ග්‍රීක දේව කතා-Hades and Persephone

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-Hades and Persephone

මචන්ලා ටිකක් වැඩ වැඩි වුන නිසා මේ ත්‍රෙඩ් එක ලිවුවේ GODS AND GODDESSES IN
GREEK MYTHOLOGY කියන පොතෙන් විතරක් translate කරලා.ඒ නිසා අඩුපාඩු තියෙයි (ඔන්න කලින්ම කිවුවා ;);) )

කලින් ත්‍රෙඩ් ටික
ග්‍රීක දේව කතා-Part1
ග්‍රීක දේව කතා-Part2
ග්‍රීක දේව කතා-Part3
ග්‍රීක දේව කතා-Part4

Demeter (goddess of agriculture/harvest) සහ Zeus ගේ දරුවෙක් තමා Persephone (maiden of spring) කියන දෙව්දුව.මේ වගේ බලගතු සහ ලස්සන දෙමව්පියන් දෙදෙනෙකුගේ දුව වුන Persephone බොහොම ලස්සනයි. ඇය නවයොවුන් වියට එද්දි තව තවත් ලස්සන වුනා. Demeter තමන්ගේ මේ සුන්දර දෙව්දුවට තමන්ගේ පණටත් වඩා ආදරය කලා.ඒ තිබුන ආදරය නිසාම Persephone තමන්ගෙන් කවදහරි වෙන්වුනොත් දරාගන්න බැරිවෙයි කියලා Demeter හැමවෙලේම හිතුවා.

Demeter
0lSbHTH.jpg


Persephone දවසින් දවස ලස්සන වෙලා තරුණවියට පත් වුනා. අවාසනාවකට වගේ පාතාලයට අධිපති වෙන Hades මේ සුන්දර කන්‍යාවිය ව දකිනව.දැකපු වෙලාවෙම Persephone ගැන ආදරයක් ඇතිවෙන Hades ට ඇයව කොහොමහරි තමන්ගේ බිරිද කරගන්න ඕනේ වෙනවා.Hades තමන්ගෙ සහෝදරයා වෙන Zeus ළගට ගිහින් මම Persephone ට ගොඩක් ආදරය කරන නිසා Persephone ව බදින්න කැමැත්ත දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඇයව තමන්ගේ රාජධානියෙ ඒ කිවුවේ පාතාලයේ රැජින කරන්නම් කියලත් Hades, Zeus ට කියනවා.

Hades
p9AyWt9.jpg


Zeus මේ යෝජනාව ගැන ගොඩක් කල්පනා කරලා බලනවා. Hades සාධාරණ සහ බලවත් දෙවි කෙනෙක් කියලා හිතන Zeus, Hades තමන්ගෙ දුවට ගොඩක් හොද ස්වාමියෙක් වෙයි කියලත් හිතනවා.ඒ කොහොමවුනත් Demeter තමන්ගේ ආදරණීය දුවව Hades ට දෙන්න කැමති වෙන එකක් නෑ කියල Zeus ට කල්පනා වෙනවා.මොකද පාතාල ලෝකයට ගියාට පස්සේ ආයේ කවදාවත් Demeter ට තමන්ගේ දුවත් එක්ක දැන් වගේ එකට ජීවත් වෙන්න බැරි වෙයි.Demeter මේකට අකමැති වෙන්න පුළුවන් තවත් ලොකුම හේතුවක් Zeus ට මතක් වෙනවා. කෘෂිකර්මයේ සහ සශ්‍රීකත්වයේ අධිපතිනිය වුන Demeter තමන්ගේ දුවව කිසිම දෙයක් නොවැඩෙන භයානක, මුඩු බිම් තියන මරණයේ ලෝකයකට යවන්න කැමති වෙන්නෙ නෑ. මෙහෙම හිතන Zeus ලොකු අවුලකට පත්වෙනවා.

Hades ට කැමත්ත දුන්නොත් Demeter අනිවාර්යයෙන්ම තරහා වෙනවා කියලා Zeus දන්නවා.Zeus කොයිතරම් බලගතු දෙවිකෙනෙක් වුනත් ලෝකයේ තියන සෑම ඵල දරන දේකටම බලපෑම් කරන්න Demeter ගේ තිබුන හැකියාව පරද්දන්න Zeus ට පුළුවන්කමක් නෑ.එක පැත්තකින් තමන්ගේ සහෝදරය සතුටු කරන්න මේ විවාහයට කැමැත්ත දෙන්න ඕන වුනත් Demeter එක්ක ගැටුමක් ඇතිකරගෙන බෑ කියල හිතන Zeus පරිස්සමට වචන ගළපලා දෙපැත්තටම නැති අපූරු උත්තරයක් දෙනවා.

Zeus Hades ට කියනවා “මට ඔබ සහ Persephone අතර විවාහය අනුමත කරන්න බෑ ” කියලා.ඒකෙන් අදහස් වෙන්නේ මම නිළවශයෙන් මේ විවාහය අනුමත කරන්නෙ නෑ ඒ වුනත් මේ විවාහය වෙන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන්නෙත් නෑ කියලා.සරලව කිවුවොත් Zeus Hades ට ඒත්තුගන්නනවා දෙමව්පියන්ගේ කැමැත්ත නැතුව Hades ට ඕනෙනම් Persephone ව බදින්න පුළුවන් කියලා.තමන්ගේ සහෝදරයා කරපු මේ ප්‍රකාශයේ යටි අදහස තේරුම් ගන්න Hades ආපහු පාතාල ලෝකෙට යනවා.ඒ යන්නේ හොදම අවස්ථාවක් බලලා Persephone ව පැහැරගන්න අවශ්‍ය කරන සැලැස්ම හදන්න හිතාගෙන.

කලින් කිවුව හමුවීමෙන් පස්සෙ දවසක, මේ දේවල් ගැන නොදන්න Persephone තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා Eleusis නගරයට ළග තියන තණපිට්ටනියක මල් කඩන්න යනවා.මේ වගේ සාමකාමි තැනකදී කාටවත් කරදරයක් වෙයි කියල හිතන්නෙ නැති දෙව්දූවරු ටික නිදහසේ මල් එකතුකරන්න පටන් ගන්නවා.ඔහොම යද්දි Persephone නොදැනුවත්වම තමන්ගේ යාළුවන්ගෙන් ඈතට යනවා.
udD5ind.jpg


මේ වෙලාවෙදි එකට ආපු යාළුවන්ට පේන්නෙ නැති ඇහෙන් නැති දුරකින් තියන ලස්සන narcissus මලක් Persephone ට පේනවා.තමන්ගේ මව වෙන Demeter ට දෙන්න හදන මල් පොකුරට මේ මල එකතු වුනොත් තවත් ලස්සන වෙයි කියලා Persephone හිතනවා.narcissus මල කඩාගන්න යන Persephone ට ඒක ලේසියෙන් කඩන්න බැරි විදියට පොළවට මුල් කිදාබැහැලා තියෙන්නේ කියලා තේරෙනවා. Persephone ඒක හයියෙන් ඇදලා ගනිද්දි මලත් එක්කම පස් උඩට ඇවිත් පොළවේ ලොකු සිදුරක් හෑරෙනවා. මහා ශබ්දයක් එක්ක තමන්ගේ රථයෙ නැගල එන Hades මේ සිදුරෙන් එළියට එනවා. ඒ සිද්ධියෙන් හොදටම භයට පත් වෙන Persephone, මහ හයියෙන් කෑගහනවා.
tuX6SsU.jpg


තමන්ගෙ දුව කෑ ගහන ශබ්දය Mount Olympus වල ඉන්න Demeter ට ඇහෙනවා. Demeter බොහොම ඉක්මනට මේ ගැහැණු ළමයි ටික ඉන්න තැනට දුවගෙන ආවා.Persephone එක්ක හිටපු එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ Persephone කොහේ ගියාද කියලවත්. ආදරණීය දුව අහිමි වුන ශෝකයෙන් උන්න Demeter දහවල් නමයක් සහ රාත්‍රී නමයක් Persephone ව හොය හොයා ඇවිද්දා. දහවෙනි දිනේදි Demeter ට හම්බවෙනවා අර කලින් කිවුව පොළව පළාගෙන ගිය තැනට කිට්ටුව තිබුන ගුහාවක හිටපු Hecate කියන දේවතාවියව. අවාසනාවට වගේ Hecate ටත් ඇහිලා තියෙන්නේ කෑගහන ශබ්දය විතරයි. Persephone ට මොකද වුනේ කියන්න එයා දන්නේ නෑ. ඒ වුනත් Demeter ට Persephone ව හොයන්න උදව්වට එන්නම් කියලා Hecate කියනවා.

ඒ දේවතාවියෝ දෙන්නා Persephone ව පුළුවන් හැමතැනම හොයනවා. ඊළග දවසේ උදේ මේ දෙන්නා යනවා god of the sun වුන Helius ව හම්බවෙන්න. ලෝකේ ඉහළින්ම ඉදන්, වෙන හැමදේම දකින Helius ගෙන් තමන්ගේ දුවගේ අතුරුදහන්වීම ගැන විස්තර අහනවා. Helius තමන් දැකපු හැමදෙයක්ම එළිකරනවා.
Hades, Persephone ව පැහැරගෙන ගියා කියලත් ඇයව විවාහකරගන්න වෙලාවේ Persephone බොහොම දුකෙන් ඇඩුවා කියලත් Helius කියනවා.මේ දේවල් කියන ගමන් Helius මතක් කරනවා Hades කියන්න ලේසි පහසු කෙනෙක් නෙමෙයි ලෝකේ පාලනයෙන් 1/3ක් අයිති වෙන්නෙ god of the underworld වෙන Hades ට කියලා.එහෙම කියන Helius Demeter ව සනසන්න හදනවා.

Hades and Persephone
slT5z70.jpg


ඒ වුනත් තමන්ගේ ලස්සන දෙව්දුව ව පාතාල ලෝකය වගේ අවලස්සන තැනකට අරන්ගිය එක ගැන හිතද්දි Demeter ට කිසිම සැනසීමක් නෑ. ඒ දුක නිසා Demeter සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට වෙස්වලාගෙන පොළවට එනවා.ඇය මහපොළවේ තියෙන ධාන්‍ය වගාවන්, කෙත් වතු ඔක්කොම පාළුවෙන්න ඉඩහරිනවා. නිමක් නැති ශෝකයෙන් ඉන්න Demeter ගේ බාහිර ස්වරූපයත් මේ වෙද්දි කාටවත් අදුනගන්න බැරි තරමට ගොඩක් වෙනස් වෙලා.ඇයව පෙනුනේ බොහොම වැහැරිලා ගිය වයසක කාන්තාවක් වගේ. වේළිලා පාළු වෙලා ගිය මහපොළව වගේ පෙනුමක් Demeter ට ලැබිලා තිබුනේ.

මාස ගාණක් මෙහෙම ඇවිද්ද Demeter දවසක් Eleusis කියන ගමේ ළිදක් ළග මහන්සි නිවාගන්න නතර වෙනවා.ඇය එතන තියන ඔලිව් ගහක හෙවනට වෙලා ඉද්දි බොහොම ලස්සන කුමරියෝ හතරදෙනෙක් වතුර ගන්න එනවා.ඒ තමයි Eleusis වල රජතුමා වුන Celeus ගේ දූකුමරියෝ.කාරුණික හදවත් තිබුන මේ කුමාරියෝ මහළු වැහැරුණු පෙනුමක් ඇතිව උන්න Demeter ට අනුකම්පා කරනවා.ඇය දේවතාවියක් කියලා කුමරියෝ අදුනගන්නේ නෑ.Demeter ට උදව්කරන්න හිතන එයාලා අහනවා තමන්ගේ බාල සොහොයුරා වෙන Demophoon ව බලාගන්න කැමතිද කියලා.ඒකට කැමති වෙන Demeter රජගෙදරට යනවා.

Eleusis
mncZItf.jpg


ඒ යද්දි Demeter ගේ රන්වන් පාටට තිබුන කොණ්ඩය අළු පාට වෙලා, සම රැළි වැටිලා සහ ඇයගේ ශරීරයේ තිබුන දීප්තිය අදුරු පාට ලෝගුවකින් වහගෙනයි හිටියේ. ඒ වුනත් මව් රැජින වුන Metaneira ට දැනෙනවා මේ ආවේ නිකම්ම නිකම් මහළු කාන්තාවක් නෙමෙයි කියලා.අවලස්සන දිරා ගියපු ශරීර ලක්ෂණ සහ අදුරු ලෝගුවට යටින් සාමාන්‍ය මනුෂ‍යයෙකුට පිහිටන්නේ නැති දීප්තියක් හැංගිලා තියනවා කියල Metaneira දකිනවා.ඒ නිසා රජමැදුරේ තියන හොදම ආසනය දීලා හොදම වයින් වලින් සංග්‍රහ කරන්න කියල සේවකයන්ට කියනවා.මේවා ප්‍රතික්ෂේප කරපු Demeter බාර්ලි සහ වතුර මිශ්‍ර කරල හදපු දියරයක් විතරක් බීමට ගන්නවා.ඊටපස්සෙ Demeter, කුමාරයාව වඩාගනිද්දි කුමරය සන්තෝසෙන් ඉපිලෙනවා.මේක දකින Metaneira, Demeter කුමාරයව හොදින් බලාගනියි කියලා සන්තෝස වෙනවා.
OB9bS0M.jpg

Persephone නැති ශෝකයෙන් උන්න Demeter, මේ කුමාරයාට ගොඩක් ආදරය කරන්න පටන්ගන්නවා. ආදරය වැඩිකමට Demeter තීරණය කරනවා කුමාරයාව අමරණීය කරන්න ඕනේ කියලා.එහෙම කළාම තමන්ව ආදරෙන් භාරගත්ත රජපවුලට කලගුණ සලකන්න පුළුවන් කියලා Demeter හිතනවා.ඒ හැමදේටම වඩා Persephone නැති වුන අඩුව මේ පුංචි කුමාරයාගෙන් පියවාගන්නයි Demeter මේ තීරණයට එන්නේ.
හැමදාම රෑ අනිත් අය නින්දට ගියාට පස්සේ Demeter මේ ළදරු කුමාරයාව දෙවියන්ට විතරක් අයිති අමෘතයෙන් ආලේප කරනවා.ඊටපස්සෙ කුමාරයව ගින්දර තියන උදුනේ මැදින් තියනවා.එහෙම කරන්නේ ළදරුවාගේ ශරීරයේ තියන මනුෂ‍ය ලක්ෂණ ඔක්කොම පුළුස්සලා දාන්නයි.ළදරු කුමාරය ගින්දර මැද්දේ තියලා තිබුනත් ඔහුට කිසිම හානියක් වෙන්නෙ නැති වෙන්න Demeter හොද සැලකිල්ලෙන් ඉන්නේ.
1KsBfP8.jpg


හැමදාම රෑට කරන මේ treatment එක නිසා මේ ළදරුවා පුදුමාකාර විදියට වැඩෙනවා.සාමාන්‍ය දරුවෙක්ට වඩා ගොඩක් වෙනස් විදියට ශක්තියෙන් සහ සෞඛ‍යයෙන් වැඩෙන මේ කුමාරයා දකින රජ පවුල පුදුම වෙනවා.මේක දකින Metaneira ට ටිකක් සැකහිතෙනවා.ඒ නිසා එක දවසක් අනිත් හැමෝම නින්දට ගියාට පස්සේ Metaneira හැංගිලා බලාගෙන ඉන්නවා Demeter තමන්ගේ ළදරු කුමාරයට මොකද කරන්නේ කියලා.Demeter ගේ කාමරයට හොරෙන් එබිලා බලන Metaneira ට පේන්නේ බොහොම භයානක දෙයක්.තමන්ගේ ළදරුවා ව ගිනිදැල් වලින් වට වෙලා උදුන මැද්දේ ඉන්නවා ඇය දකිනවා.Metaneira කෑ ගහගෙන කාමරයට එනවා.Demeter කර කර හිටිය වැඩේට වුන මේ නොහිතපු බාධාව නිසා තරහ යන Demeter කුමාරයව ගින්දර වලින් එළියට අරන් විසිකරනවා.පොළවට වැටෙන කුමාරයාට තුවාලයක් වුනේ නැතත් භය නිසා ඔහු කෑගහන්න පටන් ගන්නවා. මේ ගාලගෝට්ටි ඔක්කොගෙම සද්දෙට ඇහැරිලා කාමරේට දුවගෙන එන රජතුමාට දකින්න ලැබෙන්නේ පුදුම හිතෙන දෙයක්.අර කලින් මැහැල්ලක් වගේ හිටිය Demeter තමන්ගේ ඇත්ත ස්වරූපයෙන් බොහොම දීප්තිමත්ව සහ සුන්දරව පෙනී හිටියා.

Metaneira තමන්ගේ කාර්යයට කරපු බාධාව නිසා Metaneira එක්ක තරහින් හිටියත් පස්සේ Demeter ට දුක හිතෙනවා.ඒ නිසා රජතුමගේ පවුලේ අයට කිසිම හානියක් කරන්නේ නෑ.කොහොමවුනත් කලින් කර කර හිටිය වතාවත් එහෙමත් නැත්නම් අමරණීය කරන පිළිවෙත දිගටම නොකළොත් කුමාරයා අමරණීය වෙන්නේ නෑ කියලා කියන Demeter එහෙම නොවුනත් කුමාරයාව බලාගත්තේ දෙවගනක් නිසා ඔහු තවමත් ගරු බුහුමන් ලබන්න සුදුසුයි කියලා කියනවා.
තමන් වෙනුවෙන් කැපවුනු දෙවොලක් හදන්න කියලා Demeter රජ යුවලට කියනවා.ඒක හදන අතරතුරේදි Demeter, Eleusis වැසියන්ට ධාන‍ය වගාකරන හැටි, ඒවා Demeter වෙනුවෙන් හදන දෙවොලට පූජා කරන හැටි වගේ දේවල් කියල දෙනවා.ඔය විදියට කාලය ගතවෙලා යද්දි, Demeter ගේ අවධානය ආයෙත් Persephone ට යොමු වෙනවා.

Mount Olympus සහ සියළු දෙවි දේවතාවියන්ට දුරින් තිබුන මේ තමන් වෙනුවෙන් හදපු දෙවොලේ Demeter පදිංචි වෙනවා.හිතේ දුක නිසා ඇය හැමදාම දෙවොලට වෙලා නිහඩව ඉදගෙන ඉන්නවා. ඇය එහෙම ඉදගෙන ඉන්න හැම දවසක් පාසාම පොළවේ වගාවන් විනාශ වෙලා මිනිස්සුන්ගේ බඩගින්න වැඩි වෙනවා.බොහොම ඉක්මනට පොළවේ ඉන්න ඔක්කොම ජීවීන් සාගතයට අහුවෙන ලක්ෂණයි තිබුනේ.

මේ වෙන විනාශය දකින Zeus හිතනවා දිගටම මේ විදියට දුක් වුනොත් හැමදෙයක්ම විනාශ වෙලා යාවි කියලා.Zeus Demeter ගෙන් ඉල්ලනවා මෙහෙම කරන්න එපා කියලා.ඒත් Demeter කියනවා තමන්ගෙන් උදුරාගෙන පාතාලයට අරන් ගිය Persephone ව ආයේ ලැබෙනකම් ඇය දුක් වෙන එක නවත්තන්නේ නෑ කියලා.අවසානෙදි Zeus ට හිතෙනවා ලෝකය ආයේ තිබුන තත්වෙට ගේන්න නම් Persephone ව කොහොමහරි ආයෙ ගෙන්නගන්න ඕනේ කියලා.එහෙම හිතන Zeus, Hermes ගේ අතේ පාතාලලෝකයට පණිවිඩයක් යවනවා.

පාතාලයට යන Hermes දකිනවා Hades සහ එයාගේ බිරිද සිංහාසන වල ඉන්නවා. Persephone හිටියේ ශෝකයෙන් මැළවිලා.Hermes, Zeus ගෙන් ගෙනාපු පණිවිඩය අහන Persephone සන්තෝසයෙන් ඉපිලෙනවා.Hades අකමැත්තෙන් වුනත් Zeus කියන දේ අහලා Persephone ට ආයෙත් Demeter ළගට යන්න අවසර දෙනවා.ඒ ගමන් කියනවා තමන් ගැන තරහින් හරි දුෂ්ඨයෙක් විදියට හරි හිතන්න එපා කියලත්.

අකමැත්තෙන් Persephone ට යන්න දෙන Hades, යන්න කළින් ඇයට දෙළුම් ඇට හතරක් කන්න දෙනවා.ඒවාත් කාලා ඉවරවෙලා Persephone සතුටින් යනවා.Hermes එක්ක Eleusis වලට යන Persephone කලින් වගේම බොහොම ආදරෙන් Demeter එක්ක කතාබහ කරනවා.ඒ අතරේ Demeter අහනවා පාතාලයේ හිටපු කාලේදි ඒ ලෝකේ තියන දෙයක් කෑමට ගත්තද කියලා. Persephone තමන් අන්තිමට එද්දි කෑව දෙළුම් ඇට හතර ගැන කියනවා.ඒක අහන Demeter ආයෙත් ගොඩක් දුක් වෙනවා.හේතුව තමයි යම් කෙනෙක් මරණයේ ලෝකයෙන් (පාතාලයෙන්) මොනවාහරි දෙයක් කෑවොත් ඒ කාපු කෙනාට ආයෙත් පාතාලයට යන්න වෙනවා.මේ නීතිය කාටවත්ම කඩන්න බැරි එකක්.

Demeter සහ Persephone ගේ නැවත එකතුවීමේදි තිබුන සතුටත් දැන් වෙන්වෙන්න යන නිසා ඇතිවුන දුකත් දැකපු Zeus ට, මේ දෙන්නාව ආයේ වෙන්කරන්න කියල අණකරන්න අමාරු වුනා.ඒ වුනත් නීතියට ගරු කරන්න ඕනා නිසා Zeus කියනවා Persephone ව ආයේ පාතාලයට යවන්න ඕනාමයි කියලා.හැබැයි පොඩි සම්මුතියක් එක්කයි. Zeus කියනවා Persephone පාතාලයේ ඉන්න ඕනේ අවුරුද්දකින් මාස හතරක් විතරයි.ඒ අර කාපු ඇට හතරට හරියන්න.ඉතුරු කාලේ පුරාම Persephone ට Demeter එක්ක ඉන්න පුළුවන්.මේ සම්මුතියට Demeter බොහොම සතුටු වෙලා ආයෙත් බෝග වලට වැවෙන්න ඉඩහරිනවා.

එදා ඉදන් Demeter සහ Persephone එකට ඉන්න මාස අටම විවිධ බෝගවලට හිතකර විදියට තිබුනා. Persephone Hades ළගට යන මාස හතරෙදි Demeter ගේ දුක නිසා ලෝකය අයිස් වගේ සීතල වුනා.ඒ කාලය බෝග වලට සුදුසු කාලයක් වුනේ නෑ.
ඔය කියන සිද්ධිය හැම අවුරුද්දකම නොකඩවා සිදුවුනා.ඒකේ ප්‍රතිඵලය තමා දැනටත් සමහර රටවල් වලට බෝග වලට හිතකර සෘතු තුනකට පස්සේ ශීත සෘතුව උදාවෙන එක.

ප.ලි. Persephone සහ Hades විවාහ වුනාට පස්සේ ඇයව (goddess of the underworld) කියල හැදින්වෙන්න ගත්තා ලු.

Theseus, Hercules, Persephone එකට සම්බන්ධ වෙන කතාවක් තියනවා.ඒක ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු. ;););)
 
Last edited:

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    niyamai macho...
    ilaga ekat ikmanata danna....
    rep dena balu.
    You must spread some Reputation around before giving it to IsuruP123 again.
     
    • Like
    Reactions: IsuruP123

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අල්ලාහ් හුවක්බර්.. අඩෝ පට්ට.. ඊළඟ ඒවත් දාපන් මචන්.. මේක නිකන් මට ෆිල්ම් එකක් බලනවා වගේ බන්.. එළමකිරි..
     
    • Like
    Reactions: IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    niyamai macho...
    ilaga ekat ikmanata danna....
    rep dena balu.
    You must spread some Reputation around before giving it to IsuruP123 again.

    niyami machan degatama liyamu.

    ela ela macho :D

    එල එල කොල්ලා දිගටම යමූ:yes:

    niyamayi bro

    අල්ලාහ් හුවක්බර්.. අඩෝ පට්ට.. ඊළඟ ඒවත් දාපන් මචන්.. මේක නිකන් මට ෆිල්ම් එකක් බලනවා වගේ බන්.. එළමකිරි..

    Thanks machan laa... :cool::cool::cool::cool: