Part 3 ගුප්ත විද්‍යා..

TheOwl

Banned
May 3, 2013
190
35
0
Part 3 ගුප්ත විද්‍යා..

දෙවෙනි කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1552339


දැන් ඉතින් කලින් දාපු දෙකම හරියට කරලා ඉන්න ඕන. මේ කොටසින් කියල දෙන්න හදන්නේ කොහොමද ගුප්ත විද්‍යා වැඩකරන්නේ, ඒ වගේම ඇයි සමහර වෙලාවට වැඩ නොකරන්නේ කියල. මේකෙදි බලපාන ගොඩක් සාදක තියනවා. සමහර තරුණ අය හිතාගෙන ඉන්නවා මොකක් හරි පොතකින් මන්තරයක් බලාගෙන කියෙව්වම ඔක්කොම හරි කියල. :P:P

ඒ උනාට එහෙම වෙන්නේ නැහැ. එකට හේතුව ඒ අය ෆිල්ම් බලල වැඩියි. :yes::yes:

දැන් ඉතින් ගොඩක් අය හිතාවි ඇත්තටම මේ කියන්නේ ඇත්තද කියල. කියවල බලලම තීරණය කරන්නකෝ..

1 චන්ද්‍රයාගේ කලාව : ඔයගොල්ලෝ දන්නවා නේ හඳේ තියනවා අව පක්ෂය සහ පුර පක්ෂය කියල දෙකක්. සාමාන්යෙන් මායා වැඩවල උපරිම බලය තියෙන්නේ පුර පෝය දවසට. ඉස්සර ගොවියෝ පුර පෝය කාලෙට තමයි තමන්ගේ බීජ පලකරේ..
හඳ හැමදේකටම බලපානවා මායා වැඩවලදී විතරක් නෙමෙයි හැම දෙකටම. මානසික තත්වයන්ට, ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධියට, තව තව ගොඩක් දවල් වලට. බුදු හාමුදුරුවෝ බුදු උනෙත් පුර පෝය දවසක.
චන්ද්‍ර මාසයකට දවස් 28ක් තියනවා. මේ දවස් 28 කොටස් හතරකට බෙදෙනවා.

අමාවක : මොනවහරි දෙයක් අවසාන කරන මායා වැඩවලට භාවිත කරන්න හොඳයි..
පුර අටවක : මොනවහරි දෙයක් ක්‍රමයෙන් වැඩි කිරීමට අවශ්‍ය මායා වැඩවලට හොඳයි.
පුර පසළොස්වක : යහපත් ක්‍රියාවකදී උපරිම බල ලබාගන්න හොඳයි..
අව අටවක : සතුරන් තමන්ගෙන් ඉවත් කිරීමට, අයහපත් අමනුෂ්යන් ඉවත් කරන්න හොඳයි. (මේ කියන දවසට දින තුනක් පෙර සහ දින තුනක් පසු කාලෙත් තියෙන්නේ සමාන බලයක්)

2 නියමිත අමුද්‍රව්‍ය : අනිවාර්යෙන්ම ඔබ කරන මායාවට අදාල අමුද්‍රව්‍ය එලෙසින්ම ලබා ගත යුතුයි..බෙහෙත් වර්ග තෙල් වර්ග, බෝනික්කෝ (වුඩු), සහ පිරිසිදු මන්ත්‍රය. පහන් හෝ ඉටිපන්දම්. විවිධ වර්ණ බෝනික්කෝ භාවිතා කරද්දී බෝනික්ක අපේ අදාල කෙනාගේ විදියම විය යුතු නැහැ. අපි කාගෙන් හරි පළිගන්නවා නම් අපිට ඉන්න බෝනික්ක එයා කියල අපි හිතාගන්න ඕන..

3 මායාකරුවගේ මානසික තත්වය: වශියක් වගේ දෙයක් කරනවා නම් හරි ලෙඩකට ශාන්තිකර්මයක් වගේ කරනවා නම් තරහෙන් ඉඳල බැහැ. ඒ වගේම පාලි ගැනීමක් හෝ මරණයක් ඉල්ලනවා නම් සතුටින් ඉඳල කරන්නත් බැහැ.. අපේ තරහ කාරයට මුදාහරින්න පුළුවන් උපරිමයට අපේ තරහ සහ විනාශ කිරීමේ හැංගීම ඕන.. ඒ වගේම කරන මායාව ගැන මායාකරුවගේ තියන විස්වාසයත් මේකට අයත් වෙනවා. විස්වාසයක් නැතුව ට්‍රයි කරන්න කරන ඒවා හරි යන්නේ නැහැ කවදාවත්..

4 විශ්වයේ කැමැත්ත : අපි කරන මායාවන් සැබෑවක් කිරීමේ වගකීමෙන් ටිකක් මේ විශ්වයට පැවරිලා තියෙන්නේ. කවද කොයි වෙලාවට කොතැනදී ඒක සැබෑ වෙඉද කියන එක හරියටම කියන්න බැහැ. දවසක් , මාසයක්, අවුරුද්දක් උනත් යන්න පුළුවන්..


5 මායාකරුවාගේ අත්දැකීම් : එක පාරටම පොතක් අරන් මන්තරයක් කීවට වැඩ කරන නැහැ කියල මම කලින් කිව්ව. පුරුදු වෙන්න ඕන දේවල් පුරුදු වෙලා කාලයක් ඉගෙන ගෙන අත්දැකීම් ලබාගෙන ඉන්න කෙනෙක් කරන දේවල් හරියනවා, අනිත් අයගේ ඒවා පුහ්හ්.....

6 මායාකරුවා වටා ඇති මායා බලය: ඔන්න මම මේකේ වගකීමෙන් මිදිලා ඉන්නේ. මේවා කරන්න කලින් තමන්ට ආරක්ෂාවක් දාගෙන ඉන්න ඕන අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම තමන් කරන්නේ මොනවද කියල හරියට දන්නේ නැති අය අමනුෂ්‍ය බලවේග වලට අහුවෙන්න පුළුවන්.. එහෙම උනාම පුද්ගලයෝ වෙනස් වෙනවා. ඒ නිසා කරුණා කරලා හොඳ ආරක්ෂාවක් දාගෙන ඉන්න ඕන. දිනපතා කරන දෙයක් නම් හොඳයි. නැත්නම් ආරක්ෂක යන්ත්‍රයක් උනත් හොඳයි. මගේ නම් තියෙන්නේ ආරක්ෂක සටහනක් පච්ච කොටලා..

7 විස්වාසය: ඔයගොල්ලෝ කරන දේ ගැන සැහැල්ලුවෙන් හිතන්න හොඳ නැහැ. වගකීමෙන් හිතන්න ඕන . දැඩි විස්වාසයක් තියෙන්න ඕන, අවිස්වාස නම් නොකර ඉන්න එක තමයි හොඳ, මොකද එකෙන් ලැබෙන දෙයක් නැහැ නැතිවෙන දේවල් මිස..

8 නියම මන්ත්‍රය: නියම මන්ත්‍ර ඉතාම වැදගත්. සමහර මන්තර නිකන්ම පුස් ඒවා. ලංකාවේ නම් හොඳ මන්තර තියන පොත් තියනවා "මොඩන්" පොත් සමාගමේ, නුගේගොඩ. මම වැඩිපුර භාවිත කරන්නේ බටහිර සහ යුරෝපයේ ඒවා.. පරණ කෙනෙක්ගෙන් කට වචනයෙන් ලබාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සල්ලි වලට ගන්නවට වඩා..


එහෙනම් 4න් හම්බෙමු.. ඔබගේ මායා ගමනට සුභ පැතුම්...
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බටහිරින් එන මන්තර ලංකාවෙත් හරි යනවද?