පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.
මෙන්න මම උබලට කියල දෙන පලවෙනි ප්‍රෝජෙක්ටුව
මහා ලොකු දෙයක්නම් නෙවේ. එක පාර ලොකු වැඩකට අත ගහල thread එක චාටර් උනොත් මාත් චාටර් නිසා පොඩි වැඩකින් මගේ අඩු පාඩු හා තව අවශ්‍ය වෙන දේවල් පිලිබදව වැටහීමක් උබලාට හා මට ලබාගන්න පුළුවන්
අඩු පාඩුනම් සැහෙන්න තියෙනව
සමහරක් ස්ටෙප් වලදී පොටෝ ගහන්න අමතක උනා 
ඉතින් ඒ වගේ දේවල් ආයේ වෙන්නෙ නැ හරිය. අඩු පාඩු වැරදි හදාගෙන ඊළගට කියල දෙන්නම් ටිකක් ලොකු ප්‍රෝජෙක්ටුවක් 

=========================================================
අද කියල දෙන්නේ පිහියකට මිටක් ගහන හැටි. අපි වගේ පොඩි මිනිස්සු ඉතින් පාවිච්චි කරන්නේ රුපියල් 200යෙ 300යේ චයිනීස් පිහි නොවැ
ඒවායේ තලේනම් හොදයි හැබැයි ප්ලාස්ටික් මිට තමයි කචල්. බිම වැටුනොත් පුපුරනව
එතකොට ඉතින් ඕක අල්ලල විසි කරල ගේනව අලුත් එකක්. ආතල් එකටත් එක්ක පට්ට පට පට ලී මිටක් ගහගත්තනම් තව අවුරුදු 2ක තුනක් පාවිච්චි කෙරුවැකි. අනේ ඉතින් රුපියල් 200කට ඔච්චර නහින්නෙ මොකටද අහන්න එපා දැන්
.... මේවගේ වැඩ වලට ආස අය ඉන්නවනම් කරල බලන්න 
මොක කරන්නත් ඉස්සර කැඩිච්ච පිහියක තලයක් හොයා ගන්න, මටනම් හම්බුනා එකක්
පිහි තලේ මිටට ඇති වෙන සයිස් එකේ ලී කෑල්ලක්, ඉස්කුරුප්පු ඇන දෙකක්, ගම් (chemifix, multibond, අර බොන්ඩ් මේ බොන්ඩ් ඕන මගුලක් කමක් නැ)
මමනම් ගත්තේ අගල් 1.5x1.5 පොලු කෑල්ලක්. අතට අහුවෙන ලොකු මිටක් ඕනේ මටනම්
සාමාන්යෙන් අගල් බාගේ පොඩි ලෑලි කෑලි දෙකක් තිබ්බත් ඇති.
තනි ලියක්නම් ගත්තෙ ඒකෙ හරි මැදින් ඉරක් ගහගන්න.
දැන් ඒ ඉර දිගේ කෙලින් කපාගන්න.
තමුන්ට අවශ්‍ය ගානට කෑලි දෙක කපල වෙන්කර ගන්න.
දැන් පල්ලහ පින්තුරේ තියන විදියට එක ලි කෑල්ලකට ගම් ගාල ඒක උඩින් පිහි තලේ තියල, අනිත් ලී කැල්ලටත් ගම් දාල, ගානට තලේ උඩින් තියා ගන්න.
දැන් මිට අලවපු කෑල්ල දඩු අඩුවක හෝ කලම්පයක හොදට හිරකරගන්න.
උඩින් තියන පින්තුරේ ඇන කියල රතුපාටින් මාර්ක් කරපු තැන් දෙක drill කරලා ඉස්කුරුප්පු ඇන දෙකක් දාගන්න ඕන.
හැම තලයක්ම එක වගේ නොවන නිසා, මිට හයි වෙන හරියේ තලේ විදින්නේ නැතුව drill කරගන්න පුළුවන් තැන් දෙකක් බලල විදගන්න මේ පල්ලහ පින්තුරේ වගේ.
ඉස්සෙර්ලම නූලේ drill bit එකකින් විදගන්න අනිත් පැත්තෙන් මතුවෙන්නම.
දැන් නූල් දෙකේ බිට් එකකින් මිලිමීටර් 5ක් විතර යටට ඉස්සරලා විදපු හිල උඩින්ම විදගන්න. එහෙම කරන්නේ ඉස්කුරුප්පු ඇනේ ඔලුව ලීය ඇතුලටම බස්ස ගන්න. හිල් දෙකක් විදගත්තට පසුව ඉස්කුරුප්පු ඇන දෙක දාල දඩු අඩුවෙන් මිට ගලව ගන්න.
දැන් angle grinder එකට නට් පෑඩ් එකක් හයි කර ගන්න. නොම්බර 40 වැලි කඩදාසියක් නට් පැඩ් එකට අලෝල තමුන් කැමති විදිහකට, අතට අහුවෙන විදිහට අපි හයි කරගත්තු ලී මිට වටේ ගා ගන්න. හරියටම මට්ටන් කරගන්න නොම්බර 100 හෝ 120 වැලි කඩදාසියක් දාල ආයෙ ගා ගාගන්න.
මේ තියෙන්නේ මන් ගාල හදාගත්තු මිට. මේක තවත් සිනිදු වෙලා හොද ෆිනිෂ් එකක් එන්න නොම්බර 220 වැලි කඩදාසියක් අරගෙන අතින් මදින්න මිට වටේම. ඊට පස්සේ නොම්බර 400 හෝ 600 වගේ එකකිනුත් අතින් මැද ගන්න. අවශ්‍යනම් paint නැත්තම් polish කරගන්නත් පුළුවන්.
මේ තියෙන්නේ වැඩේ ඉවර උනාට පස්සෙ
===========================================================================
මිටක් විතරක් ගහල මට ටිකක් මදි මදි වගේ
ඒ හින්ද මට හිතුන කුස්සියේ පිහිය රැම්බෝ/hunting පිහියක් කරන්න 

මේ වැඩේටනම් පොඩ්ඩක් අතේ හුරුව සහ experience ඕනේ. ඒ හින්ද පරිස්සමින්.
ඉස්සෙර්ල තමුන්ගේ පිහියේ තුඩ ගාව ඉදල පොඩ්ඩක් curve වෙච්ච ඉරක් ඇදගන්න මාර්කර් පැනකින්. එක එක පිහි එක එක විදිහ නිසා පොඩ්ඩක් කල්පනා කරල ලස්සනට කරන්න ඕනේ මේ වැඩේ.
දැන් angle grinder එකට metal cutting wheel එකක් දාල අපි ඇදගත්තු ඉර දිගේ කපාගන්න.
මේ තියෙන්නෙ cutting wheels, මම පාවිච්චි කරේ අගල් 4 cutting wheel එකක්.
කපල ඉවර උනහම මෙහෙමයි
මිට ලග උල් උල් කෑලි ටික කැපුවෙත් cutting wheel එකෙන්ම තමයි.
angle grinder එකෙන්ම ගානට ඇද කුද ඇරලා නූලට තලේ හදාගන්න.
දැන් තෙල් ගලක් අරන් විනාඩි 20ක් විතර හොදට පිහිය මුවතියා ගන්න. දන්නෙ නැත්තම් මේ video එක බලන්න.
මෙන්න ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ
කපන්න කොටන්නමයි හිතෙන්නෙ 

පිහි තලේ කන්නාඩිය වගේ දිලිසෙන්න හදාගන්න පුළුවන්, හැබැයි මම එච්චර වැඩ දාන්න ගියෙ නැ. හැබැයි කැපෙන එකනම් කැපෙනව වෙඩි වගේ

ඔන්න ඔහොමයි සිංහලයෝ කුස්සියේ පිහිය රැම්බෝ පිහියක් කරන්නේ
ඔය ස්කර්වියගේ රැම්බෝ පිහි වගේ නෙවෙයි මේව කෙලින්ම හෝම් මේඩ් 

ප්‍රශ්න තියනවනම් අහන්න. අදහස් තියනවනම් කියන්න
WoodWorking With ජොනී බට්ට -- Drilling A to Z
WoodWorking With ජොනී බට්ට -- Tools

Last edited: