අත්භූත-ඔරෙගන්-සළාව

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
අත්භූත-ඔරෙගන්-සළාව

ඔරෙගන් සළාව නැමති ස්ථානයේදී සිදුවන අත්භූත සිදුවීම්.


මුලින්ම බලන්න කෝ ඔය තියෙන වීඩියෝ එක දිහා. මොකක්ද හිතෙන්නේ. මේ දෙන්නගේ උසවල් වෙනස් වෙනවා කියලා වගේ පේනවා නේද? මේක පරිගණකයෙන් සංස්කරණය කරපු වීඩියෝ එකක් නෙමෙයි. මේක මේ සංචාරකයන් දෙදෙනෙක් අර ගත්තු වීඩියෝ එකක්. ඇත්තටම මොකක්ද මේ සිදුවීම? අන්න ඒ ගැන පැහැදිලි කරපු ලිපියක් තමයි මේ පහල බොහොම සරල සිංහලෙන් තියෙන්නේ.

උඩින් තියෙන වීඩියෝ එක අරං තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ,ඔරෙගන් කියන ප්‍රාන්තයේ තියෙන ඔරෙගන් සළාව කියන තැනදී. ඔරෙගන් කියන්නේ ප්‍රාන්තයේ නම කියලා ඔයාලා දැන් දන්නවනේ. එතකොට මේ සළාව කියන්නේ මොකක්ද? මේකේ තේරුම තමයි එකතැන කරකැවෙන සුළග, එහෙමත් නැත්තන් සුළිය කියන එක.

ඉතින් මේ කියන ඔරෙගන් සළාව,එහෙමත් නැත්තන් සුළිය දළ වශයෙන් ගත්තොත් මීටර් පනහක් වගේ, එහෙමත් නැත්තන් අඩි 160 ක විතර විෂ්කම්භයක් තියෙන රවුම් හැඩයකින් යුක්ත භුමි ප්‍රමානයක්. ඇත්තටම කිව්වොත් ආසන්න වශයෙන් රවුම් හැඩයකින් යුක්ත මේ ඔරෙගන් සළාවට අයිති භුමියේ ප්‍රමාණය නිතර වෙනස් වෙනවා. උදාහරණයක් විදියට දැන් මේ කියන කවයට ඇතුලත්ව තියෙන පරණ ලී මඩුව කලින් තිබුනේ ඒකට අතින්. ඒත් දැන් අර කලින් කිව්වා වගේ කවය තියෙන තැන වෙනස් වන නිසා ඒකට ඔය කියන ලී මඩුව තියෙන්නේ කවයේ ඇතුලට වෙන්න.


Image.jpg


ඔය උඩින් තියෙන්නේ කලින් කිව්ව ලි මඩුව තමයි.

මේ පහලින් තියෙන පින්තුර දෙක මෙතනට ගිය සංචාරකයන් කණ්ඩායමක් ගත්තු ඒවා. මෙතනදීත් මේ පින්තුර දෙක බලද්දී පේනවා ඇති මේ ගෑනුළමයිගේ උසේ යම්කිසි වෙනස් වීමක් තියෙනවාගේ වගේ. මේ වගේ,මෙතනට ගිහිං ඔය තැනදීම විවිද සංචාරකයන් ගත්තු ජායාරූප සියගානක් අන්තර්ජාලයේ තියෙනවා දැකගන්නත් පුළුවන්.

1_1.jpg


1_2.jpg


ඊළගට පහලින් බලන්නකෝ මේ ලී මඩුව ඇතුලෙදි ගත්තු පින්තුරයක්.

mistery_spot.jpg


මේ ගෑනු ළමයා හිටගෙන ඉන්නේ අමුතුම විදියකට කියලා වගේ නේද පෙන්නේ? මෙහෙම පෙන්නේ මේ මඩුවේ තියෙන හැඩය නිසාද කියලත් සමහරු විමසලා තිබුනා. ඒත් හැබැයි මඩුවේ හැඩයටත් වඩා,පැහැදිලි කල නොහැකි යම්කිසි දෙයක් මෙතන තියෙනවා කියලා තමයි එහෙ ගියපු බොහෝ දෙනෙක් සටහන් කරලා තිබුනේ.


hqdefault.jpg


ඊලග දේ තමයි මේ මඩුව ඇතුලේ එල්ලලා තියෙනවා රාත්තල් කිහිපයක්ම බර යගුලියක්. එකත් කෙලින්ම පොලව දෙසට නෙමෙයි තියෙන්නේ. ඒ යගුලියත් අර කලින් කිව්ව සුළියේ මැදට වෙන්න පොඩි ඇලවීමක් තියෙනවා කියලයි කියන්නේ.

ඇත්තටම මේ වගේ උසේ වෙනස් වීමක් වෙන්නේ කොහොමද? මෙතන සිදුවන්නේ මොකක්ද? විවිද විද්‍යාඥයන් මේ ගැන එක එක පරීක්ෂණ පවත්වලත් තියෙනවා. ඊට පස්සේ සමහරු නං කියලා තියෙන්නේ මෙතන සිදුවන්නේ යම්කසි දෘෂ්ටි මායාවක් වගෙ දෙයක් කියලා. ඒ කියන්නේ වඩාත් සරලව කිව්වොත් මේ කියනා වටකුරු හැඩයෙන් යුතු සළාව මිටර් 50 ක විතර විෂ්කම්භයක් තියෙන මහා විශාල කාචයක් විදියට වැඩ කරනවා කියලයි කියන්නේ. ඉතින් කාච වලින් ආලෝකය ගමන් කරද්දී සිදුවන විවිද විකෘති වීම් නිසා අර වගේ විදියට විකාර වෙලා අපිට පේනවා කියලයි ඒ මතය විශ්වාශ කරන අය කියන්නේ.

ඒත් මේ වෙනකන් ලෝකේ පහල උන මිනිස්සු අතරින් බුද්ධිමත්ම අයෙක් විදියට පිළිගන්න ඇල්බට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා නං මේ ස්ථානය ගැන කියලා තියෙන්නේ වෙනස් අදහසක්. ඔහු කියලා තියෙන්නේ මෙතනින් එහා මෙහා යනකොට අපේ ඇගේ තියෙන අණු වල හැකිලීමක්,ප්‍රසාරණය වීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලයි.

කොහොම උනත් වර්තමානයේ නං මෙතන ප්‍රසිද්ධව තියෙනෙන් සංචාරකයන් යන එන තැනක් විදියට තමයි. එතනට යන්නේ නැතිව ඒ ගැන විවිද පල මතකරනවාට වඩා,එහි ගිහිං ඒ අපුරු අත්දැකීම විදගත්තම අමුතුම හැගීමක් හිතට ආවා කියලයි එහි ගිය අය සටහන් කරලා නං තිබුනේ.


මේ ත්‍රෙඩ් එක බොහොම සරල සිංහල භාෂාවෙන් ලියලා තියෙන්නේ,මේ ඔරෙගන් සළාව කියන තැනට ගියපු අය කිහිප දෙනෙක් සටහන් කරපු බ්ලොග් සටහන් සහ තවත් වෙබ් අඩවිවල තිබුන කරුණු කියවලා බලලා. මේකෙන් ඔයලා යම්කිසි නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.

-මම කලින් දාපු ත්‍රෙඩ්-


අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා
කාන්තා සෙබළියන්ගේ මෝස්‌තර
ඇමරිකානුවන්ගේ ගුවන්යානා සොහොන්බිම
පාළුවට ගිය මාලිගාව

අඩු මුදලට තට්ටු දෙකේ ගෙයක් හදාගන්නේ කොහොමද?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ela ela උබ කොටු 11 මාසෙන් ගහයි වගේ ,මට නම් මාස 4 ක් ගියා නමුත් මම ගොඩක් මහන්සියක් වුනේ නෑ.
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹ නම් ප්‍රශ්න හඳන එකෙක්ම තමයි
    මගේ ඔළුව කැරකෙනව වගේ

    You must spread some Reputation around before giving it to Trouble_Maker again.