ඔන්න කලින් කිව්වා විදියටම මේකෙන් මම Traction Control ගැන සහ Stability Control ගැන කථා කරනවා. කලින් එක කියෙව්වේ නැත්නම් මෙන්න මේකෙන් යන්න එහෙනම් වැඩේ පටන් ගමු..
Traction Control
මේකෙන් පද්දතියෙන් කෙරෙන කාර්ය භාරය තමයි අපි ගොන්නු වගේ ඇක්සලරේටර් එක උඩ නැග්ගොත් එලවුම් රෝද එක තැන ලිස්සා යන එක නැවත්වීම. ගොඩක් ඔය රේස් වලදී එහෙම ස්ටාර්ට් එකේදී දුම් දාගෙන රෝද කරකැවෙනවා දැකල ඇති නේ? ඔන්න ඉතින් මේක තියනවා නම් එහෙම කොරන එක බොරු. NFS ගහපු එකෙක් මේක දැකල නැති වෙන්න විදියක් නැහැ. දැකල නැත්නම් මේ දෑස මක්කටෙයි කිව්වලු?
හරි, මේක වැඩ කරන්නේ මෙහෙමයි,...
කලින් පාඩමේ කිව්වා වගේ රෝද වල තියන වේග සන්වේද මේකටත් උදව් වෙනවා. පසුපස රෝද එලවුම් රෝද වෙන වහනයක් ගමු උදාහරණ විදියට. ඒ කියන්නේ ඉදිරිපස රෝද එළවෙන රෝද. (ඉබේ කැරකෙන රෝද.) ඔන්න ඉතින් අපි පලවෙනි ගියර් එකට දාල ඇක්සලරේටර් එක ලෑල්ලටම පාගල දෙනවා ක්ලච් එක. දීපු ගමන් අස්සයා පැන්න වගේ පනිනවා වාහනේ...
ඒ විතරන් නෙවෙයි පිටිපස්සේ රෝද දුම් දාගෙන එකතැන කරකැවෙනවා. මොකද වාහනේක බරක් තියනවා. ඒ නිසා ගම්‍යතාවක් තියනවා. එකපාරට බලය දුන්නට පොඩි කම්මැලි කමක් තියනවා පිඹගෙන යන්න. ඒ නිසා පිටිපස්සේ රෝද ලිස්සන්න ගන්නවා. නමුත් ඉස්සරහ රෝද ලිස්සන්නේ නැහැ. (ඒ රෝද වලට එන්ජිමෙන් බලයක් ලැබෙන්නේ නැහැ නෙව.) ඉතින් මේ ඔක්කොම බලාගෙන ඉන්නවා වාහනේ පරිඝනකය.(ECU) ඉතින් මේකා බලනවා පිටිපස්සේ රෝදේ කැරකෙන වේගේ සහ ඉස්සරහ රෝදේ කැරකෙන වේගේ. බලල හදිස්සියෙන් කාරී පිටිපස්සේ රෝදේ වැඩි වේගෙකින් කර කැවෙනවා නම් පිටුපස රෝද වල වේගය ඉස්සරහ රෝද වල වේගයට සමාන කරනවා.
මේක කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි වාහනයේ ඇක්සලරේටර් එක පාලනය කිරීම. (ගොඩක් drive by wire වාහන වල තියන්නේ මේ ක්‍රමය.) ඒ කියන්නේ අපි කොච්චර පගුවත් වාහනේ එන්ජිමට සැපයෙන බලය සිමා කරනවා. අනිත් ක්‍රමය තමයි පසු පස රෝද වලට බ්රේක් යෙදීම. අන්න ඒ වගේ වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට පාලන පද්ධතිය මගින් පිටුපස රෝද වලට බ්රේක් යොදල වේගය අඩු කරනවා. අන්න ඒ නිසා මේ පද්ධතිය තියන තාක් කල් අපි drift කොරල හමාරයි.(Tokyo Drift බලපල්ලා.)
Stability Control
මේ පද්දතිය තියන්නේ වාහනේ අවශ්‍ය ආකාරයට වංගුවක් ගන්න බැරුව වාහනේ ලිස්සල පාරෙන් ඉවතට යන එක වලක්වන්න. තවත් සරලව කියනවා නම් අපි හරවන්නේ එක පැත්තකට, ඒත් වාහනේ යන්නේ වෙන පැත්තකට (100 පන්නල ගිහින් වංගු ගන්න හදපු එවුන් දන්නවා ඇති.).
මේ පද්දතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. Over steer සහ Under steer යන අපහසුතාවයන් දෙක මගහරවා ගැනීමට තමයි මේක අවශ්‍ය වෙන්නේ.
Over Steer යටතේ
ඔන්න ඔය උඩින් තියන පින්තුර වලින් තරමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. Over Steer කියන්නේ අපි බලාපොරොත්තු වෙනවට වැඩියෙන් වාහනේ හැරීම. කවුරුත් දන්නා විදියට කිව්වොත් Drift කරනවා කියන්නේ පාලනයක් සහිතව Over Steering කිරීම තමයි. පසුපස රෝද වලින් බල ගැන්වෙන වගන වල තමයි බොහෝ විට මේ ප්‍රශ්නේ තියන්නේ.
ඒ වගේ අවස්ථාවකදී වාහනේ අපි යන මාර්ගය සහ යැවෙන මාර්ගය සංසන්දනය කරලා ඉදිරි පස වම්පැත්තේ රෝදයට බ්රේක් යොදනවා.(ඔය උඩින්ම තියන පින්තුරේ බලාගෙන කියන්නේ හොඳේ? අනිත්පැත්තට වංගු ගනිද්දී අනිත් පැත්තට වෙන්නේ.)
එතකොට ඔන්න ඔය විදියට වාහනේ බ්රේක් යෙදුන රෝදය සහ ගුරුත්ව කේන්ද්‍රය අතර බල ඝුර්නයක් ඇති වෙනවා. ඒ නිසා වාහනේ නැවතත් අවශ්‍ය විදියට එනවා.
Under Steer යටතේ
උඩින් දාල තියන පින්තුරේට අනුව පේනවා under steer කියන්නේ මොකක්ද කියල. සරලව කිව්වොත් වෙන්නේ අපි යන වේගේ වැඩි නිසා අපි වාහනේ රෝද හැරෙව්වට වාහනේ ලිස්සගෙන වගේ ඉස්සරහට යනවා. අපිට අවශ්‍ය විදියට වාහනේ හැරෙන්නේ නැහැ. ඉදිරිපස රෝද වලින් බල ගැන්වෙන වාහන වල තියන ප්‍රශ්නයක් තමයි මේක.
ඔන්න ඔය වගේ අවස්ථාවකදී පසුපස දකුණු පැත්තේ රෝදයට බ්රේක් යෙදීමෙන්වගනය අවශ්‍ය මාර්ගයට ගන්න පරිඝනකය උත්සාහ කරනවා.
මේන් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ගෘත්ව කේන්ද්‍රය සහ බ්රේක් වදින රෝදය එකතු වෙලා විරිද්ද අතට බල ඝුර්නයක් වොදගෙන තමයි වගනේ පාලනය කරගන්නේ.
බොහෝ විට මේ පද්දති 3 නම. (ABS,Traction Control, Stability Control) එකම පරිඝනකයකින් තමයි පාලනය වෙන්නේ. ඒ නිසා මේක ඕෆ් කරනකොට මේ පද්දති තුනම ක්‍රියා විරහිත වෙන බව මතක තියා ගන්න. ඒ වගේම මොන පද්දතිය තිබුනත් අපි හරියට වාහනේ ගෙනියන්නේ නැත්නම් කිසිම වගක් නැහැ. හරියට මාර්ග නීති අනුව වාහන එලවනවා නම් අපි හැමෝටම හොඳයි. අධි වේගී මාර්ගේ 120-200 යන්න පුළුවන් උනත් 100 වඩා නොයා ඉන්නවා නම් අපි කාටත් ආරක්ෂා සහිතව යන්න පුළුවන්. මොකද අපිට කොච්චර හොඳ වාහන තිබුනත් මාරය එන වෙලාව කියන්න බැහැ. වැඩේ මෙන්න මේ නෝටිස් එකෙන්ම ඉවරයක් කරන්නම්. මේක තිබුනේ අපේ වාහනේ User manual එකේ....
"The Active Stability Control (ASC) takes overall control function and stability control of the anti-lock break system, traction control function and stability control function to help maintain the vehicle's control and traction.
Caution: Do not over-rely on the ASC. Even the ASC cannot prevent the natural laws of physics from acting on the vehicle. This system, like any other system, has limits and cannot help you to maintain traction and control of the vehicle in the all circumstances. Reckless driving may lead to accidents."
Traction Control
මේකෙන් පද්දතියෙන් කෙරෙන කාර්ය භාරය තමයි අපි ගොන්නු වගේ ඇක්සලරේටර් එක උඩ නැග්ගොත් එලවුම් රෝද එක තැන ලිස්සා යන එක නැවත්වීම. ගොඩක් ඔය රේස් වලදී එහෙම ස්ටාර්ට් එකේදී දුම් දාගෙන රෝද කරකැවෙනවා දැකල ඇති නේ? ඔන්න ඉතින් මේක තියනවා නම් එහෙම කොරන එක බොරු. NFS ගහපු එකෙක් මේක දැකල නැති වෙන්න විදියක් නැහැ. දැකල නැත්නම් මේ දෑස මක්කටෙයි කිව්වලු?

හරි, මේක වැඩ කරන්නේ මෙහෙමයි,...
කලින් පාඩමේ කිව්වා වගේ රෝද වල තියන වේග සන්වේද මේකටත් උදව් වෙනවා. පසුපස රෝද එලවුම් රෝද වෙන වහනයක් ගමු උදාහරණ විදියට. ඒ කියන්නේ ඉදිරිපස රෝද එළවෙන රෝද. (ඉබේ කැරකෙන රෝද.) ඔන්න ඉතින් අපි පලවෙනි ගියර් එකට දාල ඇක්සලරේටර් එක ලෑල්ලටම පාගල දෙනවා ක්ලච් එක. දීපු ගමන් අස්සයා පැන්න වගේ පනිනවා වාහනේ...

ඒ විතරන් නෙවෙයි පිටිපස්සේ රෝද දුම් දාගෙන එකතැන කරකැවෙනවා. මොකද වාහනේක බරක් තියනවා. ඒ නිසා ගම්‍යතාවක් තියනවා. එකපාරට බලය දුන්නට පොඩි කම්මැලි කමක් තියනවා පිඹගෙන යන්න. ඒ නිසා පිටිපස්සේ රෝද ලිස්සන්න ගන්නවා. නමුත් ඉස්සරහ රෝද ලිස්සන්නේ නැහැ. (ඒ රෝද වලට එන්ජිමෙන් බලයක් ලැබෙන්නේ නැහැ නෙව.) ඉතින් මේ ඔක්කොම බලාගෙන ඉන්නවා වාහනේ පරිඝනකය.(ECU) ඉතින් මේකා බලනවා පිටිපස්සේ රෝදේ කැරකෙන වේගේ සහ ඉස්සරහ රෝදේ කැරකෙන වේගේ. බලල හදිස්සියෙන් කාරී පිටිපස්සේ රෝදේ වැඩි වේගෙකින් කර කැවෙනවා නම් පිටුපස රෝද වල වේගය ඉස්සරහ රෝද වල වේගයට සමාන කරනවා. මේක කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි වාහනයේ ඇක්සලරේටර් එක පාලනය කිරීම. (ගොඩක් drive by wire වාහන වල තියන්නේ මේ ක්‍රමය.) ඒ කියන්නේ අපි කොච්චර පගුවත් වාහනේ එන්ජිමට සැපයෙන බලය සිමා කරනවා. අනිත් ක්‍රමය තමයි පසු පස රෝද වලට බ්රේක් යෙදීම. අන්න ඒ වගේ වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට පාලන පද්ධතිය මගින් පිටුපස රෝද වලට බ්රේක් යොදල වේගය අඩු කරනවා. අන්න ඒ නිසා මේ පද්ධතිය තියන තාක් කල් අපි drift කොරල හමාරයි.(Tokyo Drift බලපල්ලා.)