තමාගේම නිවසක සිහින දකින ඔබට - 1

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,875
    11,627
    113
    තමාගේම නිවසක සිහින දකින ඔබට - 1

    ඔන්න සහෝදරවරුනි මම අද හා හා පුරා කියලා ඉඩමක් ගත්තා. :D:D:D

    දැන් ඉතින් ලොකුම දේ අබියෝගය තමා ගෙයක් හදන එක. මන් ගෙවල් හදනකොට වැදගත් වෙන දේවල් ටිකක් හොයාගත්තා. ඉතින් වෙනද වගේම මොනා හරි දැනගත්තොත් ඔයාලට කියන පුරුද්ද නිසා මේ ලිපි පෙළ ඉදිරිපත් කරනවා.

    අද මම ඔබට කියන්න යන්නේ නිවාස සැලසුම් සහ නිවාස වර්ග ගැන.මේ ලිපිය කියවීමෙන් පසු ඔබට අවශ්‍යතාවයට අනුව කුමන විදිහේ නිවාසයක්ද ඔබට අවශ්‍ය කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.ප්‍රධාන වශයෙන් නිවාස වර්ග 2 කි.

    1.තනි මහල් නිවාස
    2.මහල් කීපයකින් ඇති නිවාස.

    ඔබට නිවසක් තැනීමේ අවශ්‍යතාවය ඇතිවුන ගමන්ම තීරණය කරගන්න අවශ්‍ය තනි තට්ටුවේ නිවසක්ද නැතිනම් මහල් දෙකක හෝ මහල් කීපයක නිවසක් ද කියලා…එක පාරටම ඔබට ඒ තීරණය ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මම තේරෙන සින්හලෙන් මට පුලුවන් උපරිමවෙන් තේරුම් කරලා දෙන්නම් මේ නිවාස වර්ග දෙකේ වාසි සහ අවාසි ගැන.මුලින්ම තනි තට්ට්ටුවේ නිවාස ගැන හොයලා බලමු.

    1.තනි මහල් නිවාස

    තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.

    තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්‍ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්‍ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
    තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
    තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා…ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ…
    පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
    තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා…ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප…ඉහත මා කී ක්‍රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්‍රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට.

    2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.

    මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
    මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
    පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.

    බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්‍ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.

    ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න…එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ.


    තමාගේම නිවසක සිහින දකින ඔබට - 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1631284

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 3
    http://www.elakiri.com/forum/showthread.php?t=1631290

    තමන්ට වැඩක් නැතත් තව කෙනෙක්ට වැදගත් වෙඉ කියල හිතෙනවනම් නිකන්ම යන්නේ නැතුව BUMP එකක්වත් දාල යන්න. කැමති අය මට REP දෙන්න. ඉස්සරහට තව වැදගත් පෝස්ට් දාන්නම්

    සිංහල ජාතියට ජය වේවා!
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    සිංහල ජාතියට ජය වේවා!

    onna ubata thama mulinma +11k dunne power eka wedi una gaman
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,443
    1,143
    113
    Good post
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    avatar496236_4.gif


    good post machan..