාලට සැහැල්ලුවක් දැනෙයි.

පස්සේ ටිකෙන් ටික කාලය වැඩි කරන්න..

එහෙනම් තුන් වෙනි කොටසින් හම්බ වෙමු....

තුන්වන කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1552349
 
Last edited:
  • Like
Reactions: Warrior-FX

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    35848096.png


    lol pons