හපුතලේ - ඇල්ල bike චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    හපුතලේ - ඇල්ල bike චාරිකාව




    හිතේ තිබ්බ ලොකු ආසාවක් ඔන්න ඉෂ්ට කරගත්තා. Bike ට්‍රිප් එකක් යන්න ඕනෙ කියල හිත හිත ඉඳලා පෙබරවාරි දෙවෙනිදා කොහොමහරි ගමන පිටිත් වුනා. අපේ ගමනාන්තය විදියට හිතාගත්තේ හපුතලේ, ඒත් පස්සේ ඒක ඇල්ල දක්වා දීර්ග වුනා. අපි ඉතින් තුන් කට්ටුවනේ.. තුන් දෙනා bike තුනක ගියේ. හැබැයි කඳු, රළු බිම් වල යන්න පුළුවන් බරසාර bike නෙමෙයි.. DIO දෙකයි Pleasure එකයි. :)

    02 හවස 7.30ට අපි මහරගමින් පිටත් වුනා. අපි කෙලින්ම ගියේ කලවානේ අපේ යාලුවෙක්ගෙ රෙස්ට් හවුස් එකකට. එහෙ රෑ නතරවෙලා පහුවෙනිදා උදෙන්ම අයෙ පිටත් වෙන්න plan කලේ.

    මේක දකින්න ලැබුනේ මතුගමදී. ටවුන් එකේ මීටර් 500ක් විතර දුරක කණුවල ඇදල තියෙන හැම වයර් එකකම මේ වගේ පොඩි පොඩි කුරුල්ලෝ ලක්ෂ ගානක් ඉන්නවා. ගමේ කෙනෙක් කිව්වා එක පාරක් අටපට්ටමේ පෙන්නුවලු මේ සිද්දිය. කවුරුත් දන්නේ නෑ කුරුල්ලෝ කොහේ ඉඳන් එනවද කියලා.


    IMG_7723.jpg


    IMG_7729.jpg



    ඒකත් බලාගෙනම අපි කලවානට අවා. රෑ එහේ නතරවෙලා උදේ 7.30ට අයෙත් ගමනට පිටත් වුනා.

    මේ තමා අපි නතර වෙලා හිටපු තැන.
    IMG_7773.jpg



    අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ මේ විදියට :
    කලාවන -- නිවිතිගල -- කහවත්ත -- ඕපනායක -- බලංගොඩ -- බෙලිහුල්ඔය -- පඹහින්න -- කළුපහන -- හල්දුම්මුල්ල -- බෙරගල -- හපුතලේ


    මේ නිවිතිගලින් හැරිලා කහවත්ත පැත්තට යද්දී ගත්ත පින්තුර ටිකක්
    IMG_7796.jpg


    IMG_7906.jpg


    IMG_7912.jpg


    දවල් 12.30 වෙද්දී බෙලිහුල් ඔයට එන්න පුළුවන් වුනා. ලොකුවට බඩගින්නක් තිබ්බේ නැති නිසා තව ටිකක් දුර ගිහිල්ලම දවල්ට කමු කියන එක තමා තුන් දෙනාගෙම අදහස වුනේ.

    මේ බෙලිහුල් ඔය හරියේදී ගත්ත ඒවා ටිකක්
    IMG_7923.jpg


    IMG_7924.jpg


    IMG_7932.jpg


    IMG_8050.jpg


    මේ කළුපහන සහ හල්දුම්මුල්ල පැත්තේ
    IMG_8060.jpg


    IMG_8071.jpg


    IMG_8080.jpg


    අපි දවල්ට කෑවේ හල්දුම්මුල්ලේදී. එතකොට වෙලාව 3.00ට විතර ඇති. බත් ටික නම් පංකාදුයි. කාලා ටිකක් වෙලා ඉඳල අපි ආයෙත් පිටත් වුනා.

    මේ බෙරගල හරියේදී ගත්ත පින්තුර ටිකක්
    IMG_8088.jpg


    IMG_8089.jpg


    IMG_8090.jpg


    IMG_8095.jpg


    IMG_8102.jpg


    IMG_8103.jpg


    4.00 වෙද්දී අපිට හපුතලේට එන්න පුළුවන් වුනා. හරිම ඝන මීදුම් තත්වයක් මුළු පරිසරයේම තිබුනේ. ගමන් විඩාවත් එක්ක නවතින්න තැනක් තමයි අපිට ගොඩක්ම උවමනා වුනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ බලලා ටවුමෙම තිබ්බ තැනක අපි නතර වුනා.

    මෙතන තමයි අපි 03 වෙනිදා නතර වුනේ.
    IMG_8972.jpg


    ගමන් මළු එහෙම කාමරෙන් තියල ටිකක් වෙලා ඉඳලා අපි Adisham බංගලාව බලන්න පිටත් වුනා. ගොඩක් සෙනග ඇවිත් හිටියා. කාලගුණය නම් එච්චරම යහපත් වුනේ නෑ.

    මේ තමා ඇතුල් වෙන තැන
    IMG_8115.jpg


    IMG_8120.jpg


    කොහොමද මීදුම
    IMG_8122.jpg


    කොහෙ ගියත් ඉතින් ඕක තමා වැඩේ
    IMG_8212.jpg


    කැලුමා සීතලෙන්
    IMG_8223.jpg


    ළඟ තිබ්බ කනුවක්
    IMG_8221.jpg


    ටික වෙලාවක් ඉන්නකොට අධික මීදුම අඩුවෙලා ගිහින් ටිකක් පරිසරය පැහැදිලි වුනා.

    ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් මම පින්තූර ටිකක් ගත්තා.
    IMG_8233.jpg


    IMG_8234.jpg


    IMG_8237.jpg


    IMG_8238.jpg


    IMG_8240.jpg


    IMG_8245.jpg


    IMG_8247.jpg


    IMG_8250.jpg


    IMG_8252.jpg


    IMG_8254.jpg


    IMG_8294.jpg


    Adisham බලලා අපි ආයෙත් අපේ වාසස්තානයට ආවා. රෑට කාලා හොඳ සින්දු ටිකකුත් අහලා තුන් දෙනා එක්ක කථා කරගත්තා හෙට දවසේ මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ තමයි තීරණය කලේ ඇල්ල පැත්තට යමු කියලා. පහුවෙනිදා අපි නැගිට්ටේ 7.00ට විතර. නැගිටලා ඉක්මනට ඇඳ පැළඳ ගත්තා. එදා අපිට බලන්න තැන් දෙක තුනක්ම තිබුනා. lipton's seat, දෝව පන්සල, රවණා ගුහාව සහ දෙමෝදර පාලම. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව පිටත් වුනා.

    මේ lipton's seat බලන්න යන අතර ගත්ත ඒවා
    IMG_8321.jpg


    IMG_8329.jpg


    IMG_8333.jpg


    IMG_8337.jpg


    IMG_8341.jpg


    IMG_8343.jpg


    IMG_8351.jpg


    IMG_8352.jpg


    IMG_8354.jpg


    IMG_8355.jpg


    අපි දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවත් පහු කළා.
    IMG_8360.jpg


    මේ මගදී දැක්ක එළවලු කොටුවක්
    IMG_8363.jpg


    යනගමන් තවත් පින්තුර ගත්තා
    IMG_8368.jpg


    IMG_8370.jpg


    IMG_8372.jpg


    IMG_8373.jpg


    IMG_8375.jpg


    9.30 විතර වෙද්දී අපි lipton's seat ආවා.

    IMG_8540.jpg


    අවට පරිසරය නම් කියන්න බැරිතරම් සුන්දරයි.
    IMG_8494.jpg


    IMG_8495.jpg


    IMG_8502.jpg


    IMG_8560.jpg


    IMG_8581.jpg


    IMG_8594.jpg


    IMG_8595.jpg


    IMG_8596.jpg


    උඩ තියෙන නැරඹුම් අට්ටාලයට පෙනෙන හැටි
    IMG_8579.jpg


    IMG_8585.jpg


    එහා පැත්ත දිගටම තේ වතු
    IMG_8542.jpg


    IMG_8591.jpg


    IMG_8592.jpg


    IMG_8593.jpg


    පැයක් විතර එතන ඉඳලා, සෑහෙන බඩගින්නේ හිටපු බල්ලෙක්ට දවස් ගානකට ඇතිවෙන්න කන්න දීලා අපි ආපහු එන්න පිටත් වුණා.

    මේ එන ගමන් ගත්ත ඒවා
    IMG_8601.jpg


    IMG_8602.jpg


    IMG_8605.jpg


    IMG_8709.jpg


    IMG_8710.jpg


    IMG_8713.jpg


    IMG_8714.jpg


    IMG_8718.jpg


    IMG_8720.jpg


    IMG_8721.jpg


    IMG_8725.jpg


    ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඇල්ල පැත්තට, ඒ කියන්නේ බණ්ඩාරවෙල පැත්තට.

    බණ්ඩාරවෙලින් හැරිලා එනකොට තමා දෝව පන්සල හම්බවෙන්නේ.

    මේ දෝව පන්සල
    IMG_8766.jpg


    IMG_8737.jpg


    IMG_8738.jpg


    IMG_8739.jpg


    IMG_8743.jpg


    IMG_8749.jpg


    මේ ශෛලමය ප්‍රතිමා වහන්සේ. ගලේ කොටපු පිලිමයටත් වඩා පුදුම ඒක ඉස්සරහා තියෙන ගහ. පිළිමය තරම්ම උසට ගහ තනි කෙලින් උඩට ඇවිත් තියෙන්නේ.
    IMG_8748.jpg


    මේ ඇතුලේ තියෙන පිළිම සහ පැරණි චිත්‍ර කීපයක්
    IMG_8759.jpg


    IMG_8760.jpg


    IMG_8761.jpg


    IMG_8762.jpg


    IMG_8763.jpg


    එතනින් පස්සේ අපි පිටත් වුනේ රාවනා ගුහාව බලන්න. ඇල්ල කියන්නෙත් පුදුමාකාර ලස්සනක් තියෙන පැත්තක්.

    මේ මගදී ගත්ත පින්තුර
    IMG_8773.jpg


    IMG_8783.jpg


    වඳුරෝ සැට් එකක් :)
    IMG_8785.jpg


    මෙතනින් තමා උඩට යන්න තියෙන්නේ
    IMG_8884.jpg


    IMG_8787.jpg


    අවට පරිසරය
    IMG_8789.jpg


    IMG_8790.jpg


    IMG_8791.jpg


    මෙතනින් පස්සේ ස්වභාවය ටිකක් විතර වෙනස් වෙනවා. video එක අනිවාර්යෙන් බලන්න. video එකේ මේ ටික හරිම ලස්සනයි.

    IMG_8804.jpg


    IMG_8805.jpg


    IMG_8812.jpg


    IMG_8815.jpg


    IMG_8816.jpg


    IMG_8821.jpg


    IMG_8824.jpg


    රාවනා රජු සීතාව පැහැරගෙන ඇවිත් රඳවලා තිබ්බ ගුහාවක් විදියට මේක සැලකෙන්නේ. හැබැයි ඒ වගේ වැඩකට හොඳටම ගැලපෙන තැනක් මේක. මොකද පහල ඉඳලා බලන කෙනෙකුට කොහෙත්ම හොයා ගන්න බැරි විදියට මේ ගුහාව හැංගිලා තියෙන්නේ.

    මේ ගුහාවේ ඇතුලත
    IMG_8825.jpg


    IMG_8831.jpg


    IMG_8837.jpg


    IMG_8846.jpg


    ඇතුලට යනකොට ගමන් මාර්ග දෙකක් හම්බෙනවා. ලොකුවට පෙනිච්ච නිසා අපි ගියේ වම් පැත්තට. කට්ටම කරුවලයි. ටෝච් එකක් තිබ්බේ නැති නිසා ෆෝන් එකේ light එකෙන් ගියේ. කොහොමහරි ඒ පැත්තෙන් ගොඩක් දුර යන්න බැහැ. මීටර් 40ක් විතර යනකොට පාර ඉවර වෙනවා. අපිට හරි විස්තරේ හම්බවුනේ ආයෙත් පහලට බැස්සට පස්සේ. ගමේ කෙනෙක් කිව්වේ දකුණට තියෙන විවරයට ගියාම උමගක් තියෙනවලු. ඒකෙන් පහලට බැස්සම තමාලු නිල් දිය පොකුණ තියෙන්නේ. ඒක හරිම අවදානම් වගේම කාලේ යන වැඩක් කියලත් ඒ කෙනා කිව්වා.

    මේ ගුහාවේ ඉඳල එන ගමන් ගත්ත ඒවා
    IMG_8864.jpg


    IMG_8866.jpg


    IMG_8875.jpg


    IMG_8876.jpg


    IMG_8877.jpg


    IMG_8878.jpg


    IMG_8879.jpg


    IMG_8880.jpg


    කොහොම හරි අපි අපේ අවසාන ඉලක්කයටත් යන්න පිටත් වුනා. ඒ තමයි දෙමෝදර ආරුක්කු නමයේ පාළම.

    දෙමෝදර
    IMG_8955.jpg


    බදුල්ල පාරේ යනකොට මෙතනින් තමා හැරෙන්නේ
    IMG_8953.jpg


    ටික දුරක් එනකොට කරපු මෝඩ කමක්දෝ කියලත් හිතුනා. පාර හොඳටම අබලන් වෙලා. සමහර තැන් වල bike එකෙන් යන්න බැරි තරම් ලොකු මඩ වලවල්. අපේ video එක බැලුවොත් තේරෙයි. කොහොමහරි සෑහෙන කට්ටක් කාලා ආවා පාලම බලන්න.

    මේ එතන ගත්ත ඒවා
    IMG_8905.jpg


    IMG_8908.jpg


    IMG_8909.jpg


    IMG_8911.jpg


    IMG_8913.jpg


    IMG_8916.jpg


    IMG_8924.jpg


    IMG_8934.jpg


    තුන්දෙනාට පොඩි විවේකයක්
    IMG_8912.jpg


    ඉතින් ඔන්න ඔය විදියට අපේ චාරිකාව අවසන් වුණා. 04 වෙනිදා හවස බොහොම දුකෙන් අපි ගෙදර යන්න පිටත් වුණා.

    මේ යන අතර ගත්ත ලස්සන තැන් ටිකක්
    IMG_8973.jpg


    IMG_8981.jpg


    IMG_8984.jpg


    IMG_8986.jpg


    මේ තමා චාරිකාවේ අන්තිම ෆොටෝ එක
    IMG_9231.jpg


    මෙච්චර වෙලා මගේ thread එක කියවපු එකට මම ස්තුතිවන්ත වෙනවා. video එක බලන්න අමතක කරන්න එපා. ඒකත් ගොඩක් රසවත් වේවි කියල මම හිතනවා. එහෙනම් මම නැවතුනා. හැමෝටම තෙරුවන් සරණයි!


    මේ මගේ කලින් thread එක. බලලා නැති කෙනෙක් ඉන්නවනම් බලන්න.
    මාලිබොඩ පාරෙන් ශ්රීe පාදයට : http://www.elakiri.com/forum/showthread.php?t=1656213
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අඩො පට්ට ට්‍රිප් එක බන්.ඒ උනාට එකම ඇදුම දවස් ගානක් අදින්න හොදනෑ මචන් ලෙඩ හැදෙනව :P:P(ජෝක් ඈ)
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අඩෝ පට්ට මචන්..!මාර ලස්සනයි මචන් photo ටිකත්.bike වල යනකොට පට්ට ආතල් නේද..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව තවත් මෙවන් චාරිකා ගිහින් අපිට පින්තුර පෙන්නලා අපේ හිත්වල ඉරිසියාව ඇති කරන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා.... ඉරිසියාවයි කිව්වේ විහිලුවට කොල්ලනේ.. රටින් පිට ඉන්න අපිට මේවා දැක්කම හරිම සන්තෝසයි.. ඊට පස්සේ දුකයි.. සුපිරි පින්තුර ටික... අපිටත් දැනගන්න කියනවද කැමරා එක මොකක්ද කියල බුදු මල්ලියේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචෝ..:D ලස්සනට ලියල තියනවා.. යන්න ට්‍රයි එකක් දෙනවා.. ස්තූතිය් බෙදාගත්තට..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි...
    වීඩියෝ එක සුපිරිම සුපිරි... එලටම කරලා තියෙනවා. හැම දේම උපරිමයි...
    රිපෝර්ට් එක තව පොඩ්ඩක් ඩීටේල් කරන්න. දවස් වල ගමන් මාර්ගය වෙන වෙනම පෙන්වන්න. දුර එහෙම සඳහන් කරන්න.

    අන්තිමට කියන්න ඕනේ "තුන් කට්ටුව" කියන කන්සෙප්ට් එක ලොවෙත් නෑ බං. අනික උඹලගේ බයික් ටික ඒවිදියටම ගැලපෙනවා...ඔය විදියටම දිගටම කරගෙන යමු මචං..
    ජය වේවා!!!!