ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය
ගෝලාකාරම වස්තුව
2013 දී ලෝකේ මිනිසුන් හදපු ගොලකරම වස්තුව හදන්න විද්‍යාඥයින් සමත් උනා. මේ වැඩේ කලේ The Avogadro Project කියන ව්‍යාපෘතියට සම්බන්ධ පිරිසක්. මේ තියෙන්නේ ඔය ගෝලය.
මේක කොච්චර ගෝලාකාරද කිව්වොත්; මේ ගෝලය පෘතුවිය තරම් විශාල ග්‍රහලෝකයක්නම් ඒ ලෝකේ උසම තැනත්, ගැඹුරුම තැනත් අතර පරතරය මීටර් 3 ත් 5 ත් අතර වනවා.
අනික මේක හදන්න භාවිතා කරලා තියෙන්නේ 100% පිරිසිදු Silicon-28 වලින්. මේ එක ගෝලයක් හදන්න පාවිච්චි කරපු එක silicon-28 කුට්ටියක් යුරෝ මිලියනයක් වටිනවා.
හදල ඉවර උනාට පස්සේ මේක මිලක් නියම කරන්න බැරි තරම් වටිනවා.
දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති මෙච්චර සල්ලි නාස්ති කරලා මෙච්චර මහන්සි වෙලා මොන එහෙකට මේ ගෝලය හැදුවද කියල, නේද?
ඕකෙ වරදකාරය තමයි කිලෝග්‍රෑමය(Kilogram).
ලෝකේ ප්‍රධාන SI ඒකක 7න් එකක් තමයි kilogram එක. ඒ හතෙන් 4ක්ම කිලෝග්‍රෑම් එක මත රඳා පවතිනවා. ඒත් තවම අපි කිලෝග්‍රෑම් එක අර්ථ දක්වන්න පාවිච්චි කරන්නේ මේ කිසිදෙයක් නියත නොවන භෞතික ලෝකයේ තියන භෞතික වස්තුවක්.
දැන් තවත් අවුල් වගේ නේද?
කිලෝග්‍රෑම් එකේ හිතුවක්කාර කම පැහැදිලි කරන්න කිලෝග්‍රෑම් එකේ උපතින්ම පටන් ගන්න වෙනවා.
කිලෝග්‍රෑමයේ උපත.
1793දි ප්‍රංශයේ Antoine Lavoisier කියන විද්‍යාඥයා ප්‍රමුඛ කණ්ඩායමක් බර මනින්න සම්මත ඒකකයක් නිර්මාණය කලා. ඒ ඒකකය තමයි ග්‍රෑව්(Grave). Grave එකක් තමයි ඝනමීටර 0.1 ක, සෙල්සියස් 0 වේ පවතින වතුර වල බර.
ඒත් එක්කම ආපු ප්‍රංශ විප්ලවයත් එක්කම Antoine ගේ බෙල්ල ගහල ගියා.
වෙන එකකට නෙමෙයි, එයා රජ්ජුරුවන්ට මිනිස්සුන්ගෙන් බදු අය කරපු නියෝජිතයෙක් උන නිසා.
කොහොම හරි ඊට පස්සේ ආපු රජය මෙයාගේ විද්‍යාත්මක වැඩේ ගැන පැහැදුනා. ඒත් grave එකක් එදිනෙදා ජිවිතයේ බර කිරීමට ලොකු වැඩි නිසාත් Antoine විප්ලවයේ හතුරෙක් උන නිසාත්, Grave එකෙන් දාහෙන් එකක් පොදු ඒකකය විදිහට gram භාවිතා කරන්න තීරණය කලා. ඒත් පස්සේ කාලෙකදී gram එක පොඩි වැඩි කියල හිතුන නිසා ආයිමත් gram එක දාහෙන් වැඩි කරල Kilogram කියල පාවිච්චි කරන්න පටන් ගත්ත.
ඔන්න ඕක තමයි කිලෝග්‍රෑම් එකේ උපත.
කිලෝග්‍රෑමය ස්ථාවර කිරීම.
පසු කාලෙකදී වතුරේ ඝනත්වය වැඩිම වන්නේ සෙල්සියස් 4 දී බව හොයාගත්ත. ඊට පස්සේ 1799දි කිලෝග්‍රෑම් එකක් කියන්නේ වතුර ලීටර 1ක් සෙල්සියස් 4 දී බර කිලෝග්‍රෑම් එකක් ලෙසට ආයිත් වරක් අර්ථකථනය කෙරුන.
නමුත් පාරිසරක හේතු බොහොමයක් මත වතුරේ ඝනත්වය වෙනස් වනවා. ඒක නිසා කිලෝග්‍රෑම් එක වඩාත් ස්ථාවර කරන අරමුණෙන් ඒ වතුරේ බරට සමාන වෙන්න 100% ක් පිරිසිදු ප්ලැටිනම් සිලින්ඩරයක් නිර්මාණය කෙරුව. ඒක ඊට පස්සේ Kilogram of the archives ලෙසට නම් කලා. එතනින් පසුව කිලෝග්‍රෑම් එක හා වතුරට ඇති සම්බන්ධය නැති කලා. හැමදේකම ස්කන්ධය සැසදුවේ මේ ප්ලැටිනම් සිලින්ඩරයට. ඒ කියන්නේ විශ්වයේ හරියටම කිලෝග්‍රෑම් එකක් තියන එකම වස්තුව ඒ සිලින්ඩරය උනා.
ඊට අවුරුදු 90 කට පස්සේ 1889දි ප්ලැටිනම් වලට වඩා ස්ථාවර ලෝහයක් වන ප්ලැටිනම්-ඉරිඩියම් මිශ්‍ර ලෝහයකින් තැනූ තවත් සිලින්ඩරයක් අර ප්ලැටිනම් සිලින්ඩරයේ තැන ගත්ත. ඒක තමයි අදටත් විශ්වයේ තියන එකම හරියටම කිලෝග්‍රෑම් එකේ වස්තුව. මොකද ඒක තමයි කිලෝග්‍රෑම් එක. ඒකට කියන්නේ International Prototype Kilogram, එහෙමත් නැත්නම් Big-K.
මේ Big-K විදුරු ආවරණ 3ක් ඇතුලේ, පාලනය කල කාළගුණයක, ඒකත් එක්කම එකට හදපු තවත් සහෝදර සිලින්ඩර 6ක් සමග අධි ආරක්‍ෂිත සේප්පු 3ක් ඇතුලෙ පැරීසියේ International Bureau of Weights and Measures ගොඩනැගිල්ල ඇතුලෙ තවමත් තියනව.
ඔන්න කාටහරි කිලෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනෙනම් ඇතුලට පැනල පොඩ්ඩක් ඕක හිරුවනම් ඇති.
කිලෝග්‍රෑම් එකේ අවිනිශ්චිතභාවය.
Big-K හදනකොට ඒ සමගම ඒ හා සමාන තවත් සිලින්ඩර 40 ක් හැදුව. ඊට පස්සේ ඒවා ලෝකේ තැනින් තැන එකම පාරිසරික තත්ත්ව යටතේ ගබඩා කරලා තිබ්බ. ඒවා Big-K ට 100%ක් බරින් සමාන නොවුනත් ඒ කුඩා වෙනස්කම් සටහන් කරගෙන තමයි මේවා බෙදා හැරියේ.
ප්‍රශ්නය ඇති උනේ 1948දි මේ 40ම එකම තැනකට ගෙනල්ල ඒවයි බර මැනල බැලුවම.
කට්ටිය හිතුවට මේවයි බර එකම විදිහට වෙනස් වෙයි කියල, මේ 40 හේ බර එක එක විදිහට වෙනස් වෙලා තිබ්බේ. ඒත් කුඩා ප්‍රමාණ වලින්. ඒත් ඉතින් මේක දැකපු විද්‍යාඥයොන්ට හීන් දාඩියක් දැම්ම.
හැබැයි කට්ටියට බාල්දි ගණන් දාඩිය දාන්න පටන්ගත්තේ ආයිමත් 1988 දී මේව මැනලා බැලුවම ඒවායේ බර තවත් එක එක විදිහට වෙනස් වෙලා තිබ්බම.
මේකට හේතුව තවමත් හොයාගෙන නෑ.
ප්‍රශනය උනේ පරණ බර මනින ඒකකය උන pound ඒකත් හරියටම 0.45359237kg ලෙස නම් කරල තිබීමයි. ඉතින් දැන් මිනිස්සුන්ට හරියටම ස්ථාවර බර මනින ඒකකයක් නෑ.
බෝලම ගෝලයේ උපත.
ඔන්න දැන් ආයිමත් කැරකිලා කැරකිලා අපි අමිල බෝලෙට ආව. මේ ගෝලය හදන්න හේතු උනේ කිලෝග්‍රෑම් එක භෞතික මිම්මෙන් අයින් කරලා නියත අංකයක් විදිහට සදාතනිකව ස්ථාවර කිරීමේ උත්සාහයකට.
මේක හදන්න යොදා ගත් ද්‍රව්‍යය වන silicon-28 ඉතා සමමිතිකව අනු පිහිටන ද්‍රව්‍යයක්. මේකෙ අණු 100%කම silicon-28 වෙන විදිහට පිරිපහදු කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔච්චර ගණන්. ඉතින් මේ අය උත්සහ කරන්නේ silicon-28 1kg වල තියන අණු ගණන ගණනය කරන්න. ඉතින් මේ ගණනය කිරීමට ගෝලයේ පරිමාව ඉතා නිවැරදිව මැනගන්න ඕන නිසා තමයි ඒක ලෝකේ ගෝලාකාරම වස්තුව බවට පත් කලේ. ලේසර් කිරණ වලින් ගෝලයේ අරය මැනගත්තට ගෝලයේ පරිමාව හොයන හැටි අපි හැමෝම දන්නවනේ.
මේ ගණනය කියන තරම් ලේසිත් නෑ. සැහෙන වතාවක් කරලා ඉතා නිවැරදි උත්තරයක් ගන්න ඕන. ඒක නිසා තවම මේ ගණනය කිරීම් කරනවා.
මේ ගන්න උත්තරයෙන් මේ අය කරන්න හදන්නේ ඇවගාඩ්රෝ නියතය යලි අර්ථ දක්වන්න.
ඇවගාඩ්රෝ නියතය කියන්නේ carbon-12 ද්‍රව්‍යයේ හරියටම ග්‍රෑම් 12ක තියන අණු ගණන.
එතකොට silicon-28 1kg වල තියන අණු ගණන X නම්,
ඇවගාඩ්රෝ නියතය N නම්,
X * (28/1000) = N
ඊට පස්සේ අපිට පුළුවන් ඇවගාඩ්රෝ නියතය භාවිතා කරලා කිලෝග්‍රෑම් එක අර්ථ දක්වන්න. ඊට පස්සේ Big-K තිබුනත් එකයි නැතත් එකයි. මොකද කිලෝග්‍රෑම් එක භෞතික ලෝකය අත ඇරලා ගණිත ලෝකයට ඇවිත් ඉවරයි.
දැන් ඉතින් කට්ටිය දන්නවනේ මේ අය කට්ට කාගෙන ලෝකේ ගෝලාකාරම බෝලය හැදුවේ ඇයි කියල. මිට පස්සේ ඉතින් දෙයක බර බලනකොට හිතන්න ගොඩක් දේවල් තියනව නේද?
මේකත් මේකට පොඩ්ඩක් සමාන මම දාපු තවත් ත්‍රෙඩ් එකක්. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න. ඉගෙන ගන්න දෙයක් අපිටනේ.
ඔරලෝසුවකට ගිය කලක්

මේකට හේතුව තවමත් හොයාගෙන නෑ.ප්‍රශනය උනේ පරණ බර මනින ඒකකය උන pound ඒකත් හරියටම 0.45359237kg ලෙස නම් කරල තිබීමයි. ඉතින් දැන් මිනිස්සුන්ට හරියටම ස්ථාවර බර මනින ඒකකයක් නෑ.

Last edited: