පුංචි දඹදිව - රත්නපුර

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පුංචි දඹදිව - රත්නපුර

    කාලෙකට පස්සෙ ආයෙත් ටිකක් දුර ගමනක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා..:yes:

    හැබැයි ඉතින් මම වගේ කාඩ් දාල ඩේට පරෙස්සම් කරන යාලුවන්ටනං වැඩිපුර ඩේට ටිකක් වැයවෙයි...:baffled:

    ඒත් ඒක පාඩුවක් නැති වෙයි කියල හිතනවා..:)

    අපේ ගමනාන්තය තමයි රත්නපුර ඉඳල ටිකක් එහාට වෙන්න තියෙන "පුංචි දඹදිව"

    a259b6.jpg


    අම්මටයි තාත්තටයි සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසවක් තමයි එහෙ යන එක..:cool:

    ඉතින් ගිය සතියෙ සඳුදා ඔෆිස් එකෙනුත් නිවාඩුවක් අනුමත කරගෙන මමත් ඒ දෙන්න එක්ක ගමනට සම්බන්ධ උනා...;)

    අපි ගමන පටන් ගත්තෙ වැලිවේරියෙ ඉඳල.. වැලිවේරියෙන් කඩුවෙලට ඇවිත් එතනින් මොණරාගල බස් එකක රත්නපුරට...

    ආහ්.. කියන්න අමතක උනා..
    ඔයගොල්ලොත් බස් එකේ යනවනං ඇඹිලිපිටිය වගේ බස් එකක නගින්න.. නැත්තන් ටිකක් ඉක්මනින් යන සි ටී බී බස් එකකම නගින්න මතක ඇතුව. හේතුව මොණරාගල වගේ ගොඩාක් දුර යන බස් රත්නපුර පෙනි පෙනි තේ බොන්න නවත්තනවා..:confused: ඉතින් නිකරුණේ විනාඩි 20ක් විතර අපතේ යවන්න වෙනවා..:(

    අපි ගමන පටන් ගත්තේ උදේ 7 ට විතර... ඉතින් රත්නපුරට එද්දි 11:30 විතර වගේ උනා..
    එතන ඉඳල පුංචි දඹදිවට කිලෝ මීටර් 23ක් විතර තියෙනවා...
    පන්සල ගාවටම යන බස් එකක් තියෙන නිසා අපි රත්නපුරෙන් පොඩි පොඩි අවශ්යතා ටිකක් එහෙම අරගෙන ඒ බස් එකේ නැග්ග..:yes:

    ඔන්න අපි රත්නපුරෙන් ගමන පටන් ගත්ත...
    මෙහෙනම් ඉතින් Leyland වැඩිය රොක්ස් නෑ...:lol: TATAම තමයි රොක්ස් වෙලා තියෙන්නේ...:P

    2yzgzue.jpg



    2cghhsk.jpg


    උදේ ආව බස් එකේදි බබෙක් එක්ක හිටිය අක්ක කෙනෙකුට සීට් එක දුන්න නිසා ගොඩක් දුර ඉඳල හිටගෙන ඇවිත් එපා වෙලයි හිටියේ...:(

    රත්නපුරෙන් නැග්ග බස් එකේදිත් මට ඒකම උනා.. ඒත් වෙලාවට මට ටික දුරක් යද්දි ඉස්සරහම සීට් එක හම්බ උනා... :yes:

    ඊට පස්සෙ තමයි මම මගේ වැඩ පටන් ගත්තේ...:P

    මේ පැත්තෙ අය මාව අඳුරන්නෙත් නැති නිසා ඔන්නඔහේ පොඩි ඇඩ් එකක් උනත් කමක් නෑ කියල හතර අතේ ෆොටෝ ගහන්න පටන් ගත්තා...
    (මගේ ලඟම ඉඳගෙන හිටපු අපේ තාත්තත් මාව අඳුරන්නෙ නෑ වගේ හිටිය කියහංකො ඉතින්...:eek:)


    කන්ද මැදින් පාර දිගේ....

    25a0xn8.jpg


    රත්නපුර ටවුන් එකෙන් පිට උන තැන ඉඳල එක දිගටම කන්ද නැගන් එන්නයි තියෙන්නේ. බස් එකෙත් වැඩි ගියර් එකකට කියල දාන්නෙ තර්ඩ් එකට විතරයි... ඒකත් අඩි 2 - 3ක් යනකන් විතරයි....:eek:

    24ooqqp.jpg



    6hki0i.jpg


    පාරෙ හැටි දෑක්කාම මටනං පිස්සු වගේ... ඒත් රියදුරු මහත්තයාට ඒක ගානක්වත් නෑ...

    x58uu9.jpg


    මේ පාරවල් බොහොම පටුයි වගේම සෑහෙන දුෂ්කරයි.. පේනවනේ...
    ඉතින් ෆොටෝ එකක් ගන්නකොට සෑහෙන ලොකු කට්ටක් කන්න වෙනවා..:confused:
    මගේ පුංචි පහේ දුරකතනෙන් ඒ හැටි ලොකු ලොකු සෙල්ලං දාන්න ගොඩක් අමාරුයි ගැස්සි ගැස්සි යන ගමන්...:(
    ඒ වගේම මම ඉඳගෙන හිටිය තැන පැත්තට හැරිල ඉන්න නිසා ඒ හැටි සාර්ථක විදිහට ෆොටෝ ගන්න ටිකක් අමාරුයි...

    30w13sl.jpg



    2cp6b2a.jpg



    2q9mlft.jpg


    ආහ්.. ඔය ඉස්සරහ තියෙන බස් එක, කැඩිච්ච එකක්.. දවස් 3ක් තිස්සේ ඒක එතනලු..:shocked:
    වන්දනා නඩයක් ආපු එකක් යද්දි කැඩිල කියල තමයි දැන ගන්න ලැබුනේ..:( වංගු සහිත පාරක් නිසා ආයෙ හදාගෙන මිසක් ඇදගෙන නම් යන්නම බෑලු...:eek:

    5esppv.jpg



    2hpja69.jpg


    අර පේන්නේ අපේ ගමනාන්තේ..:yes:

    aoxq4g.jpg



    1jucuc.jpg



    පැයක විතර බොහොම හිම්න් සීරුවේ ගමනකින් පස්සේ අපි පුංචි දඹදිවට සැපත් උනා...

    සාමාන්යෙන් එන හැමෝම පන්සල පිටිපස්සෙ තියෙන ගඟට ගිහින් නාගෙන තමයි එන්නේ.. ඒත් අපි එහෙම සූදානමක් නොතිබුණ නිසා මූණ කට හෝදගෙන, ගෙනාපු දේවල් දෙක තුනක් බඩට දාගෙන එන්න ගඟ පහළට ගියා...:)

    මෙතන පාලමක් හදන්න වගේ යන්නේ.. හිතා ගන්න අමාරුයි...:confused:

    21c5vzn.jpg


    මේ තරම් සියුමැලිද කලු ගල්....:)

    2a7x3y0.jpg



    dz8ivs.jpg



    qxwfvr.jpg


    අහම්බෙන් හම්බ වෙච්ච යාලුවෙක්..
    හප්පේ, බැනුම් අහල ඉවරයක් නෑ ගල් උඩ වැටි වැටි ෆෝන් එකත් උස්සගෙන මේකාගෙ පිටිපස්සෙන් දුවන්න ගිහින්....:oo:

    jb1gyr.jpg


    ඒ දැකපු සුන්දරත්වෙ ගැන මම තවත් කියන්න යන්නේ නෑ.. මගේ පුංචි ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ වලින් පුළුවන් හැටියට විඳ ගන්න බලන්නකෝ...:)

    30segsg.jpg



    35kjt6h.jpg



    28v7lux.jpg



    110ds41.jpg



    s4ypet.jpg



    6stfr8.jpg



    33bfm1d.jpg



    29bzioo.jpg



    බොහෝම අමාරුවෙන් ගඟ ලඟින් සමු අරගෙන ආපහු පන්සල බලන්න ආවා...;)
    මේ අය මෙහෙම පෙනුනට මාර ලොකුයි අප්පා....:shocked:

    23uo45x.jpg



    eplyxh.jpg



    ornl9i.jpg


    දැන් යමු චෛත්ය ඇතුළට..

    35bgz60.jpg


    මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ....

    js28sw.jpg


    මේ පින්තූර වල ලොකු කතාවක් තියෙනවා... පොඩ්ඩක් නැවතිලා බලන්නකෝ..

    2wci4nk.jpg



    5wr6f.jpg



    33tjjuc.jpg


    [FONT=&quot]මෙන්න මේ පිය ගැට පෙල දිගේ චෛත්‍යයේ ඉහළ මාලෙට යන්න පුලුවන්...
    [/FONT]

    w7ex05.jpg



    241mo0z.jpg



    i3clmd.jpg


    මේ [FONT=&quot]චෛත්‍ය[/FONT] ඇතුළ

    1xxvvd.jpg


    [FONT=&quot]චෛත්‍ය[/FONT]ය ඇතුළෙ ඉඳල එලිය පේන හැටි...

    efjt5y.jpg


    දැන් ආයෙත් පහළට...

    34q4ps8.jpg


    පහළට බහිනකොටම තව එක්කෙක් හම්බ උනා...
    දුක හිතුනේ ඇයි කියලනං දන්නේ නෑ...

    ff46qe.jpg



    23tlgm0.jpg


    එළියට එනකොටම හීනි පොදේකුත් එක්ක, අහසත් ලාවට කලු උනා..

    2qvd2ld.jpg



    2daar9h.jpg


    වැහි කලුවර මවපු රටා....

    2vukj60.jpg



    2ij9d1.jpg



    20t0apu.jpg


    105pjdx.jpg



    a259b6.jpg



    doryv6.jpg



    10er2hu.jpg



    faq8uu.jpg



    161hpo5.jpg



    29w4awm.jpg



    dw3kso.jpg



    rt0rah.jpg


    සමු ගන්න මොහොතකට පෙර ආපහු හැරිල බැලුවා...
    තොරණ නිසා ෆොටෝ එක හුටස් වෙලා....:(

    2pq7tw9.jpg


    ලොකු හාමුදුරු වො හම්බ වෙලා පුංචි ආධාරයකුත් කරල ටිකක් ඉක්මනින් ආපහු එන්න හැරුනා.. මොකද ඊළඟ බස් එක ඒ වෙනකොටත් පිටත් වෙන්න ලෑස්ති වෙලයි තිබුණේ...

    අර ලස්සනට පෙනුන ගඟ පාලම උඩට පෙනුනු විදිහ...
    වතුර සෑහෙන හිඳිලයි තිබුණේ.. නැත්තං තවත් ලස්සනට තියෙයි..

    wwm6ab.jpg


    මේ පාරනං පැනපු ගමන් ඉස්සරහම ඉඳ ගත්තා.....
    ඒකත් ටාටා එකක්...:P

    zu3wig.jpg



    2zgepu0.jpg


    ආපහු ගමනේ....

    1zmgjnr.jpg


    කොහොමද පාර...

    xm99pg.jpg


    සමහර තැන් වල තාර පාර රෝද හයේ ගානටමයි....:shocked:

    2vt357p.jpg



    35i0m6q.jpg



    2nc143r.jpg



    23r46k0.jpg



    wk4ods.jpg


    පාරවල් නං දැන් ලොකු කරන්න පටන් අරන්...:yes:

    ඒක නිසා පෞද්ගලික වාහනේකින් යනවනං ටිකක් පරෙස්සමෙන් යන එක හොඳයි..

    මොකද මේ සංවර්ධන කටයුතු නිසා ගොඩාක් වෙලාවට මුල් තැන හම්බ වෙන්නෙ තඩි ටිපර් වලටයි බස් වලටයි විතරයි... හම්බ උනත් නැතත් මේ අය ඒ තැන ගන්නව...:eek:

    පාරෙ වංගු වගේම බෑවුම වැඩි නිසා කාර් එකක වගේ එනවනං මේ දවස් ටිකක් පහු වෙලාම එනවනං හොඳයි කියලයි මම හිතන්නේ...:)

    2h87kt4.jpg



    egp8xj.jpg



    2cgo3gp.jpg



    akj1ab.jpg


    එන ගමන් සමන් දේවාලෙටත් ටිකකට ගොඩ වැදුනා...
    එහෙදි වැඩිය ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නෑ වගේම වැඩිය රැඳෙන්නත් වෙලාව තිබුණේ නෑ...
    මොකද අපි 6 වෙනකොටවත් රත්නපුරෙන් පිටත් උනේ නැත්තං කඩුවෙල ඉඳල වැලිවේරියට යා ගන්න විදිහක් නැති වෙන නිසා...:(

    2pq807r.jpg



    2irb52g.jpg



    fw1s05.jpg


    ඔන්න ඔහොමයි එක දවසක චාරිකාව නිමා උනේ...:yes:

    ඩේටා නාස්ති උනා වගේනම් ඒකත් කියලම යන්න හොඳේ...;)

    ත්‍රෙඩ් එක ඇතුළට ඇවිත් ගිය හැමෝටම මගෙන් පුංචි මල් මිටක්......

    71mla8.jpg



    ආයෙත් දවසක හම්බ වෙමු....
    එහෙනම් හැමෝටම ජය වේවා...!


    මේ තියෙන්නෙත් මේ වගේම කලින් දාපු ත්රෙඩ් වගයක්..
    කැමතිනම් ගිහින් බලලම එන්න...:)


    18 වංගුව දිගේ අම්පාරේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1608342

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1640884

    දවසින් යාපනේ යමුද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1602525



     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පට්ට ලස්සනයි මචං,,, මාත් එක පාරක් ගිහින් තියෙනවා හැබැයි මේක හදන්න කලින් :)

    dw3kso.jpg


    දැන්නම් ගොඩක් දියුණු වෙලා,
    ගොඩක් පිං මචං මේවා බෙදාගත්තට :yes:

     
    • Like
    Reactions: richlife

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගමනත් නියමයි... පින්තූර ටිකත් ලස්සනයි.. විස්තර කරලා තියෙනවත් නියමයි... :cool:
     
    • Like
    Reactions: richlife

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ගිහින් තියෙනවා. ගොඩාක් ඉස්සර. මම පොඩි කාලේ. මේ කිසි දෙයක් නෑ එතකොට... :)
    බෝපත් ඇල්ලට ගිය වෙලාවක.. හොඳ පින්තූර ටිකක්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං මගෙත් අදහසක් තියනවා ඒ පැත්තේ ට්‍රිප් එකක් දාගන්න. ඒ නිසා ට්‍රිප් එක යන්න කලින් ෆොටෝ ටිත දැකපු එක වටිනවා. :) මහන්සි නොබලා අප්ලෝඩ් කරලා අපිවත් ට්‍රිප් එක එක්කරගෙන ගියාට ස්තූතී මචං.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela kiwwa nam mamath enwa bn :) +11

    අම්මටසිරි.. උඹ රත්නපුරේවත්ද....?:eek:

    මේ තරම් සියුමැලිද කලු ගල්....:)

    :yes::yes::yes:

    Thanks Machan
    Mama gihillama ne
    Yanna one

    ගිහින් ඇවිත් ආයි විස්තර දාපං මචං....:)



    පට්ටයි..:D බොහොම ස්තූතියි මචන්.. දවසක යන්න ඕනේ...:yes::yes::yes:

    එල එල.. ගියොතින් අපිටත් කියන්න සහෝ...

    ජය වේවා ..බොහොම පින් බෙදා ගත්තට :yes:

    ස්තූතියි මචං ත්‍රෙඩ් එකට ආවට..:)

    පට්ට ලස්සනයි මචං,,, මාත් එක පාරක් ගිහින් තියෙනවා හැබැයි මේක හදන්න කලින් :)
    දැන්නම් ගොඩක් දියුණු වෙලා,
    ගොඩක් පිං මචං මේවා බෙදාගත්තට :yes:


    ඔව් බං.. තව සෑහෙන හදාගෙනත් යනවා...
    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට...:)

    ගයාන් ලක්මාල්;18072641 said:

    Thanks machan...

    tfs machan :),rep +

    faq8uu.jpg


    meke athule pics nadda ban?

    ඕකෙ ඇතුළෙ ෆොටෝ ගන්න තරං දේවල් නෑ මචං.. :)
    අනික ටිකක් අඳුර වැඩී... මගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ දෙක තුනත් ගොඩ ගන්න පුලුවන් මට්ටමක තිබුණේ නෑ...
    :(


    :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :)

    ගමනත් නියමයි... පින්තූර ටිකත් ලස්සනයි.. විස්තර කරලා තියෙනවත් නියමයි... :cool:

    ගොඩක් ස්තූතියි සහෝ දිරිමත් කලාට....

    මමත් ගිහින් තියෙනවා. ගොඩාක් ඉස්සර. මම පොඩි කාලේ. මේ කිසි දෙයක් නෑ එතකොට... :)
    බෝපත් ඇල්ලට ගිය වෙලාවක.. හොඳ පින්තූර ටිකක්..

    ආයි වෙලාවක ගිහින් එන්න සහෝ.. දැන් බලන්න දේවල් තියෙනවා... ස්තූතියි කමෙන්ට් එකට..:)

    එල මචං මගෙත් අදහසක් තියනවා ඒ පැත්තේ ට්‍රිප් එකක් දාගන්න. ඒ නිසා ට්‍රිප් එක යන්න කලින් ෆොටෝ ටිත දැකපු එක වටිනවා. :) මහන්සි නොබලා අප්ලෝඩ් කරලා අපිවත් ට්‍රිප් එක එක්කරගෙන ගියාට ස්තූතී මචං.
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මෙහෙ යනවනං මේ දවස් ටික පහු වෙලා යන්න බලන්න... පාරවල් එහෙම ගන්න දෙයක් නෑ... ඒ වගේමයි දූවිල්ලත්...
    යනවනං මතක ඇතුව ෆොටෝ දෙක තුනක් අර ගන්න අමතක කරන්න එපා.. ඔය මතක සටහන් මාර වටිනවා...
    ත්‍රෙඩ් එකට ආවට ස්තූතියි....
    :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mama awrudhu 4 kata withara kalin giya ..ethakota mona network ekakata wath signal thibun ne.den kohomada?


    :rofl:උඹට යකෝ ඕකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ...:lol:

    දැන් සිග්නල් හොඳයි මචන්.. එහෙම අව්ලක් නෑ.. ඒත් ඉතින් හිටපු ගමන් අඩු වෙනවා... ඒ උනාට ඒක ලොකු අව්ලක් නෙමෙයි..
    :)