සිහින පාරාදීසයක අරුණැල්ල

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    සිහින පාරාදීසයක අරුණැල්ල

    -සිහින පාරාදීසයක ප්‍රථම අරුණැල්ල සිඹින නිලාවැලි වෙරළ-
    නැගෙනහිර පළාතේ ති‍්‍රකුණාමල නගරයේ සිට ති‍්‍රකුණාමලය – පුල්මුඩේ මාර්ගයේ කිලෝ මීටර් 18ක පමණ දුරක් ගියවිට අලංකාර සිත්තරෙකු ලවැලි තලාවක නීලවර්ණ තීන්තයෙන් රටා මැවූ සහස්‍රකිරණ ප්‍රථම අරුණැල්ල සිඹින අප කුඩා දිවයිනේ සොඳුරුතම වෙරළ තීරයක් වන නිලාවැලි වෙරළ තීරය හමු වේ.

    ලොව සතරඅත ප‍්‍රකටම වෙරළ තීරයක් වූ මෙම වෙරළ එදාමෙදාතුර දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක්ම විය. නැඟෙනහිර පළාතට අයත් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය ඇතුළත ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ විස්මිත තැන් සහ පෞරාණික වශයෙන් විශාල වැදගත්කමක් ඇති ඉපැරැණි ස්ථාන රැසක් ද පවතියි. නිරතුරු දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට පාත‍්‍රව වූ එම ස්ථාන අතර ගිම් නිවන සුදුමුදු වෙරළ සමඟ නිසසල මුහුදු තීරය නෙතට රසදුනක්


    ගෙන එන සිත්තමක් වැනිය. විශාල ජල තටාකයක් වැනි නිලාවේලි මුහුදු තීරය ඉතාම චිත්තාකර්ෂණීය මන බඳිනා වෙරළ තීරයකි.

    නිලාවෙලි වෙරළ තීරයට යන ඔබට තවත් සුවිශේෂී සොඳුරු ආශ්වාදයක් ලබා ගත හැකි අවස්ථාවක් ද තිබේ. ඒ වෙරළ තීරයේ සිට කිලෝමීටර් කිහිපයක දුරින් ඈත මුහුදේ දිස්වෙන රක්ෂිතයක් සේම සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ පරෙවි දූපත නැතිනම් Pigeon Island ය.

    ජෛව විවිධත්වයෙන් පිරි මෙම භූමියට ළඟාවීමට බෝට්ටු සවාරියක් යා යුතුමය. මේ සවාරියේදී පරවියන් පිරි මේ දූපතේ අසිරිය සේම මුහුදේ මසුන්ගේ වූ අලංකාරය විඳ ගැනීමට ද අවස්ථාව උදාවනු ඇත.

    එමෙන්ම මෙහිදී දුර්ලභ ගණයේ මුහුදු ජීවින් හා විචිත‍්‍රවත් වර්ණවලින් යුතු මාළු විශේෂ රැසක් සේම තල්මසුන් ද නැරඹීමට ද අවස්ථාව ඇති අතර ඒ සඳහා අමතර මුදලක් බෝට්ටු ගාස්තු ලෙසින් ගෙවීමට සිදුවනු ඇත. නමුඳු එම මුදලට වැඩි නෙත් පිනවන දසුන් රැසක් මෙම සොභාසෞන්දර්යාත්මක නවාතැනේ දී දැක ගන්නට ලැබෙනු නිසැකය.

    නැගෙනහිර වෙරළ තීරයේ ආකර්ෂණීය පහස විදීමට වඩාත්ම යෝග්‍ය කාලය ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාලයයි.


    nilaweli2.jpg


    Nilaveli_beach_5.jpg


    Nilaveli_beach_1.jpg


    pigeon-island-national-park2.jpg


    Sri-Lanka-Beach-Guide.jpg


    Crested_Terns.JPG


    Nilaveli_Beach_Hotel._a.jpg

    පරණ ලිපි :​
     
    • Like
    Reactions: Koalabanti