ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්&#820

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2 (බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක පමණි. බන්දුල පෙතියා සොයාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ය.
    සත්ත්ව විද්‍යාත්මකව Pethiya bandula ලෙස මේ මාළුවා හැඳින්වේ. මාළුවා මුල්වරට සොයාගත් රංජිත් බන්දුල මහතා සිහිවීම පිණිස මේ මාළුවාට එම නම දී ඇත. සිංහල බසින් බන්දුල පෙතියා යන නමින් මෙන් ම ජයන්තියා යන නමින් ද හැඳින්වේ.
    මේ මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ දැදිගම ප්‍රදේශයේ ගම්මාන තුනක් වූ හපුගොඩ, මිණිපුර හා හල්පිටිය හරහා ගලා බස්නා කුඩා ඇළක පමණක් ජීවත් වීමයි. එම ඇල මාර්ගය ගුරුගොඩ ඔයට එක්වේ. ගුරුගොඩ ඔයෙන් ගලායන ජල කඳ කැලණි ගඟට එක්වෙයි.
    කුඩා සීමා සහිත ප්‍රදේශයකට සිමා වූ බන්දුල පෙතියා වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කැර තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් සංරක්ෂණය කිරිමේ කාර්යයේ දී මසුන් ආරක්ෂා කර බෝ කිරීමේ කාර්යය සඳහා ගම්වැසියන්ගේ ද සහාය සෘජුවම ලබා ගැණිනි.
    තම ගමේ සිටින කුඩා මාළුවා මුළු රටට ම පමණක් නොව ලෝකයට ම සම්පතක් බව තේරුම්ගත් ගැමියෝ ස්වේච්ඡාවෙන් ම මේ සංරක්ෂණ කාර්යයට දායක වූහ.
    සිරුරේ කෙලින් අතට පිහිටි පැහැදිලි ඉරි දෙකක් සහිත වැඩුණු සතකුගේ දිග අඟල් දෙකක් පමණ වේ. වරල, ගුද වරල හා යෝනි වරල් කළු පැහැයෙන් දක්නට ලැබෙයි.
    වැලි සහිත පතුලක් ඇති පිරිසිදු ජලය බැස යන දිය පහරවල පත්ල ආසනන්නය තම වාසභූමිය කරගෙන ජීවත්වෙයි. 2003 දී බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මුළු ලෝකයට ම බන්දුල පෙතියන් සිටියේ 150ක් පමණ සුළු පිරිසක් යැයි මෙරට මාළු පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ මහාචාර්ය දේවක වීරසිංහ මහතා පවසයි.
    එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස දැන් බන්දුල පෙතියන් 1500ක පමණ ඝනත්වයක එම දොළේ දක්නට ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති. ඒ අනුව පැහැදිලි වන්නේ බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථ්ක වී ඇති බවයි. දැන් හපුගොඩ ගම්මානයේ මේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකැර ඇත.



    Puntius-bandula-2.jpg


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
     
    Last edited:
    • Like
    Reactions: chamarams