ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A story of a youth...

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A Story of a Youth...

    ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A Story of a Youth...

    මෙහි අවසානය දක්වා පළකිරීමට කොපමණ කළක් ගතවේදයි අනුමාන කළ නොහැක. කොපමණ කාලයකට වරක් මෙය යාවත්කාල කළහැකිදයි කිව නොහැක. නමුත් කෙදිනක හෝ මෙය අවසාන කිරීමට බලාපොරොත්තුවෙන් ලියමි. මා කෙටි කතා හෝ නවකතා කරුවෙකු නොවන අතර භාශා විශාරදයෙකුද නොවේ. රසවත්ව හෝ කියවීමට කම්මලි නොවන අයුරින් ලිවීමටද හැකියාවක් නොමැති බැවින් සිදුවන දෝශ පිළිබඳව සමාව අ‍යැද සිටිමි. මෙය කියවනවාද නැද්ද යන තීරණය ඔබ සතුයි. ඕනෑම අදහසකට විවෘතයි. ස්තුතියි.

    ඇරඹුම

    හේ දැනට 22වන වියෙහි පසුවන තරුණයෙකි. ජීවිතය පිළිබඳව කළකිරීමෙන් පසුවන ඔහු තමා ගත් වැරදි නිවැරදි තීරණ හා දැන් තමාගේ ජීවිතය පිළිබඳව මෙලෙස ආපසු හැරී බලයි.

    ළමා කාලය

    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලබන මධුෂාන් කුඩා කළ සිටම සියල්ලන්ගේම ආදරය නොඅඩුව ලැබුවේය. වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සමඟ ඔහු ඉතා සතුටින් තම ළමා අවධිය ගත කළේය. විටෙක තම සොහොයුරා සමඟ දබර කරන ඔහු තවත් විටෙක ඔහුවම අනුකරණය කිරීමට උත්සාහ කළේය. අම්මාගෙන් කෝටු කැඩෙනකන් ගුටි කා තිබු ඔහුට දිනක් කිසි දිනක අමතක නොවන දඬුවමක් ලැබුණි.

    ඒ වන විට ඔහුගෙ වයස අවුරුදු 4ක් පමණය. අයියාට වයස අවුරුදු 7ක් පමණය. අම්මා එක් හැවිරිදි නැගණිය බලාගන්නා අතර මුළුතැන්ගෙයි වැඩ කරමින් සිටියි. මේ වන විට අයියා සමඟ දෙවන ලෝක යුද්දය ආරම්භ වී ඇත. සාම සාදක හමුදාව කුස්සියේ සිට බෙරිහන් දෙයි. යුද්දය නැවත්වීමට නොහැකිම වූ තැන අයියා මලෝ කාමරයට දමා විදුලි පහන් නිවා දමා දොර වසා දැමීමට අම්මාට සිදුවිය.ගත වූයේ නිමේෂයකි. බෝම්බයක් පුපුරා ගිය හඬත් අයියා මලෝ විලාප දෙන හඬත් ඇසෙන්නට විය. අම්මා දොර ඇර බලද්දී දුටුවේ කළුවරේ ඔලු ගෙඩි දෙක හප්පාගෙන හඬමින් සිටින කොල්ලන් දෙදෙනාය. වැඩිම හානිය මල්ලීටය. ඔහුගේ දකුණු ඇස වැසී යන තරමට ගෙඩි ගැසී තිබුණි. අම්මාට මෙය දරාගත නොහැකි විය. එදින අම්මා හැඬූ හැටි ඔහුට කෙදිනකවත් අමතක නොවන ලෙස මතකයේ සටහන්ව ඇත. එදිනට පසු අම්මාගෙන් කෝටු පාරක්වත් කෑවාද කියා ඔහුගේ මතකයේ නැත.

    කෙමෙන් කෙමෙන් පාසල් ජීවිතයට අවතීර්ණ වූ මධුෂාන් කුඩා කළ සිටම ඉගෙනීමෙහි සමත්කම් දැක්වූයේය. පළමු ශ්‍රේණියේ සිට සාමන්‍යපෙළ අවසානය දක්වා එකම වතාවක හෝ ඔහු පන්තියේ 3න් වන ස්ථානයෙන් පහළට වැටුනේ නැත.

    අහින්සක, සෑම ගුරුවරයෙකුගේම ආදරය දිනාගත් චරිතයක් වූ ඔහුගේ අහින්සක කම පාසල තුලට පමණක් සීමා වූවකි. නිවසේදී ඒවාට හරියන්න යකා නටන ඔහු දිනක් ක්‍රිකට් ගැසීමට ගොස් වීදූරු කටුවකට කකුල කපාගෙන පැමිණියේය. වෛද්‍යවරියගේ නිර්දෙශය වූයේ මැහුම් තුනක් දැමිය යුතු බවයි. නමුත් මැහුම් දමන වේදනාව අම්මාට ඉවසාගත නොහැකි විය. එබැවින් මැහුම් නොදමා කකුලට බෙහෙත් දමා එවන ලදි. මින් පසු කකුල බිම තබා ඇවිදීමට හැකිවන තුරු ඔහුව වඩාගෙන පාසලට පවා ගෙනියන ලද්දේ ඔහුගේ අම්මාය. පවුලේ බර තනිවම දැරුවේ තත්තා බැවින් ඔහුට රැකියාවට යෑම අනිවාර්යය කරුණකි. එබැවින් නිවාඩු දිනයන්ට පමණක් තාත්තා ඔහුව පාසලට රැගෙන ගියේය. අවුරුදු 7ක අලි බබෙක් වඩාගෙන යෑම අම්මාට තාත්තාට බරක් නොවුනත් එය ඔහුට ලැජ්ජාවක් විය. නමුත් දෙමවුපියන්ගේ ආදරය සෙනෙහස වැඩියෙන්ම දැණුන අවස්ථාවක් ලෙස අද මෙය ඔහුගේ සිහියට නැගේ.

    මේ අතර දෙමාපියන්ගේ විභාගයට හෙවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් විය යුතු කාලය එළඹියේය. ශිෂ්‍යත්වයෙන් අයියා පාසලේ වැඩිම ලකුණු ලාභියෙකු ලෙස ප්‍රදෙශයේ ජනප්‍රිය පාසලකට ඇතුලත් කරගත් බැවින් මල්ලීද පහසුවෙන් එම කඩඉම පසු කරණු ඇතැයි අම්මාත් තාත්තාත් සිතුවෝය. එබැවින් වැඩි කාලයක් නිදහසේ සිටීමට වාසනාව ලද මධුෂාන් විභාගයට මාස කිහිපයක් පමණක් තිබියදී ප්‍රදෙශයේ ජනප්‍රිය ගුරුවරියකගේ උපකාරක පන්තියකට ඇතුලත් කරන ලදි.


    Part 2
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar325076_1.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??
     

    AnuradhaRa

    Well-known member
  • මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??

    ගමට කසිප්පු විකුණන පවුලුත් තියෙනව
    දන්නැත්තං දැන ගනිං

     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේ මොහොතේ campus එකෙ සිටින බැවින් ගැටළු වලට පසුව පිලිතුරු සැපයීමට බලාපොරොත්තු වෙමි .
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??[/QU

    machan, tharaha wenna epa mehema kiwata........ me kiyala thiyena wedagath kama umbata therenne nethnam umbe wedagath kama onawatath wada penawa........
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දිගටම ලියන්ඩ :)
    ලියනව මචන්.. Thnx
    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??
    මේකට මම උත්තර නුදුන්නත් උත්තරේ ලැබෙන්න ඇති කියල හිතනව..
    ගමට කසිප්පු විකුණන පවුලුත් තියෙනව
    දන්නැත්තං දැන ගනිං
    :):)

    Ko ban ithuru tika

    මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා

    මචං වැදගත් පවුලක් කියල කියපු නිර්ණායක පොඩ්ඩක් කියනවද??[/QU

    machan, tharaha wenna epa mehema kiwata........ me kiyala thiyena wedagath kama umbata therenne nethnam umbe wedagath kama onawatath wada penawa........
    :):)
    ela... ithuru tika ikmanta dapan.

    ela okkoma dapan
    දානව මචන්..

    comment, bump කළ හැමෝටම ස්තුතියි.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Part 2

    ප්‍රථම මල් හීසරය

    විභාගය පෙනෙන තෙක්මානයේ තිබියදී මල්සරාගේ ප්‍රථම හීසැරය මධුෂාන්ගේ ඔලුවටම පතිත වුණි. ඒ ශිෂ්‍යත්ව පන්තියේ තමාට ඉදිරියෙන් අසුන්ගෙන සිටි ගැහැණු ළමයා දුටු දිනයේ පටන්ය. ඇය අයේෂා නම් හුරුබුහුටි හැඩකාර කටකාර කෙල්ලකි. අකමැත්තෙන් වෙනදා පන්තියට ගිය මධුෂාන් ඉන් පසු කැමත්තෙන්ම පන්තියට ගියේය. අයේෂා සල්ලිකාර පවුලක කෙල්ලකි. ඇය තම පාසලේම වෙනත් පන්තියක ඉගෙන ගන්නා බව පසුව දැනගන්නට ලැබුණි. එතැන් පටන් පාසලේදී ද හැකි සෑම විටෙකම ඇය දෙස බලා සිටීමට ඔහු පුරුදු විය. ඇය අම්මා සමඟ කාරයෙන් පන්තියට පැමිණෙන තුරු බලාසිට ඇය පන්තිය තුලට ගිය පසු ඔහුද ඇය පසුපසින් ගොස් ඇගේ පේළියට පිටුපසින්ම වාඩිවෙයි. මෙය ඉතා රහසිගතව සිදු කළ යුත්තකි. මන්ද එය කොල්ලන් හා කෙල්ලන් සතුරන් ලෙස සලකන කාලයක් බව ඔහු දන්නා නිසාවෙනි. එබැවින් ඔහු කිසිඳු මිතුරෙකුට සැක නොසිතෙන ලෙස ඇය පසුපස සිටියි. නැතිනම් ඔහුට සිදුවන්නේ පොළව පලාගෙන ගොස් මඩ නා උඩ එන්නය. මෙලෙස පන්තිය අවසාන වන තුරුම මධුෂාන් අයේෂාට රහසින් පෙම් බඳිමින් සිටියේය.

    විභාගය අවසන් වී ප්‍රතිඵල පැමිණෙන කාලය උදා විය. මධුෂාන් විභාගය සමත් වී තිබුණි. නමුත් ඔහු ඔහුගේ දෙමාපියන් සහ නෑදෑයින් බලාපොරොත්තු වූ අයුරින් අයියාටත් වඩා ඉහලින් විභාගය සමත් වී නොතිබුණි. නමුත් මෙවරද පාසලේ තම පන්තියේ වැඩිම ලකුණු ලබා ගැනීමට ඔහු සමත් වී තිබූ අතරම ප්‍රදේශයේ ජනප්‍රිය ජාතික පාසලට යාමට අවශ්‍ය කඩඉම් ලකුණ ඔහු පසුකර තිබුණි.

    6 ශ්‍රේණිය සඳහා වෙනත් පාසලකට ඇතුලත් වීමට සිදුවුවත් මධුෂාන් එයට එතරම් කමැත්තක් දැක්වූයේ නැත. ඒ තම මිතුරන් සියල්ලම පාහේ අහිමි වන බැවිනි. නමුත් එය සිදුවීම වැළැක්විය නොහැක. මේ වනවිට අයේෂා පිළිබඳව තිබූ කැමත්තද අඩුවී ගොසිනි. ඒ ඇයව බොහෝ කලකින් නොදැක සිටි නිසාවෙනි.

    පාසලට ඇතුලත්වන දිනය උදාවිය. බොහෝ සිසුන් විවිධ පාසල් වල සිට පැමිණි අතර මධුෂාන්ගේ පාසලින්ද තවත් කිහිප දෙනෙකු පැමිණ සිටියෝය. ඔවුන් අතර ඔහු නොසිතූ කෙනෙක්ද විය. එ වෙනත් කිසිවකු නොව අයේෂාය! ඇය දුටුවිට අතිවූ සතුටත් සමඟම ඇයත් සමඟ සිනාසුනු ඔහු ප්‍රාර්ථනා කළේ ඇය තමාගේ පන්තියටම පැමිණෙන ලෙසය. කෙසේ නමුත් ඔහුගේ එම බලාපොරොත්තුව සුනු විසුණු කරමින් ඇය වෙනත් පන්තියකට වෙන්කර තිබුණි. මේ අතර ඔහුටත් අලුත්ම පන්තියක් ලැබී තිබුනි. මොහුත් සමඟ කලින් පාසලේ සිසුන් දෙදෙනෙකුද මෙම පන්තියට අතුලත් විය. ඉන් එක් අයෙක් මිරාන් ය. ඔහු මධුෂාන්ගේ ප්‍රාථමික පාසලේ හොඳම මිතුරෙකි. එබැවින් ඔහුට තනියක් දැණුනේ නැත. අලුත් පන්තියේ ළමුන්ගේ පිළිගැනීමත් අවසන් වීමත් සමඟම ඉගැන්වීම් ආරම්භ විය.


    Go to Part 1

    Part 3 coming soon...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Part 3

    අලුත් ඉස්කෝලේ

    මේ වන විට අයේෂා පිළිබඳව තිබූ ආසාව නැතිවී ගොසිනි. අලුත් මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගෙවී ගියේය. ඔහු සුපුරුදු ලෙස පන්තියේ ප්‍රථම තිදෙනා අතර සිටිද්දී තම පාසලෙන් පැමිණි අනෙත් දෙදෙනා ඔහු පසුපසින් සිටියෝය. මේ අතර එක් වාරයකදී මධුෂාන් පන්තියේ 9 වන ස්ථානයට පත්වී තිබුණි. නමුත් එය විය නොහැකි බව ඔහු දැන සිටියේය. ප්‍රගති වාර්තාව අතට ගත් වහා ඔහු ලකුණු පරීක්ෂා කර බැලුවේය. ඔහු සිතූ පරිදිම වරදක් සිදුවී ඇත. දෙමළ විශයට ඔහු ලබා තිබූ ලකුණු 86 වෙනුවට එහි සඳහන් වී තිබුනේ 26කි.මෙය නිවැරදි කරගැනීමට සිතූ ඔහු පන්ති භාර ගුරුතුමා හමුවී තම දෙමළ ප්‍රශ්න පත්‍රය හා ප්‍රගති වාර්තා පොත පෙන්වූයේය. නමුත් දැන් සියලු ප්‍රතිඵල සකසා අවසන් බැවින් ඔහු ඒ පිළිබඳව ශ්‍රේණි භාර ගුරුතුමිය දැනුවත් කළේය. ඇයව මුණගැසෙන ලෙස උපදෙස් ලැබුනු බැවින් ඔහු ඇය වෙත ගියේය. වඳින්න ගිය දේවාලය ඔලුවට කඩන් වැටුණි. ඇය වෙතට ගිය විගස ඇය කිසිත් නොවිමසා ඔහුගේ පිටට තඩිබෑවේ "ඇයි තමුසෙල අපිට මෙහෙම වද දෙන්නේ" ‍යැයි පවසමිනි. ඔහු කිසිත් කර කියාගත නොහැකිව අසරණ වී සිටියේය. ඇගේ පහරවල් වලට ඔහුගේ දෑසින් එලියට පනින්නට තිබූ කඳුලු ඔහු නවතාගෙන සිටියේ මහත් ආයසයකිනි. ඒ ඔහු ගුරුවරයෙකුගෙන් ගුටිකෑ පළමු අවස්ථාවයි. එයද කිසිඳු වරදක් සිදු නොකරය.නමුත් අවසානයේ ප්‍රගති වාර්ථා සියල්ල යලි සකසා ඔහුට නියමිත ස්ථානය ලබාදීමට පන්ති භාර ගුරුතුමා කටයුතු කළේය.

    මේ අතර වරක් මධුෂාන් දැඩි ලෙස රෝගාතුර විය. ඔහුව රෝහල් ගත කළ පසු දැනගන්නට ලැබුනේ ඔහුගේ පෙනහලු වල අධික ලෙස සෙම පිරී ඇති බවත් නිව්මෝනියා තත්වයට ඉතා ආසන්නයට පැමිණ ඇති බවත්ය. මේ හේතුවෙන් ඔහුව සති 3කට ආසන්න කාලයක් දිනපතා එන්නත් ලබා දෙමින් රෝහලේ රඳවා තාබාගත්තේය. පාසලේදී කොපමණ මිතුරන් පිරිවරාගෙන සිටියත් මධුෂාන් අසනීප වූ අවස්ථාවේ ඔහුගේ සුව දුක් විමසීමට කිසිවෙකුත් පැමිණියේ නැත.

    මේ අතර කාලය ගෙවී ගියේය. මධුෂාන් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයන අතරම මිතුරන් සමඟද විනෝදයෙන් කාලය ගත කළේය. විවේක කාලයේදී කෙල්ලන් සමඟ අල්ලන සෙල්ලම් කිරීම ඒ දිනවල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් විය. කොල්ලෝ දුවද්දී කෙල්ලෝ කොල්ලන්ව අල්ලන්න දුවති. ඒ දිනවල විලාසිතාව වූයේ කලිසම හැකිතාක් පහලට කර ඇඳීමයි. මධුෂාන්ද නිවසෙන් පමිණෙන විට පමණක් සාමන්‍ය ලෙසත් පාසල තුලදී විලාසිතවට ගැලපෙන ලෙසත් ඇඳුම සකස් කරගෙන සිටියේය. දිනක් මෙම ක්‍රීඩාවේ යෙදී සිටියදී ඒ අසලින් ගිය සහකාර විදුහල්පති මධුෂාන්ව නවත්වා ගත්තේය. "ඔන්න ඕයි තමුසෙගෙ කලිසම හැලෙනවා" කියමින් ඔහුගෙ කලිසමේ ඉනෙන් අල්ලා පපුව තෙක් එසවූයේ වටපිටාවේ සිටි සියල්ලෝම ඒ දෙස බලා සිනහ ගන්වමිනි.


    Part 4 Coming soon...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ප්‍රතිචාර නොලැබීම නිසා කථාව ලිවීම තාවකාලිකව නවතා දමන ලදි.:dull::dull::dull: කිසිවකු කියවන්නේ නැත්නම් ලිවීමේද තේරුමක් නැත.:no::no:
     
    • Like
    Reactions: කුඩ්ඩා

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    දිගටම ලියපන්. කියවන්න කට්ටිය ඉන්නවා. තව සෙට් වෙයි. මාත් දැන් තමා මේකට සෙට් උනේ.
     
    • Like
    Reactions: AGSUPUN