ආදරනීය මල්ලියේ..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආදරනීය මල්ලියේ..

    මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති. සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ. මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ. අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්

    කෙල්ලෝ.....

    ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්... හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත් ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා

    ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ.
    පලවෙනි සාදකේ මුන්ගේ තොප්පියෙන් මුට්ටිය එලියට දාන් එනකොට තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
    දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය
    තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල්

    ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා

    ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද?
    ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්. ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා. 27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ.. උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා.. 25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා. හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා. අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් ) උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ.. අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි.

    ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ, හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. කකුල්දෙක මැද්දේ වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ. යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ. පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා (එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව

    අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ, උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්. ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට. වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්, ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා.

    ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජංගි වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා

    පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස

    ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස
    ) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත් අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ. ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ, අහවල් දෙක මෙච්චර ලොකුවෙන්න ඕනේ,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්, නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන් (ඕක ගැන වෙනමම කියන්නම් ) හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ, ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක් උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා. අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි

    දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම,
    ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ??
    අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ ;) :P ). ජිවිව්තේ ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න


    ඒ එක්කම ආදරනීය නංගියේ...

    මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ. මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ, නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියයා පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ, ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා, හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි

    අද මේ කෙටි ලිපිය ලිව්වේ සතුටු දායක ආරන්චියක් කියන්න, මගේ රැකියාවේ ලොකු වෙනසක් උනා. උසස් වීමක් එක්කම ජීවිතයේ හිතපුවත් නැති පඩියක් එක්ක එක්ක අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබුනා. ලබන මාසේ දිහාට වැඩ පටන් ගන්නවා ( ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ. දැක්කනේ එක්කෙනෙක් මාව එක්ස්පෝස් කරා.. අම්මෝ ඒ හින්ද බයයි.. මම උන්ට බයවෙලා ඉන්නේ සෑහෙන්න ). මම මේ එලකිරියේ වැඩියෙන්ම සල්ලි කාරයවත්, ඉගෙනගත්ත එකාවත් නෙමේ, ඒත් ජිවිවතේ ගොඩගන්න වැඩියෙන්ම කට්ට කාපු දෙතුන් දෙනා අතරනම් අනිවාරෙන් ඇති

    හයි හත්තියට තාත්තත් ජීවිතේ ඕනෙම කාලේ නැතිඋන මට අම්මා විතරයි ලග උන්නේ, ඒත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උපදෙස් දෙන්න තරම් අම්මට දැනුමක් තිබ්බෙත් නෑ දැනුත් නෑ. ඒයා එකවුන්ටින් පැත්තේ වැඩකරන කෙනෙක්. ඉතින් මම මගේ ජිවිතේ හදාගත්තේ තනියම. මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්. අද ආපහු හැරිලා බලනකොට ඇත්තටම මට ආඩම්බරයි. මීට ටික දවසකට කලින් එලකිරියේ එක තුන්කාලෙක් අහනවා උබ පොරක්ද කියලා. ඔව් මම පොරක් බන්, මට මම පොරක්. අපේ අම්මට පොරක්. මගේ සමහර කන්සෙප්ට් මෝඩ කන්සෙප්ට් වගේ පේන අය ඇති, එහෙමනම් ඒ අය මටත් වඩා හොදට මගෙන් ගන්න පුලුවන් දේවල් අරන් මේ මෝඩයගෙන් ගන්න වැඩක් නැති දේවල් විසිකරලා හොදට හැදෙන්න, ජාතියක් විදිහට සිංහලයා නැගිටින්න ඕනේ කාලයක් මේ


    අවසානයට සාරාංශය මේකයි. එක එක කුනුහරප නිසා ජීවිතේ කුරුවල් කරගන්නේ නැතුව ඉගෙනගනිල්ලා.. හැදියල්ලා




    සමහර අය රෙප් කපලා දාලා තිබ්බා කලින් ලිපි වලට, මම මේවා පොත් කියවලා මෙතෙන්ට දානවා, පර්වර්තනේ කරලා දානවා කියලා. නෑ මචන් වගකීමෙන් කියන්නේ මේ හැම වචනයක් ගානෙම ඉගෙනගත්තේ ලේ කදුලු දාඩිය කැපකරලා


    ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා





    ගල් මුල් සහ මල් සියල්ලම වෙල්කම් ආ...


    තෙරුවන් සරණයි !


    උබලගේ ආදරනීය ,
    රත්තරං.....




    profilepic391748_5.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියවන්න බැරි උන උන්ට....


    රත්තරං;15231721 said:
    ඉතින් කොල්ලනේ කොහොමෙයි? අද ඔන්න වාහනයක් ගැන කියන්න නෙමේ යන්නේ. ඊට එහා ගිය වෙනස් දෙයක් ගැන කතා කරන්න.
    උබලට මතක ඇති මම ලක්ශ 10ක් ලැබුනොත් මොකද කරන්නේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. ඔන්න ඒ ගැන කියන්නයි යන්නේ.

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන් - http://www.elakiri.com/forum/showthread.php?t=1563268

    මේ සේරම අදහස් මම එලකිරියේ කොල්ලෝ වෙනුවෙනුයි ලියන්නේ. කොහෙන්වත් කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරපු අනුන්ගේ දෙයක් නෙමේ

    make_money_online.jpg



    අපි හැමෝම කැමතියි නැහැයි බැහැයි නොකියා ජීවත් වෙන්න, දෙයක් කරන්න ගිහාම සල්ලි නෑ නෑ නොකියා ඒක කරන්න. ඒත් කැමැත්ත තිබ්බට ඒ තත්වෙට එන්නේ කීයෙන් කී දෙනාද? එක වගේ එක පන්තිවල උන්නු අපේ යාලුවෝ එකෙක් සදාකල් රස්සාව මත්තෙම මැරෙද්දි තව එකෙක් වේගෙන් දියුනු වෙන්නේ කොහොමද?

    උබලා කොහොම කියයිද දන්නේ නෑ මේ ගැන, ඒත් දුප්පත් කමට ප්‍රදානම හේතුව මුදල් පාලනයක් නැතිකම සහ වියදම් කිරීමට නොදැනුවත්කම. හම්බ කරනවට වඩා අමාරුයි වියදම් කරන්න ඉගෙනගන්න එක. දියුනුවේ රහස තියෙන්නේ හම්බ කිරීමටත් වඩා හම්බ කිරීමෙන් එහාට අපි කරන දේ මත. මචන් මමනම් පට්ටම ධනවාදියෙක්, සමාජවාදය මටනම් මහ බොරුවක්, කොහෙද බන් දුප්පතුන්ගේ ස්වර්ගරාජ්ජ බිහිකරන්නේ? දුප්පත්තු කොහෙද ස්වර්ග රාජ්ජේ. (ඔන්න දැන් ඕක අල්ලන් නටන්න එපා ) දනපතියාට වයිර කරනවාට වඩා නරකද කීයක් හරි හෝයාගෙන ඒ තැනට එන එක?

    දැන් උබලා අහයි ඇයි තෝ කෝටිපතියෙක්ද අපිට බන දෙසන්න කියලා. නෑ මචන් මම මහා ලොකු කනුවක් නෙමේ. ඒත් මම බිංදුවේ සිට නැගිට්ට එකෙක්. මගේ මුලු ජීවිතේම හොදටම දන්න සහෝදරයෙක් වගේ අව් රුදු ගානක් එකටම උන්න (දැන් නිතරම හමුවෙන්නේ නම් නෑ ) මගේ බොක්කේ කොල්ලෙක් මේ එලකිරි එකේ ඉන්නවා. ඌ දන්නවා මම කට්ට කාලා නැගිට්ට හැටි. මම අපේ සිංහල කොල්ලන්ට මම දන්න දේවල් කියලා දෙන්නම් උබලට ඒකෙන් යහපතක් වෙනවනම්. මට අන්න එච්චරයි ඕනේ. ඒ දවස්වල කැම්පස් ඉද්දී ගමේ ඕලෙවල් ෆේල් සහ ෆේල් වෙන්න ගිය නාම්බො ටිකක් අල්ලන් උන්ට ගහල කුනුහරපෙන් බැනලා තැනකට ගෙනත් තියෙනවා. අද උන් දොස්තරලා ඉන්ංජිනේරුවෝ නොවුනත් මනුස්සයෝ විදිහට අය්යේ උබට පින් කියලා කියනව. මැරෙන්න පාරක වැටිලා උන්නොත් උන් වතුර ටිකක් වත් දෙන්න එනවා., අන්න ඒ ටිකම මට ඇති. ඒ වගෙම මම අද ඉංජිනේරු ශේත්‍රයේ රැකියාවක යෙදෙන ගමන් පොඩි කලේ ඉදන් තිබ්බ වාහන පුකේ අමාරුවේ පිහිටෙන්, ආයෝජන වලින් මාසෙකට හොද ගානක් හොයනවා. ඉතින් මම දන්න පොඩි පොඩි ටිප්ස් ටික බෙදාගන්න එක වටී කියලා හිතුවා

    මම එදා ඇහුවා අපේ කොල්ලෙක්ට සල්ලි ලැබුනොත් මොකෝ කරන්නේ කියලා.

    මේ ඒවට ලැබුනු ප්‍රතිචාර වල සංශිප්තය
    1. ෆික්ස් ඩිපෝසිට් එකකට යනවා. පොලියක් ලබා ගන්නවා
    2. මිල අදික බයික් එකකට යනවා
    3. වාහනයක් ගන්නවා
    4. ඉඩමක් ගන්නවා
    5. ගේ හදනවා
    6. ණය ගෙවනවා
    7. ශෙයර් මාකට්

    පලවෙනිම දේ තමයි අපේ රටේ වේවා ලෝකේ වෙන රටවල වේවා ඉහල ආදායමක් ලබන කිසිම කෙනෙක් සල්ලි වලට මැරීගෙන වැඩකරන්නේ නෑ, ඒ කිව්වේ "හාඩ් වර්ක්" සංකල්පයෙන් හොයන්නේ නෑ. කුබුරු හාන මී හරක් හිටන් හාඩ් වර්ක් නේ බන්. අපි මිනිස්සු විදිහට "ස්මාර්ට් වර්කින්" සංකල්පයට අනුව ගේම ගහන එක වඩා වැදගත් බවයි මමනම් හිතන්නේ.ඒ නිසා පලවෙනිම දේ තමයි උබලා හම්බ කරන හැම රුපියලක්ම උබලා වෙනුවෙන් හම්බ කරන්න යවපල්ලා. තේරුනේ නෑ නේද? ඒ කියන්නේ උබලා වැඩ කලත් නොකලත් උබලගේ සල්ලි පැය 24ම වැඩකරලා උබලට ආදායමක් ගෙනත් දෙන තැනට ගන්න එක. කොහොමද ඕක කරන්නේ? බොහොම ප්‍රාතමික හා සරලම ක්‍රමය බැංකු ස්තාවර තැම්පතු. ඕක තමා සරලම සහ අඩුම ආදායමක් ලබන රිස්ක් එකක් නැතිම ක්‍රමය.

    දැන් පොඩ්ඩක් හිතපන් මේ කාලේ ආර්තිකෙත් එක්ක අපේ රටේ මද්යම පාන්තික කොල්ලෙක්ගේ මද්යම මට්ටමේ ජොබ් එකකට ගියොත් ලබන සාමාන්නේ වැටුප වන රුපියල් 35000ක 40000ක වටිනාකම කොච්චරද කියලා. අපි උදේ නැගිටලා කෑම හදාගෙන වැඩටගිහින් මැරීගෙන රීගෙන රෑ වෙනකන් වැඩකරලා දාඩිය නාගෙන ඇවිත් මාසයක් දුක් විදලා 35000-40000ක් ගන්නවා. ඕකෙන් 35%කටත් වඩා අපි ආපහුම ගමන් වියදම් වලට ගෙවනව නේද? ඒත් බන් ලක්ශ 40ක් ඔය ඕනෙම බැංකුවක තැන්පත් කලොත් මාසෙකට 40000ක් නිකන් ඉදන් ගන්න පුලුවන්. අද කාලේ ලක්ශ 40ක් මහ දෙයක් නෙමේනේ බන්. කාර් එකක් ගන්න පුලුවන්ද? හරි ඉඩමක් ගන්න පුලුවඳ? බලන් ගිහාම අපි මාසෙම කට්ට කන්නේ බොහොම ලේසි ක්‍රමේකින් හොයන්න පුලුවන් සරල සල්ලියක් නිසා නේද? දැන් උබලා අහයි උබේ මහ එකාද අපිට ෆික්ස් ඩිපෝසිට් දාන්න සල්ලි දෙන්නේ කියල?

    ඕන කොල්ලෙක්ට අව්රුදු 5ක් හරි නාඩියෙන් ගේම ගහන් ගියොත් ලක්ශ 40ක් 50ක් එකතුකරගන්න එක ගේමක් නෙමේ,. ඔය අව්රුදු 5 හරියට වැඩකලොත් මම කියන්න ඕනේ නෑ උබලම ඉගෙනගනී සල්ලි හම්බ කරන හැටි. ටික ටික උබලම අද්දැකීමෙන් ඊට එහා ගේම ගහගන්න ඉගෙනගන්නවා. ලංකාවේ පලවෙනි ලක්ශ 50 විතරයි බන් අමාරු.ඊට පස්සේ ටොපී චොකලට් වගේ සල්ලි එනවා හෝ ගාලා. ගේමක් ඇත්තෙම නෑ එතනින් එහාට නගින එක සිම්පල්


    ඉස්සෙල්ලම කොලයක් අරන් අවම ප්ලෑනක් ගහපන්. උපරිම මුදලට නෙමේ, අවම මුදලට, මම මේ මාසේ මේ වෙද්දි මේ ගාන ඉතුරු කරලා ආයෝජනේ කරනවා කියලා. ගහලා ඒක පස්සේ පලයන්, මමනම් 2008 ගහපු ප්ලෑන් එක අද වෙනකන් කරන් එනවා ඒක ඉස්සරහින් යනවා. ලොකු කමකට කියනවා නෙමේ. මගේ ටාගට් එක වයස අව්රුදු 30 වෙන දවසට මාසෙකට ලක්ශ 4කට වඩා රැකියාවට අමතර, ගෙදරට වෙලා අපතයා ගහලා උන්නත් අතට එන, ස්තිර ආදායමක් හදන එක. හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින්.

    ජිවිතේ සල්ලි හොයන්න ඕනේනම් හැමෝම නොකරන දෙයක් කරන්න කියලා සමහරු කියනවා, මමනම් ඉගෙනගත්ත දේවල් වලින් කියන්නේ හැමෝම කරන දේම කරපන්. හැබැයි, වෙනස් විදිහකට , ඒ කිව්වේ හැමෝම කරන දේ හැමෝටම කරන්න බැරි උබට විතරක් කරන්න පුලුවන් විදිහකට කරපන්. උදාහරනෙකට මම මෙහෙම කියන්නම්, මම වාහනයක් සම්බන්ද ඩීල් එකක් කරද්දී හැමෝම නොකරන දේවල් සමහරක් කරනවා

    1. සේල්කාරයන්ට බ්‍රෝකර්ලා වහකදුරු වගේ. ගාව ගන්නේ නෑ, බ්‍රෝකර්ලා එපා කියලා ඇඩ් එකේ හිටන් දානවා. හැබැයි මම බ්‍රෝකර්ලට හොදට ගෙවනවා, උන්ට නිදහසේ ගාන කපාගන්න දෙනවා, මොකද දන්නවද, මම වෙනුවෙන් උනුයි වැඩ කරන්නේ. මම නෙමේ.අපි රුපියල් 10ක් දීලා 9යේ ටිකට් එකක් අරන් ඉතුරු රුපියල කොන්දට දෙන්න අව්ලක් නෑ. ඒ කිව්වේ 10% දෙන්න අව්ලක් නෑ. අපිට හම්බ කරලා දෙන බ්‍රෝකර්ට ලක්ශ 20ක ඩීල් එකක් කලාම 20000ක් දෙන්න බෑ. ඒ කිව්වේ 1%ක් දෙන්න බෑ. ඔන්න ඔතන තමා අව්ල.

    2.සේල් කාරයෝ හැම මොඩල් එකම ගන්නවා. මම ගන්නේ සීමිත මොඩල් පමනයි

    3.වාහන ගන්න පවතින මිලෙන් හුගක් අඩුවට අහු උනොත් විතරයි. මොකද එතකොට මම වාහනේ වික්කත් නැතත් හම්බ කරලා ඉවරයි. මේ තියරිය වටින්නේ ඉඩම් බිස්නස් කරද්දි තමයි. ඒ කියන්නේ ආයේ ගනන් යනකම් පයන්නක් බලන් ඉන්න ඕනේ නෑ. මොකද තමන් ලාභය අරන් ඉවරයි

    අනිත් කාරනේ හම්බ කරන හැමසතේම ගිලින වැඩ කරන්න එපා. මෙන්න මේ වගේ

    ලීසින් දාලා වාහන ගන්න එක (මම කියන්නේ හම්බ කරන වාහන නෙමේ ). අපේ කොල්ලෝ යන්තම් ජොබ් එකකට ගිය ගමන් ලීසින් දාලා බයික් එකක් ගන්නවා. ඒක ඉවර වෙද්දී කාර් එකක් ගෙනවා. ඉතින් සදාකල් ගෙවීමක් වෙන්නේ, ආයෝජනයක් පේන තෙක් මානෙකවත් නෑ, අනික කවදාවත් වාහනයක් කියන දේ මිනිහෙක්ගේ වත්කමක් වෙන්නේ නෑ. සදාකල් වියදම් කිරිල්ලක් සෙට් වෙනවා මිසක්,. ඉතින් ඔය ගියපු විදිහටම තව අව්රුදු දෙක තුනක් බස් එකේ ගාටලා මුලු ජීවිතේම සාර්තක කරගන්න එක ඊට වඩා නරකද? ඊට පස්සේ බැරියෑ වාහන ගන්න.


    ගෙවල් හැදිල්ල. අනේ අම්මෝ ඔන්න කොල්ලෝ නැතිවෙන අනිත් මගුල. මේ කාලේ ගෙයක් හදන්න අඩුම ලක්ශ 50ක් ඕනේ. ඔන්න ඉතින් අව්රුදු 24,25 වෙද්දී දාගන්නවා අත්තිවාරමක්, එතන ඉදන් අනපන් පුතේ සල්ලියි සිමෙන්තියි වතුරයි දාලා මහපොලවට හලන්න. සමහර කට්ටිය 55න් පෙන්ශන් ගිහින් අර්තසාදකේ එනකම්ම ඉන්නවා ගෙයි වැඩ ඉවර කරන්න. මුලු ජීවිතේම ගෙවල් හදලා. මගේ තාත්තත් ඔය ජාතියෙන කෙනෙක්. එයා ටිකක් කලින් වැඩේ ඉවර කර ගත්තා. හැබැයි ආදායම් ආයෝජන බයිලා නෑ, වැඩටගියා හම්බ කලා යෙදෙව්වා. එච්චරයි. ඊට එහා නෑ. ඉතින් මම උබලටනම් කියන්නේ දැන් බස් හෝල්ට් එකකක නෙමේනේ බුදියගන්නේ. ඒ නිසා ඔය ඉන්න තැනම ඉදන් හොද ගේමක් ගහලා ආයෝජනයම කරපල්ලා, ඊට පාස්සේ බැරියෑ ගෙවල් පිට ගෙවල් ගහන්න. තරුන කාලෙම උබලගේ සල්ලි සිමෙන්ති වලට දියකරලා පොලවට හලන්න ගන්න නම් එපා. විශේශෙන් රස්සාවෙන් එන සල්ලි

    රැකියාව නිසා ඇතිවන සුරක්ශිත භාවය - අනේ බන් මෙහෙම හුයන්නක් මේ ලෝකේ නෑ. මමත් කැම්පස් අවුට් වෙනකොටම ආන්ඩුවේ හොද ජොබ් එකක් ලැබුන කෙනෙක්. මම ඒක අත ඇරලා තමා මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලට එකතු උනේ. දැන්නම් ප්‍රොජෙක්ට් බේසික් වැඩ. ආන්ඩුවේ රස්සාවල රැකියා සුරක්ශිත බාවය වැදගත් උබලා අව්රුදු 2000ක් 3000ක් ජීවත් වෙනවනම් . පොඩි පැන්ශන් එකකට අපේ මුලු ජිව්විතේම විනාසකරගන්නවා. අනික කවදාවත් රස්සාවක් කරද්දී අපි සල්ලි වලට වැඩකරනවා මිසක් සල්ලි අපිට වැඩකරන්නේ නෑ, ඒ නිසා බොහෝ දුරට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ. කවදාවත් සදාකල් රස්සා කරන්න හිතන්න එපා. අද උපාදිදාරියෙකුට රජයේ දෙපාර්තමේන්තුවක ගෙවන්නේ උපරිම 25000යි. ඉතින් බන් අව්රුදු 30ක් වැඩකරලා පෙන්ශන් යද්දිත් ඕකෙන් 50% ගානේ මාසෙට ඉතුරු කලත් හොයන්න වෙන්නේ (අද වටිනාකමට )25000*.5*12*30 = 4500000යි . උසස්වීම් අනම් මනම් සේරම ගත්තොත් ඕක 3 ගුනයක් වෙයි. ඒත් හොට බිම ඇනෙන දවසට කීයද අතේ?? උබලා ඇලියොන් එකක් වත් මේ මනුස්ස ආත්මෙදි පදින්නේ නැද්ද එතකොට?

    ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා


    මම ශෙයාර් මාකට් එකට බහින්න තරම් ඒ ගැන දැනුමක් නෑ. ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නෑ

    අපේ ලොව්තුරා බුදු පියානන් කියනවා තරුන කාලේ ඉතුරු නොකරන (හරියට ආර්තිකේ සකස් නොකරගන්න එකාට ) කෙනාට අන්තිමට ඉන්න වෙන්නේ දිය සිදුනු වලක ඉන්න තටු සිදිච්ච කොකෙක්ට වගේ කියලා.

    මම කියන්නේ නෑ කන්න බොන්න එපා තරුන කාලේ මහා ගෝත විදිහට හිටපන් සල්ලි පොදි ගහපන් කියලා. මම කියන්නේ "ස්මාර්ට්" වෙයල්ලා කියලා. හුගාක් සල්ලි තියෙන පවුල්වල තාත්තලා ගොඩ ඇවිත් තියෙන්නේ තමන්ගේ ස්වඋත්සාහයෙන්. ඒ පවුල්වල ඉපදෙන සමහර අපතයෝ බොහෝම සරලව ඒ සියල්ල කාලා දානවා, ඒ මොකුත් නිසා නෙමේ, හම්බ කිරීමටත් වඩා වියදම් කිරීම නොදන්න නිසයි.


    තරුන කාලෙම ජොබකට ගිය ගමන් පුලුවන්නම් ලීසින් දාලා වාහනයක් අරන් නිවාස නයක් අරන් ගෙයක් හදන්න පටන් ගනිල්ලා..උබලට 45-50 වෙදි අර්තසාදකෙන් ටයිල් අල්ලලා ලොකු පුතාගේ පඩියෙන් තමා ජනෙල් දොරවල් දාලා වැඩේ ඉවරකරන්න වෙන්නේ. අන්න ඒ නිසා පුලුවන් තරම් ආයෝජනේ කරපල්ලා. ඉඩම්වල වාහනවල වගේ. මම කිව්වේ ඕවා අරන් තියාගන්න නෙමේ ගනන් ගියාම විකුනන්න, අරන් ලග ලග විකුනපල්ලා. බැංකුවල සමාගම්වල තැන්පතු විදිහට ආයෝජනේ කරපල්ලා. රිස්ක් එක නොගෙන ඉන්නත් එපා. ඕනේවට වඩා ගන්නත් එපා. රත්තරං වල ආයෝජනය අපේ රටේ කරන්නේ සම්පූර්න වැරදි විදිහට. අපි සල්ලි ටිකක් හොයන් රත්තරං අරන් දැම්මා කියමු, ඕක අම්මා හරි ගෑනි හරි දැක්කෝත් මේ කපේදි විකුනන්න බෑ කොච්චර ගනන් ගියත්, උබට චූටි කෙලි පැටික්කියෙක් එහෙම ඉන්නවනම් ඒකි බදින දවසට දෙන්න කියල ගෑනි ඕකේ සල්ලිත් ෆ්‍රීස් කරනවා. ඒ සල්ලි එතනින්ම ගල්. ඊට හොදා ලොකු කලුගලක් ගෙනත් අල්මාරියේ දානවා

    සමහරු කිව්වා කරගෙන යන වියාපාර වලට දානවා කියලා. අපේ ලොකු අය්යත් එක්කම. ඒවා ඉතින් හොද වැඩ .. පෝර දානවා වගේ තමා, දාන්න දාන්න වැවෙනවා


    පසුව එකතු කල කොටස් -

    ක්‍රෙඩිට් කාඩ් තමා අනිත් හුයන්න, හරියට පාවිච්චි කලොත් හරි,. නැත්නම් වලේ. මට ඕක කියන්න බැරි උනා. මම ත්‍රෙඩ් එකට එකතු කරන්නම්. මමනම් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නේ ඔන්ලයින් එයාර් ටිකට් ගන්න විතරයි. කිසිම දවසක දියුනු වෙන කොල්ලෙක් ක්‍රෙඩ්ට් කාර්ඩ් ගන්න එපා එපා එපා. ඕකේ විශම චක්‍රයට අහූන එකෙක්ට මේ ලෝකේ ගොඩ ඒමක් නෑ

    ගෑනු සහ කසාදය -ඔක්කොටම කලින් ගෑනියෙක් කරේ එල්ලගන්න එපා. පරක්කු වෙන්නත් එපා. 26-28 වෙද්දි වගේ බදින්න බලපන්. ඊට කලින් එපා. අනික මැරීගෙන ට්‍රයි කරලා දාගන්න තරම් කෙල්ලෝ කියන්නේ මහා ලොකු ලබ්බක් නෙමේ, උබලා හරියට දියුනු වෙයල්ලා තෝරගන්න බැරි තරම් කෙල්ලෝ හම්බ වෙනවා, ලංකාවේ කෙල්ලෝ උන් මාර ඩයල් කියලා හිතන් උන්නට උන්ව දීගන්න හරි හමන් කොල්ලෝ නැතුවයි උන්ගේ ගෙවල්වල උන් ඉන්නේ, මොකද හරි හමන් කෙල්ලෙක් එහෙම ආවට ගියාට කාටවත් දෙමව්පියෝ දෙන්නේ නෑ. අනික මොනවා තිබ්බත් ලස්සන උනත් ගොන් වාට්ටු වලට කරගහන්න එපා. නාඩියෙන් උබලගේ බර භාගයක් කරට ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්. මමනම් තාම බැදලා නෑ, ඒත් මගේ බිස්නස් පාර්ට්නර් මගේ කෙල්ල. හොද ගෑනු කියන්නේ බොහොම සරලව හොයාගන්න පුලුවන් සුලභ දෙයක්. හැබැයි උබලගේ වටිනා කාලය කාඅලා දාගෙන බස් හෝල්ට් ගානේ ලැගලා එහෙම කෙල්ලෝ හොයාගන්න බෑ. උබ ධනවතෙක් වෙනවද නැත්ද කියන එක තීරනය වන 25%ක් විතර ප්‍රභල සාදකයක් නිසයි කෙල්ලෝ ගැනත් මෙතන කිව්වේ.


    ඔන්න ඉතින් මම වත්ත සුද්ද කරලා පස සකසලා සල්ලි ගහක් පැලකරන හැටි මම දන්න විදිහට කියලා දුන්නා, මගේ සමහර තියරි හරි ඇති සමහර ඒවා වැරදි ඇති, දන්න විදිහටයි කිව්වේ. එක එකාට උබලගේ සල්ලි පැලේට චූ කරන්න දෙන්නේ නැතුව තොපිත් චූකරන්නේ නැතුව පැලකර ගනිල්ලා. ඕක හොදට වැව්න දවසක මම කියපුවා දසමයක් හරි වැදගත් උනානම් මන් වෙනුවෙන් එක දෙයක් කරපන්, මගේ තාත්තට හිතින් පින් දීපන්. ආයෝජන කෙසේවෙතත් රුපියලක අගය මට ඉගැන්නුවේ ඒ මනුස්සයා.

    සල්ලි හම්බ කරන එක පෝසත් වෙන එක හරිම ලේසියි, ඇග මහන්සි නොකර හිත මහන්සි කරන්න එච්චරයි. මේක ගල් යුගය නෙමේ. බුද්දිමතා තමයි මේ යුගයේ දිනන්නේ. නැතුව කාගෙන මැරීගෙන හරක් වගේ වැඩකරන උන් නෙමේ. ඒ වගෙම රැකියා වියාපාර කරනකොට බුදු දහමට අනුව අනුමත ආදායම් හදාගන්න. ඒ හැර අපිට දියුනුවක් නෑ. අද්යාත්මික දියුනුවත් එකසේ වැදගත්

    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.

    ඉතින් ආයෙත් කියන්නේ හම්බෙන හැම රුපියලම උබලා වෙනුවෙන් වහල් කමට ගනිල්ලා. ඒ සල්ලි උබලා වෙනුවෙන් හම්බ කරන වැඩකට දාපල්ලා

    විය යුත්තේ අප සල්ලි සදහා වැඩකරන සල්ලි වල වහලුන් වීම නොව සල්ලි අපි වෙනුවෙන් වැඩකරන අපේ වහලුන් වීමය

    ඉතින් හැමදාමත් වගේ මේක ලිව්වේ ජාතිය වනසන්න මාන බලන එකී මෙකී නොකී අපතයන්ට නොව මගේ කොල්ලන්ට.

    ඔන්න ඉතින් හැමදාම වගේ අදත් කියන්නේ ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි. වැඩක් උනානම් සලකලා යන්න හොදේ..

    රෙප් දෙනකොට නම දාලා දෙන්න. එතකොට ආපහුත් සැලකිලි ලැබෙනවා




     
    • Like
    Reactions: Shan_N_D and AK47IC

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියවන්න බැරි උන උන්ට....

    රත්තරං;15431232 said:
    මම හිතනවා හැමෝම වගේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" - http://www.elakiri.com/forum/showthread.php?t=1564346 කියන ත්‍රෙඩ් එක බැලුවා කියලා. හිතුවට වඩා ඒ ත්‍රෙඩ් එක සාර්තක උනා. මට රෙප් 1200ක් ලැබිලා තිබුනා, ඒත් මම බලාපොරොත්තුවෙන්නේ උබලගෙන් ඊට එහා ගිය දෙයක්, මම ඒ කිව්ව දේ වලින් යම් ප්‍රයෝජනයක් අත්වැලක් උනානම් උබලගේ ජීවිතේට අන්න එච්චරයි මට ඔනේ. ඔන්න අද කියන්න යන්නේ එතනින් එහාට ගිය දෙයක්

    මම උබලගෙන් ඇහුවොත් සාර්තක මිනිහෙක් ගාව මොනවද තියෙන්නේ කියලා. අනිවා උබලා කියයි,
    හොද රස්සාවක්
    හොද බිරිදක්
    හොද ගෙයක්
    හොද වාහනයක්

    තව වෙන මොනවද නේද?

    අපි නෙට් එකේ සර්ච් කලොත් හැපි ෆැමිලි කියලා මෙන්න මේ වගේ රූප පෙලක් අපිට ලබාගන්න පුලුවන්. විශේශෙන් ලංකාවේ සිංහල අපි අපේ හිතේ ඇදන් ඉන්නෙත් මෙන්න මේ රූප තමා

    14900487-happy-family-near-new-house.jpg


    stock-photo-family-of-four-dreams-about-house-and-car-collage-42970318.jpg


    family-people-house-car-people-symbols-at-home.jpg


    stock-photo-leaves-with-cut-out-symbols-of-family-house-and-car-family-home-and-car-83498677.jpg


    images



    ආස හිතෙනව නේ? අපේ 99.9999කම බලාපොරොත්තුව ඔන්න ඔය මට්ටමට එන එක තමා. බොහොම හොදයි.

    එතකොට උබ අහයි එහෙනම් රත්තරං උබ මොන මගුලක්ද කියන්නේ කියලා. මේකයි සිද්දිය. අපි ඔතෙන්ට එන්න ඕනේ. ඒත් බහුතරයක් ඔතෙන්ට එන විදිහ සම්පූර්න වැරදී

    ඉස්සෙලම අපි බලමු පියවරෙන් පියවර ඔතෙන්ට එන හැටි. මොනවා නැතත් උබලා කොහෙන් හරි ජංගි කෑල්ලක් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්ම එල්ල ගන්නවනේ.(ඕවා කිව්වට පයිත්තියන් වෙන්නේ නෑ. මම වැරදිකාරයා වෙන එක විතරයි ) ඒක නිසා ඒ කොටස අත ඇරලා පටන් ගම්මු. අපි කැම්පස් හෝ වෙනයම් උසස් අද්යාපනයක් හෝ තමන්ගේ මට්ටමට මොනයම් හෝ අද්යාපන කඩඉමක් පහුකරලා සමාජෙට වැටෙනවා සල්ලි කීයක් හරි හොයාගන්න ඕනේ කියන උත්සාහයත් එක්ක.ඊට පස්සේ අපි අපේ හැකියාවන්ට සරිලන රැකියා කෑල්ලකුත් හොයාගත්තා කියමුකෝ. දැන් ඉතින් මම අර උඩින් දාපු ඵොටෝ එක ඔලුවේ වැඩකරන්න ගන්නවා.

    ඉස්සෙල්ලම අපිට කොහෙද කාර්. ගන්නව බයික් එකක්. පඩියෙන් හත් අටදාහක් ගෙවන්න බැරිකමක් නෑනේ. ඒ නිසා දානවා ලීසින් එකක් පොඩියට. සාර්තකව ගෙවන් යනවා. ගෙවලා ඉවරවෙද්දි රස්සාව එහෙම ටිකක් ස්තාවර වෙලා, අප්පට හුඩු දැන් බයික් වල ගාටන්න බෑ ගන්න ඕනේ රෝද හතරක්. අනේ කලින් බයික් එකට දාපු ලීසින් කිම්පැනිය කියලා වැඩක් නෑ. බදින්න කලින් නැන්දම්මා වගේ හොදට සැලකුවා මට , එතනින්ම දාන්න ඕනේ පොඩි ලීසින් පාරක්. ඔය විසි දාහක් විසිපන්දාහක් ගෙවාගන්න බැරිකමක් නෑනේ. ඔන්න ඉතින් ඒකත් ගෙවාගෙන යනවා. එතකොට එනවා යාලුවෝ කට්ටියම ගෙවල් හදන රැල්ල. හප්පා මම මොකටද සෙකන්ඩ් වෙන්නේ. අදිනවා ප්ලෑනක් වත්ත වටේටම ගේ හිටින්න. මොකෝ අල්ලපු ගෙදරට වඩා ලොකු නොව්නොත් අස්පට්නේ නේද? හිමීට හදන් යන එකනේ ඉතින්. අනික බෑන්ක් ලෝන් එකක් ගන්නත් අමාරුවක් නෑනේ.අනේ ඉතින් ගෙදර වැඩත් ටිකෙන් ටික යන එකේ ටික කාලෙකින් ආයෙම හොද කාර් කෑල්ලකුත් උස්සන් එනවා ආයෙම පරන එක විකුනලා. හව්සින් ලෝන් එක අව්රුදු ගානක් ගෙවන්න පුලුවන්නේ. අව්ලක් නෑනේ. ඔන්න ඉතින් අව්රුදු 30කට ඉතර රස්සාවෙන් හම්බකරන් ගෙවන් යන්න වැඩේ සෙට් කරන් තියෙන්නේ. ගනින් පඩි අනපන් සිමෙන්ති දාපන් මහපොලොවට, ගෙවපන් ලීසින් කොම්පැනිවලට. මාර දියුනුව ආ.. නැගලා යනවා. ඔය අස්සේ ලමයිනුත් එකා දෙන්න හදාගෙන එනවා. ඔන්න මචන් ඔය සීන් එක සම්පූර්නෙන් වෙන්න උබලව ඔය රෝලට අහුවෙලා විනාස වෙන්න අව්රුදු 12ක් ඇති. ඊට පස්සේ අපේ මතු ජීවිත කාලෙම ඔය රෝලට අපි අහුවෙලා. ජිවිව්තේ මේ රෝලෙන් ගොඩගන්න අවශ්යතාව තිබ්බත් නිවාස නය, ලීසින්, ලමයිගේ අද්යාපනේ එක්ක රැකියාව අත ඇරලා අලුත් දේකට වෙනසකට යන්නත් බයයි. මොකෝ එක මාසයක් හරි ගැස්සුනොත් සේරම රෝල ඉවරයිනේ.

    අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට රුපියලක් වත් එන්න ක්‍රමයක් හදාගෙන එන්නේ 0.000001%ටත් අඩු කොටසක් නේද? ඊට පස්සේ ගිහින් හදාගත්ත ගේ දොර වාහනවත් නඩත්තු කරගැනීමේ ගැටලුව එනවා.

    ඉතින් අව්රුදු 30-35 වෙද්දී අනාගත්ත අනාගැනිල්ල ලෙහාගන්නේ පෙන්ශන් අරන් ග්‍රැටිවිටි එකේ සල්ලි වලින් ගේ ටයිල් කරලා ඉවර උනාම. නටපු නැටුමකුත්නෑ බෙරේ පලුවකුත් නෑ.

    කලින් ත්‍රෙඩ් එකෙන් මම හුගාක් දේවල් කිව්ව නිසා අද ඒ තරම් කරුනු කාරනා නම් නෑ. නිකන් ඉන්න ගමන් උබලට කියන්න ඕනේ කියලා හිතුන නිසා මේ කරුන කිව්වේ.

    මචන් උපරිම අව්රුදු 25න් හම්බ කරන්න පටන් ගනින්, අව්රුදු 30/32 වෙනකන් වෙන කිසිම මගුලක් කරන්න එපා. හම්බ කරන හැම සතේම ඉන්වෙස්ට් කරපන් තමන්ට ආදායම් එන විදිහට. බොරුවට යකඩ ගොඩවල් වලට තියෙන හැම සතේම දාන්න එපා. තියෙන හැම සතෙන්ම සිමෙන්ති අනලා මහපොලවට දාන්න එපා. අපිට 30/35 උනාම පවුල් බර ආපු කාලෙක අපිට ලොකු ලොකු ආර්තික සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා දැන්ම හරි අඩිතාලමක් දාගනිල්ලා


    ඒ වගේම හැම වීර්යයකදීම ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා කටයුතු කරපන්, ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ

    ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා


    තෙරුවන් සරනයි!
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මෙ වගෙ ලිපියක් මීට අවුරුදු 10 කට විතර කලින් කියවන්න තිබුනා නම් මගෙත් ජීවිත ගමන වෙනස් වෙන්න තිබුනා.... මෙකෙ තියන දෙවල් හරියට හරි අයියේ...... උබ ලග පහතක හිටියනම් දන ගහල වදින්නෙ ... සිරවටම
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    "You must spread some Reputation around before giving it to රත්තරං again." sorry machan passe dennam
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාමත් වගේ වටින ත්‍රෙඩ් එකක්.....විශේෂ‍යෙන්ම මේ ත්‍රෙඩ් ටිකෙන් මම නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා......:yes::yes::yes:
    අලුත් ජොබ් එකට හදවතින්ම සුභ පතනවා බොස්.......:cool::cool::cool:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේව කියවලා හැදෙන්න ඕන අය මෙහෙ ඉන්නව කියලා පේනවා ත්‍රෙඩ් වල කරන කියන දේවලින්
     

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    කියවන්න පුළුවන්,කියවල තෙරුන්ගන්න පුළුවන් එකෙක්ට මේ වචන ටික ඇති හැදෙන්න....

    එල මචං.....
    :yes::yes::yes::)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mage hitha ada poddak upset gihilla thibbe bn, ube kathawa kiyewwata passe podi kick ekak awa. uba hari bn issellama mage life eka hada ganna one, eeta passe bari ye ithuruwa.. tnx a lot macho..
     
    • Like
    Reactions: dagara waliga

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙ වගෙ ලිපියක් මීට අවුරුදු 10 කට විතර කලින් කියවන්න තිබුනා නම් මගෙත් ජීවිත ගමන වෙනස් වෙන්න තිබුනා.... මෙකෙ තියන දෙවල් හරියට හරි අයියේ...... උබ ලග පහතක හිටියනම් දන ගහල වදින්නෙ ... සිරවටම

    ගෑනු මැජික් කරගන්න එපා

    16/17 කෙල්ලෝ හිතන් ඉන්නේ අහවල් එක රත්තරං නලලේ තියෙන්නේ කියලා
    18/20 වෙද්දි හිතනවා රත්තරං තමා හැබැයි නලලේ නෙමේ තියෙන්නේ කියලා
    20-24 වෙද්දි හිතනවා රත්තරං නම් වෙන්න බෑ රිදී වෙන්න ඇති කියලා
    25-26 පැන්නහම තේරුම් ගන්නවා නියම ස්තානය සහ සෑදී ඇති ආකාරය
    28 පැන්නහම කසාදයක් කරන් නැත්නම් නිකමට වගේ හිතනවා අම්මපා මේක යටිපතුලෙනේ තියෙන්න තිබ්බේ කියලා

    අපහාසයක් නෙමේ. ඕක තමා යතාර්තය..