C++ දෙවෙනි පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම
මං දැන් කරන්න යන්නේ සරල C++ coding එකක් භාවිතා කරල මේ programming language එක ගැන පොඩි අදහසක් ඔයාලට ලබා දෙන්න.ඔයාලා දැනටමත් DEV-C++ කියන software එක install කරගෙන ඇති.නැත්තම් දැන් පහල තියෙන ලින්ක් භාවිතා කරල download කරගෙන install කර ගන්න.
Download DEV-C++ 32-bit
දැන් මේ install කර ගත්ත software එක run කරන්න. අලුතින් C++ program එකක් ලිවීම ආරම්භ කිරීමට පහත පියවර අනුගමනය කරන්න.
File >> New >> Source File
නැතිනම් එකවර Ctrl+N ඔබන්න.
එවිට typing window එකක් open වෙයි.
දැන් මේ codes ටික type කරන්න.
දැන් අපි මේ program එක type කරල ඉවරයි.
මෙතනදි අපි කරන්න හදන්නේ අපිට ඕනේ message/text එකක් display වෙන විදියෙ සරල program එකක් ලියන එක.
දැන් අපි බලමු මේ program එක සරලව තේරුම් ගන්න.
iostream කියන්නෙ header file එකක්.Header file එකක් කියන්නෙ අපිට coding කරනකොට ඕනේ වෙන functions store කරල තියෙන වෙනමම file එකක්.තව ටිකක් ඉස්සරහට යනකොට මේ ගැන හොඳටම තේරෙයි.
මේ උදාහරණය බලන්න -:
මේ program එකේ තියෙනව cout කියල object එකක්. සරලව cout කියන්නෙ display කරනවා කියන එක.මේ cout කියන object එක run වෙන්න අත්‍යාවශ්‍ය තොරතුරු ගබඩා කරල තියෙන්නේ තියෙන්නෙ iostream කියන header file එක ඇතුලෙ. ඒ නිසා අපි cout කියන object එක භාවිතා කරන හැම වෙලාවෙදිම #include<iostream> කියලා code එක පටන් ගන්න ඕනේ.ඒ කියන්නේ iostream කියන header file එක ඇතුල් කර ගන්න කියලා compiler එකට උපදෙස් දෙන්න ඕනේ.
iostream කියන header file එක ඇතුල් කර ගත්තට පස්සේ අපි main program එක පටන් ගන්නවා. හැම program එකක්ම පටන් ගන්නේ මේ main() function එක ඇතුලෙයි. Program එක පටන් ගන්න කොටයි ඉවර කරන කොටයි { } මේ සඟල වරහන් පාවිච්චි කරන්න ඕනේ. Compliler එක එතකොට එකේ ආරම්භය සහ අවසානය තේරුම් ගන්නවා.
cout කියන object එක අයත් වෙන්නේ std කියන namespace එකට. Namespaces කියන්නේ මොනවද කියලා පස්සේ කියලා දෙන්නම්. ඒ ගැන වැඩිය හිතන්න එපා. නිකන් මතක තියා ගන්න. මේවගේ දේවල් practical කරනකොට නිකන්ම මතක හිටිනවා.
ඊලඟට අපි කරන්න යන්නේ අපිට ඕනේ කරන message එක screen එකේ display කරන එක. එහෙම නැත්නම් print කරන එක. මං කිව්ව මතකද cout කියන්නේ display කරනවා කියලා. cout කියන object එක use කරලා අනිවාර්යයෙන්ම ( << ) use කරන්න ඕනේ. මේකට අපි insertion operator කියල කියනව. මතක තියාගන්න මේ සලකුන වැරදි පැත්තට දැම්මොත් හරියට program එක compile වෙන්නේ නෑ. ඊට පස්සෙ double quotes ( "" ) ඇතුලේ ඔයාට ඕනේ දෙයක් type කරන්න. මේ විදියට " " ඇතුලෙ දාන හැමදේම තිරයේ display වෙනවා.
endl කියන object එක පාවිච්චි කරලා තියෙන්නේ ඊලඟ line එකට cursor එක අරගෙන යන්නයි. ඒ කියන්නේ අපිට පුලුවන් තවත් දේවල් ඊලඟ line එකේ type කරන්න. අපිට පුලුවන් endl කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව \n පාවිච්චි කරන්න. \n එකෙන් කරන්නෙත් endl එකෙන් කරන වැඩේම තමා. හැබැයි මේක use කරන්නේ double quotes ඇතුලේ. ඒ කියන්නේ display වෙන message/text එකේ අන්තිමට තමා \n යොදන්න ඕනේ.මේ තියෙන්නේ \n පාවිච්චි කරන විදිය...
cout << "Welcome to my blog\n" ;
කොහොම කලත් වෙන්නෙ එකම දේ තමා....
return 0 කියන්නේ main program එක සාර්ථකව terminate උනා කියලා පෙන්නුම් කරන දෙයක්. මේ ගැන තව ටික දවසකින් ඔයාලට නිකන්ම තේරෙයි. මේ line එක නැති උනත් program එක run වෙනවා.
හැමතිස්සෙම මතක තියා ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමා semicolon ( ; )එක. C++ program වල line එකක් ඉවර වෙන්නේ semicolon එකකින්. එහෙම නැති උනොත් හරියටcompile වෙන්නෙ නෑ. අපිට මේ code එක මෙහෙම පෙනුනට compiler එකට පේන්නේ වෙනස් විදියකට. පහල තියෙන්නේ compiler එක මේ code එක දකින විදිය. ඒ කියන්නේ එයා හැම line එකක්ම වෙන් කරලා හඳුනා ගන්නේ semicolon එකෙන්.
දැන් තියෙන්නේ ඔයාල type කරපු C++ program එක compile කරන්නයි. මේ වැඩේ කරන්න ඔයාලට ක්‍රම 2ක් තියෙනවා. සරලව ඔයාලට පුලුවන් F11 key එක press කරල මේ program එක compile කර ගන්න. නැත්තම් මේ පියවර අනුගමනය කරන්න.
Execute කියන menu එකට ගිහින් Compile & Run කියන option එක click කරන්න.
එතකොට එන්නේ මේ වගේ output එකක්.
මේ පාඩමට අදාල තව කොටසක් තියෙනවා. ඊලඟ thread එකෙන් ඒ ගැන කියල දෙන්නම්...
පහල Link එකට ගිහින් C++ 3වෙනි පාඩම කියවන්න.
C++ 3 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 2 කොටස )
මගේ blog එකටත් ඇවිත් යන්න...
http://codingsl.blogspot.com/

GOOD LUCK !!!

Last edited: