Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු.2

    පහතින් දැක්වෙන්නේ උපන් වේලාවක් නොමැති පුද්ගල චරිතයක නිවැරදි ජන්ම පත්‍රය සාදා එහි කරුණු සනාථ කිරීමක් පමණ බව කරුණාවෙන් සළකන්න.

    16047_4680028154976_904808341_n.jpg


    අපේ මිත්‍ර ස්කර්වි මහතාගේ ජන්මපත්‍රය විනාඩි 45ක පමණ ඇවෑමෙන් පසු අවසාන විනාඩි 2ක සූක්ෂමයක් දක්වා ගණනය කර ගැනීමට හැකිවිය.සෑහෙන කාලයක සිට නිවැරදි ස්කර්විගේ කේන්ද්‍ර සටහන සෑදීමට ආසාවෙන් සිටියද ඒ සඳහා කාලයක් නොලැබුණි.

    1976 මාර්තු මස 24 වන ඉරුදින දහවල් සම්මත ඔරලෝසු වෙලාවෙන් පැය 12 මිනිත්තු 16 ට පානදුර නගරයේ උපන් මහේෂ් වලතර මහතාගේ ජන්මපත්‍රයේ යහපත් චරිතය පමණක් මෙසේ විමසා බලමු.

    picture.php

    මිථුන ලග්නය තුලා නවාංශකය




    මෙහිදී ලග්නය තීරණය කිරීමට දේහ ලක්ෂණ විද්‍යාව භාවිත කල අතර (දෙතොලේ පිහිටීම සහ කෙතරම් උත්සාහ කලත් කට් කිරීමට බැරි ශරීරය ). ඔහුගේ චරිතය සහ දේහලක්ෂණ ලග්න දෙකක් අතර දෝලනය වීමත් නවාංශකය සහ නිවැරදි දශා ගණනය තීරණය කිරීමත් ගැටලුවක්ව පැවතුනි.නමුත් ඒ ගැටලුව නිරාකරණය වූයේ යම් පුදුමයක් සහිතවය.එනම් මේ සඳහා පාදක වූයේ උන්නැහැ විසින් අලුතින් රු 100000 ට වඩා වියදම් කර ලබාගත් අයිෆෝනය සහ ඔහුගේ කසින්ගේ විවාහ මංගල උත්සවයයි.පුදුමය නම් මා කලින් සිතා සිටි ලග්න දෙකක ගතිගුණ අවසාන ජන්මපත්‍ර නිර්මාණය අවසානයේදී දැකගත හැකිවීමයි.එනම් ලග්න දෙකක් හුවමාරු වන මොහොතේ උපත සිදුවී තිබීමයි.



    මිථුන ලග්නයේ තුලා නවාංශකයෙන් උපන් මෙතුමා උපතින්ම සැබෑ දක්ෂයෙකි.3 අධිපති රවි ග්‍රහයා කර්මස්ථානයේ එනම් 10 වැන්නේ පිහිටීම හේතු කරගෙන සිය සැබෑ දක්ෂකම සිය රැකියාව වශයෙන් යොදා ගැනීමට ඔහුට හැකියාව ලැබිණි. 3 වැන්න කලාව සහ සහජ කුසලතා දක්වන රාශියයි. රවි යනු කලාත්මක හැකියාව විහිදුවාලන ග්‍රහයෙකි.( ලයිට්නින්ග් ).එමෙන්ම රවි යනු අහංකාරය , තමා පමණි වැඩ්ඩා යන අදහසින් ( අයෑම්ද ඔන්ලි මෑන් )හකු පුම්බවා ගන්නා ග්‍රහයෙකි.එමනිසාම ඔහු ගොඩ් යන අදහ්ස සිය රැකියා නමට ඈඳා ගැනීම අරුමයක් නොමැත.

    ලග්නයේම කුජ තැන්පත් මෙතුමා නිතර චංචල වන සිතක් සහිත වන අතර ලග්නාධිපති මිතුන රාශියේම කුජ තැන්පත් වීම ගැන සලකා බැලිය යුතුය. බොහෝ විට කුජ ලග්නයේ තැන්පත්ව සිටින අය එඩිතර සිතක් ඇති අයෙකු බිහිකරන අතර ඔනෑම දෙයකට නොබියව මුහුණ දීමේ හැකියාව විදහා පායි. මෙතුමාගේ කුජ පිහිටා තිබෙන ආකාරය අනුව මෙතුමා බියෙන් පසුවන්නේ කවුරුන් හෝ තමාට කොයිවෙලේ හෝ කෙලවෙන්ඩම පහර දෙනු ඇතැයි යන සිතුවිල්ලනි.එමනිසා නයා පෙනය පෙන්න පෙන්නා පුප්පන්නා මෙන් මෙතුමාද මන්නිය පෙන්න පෙන්නා පුප්පන්නේය.එයද එක අතකින් සිතන විදිහ නිවැරදිය.ඊට හේතුව නම් එතුමාට ඉදිරියේදී ලැබීමට නියමිත කුජ මහ දශා කාලයේදී මතක හිටින පොල්පිති ප්‍රහාරයක් පෙනය වෙත වැදී මතක සිටින ලකුණක් ශරීරයේ නලල ප්‍රදේශයේ ඇතිවීම වළක්වාලිය නොහැකි නිසාවෙනි.



    එමෙන්ම මෙම ජන්මපත්‍රයේ මව්පස ගැන සඳහන් කෙරෙන 4 වැන්න ජන්මියාගේ ලග්නයේම සිටින කුජගෙන් සහ කන්‍යා රාශියට 7 වැන්න වන මීනයට මිත්‍ර වුවත් ස්ත්‍රීන්ට සුහ නොවන පීතෘ කාරක රවි ග්‍රහයාගෙන් පීඩාවට පත්ව තිබේ.මින් ජන්මියාගේන් සහ පියාගේන් මව වෙත මානසික තාඩන පීඩන වලට ලක්වීමට සිදුව ඇති බව පෙනේ.

    මූලික අධ්‍යාපනය ගැන සඳහන් වන 55 වැන්නේ රාහු ග්‍රහයා තැන්පත් වීමත් එම කාලයේම අද්‍යාපනයට භාධාකරක සිකුරු ග්‍රහයාගේ දශාවත් ආරම්භය හේතු කරගෙන සැහැල්ලුවෙන් කල් ගෙවීමට ඇති ආසාවත් අද්‍යාපනයට දෙමාපිය යොමුකිරීම භාධාවක් ලෙස සැලකීමටත් හේතු වේ.

    එමෙන්ම සිකුරු මහ දශාව අවුරුදු 23 දක්වාම පැවති හෙයින්ද සිකුරු ග්‍රහයා උසස් අද්‍යාපනය සහ විදේශ ගමන් ගැන කියවෙන 9 වැන්නේ තැන්පත්වීමද හේතුකරගෙන උසස් අද්‍යාපනය සඳහා විදේශ ගත වීමත් සිදුවී ඇත.

    2000 - 2009 දක්වා රවි මහ දශාව ලැබුවද දැඩි ඒරාෂ්ඨක කාලයකට හසු වීම හේතු කරගෙන රවි මහ දශාවේ සුභ ප්‍රතිඵල වලට වඩා අසුභ ප්‍රතිපල වලට මුහුණ දීමට මෙතුමාට සිදු වන්නට ඇත.සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ 4 වැන්නේ ගෝචරය සිදු වන විටත් මෙතුමා සිටියේ පරණ තරමක් අපිරිසිඳු නිවසක බව ඔබට මතක ඇත.වසර 12 ක පමණ දීර්ග අසුභ දශා කාල පසු කරමින් පැමිණියද ජන්මපත්‍රයේ 11 වැන්නේ ගුරු පිහිටීම හේතු කරගෙන කේසේ හෝ මුදල් ලැබීමත් අවශ්‍යතා කෙසේ හෝ ඉටුවීමටත් හේතුකරවන ග්‍රහ පිහිටීමක් වේ.


    එමෙන්ම 11 වැන්නේ ගුරු සමඟ කේතු ග්‍රහයා තැන්පත් වීම වයිරස් ගාඩි එකක් මෙන් ක්‍රියා කරන අතර කිසිම ජගතකුට ලෙහෙසියෙන් රැවටිය නොහැක.එමෙන්ම ස්ටන්කාමී ක්‍රීඩා සඳහාද එය පිහිටිමක් වන අතර ලග්නයේ කුජ පිහිටීමද ඒ සඳහා නොමදව සහය ලබා දේ.


    මොහුගේ පවතින ප්‍රධාන දුර්වලතාවය නම් ස්ත්‍රීන් ඇලජික් වීමේ ස්වභාවයයි.කුටුම්භය ගැන සඳහන් කරන දෙවැන්න කටක රාශියක්ව එහි ඊට අශුභයෙක් වන සෙනසුරුගේ පිහිටීම නිසාවෙන් විවාහයක් සිදුවුවද පවුල නැමැති කුටුම්භය ආරක්ෂණය වීම සැක සහිතය.11 වැන්නේ ගුරුගේ දෘෂ්ඨියක් 2 වැන්න වෙත ලැබුනද එහි බලය ඉතා දුර්වලය.

    දෙවැන්න සඳුගේ රාශියෙක්ව සෙනසුරු එහි තැන්පත් වීමත් ජන්ම පත්‍රයේ බුධ රාහුගේ නැකතක තැන්පත් වීමත් හේතු කරගෙන කට අසභ්‍ය වචන මැෂිමක් ලෙස ක්‍රියාත්මක වීම වැලැක්විය නොහැකිය.



    ඉදිරි කාලය 2014/9 දක්වා කාලය

    2014 පෙබරවාරි මසින් ඇරඹෙන ඉදිරි 7 මසක කාලය මෙතුමාට ඉතා අසුභ කාලයක් වනු ඇත.පිස්සු ඩබල් වේ.කෙසේ හෝ ප්‍රසිද්ධ වීමට තිබෙන ආසාව නිසාම දැනට වඩා චාටර් වීමට ඉදිරි කාලයේ සිදු වනු ඇත.මොහු හට තැන්පත් ධනයක් තබා ගැනීම අපහසු හෙයින් ආදායම් මාර්ග තරමක් දුරට ඇහිරී වියදම සඳහා මුදල් මදි වනු ඇත.යට්බඩ ප්‍රදේශයෙන් ඉහල කොටසේ ශරීර අපහසු තාවක් හට ගැනීමට ඉඩ ඇත.


    මෙය ලියන මට දැන් අතිශය කම්මැලි බැවින් ඉන්පසු කාලය ගැන අනාවැකි ලිවීම පසුවට
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මොහුගේ පවතින ප්‍රධාන දුර්වලතාවය නම් ස්ත්‍රීන් ඇලජික් වීමේ ස්වභාවයයි.
    :lol::lol::lol::lol::lol:


    g1334421342613145221.jpg
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කේන්දර ගැන පොඩිහරි විශ්වාසයක් තිබුනනම් ඒකත් නැති උනා මේක කියෙව්වම. බම්බුව තමයි මූ හෙන ගෑනු පෙරේතය. ෆේසුබුක් කේ , එක එක ගෟප්වල කෙල්ලොන්ට ලයින් දදා ඉන්නේ. :rofl: ඔය උබ කේන්දරේට කිව්ව දේවල් වලට වැඩිය දේවල් මේකේ ඉන්න උන්ට සකර්වි ගැන කියන්න පුලුවන්. :rolleyes:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කොහොම උනත් මූට ඉස්සරහට සෑහෙන්න අසුබ කාලයක් ඇතිවෙනව කියල මට නිෂ්චිතවම කියන්න පුලුවන්. :yes::yes::yes:
     

    dishanwis

    Well-known member
  • horoscope eika kohomada hoya gaththee අතිතයෙ තමන් ගෙන් වු වැරදි අවබොද කරගෙන ඉදිරි ජිව්ත්වෙන කාලෙදිවත් හරියට ජිවත් වෙනවා නම් ලොකු දෙයක් ඉන්න සමාජයට ලොකු යහපතක්:yes::yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කේන්දර ගැන පොඩිහරි විශ්වාසයක් තිබුනනම් ඒකත් නැති උනා මේක කියෙව්වම. බම්බුව තමයි මූ හෙන ගෑනු පෙරේතය. ෆේසුබුක් කේ , එක එක ගෟප්වල කෙල්ලොන්ට ලයින් දදා ඉන්නේ. :rofl: ඔය උබ කේන්දරේට කිව්ව දේවල් වලට වැඩිය දේවල් මේකේ ඉන්න උන්ට සකර්වි ගැන කියන්න පුලුවන්. :rolleyes:

    එහෙනම් ඉතින් ෆෙස්බුක් එකේ එන්න එකියෙක්ව බන්දල දීපන්කෝ පුලුවන්නම්.මුගේ සෙක්x අමාරුව ගැන මම මොකුත් කියල නෑ ත්‍රෙඩ් එකේ.අනිත් එක කසාද බඳින්ඩ බෑ කියලත් නෑ.ඔතන මම ඇලජික් කියන්නේ වැඩි කාලයක් එකට ඉන්ඩ බෑ කියන එක.ඕනේ එකෙකුට ලව් ෆිලින්ග්ස් තියෙනව ඌ ෆොන්නයෙක් නෙමේ නම්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෙසේ හෝ ප්‍රසිද්ධ වීමට තිබෙන ආසාව නිසාම දැනට වඩා චාටර් වීමට ඉදිරි කාලයේ සිදු වනු ඇත
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ඕකෙ 7වැන්නේ මෙන්න මෙහෙම දෙයක් දකිනව.. කෙන්ද්‍රස්ථානයක් ශුභයෙකුට අයිති වීමේ දෝශ්යත් එම කෙන්ද්‍රස්ඨානාදීපතිම උපචය රාශියක තැම්පත් වීමේන් දොශය වඩා තීව්‍රවීමත් මිතුන ලග්නයට 7 බාධකස්ථානය වීම හා එහි අදිපතියාට 22 වෙනි ද්‍රේෂ්කානදිපති සෙනසුරු දෘශ්ටි දීමත් යන කරුනු මත මොහුගේ විවාහ ජීවිතය අසාර්ථක විය හැකි අතර.. ස්ත්‍රීන් නිසා මොහුගේ ගෞරවය නැති කර ගනී...
    කථන හැකියාව ගැන කියවෙන දෙවැන්නේ වක්‍ර වූ සෙනසුරු සිටීමෙන් මොහුට කිසිම ශීලාචාර කමක් නැති කටක් ඇතිබව කිව හැක..

    (මෙය කිසිවෙකුට මඩ ගැසීමට නොව ඉහත කේන්ද්‍ර සටහනේ පෙනෙන්නට ඇති දේ පමක් බව සලකන්න )
     
    Last edited: