Zombi කැ* ෆන්ගයි

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචන්ලා අද මාතෘකාව ටිකක් වෙනස් එකක්.

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    සර්ච් පාරක් දැම්මා මේක කලින් දාලද කියලා බලන්න. හම්බුනේ නම් නෑ. ඒත් රී පොස්ට් නම් සොරි වෙන්න ඔනේ. :oo::oo:

    හරි. මම කියන්න යන්නේ මාරාන්තික බොහොම බිහිසුණු ෆන්ගයි වර්ගයක් :baffled::baffled: ගැන. මේ ෆන්ගයි වල ක්‍රියාකාරීත්වය බොහොම බිහිසුණු වගේම ගොඩක් විශ්මයජනකයි. :oo::oo:

    Ophiocordyceps_unilateralis.jpg


    මේ ෆන්ගයි හඳුන්වන්නේ කෝඩිසෙප්ස් (Ophiocordyceps unilateralis) කියලා. මේ කස්ටිය හමුවෙනේ ඇමසන් සහ දකුණු ඇමරිකාවේ සීමිත වර්ෂා වනාන්තර කීපයක විතරයි.:yes::yes: මේ කෝඩිසෙප්ස් ෆන්ගයි වර්ගය වනාන්තර වල වෙසෙන කූඹි විශේෂ වලට අසාදනය කරනවා. මේ කූඹින්ගේ මොලය තුලට විශේෂ රසායනික ද්‍රවයක් නිකුත් කරලා කූඹින්ව සොම්බීස්ලා බවට පත් කරනවා. :baffled::baffled: මෙහෙම ආසාදනය වුනාට පස්සේ මේ කූඹි සොම්බීස්ලා වගේ එහේ මෙහේ ඇවිදින්න පටන් ගන්නවා. එත්කොට මේ කූඹි රැලේ අනිත් උන් එකතු වෙලා මුන්ව ගස් වල ඉහළට අරගෙන ගිහින් අතාරිනවා. :(:(මේ අසාදනය වෙච්ච කූඹි ඊට පස්සේ පාලනය කරන්නේ ෆන්ගයි එක මගින්. මේ කූඹින්ව ෆන්ගයි එකට වැඩෙන්න අවශ්‍යය තරම් හිරු එළිය , තෙතමනය , තියන බිමකට අරගෙන යන්න විධාන සපයනවා. ඒ වගේ තැනකට මේ කූඹියාව ගෙනාවට පස්සේ මූව මරා දාන්න මේ ෆන්ගයි එක ක්‍රියා කරනවා. :frown::frown::angry: දැන් තමා භයානකම වැඩේ වෙන්නේ. මැරුණ කූඹියාගේ මොලයෙන් මේ ෆන්ගයි එක අංකුරයක් වගේ එලියට වර්ධනය වෙනවා. :baffled::baffled::eek::eek: කූඹියගේ ශරීර කොටස් වර්ධනයට අවශ්‍යය පෝෂක විදියට භාවිතා කරනවා.හොඳට වැඩුනට පස්සේ මේ අවට ඉන්න අනික් කූඹින්ට ආසාදනය කරවලා ඉස්සරවෙලා කියපු විදියටම පැතිරිලා යනවා.

    Ophiocordyceps_unilateralis.jpg


    400px-Howtomakeazombieant.JPG


    භයානකම දේ මේ ෆන්ගයි ආසාදනය වෙන්නේ කූඹින්ට විතරක් නෙවෙයි. වන්දෝ, කැරපොත්තෝ, සලබයෝ වගේ අනික් පොඩි සත්තුන්වත් මීයෝ, වගේ සාමන්‍යය ප්‍රමාණයේ සත්තුන්ටත් ආසාදනය කරන එකිනෙකට වෙනස් විශේෂ ෆන්ගයි ඉන්නවලු. නුදුරු අනාගතයේ මිනිස්සුන්ට ආසදනය කරන්න පුලුවන් ෆන්ගයි විශේෂත් ඇති වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියනවලු.:baffled::baffled::eek::eek:


    Cordyceps-Parasitic-Fungus-tarantula.jpg


    ස්වභාවධර්මයා විසින් එක ජීවී කොට්ඨාශයක අධික වර්ධනය නවත්වන්න නිපදවූ ෆන්ගයි එකක් කියලා තමා මේ කෝඩිසෙප්ස් ෆන්ගයි එක හඳුන්වන්නේ. අපි ඉතින් දන්නවනේ මිනිස්සු ඕනෑවටත් වඩා වැඩියි කියලා. :rolleyes::rolleyes: ස්වභාවධර්මයට හිතුනොත් දැන් මිනිස්සු වැඩියි කියලා අපිට ඉතින් සොරිම තමා.:rolleyes::rolleyes::no::dull:


    Stromata%20on%20scale%20insect.jpg


    ආ තව ටිකෙන් අමතක වෙනවා. මේ වීඩියෝ එක බලන්න වැඩි විස්තර සඳහා..
    විස්තර ගත්තේ අන්තර්ජාලයෙන් තමා. වෙන කොහෙන් ගන්නද ඉතින්. කලින් දැනගෙන හිටියානම් අනික් අයට බලන්න බම්පියක් වත් දාගෙන ගියාට කිසිම අමනාපයක් නෑ... :rofl::rofl::yes::yes: එහෙනම් අපි ගියා.



    https://www.youtube.com/watch?v=XuKjBIBBAL8
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටහිකෙයි.. මං දැක්කා නෙට් එකේ ඔය වගේ මිනිහෙකුත් ඉන්නවා බං.. කකුල් දෙකේ අත්වල ගස් වගේ වැවිලා තියෙනවා..:dull:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ටහිකෙයි.. මං දැක්කා නෙට් එකේ ඔය වගේ මිනිහෙකුත් ඉන්නවා බං.. කකුල් දෙකේ අත්වල ගස් වගේ වැවිලා තියෙනවා..:dull:

    :shocked::shocked::shocked:සිරාවට??