මේ කියන්න යන්නේ අපිට ඕනේ සර්කිට් එකක PCB එකක් ගෙදරදිම වැඩි මහන්සියක් නැතුව හදාගන්න හැටි ගැනයි..

ඒ කිව්වේ මෙන්න මේ වගේ ඒවා...
මේ ත්‍රෙඩ් එකේ වෙච්ච පොරොන්දුවක් විදියට තමා මේක දාන්නේ..
ඒකත් බලන්න... ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආස කෙනෙක්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්..
~Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread~
මේ කරන්න යන්නේ ටෝනර් ට්‍රාන්ස්ෆර් කියන මෙතඩ් එක. අපිට බෝඩ් ටිකක් ලේසියෙන්ම හදාගන්න හොඳම ක්‍රමේ තමා මේක.
හැබැයි ඉතින් තනි ලේයර් එකක් විතරයි.
මේ හදන්න යන්නේ පොඩි සයිස් ලෙඩ් ඇසිඩ් බැට්‍රි චාජරයක්.
මුලින්ම අපිට ඕනෙ වෙනවා PCB ඩිසයින් එකක්.
ගොඩක් ඉලෙක්ට්‍රොනික් සයිට් වල දැකල ඇති සර්කිට් ඩයග්‍රැම් එකත් එක්ක PCB ඩිසයින් එකත් දෙනවා. මේක කියෙව්වට පස්සෙ එහෙම PCB ඩිසයින් එකක් අරගෙන ලස්සනට PCB එකක් හදාගන්න පුලුවන්වෙයි.
PCB ඩිසයින් එකක් හදාගන්න හැටිනම් මේකෙදි කියල දෙන්න වෙන්නෙ නෑ වැඩේ ටිකක් විතර දිග නිසා.
මේකෙනම් මං කලේ සර්කිට් ඩයග්‍රැම් එකකින් PCB ඩිසයින් එක හදාගත්ත එක.
මංනම් වැඩේට පාවිච්චි කරන්නේ Egle PCB. PCB ඩිසයින් කරන්න ලේසිම වගේම ගොඩක් සංකීර්ණ PCB පවා කරදරයක් නැතුව හදාගන්න පුලුවන් ඒකෙන්. කැමති අය ඉන්නව නම් මෙතනට ගිහිල්ල බාගන්න පුලුවන්.
http://www.cadsoftusa.com/download-eagle/
ටියුටෝරියල් තියනවා යූටියුබ් එකේ ඕන තරම්.
දැන් බහිමු වැඩේට.
මෙන්න මේක තමා PCB ඩිසයින් එක හදාගත්ත සර්කිට් එක..
ඒකෙන් මෙන්න මේ වගේ PCB ඩිසයින් එකක් හදාගත්තා..
(මේක හදාගැනිල්ල ගැන කලබල වෙන්න එපා. ඒ ගැන වෙනම කතාකරමු. මේ වගේ PCB ඩිසයින් එක්කම සර්කිට් එක දෙනවා ගොඩක් සයිට් වල. ඒ නිසා මේක හදාගැනිල්ල ගැන වදවෙන්න ඕනෙ නෑ..
)
ගොඩක් තැන්වල මේ ඩිසයින් එක PDF එකක් විදියට දෙනවා. එතකොට කරදර අඩුයි ප්‍රින්ට් කරන්න ගියාම.
ඉමේජ් එකක් විදියට දෙනවනම් බයවෙන්න එපා වර්ඩ් වලට වගේ දාගෙන රිසයිස් නොකර PDF එකක් විදියට සේව් කරගන්න.
මෙහෙම ගොඩක් එකට දාගත්තේ කොලේ අපතෙ යන නිසා. එතකොට එක කොලේකින් ගොඩක් හදාගන්න පුලුවන්.
PCB එක ප්‍රින්ට් කරන්න ගන්න පුලුවන් කොල ජාති ගොඩක් තියනවා. හොයාගන්න ලේසිම දේ තමා ඉන්ක්ජෙට් ෆොටෝ පේපර්. ග්ලොස් එක ගන්න. (තව ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර් එහෙම තියනවා අකටම හදපු. ඒක ඕනෙ වෙන්නෙ නෑ අපිට මේක ඇති හොඳටම
)
මං මේකට ගත්තෙ මේක.
ගොඩක් බුක්ෂොප් වල තියනවා. අඩුවට කොටුවෙන් ගන්නත් පුලුවන්. සරසවි බුක්ෂොප් වල ගොඩක් වෙලාවට තියනවා. හොයාගන්න අමාරුනම් අනිත් තැන්වල සරසවි එකක බලන්න.
දැන් අපිට ඕනෙ වෙනවා ලේසර් ප්‍රින්ටර් එකක්. ගෙදර එකක් නැත්නම් කමියුනිකේෂන් එකකට කොලෙත් අරන් ගිහිල්ල ප්‍රින්ට් කරගන්න පුලුවන්.
ප්‍රින්ට් කරද්දි අනිවාර්යෙන් බලන්න ඕනි දෙයක් තම පේජ් ස්කේලින් එක ඇක්චුවල් සයිස් (එක්කො none) දාලද තියෙන්නෙ කියල ප්‍රින්ට් වින්ඩොව් එකේ.
මංනම් ප්‍රින්ට් කරන්නෙ මේකෙන්.. අපේ බඩ තඩි යුරාජ් මාමිගෙන් ගත්තේ..

හැම ප්‍රින්ටරේමත් හරියන්නේ නෑ.. සමහර ඒවගේ ප්‍රින්ට් වෙන එක ගැලවිලා එනවා ප්‍රින්ටරෙන් කොලේ එලියට එද්දිම. හොඳට කඩෙන්නෙ නැතුව වැදිල තියනවනම් තමා වැඩේ හරියට වෙන්නේ..
මේ තියෙන්නේ ඒ වගේ ප්‍රින්ට් කරපු තව සර්කිට් ටිකක්.
ඊලඟට අපිට ඕනෙවෙනවා PCB එක හදාගන්න කොපර් ක්ලැඩ් බෝර්ඩ් එකක්. මේකත් අඩුවට ගන්න පුලුවන් කොටුවෙ පලවෙනි හරස් වීදියෙ කඩවලින්..

ඊලඟට කපාගන්න තියෙන්නේ ඕනෙකරන ප්‍රමාණෙට..
මංනම් මේකකින් කපන්නේ. පේපර් කටර් එකක අනිත්පැත්තෙන්(මුවහත් පැත්ත නෙමේ අනිත් පැත්ත) කරන්නත් පුලුවන් අවුලක් නැතුව.
අඩි රූලක් තියලා හීරිලා යන්න ඇදල පරිස්සමින් නමල කඩාගන්න පුලුවන්.
දැන් කෝපර් බෝඩ් කෑල්ල වැලි කඩදාසියක් අරගෙන මැදගන්න. 600 වගේ කොලයක් වඩා හොඳයි.
බෝඩ් එකේ කොපර් කුඩු පිහදාල දාන්න. ඊලඟට ප්‍රින්ට් කරපු ඩිසයින් එක ඕනෙ ගානට කපලා අරන් බෝඩ් එක උඩින් තියල කොන් ටික නමල කොන් වල ගම් ටිකක් ගාල අවලගන්න මේ වගේ..
දැන් තියෙන්නේ ගෙදර අයන් එක උස්සන්න..
කරකවන්න උෂ්ණත්වෙ උපරිමේටම..
හොඳටම රත්වුනාම වැඩ පටන් ගන්න.
මුලින්ම රත්වුන අයන් එක බෝඩ් එක උඩ තියන් තඩ කරන් ඉන්න. ඊට පස්සේ ගානට තඩ කරගෙන කොහෙවත් මහ අරින්නෙ නැතුව හැම තැනක්ම අයන් කරගන්න. කොලේ පාට වෙනස් වෙයි අයන් කරගෙන යනකොට. මුලු දාර හොඳට අයන් කරගන්න. එකක් දෙකක් හැදුවම වැඩේ ගානට තේරෙයි..
දැන් උස්සන් යන්න බෝඩ් එක සින්ක් එකට.. ගිහින් දාලා අරින්න වතුර පාරක්...
තරමක් පෙඟෙන්න දීලා පරිස්සමින් ගලවගන්න කොලේ.. වගේ හරියට වෙලානම් ගානට ඩිසයින් එක තියෙයි කොපර් බෝඩ් එකේ..

නැත්නම් මේ වගේ කැඩිල තිබ්බොත් වැඩේ අවුල්..
ආපහු දෙන්න ට්‍රයි එකක් ඔය ටික බෝඩ් එකෙන් හූරල දාල. පෙට්‍රල් වලට ටක් ගාල යනවා..
හම්මෝ දැන් හති අරිමූ..

දැන් බලන්න ඔය වදිච්ච ටෝනර් තට්ටුවේ පලුදු එහෙම තියනවද පාත් එකට සෙට් වෙලා එහෙම තියනවද කියලා.. එහෙම තියනවනම් පර්මනන්ට් මාකර් එකක් අරගෙන ඒවා හදන්න. රෙඩ් ලීෆ් එක පට්ටයි..
ඕන තැන තුන් හතර පාරන් අඳින එක හොඳයි.
මතක ඇතුව බෝඩ් එක හොඳට සුද්ද කරල ගන්න කොල කෑලින් ඉතුරුවෙන්න දෙන්න එපා පාත් අතර.
ඊලඟට ඕනෙ වෙන්නේ ෆෙරික් ක්ලෝරයිඩ්.
පලවෙනි හරස් වීදියෙ කඩවලත් තියනවා. හඩුවට ගන්න ලේසිම තැන කොටුවෙ බන්ගසාල වීදියෙන්.(bankshall street) (කැට ගන්නවනම් ලාබයි. හැබැයි හුලං නොවදින්න හොඳට සීල් වෙන එකක දාල තියන්න
)
ප්ලාස්ටික් භාජනේකට හදාගත්ත බෝඩ් එක දාලා ෆෙරික් කොලරයිඩ් කැටයක් දාලා වක්කරන්න නටන උණුවතුර.
(වැඩේ මාර ඉක්මන් එතකොට
)
කලත කලත ඉන්න. බෝඩ් එක එහාමෙහා කරන්න හූරන්නෙ නැතුව. විනාඩි 5ක් 10ක් යනකොට කොපර් ටික දියවෙනවා කිව්ව විදියට දැම්මොත්.
ෆෙරික් ක්ලෝරයිඩ් ටික විසි කරන්න එපා තව කීප සැරයක් මේක පාවිච්චි කරන්න පුලුවන්..
ෆෙරික් ක්ලෝරයිඩ් කොහෙවත් ගාගන්න එපා ඇඳුම් වල ගෑවුනොත් ආයි යවන්න වෙන්නෙ නෑ..
යකඩ වල එහෙම ගාගත්තොත් මලකඩ කනවම තමා..
කොපර් ටික දිය වුනාම ගන්න එලියට සෝදලා... එතකොට මේ වගේ තියෙයි..
දැන් අවසානෙට ලඟයි...
ඊට පස්සෙ තියෙන්නෙ හිල් විදගන්න.. විදින්න කලින් පොඩි උලකින් තට්ටුවක් දාන එක හොඳයි නැත්නම් වැඩේ වල් වෙනව විදින්න ගියාම.
හිල් විදින්න මංනම් පවිච්චි කරන්නෙ මේකක්. ඊබේ තියනවා කටු සෙට් එකත් එක්ක ගොඩක් අඩුවට..
එක එක සයිස් එකට එක එක ඒවා තියාගන්න එක ලේසියි.
හිල් විදගත්තට පස්සෙ තියෙන්නේ ටෝනර් එක යවන්න.
ලේසිම දේ පෙට්‍රල්. ලඟපාත බයික් එකකින් හරි ටිකක් උස්සල පුලුන් කෑල්ලකට හොඳට පොඟවල අරගෙන හොඳට පිහදාන්න.
හරේ...!!!
දැන් ඉතින් වැඩේ ඉවරයි...!!!

පාස්සන්න කලින් ආපහු වැලි කඩදාසියෙන් මැදල ගන්න..
මෙන්න මෙහෙම තමා අන්තිමට පෙනුනේ..

හම්මෝ.. PCB එක හැදුවට වඩා අමාරුවුනා ත්‍රෙඩ් එක ටයිප් කරලා...

ට්‍රයි එකක් දීලම බලන්න ආසාව තියනවනම්. වැඩේ ඔයිට වඩා ඉක්මණට කරන්න පුලුවන් ලැමිනේටින් මැෂින් එකක් තියනවනම්. අයන් කරන්න ඕනෙ නෑ එතකොට.
දෙක තුනක් හදනකොට වැඩේ නිකම්ම තේරෙයි.
ඩ්‍රිල් කටු සයි නිතරම ඕනෙ වෙන්නේ 0.9mm, 1.3mm වගේ.
ඔය බඩු ටික ගන්න පොඩි වියදමක් විතරයි යන්නෙ. ලස්ස්නට වැඩේ කරන්න පුලුවන්.
එහෙනම් ඉතින් දාල බලන්න ට්‍රයි එකක්.. තව විස්තර ඕනෙ නම් අහන්න..

ඒ කිව්වේ මෙන්න මේ වගේ ඒවා...

මේ ත්‍රෙඩ් එකේ වෙච්ච පොරොන්දුවක් විදියට තමා මේක දාන්නේ..
ඒකත් බලන්න... ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආස කෙනෙක්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්..
~Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread~
මේ කරන්න යන්නේ ටෝනර් ට්‍රාන්ස්ෆර් කියන මෙතඩ් එක. අපිට බෝඩ් ටිකක් ලේසියෙන්ම හදාගන්න හොඳම ක්‍රමේ තමා මේක.
හැබැයි ඉතින් තනි ලේයර් එකක් විතරයි.
මේ හදන්න යන්නේ පොඩි සයිස් ලෙඩ් ඇසිඩ් බැට්‍රි චාජරයක්.

මුලින්ම අපිට ඕනෙ වෙනවා PCB ඩිසයින් එකක්.

ගොඩක් ඉලෙක්ට්‍රොනික් සයිට් වල දැකල ඇති සර්කිට් ඩයග්‍රැම් එකත් එක්ක PCB ඩිසයින් එකත් දෙනවා. මේක කියෙව්වට පස්සෙ එහෙම PCB ඩිසයින් එකක් අරගෙන ලස්සනට PCB එකක් හදාගන්න පුලුවන්වෙයි.

PCB ඩිසයින් එකක් හදාගන්න හැටිනම් මේකෙදි කියල දෙන්න වෙන්නෙ නෑ වැඩේ ටිකක් විතර දිග නිසා.

මේකෙනම් මං කලේ සර්කිට් ඩයග්‍රැම් එකකින් PCB ඩිසයින් එක හදාගත්ත එක.
මංනම් වැඩේට පාවිච්චි කරන්නේ Egle PCB. PCB ඩිසයින් කරන්න ලේසිම වගේම ගොඩක් සංකීර්ණ PCB පවා කරදරයක් නැතුව හදාගන්න පුලුවන් ඒකෙන්. කැමති අය ඉන්නව නම් මෙතනට ගිහිල්ල බාගන්න පුලුවන්.

http://www.cadsoftusa.com/download-eagle/
ටියුටෝරියල් තියනවා යූටියුබ් එකේ ඕන තරම්.

දැන් බහිමු වැඩේට.

මෙන්න මේක තමා PCB ඩිසයින් එක හදාගත්ත සර්කිට් එක..

ඒකෙන් මෙන්න මේ වගේ PCB ඩිසයින් එකක් හදාගත්තා..
(මේක හදාගැනිල්ල ගැන කලබල වෙන්න එපා. ඒ ගැන වෙනම කතාකරමු. මේ වගේ PCB ඩිසයින් එක්කම සර්කිට් එක දෙනවා ගොඩක් සයිට් වල. ඒ නිසා මේක හදාගැනිල්ල ගැන වදවෙන්න ඕනෙ නෑ..
)ගොඩක් තැන්වල මේ ඩිසයින් එක PDF එකක් විදියට දෙනවා. එතකොට කරදර අඩුයි ප්‍රින්ට් කරන්න ගියාම.

ඉමේජ් එකක් විදියට දෙනවනම් බයවෙන්න එපා වර්ඩ් වලට වගේ දාගෙන රිසයිස් නොකර PDF එකක් විදියට සේව් කරගන්න.

මෙහෙම ගොඩක් එකට දාගත්තේ කොලේ අපතෙ යන නිසා. එතකොට එක කොලේකින් ගොඩක් හදාගන්න පුලුවන්.

PCB එක ප්‍රින්ට් කරන්න ගන්න පුලුවන් කොල ජාති ගොඩක් තියනවා. හොයාගන්න ලේසිම දේ තමා ඉන්ක්ජෙට් ෆොටෝ පේපර්. ග්ලොස් එක ගන්න. (තව ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර් එහෙම තියනවා අකටම හදපු. ඒක ඕනෙ වෙන්නෙ නෑ අපිට මේක ඇති හොඳටම
)මං මේකට ගත්තෙ මේක.
ගොඩක් බුක්ෂොප් වල තියනවා. අඩුවට කොටුවෙන් ගන්නත් පුලුවන්. සරසවි බුක්ෂොප් වල ගොඩක් වෙලාවට තියනවා. හොයාගන්න අමාරුනම් අනිත් තැන්වල සරසවි එකක බලන්න.

දැන් අපිට ඕනෙ වෙනවා ලේසර් ප්‍රින්ටර් එකක්. ගෙදර එකක් නැත්නම් කමියුනිකේෂන් එකකට කොලෙත් අරන් ගිහිල්ල ප්‍රින්ට් කරගන්න පුලුවන්.
ප්‍රින්ට් කරද්දි අනිවාර්යෙන් බලන්න ඕනි දෙයක් තම පේජ් ස්කේලින් එක ඇක්චුවල් සයිස් (එක්කො none) දාලද තියෙන්නෙ කියල ප්‍රින්ට් වින්ඩොව් එකේ.

මංනම් ප්‍රින්ට් කරන්නෙ මේකෙන්.. අපේ බඩ තඩි යුරාජ් මාමිගෙන් ගත්තේ..

හැම ප්‍රින්ටරේමත් හරියන්නේ නෑ.. සමහර ඒවගේ ප්‍රින්ට් වෙන එක ගැලවිලා එනවා ප්‍රින්ටරෙන් කොලේ එලියට එද්දිම. හොඳට කඩෙන්නෙ නැතුව වැදිල තියනවනම් තමා වැඩේ හරියට වෙන්නේ..

මේ තියෙන්නේ ඒ වගේ ප්‍රින්ට් කරපු තව සර්කිට් ටිකක්.

ඊලඟට අපිට ඕනෙවෙනවා PCB එක හදාගන්න කොපර් ක්ලැඩ් බෝර්ඩ් එකක්. මේකත් අඩුවට ගන්න පුලුවන් කොටුවෙ පලවෙනි හරස් වීදියෙ කඩවලින්..

ඊලඟට කපාගන්න තියෙන්නේ ඕනෙකරන ප්‍රමාණෙට..

මංනම් මේකකින් කපන්නේ. පේපර් කටර් එකක අනිත්පැත්තෙන්(මුවහත් පැත්ත නෙමේ අනිත් පැත්ත) කරන්නත් පුලුවන් අවුලක් නැතුව.

අඩි රූලක් තියලා හීරිලා යන්න ඇදල පරිස්සමින් නමල කඩාගන්න පුලුවන්.

දැන් කෝපර් බෝඩ් කෑල්ල වැලි කඩදාසියක් අරගෙන මැදගන්න. 600 වගේ කොලයක් වඩා හොඳයි.

බෝඩ් එකේ කොපර් කුඩු පිහදාල දාන්න. ඊලඟට ප්‍රින්ට් කරපු ඩිසයින් එක ඕනෙ ගානට කපලා අරන් බෝඩ් එක උඩින් තියල කොන් ටික නමල කොන් වල ගම් ටිකක් ගාල අවලගන්න මේ වගේ..

දැන් තියෙන්නේ ගෙදර අයන් එක උස්සන්න..

කරකවන්න උෂ්ණත්වෙ උපරිමේටම..
හොඳටම රත්වුනාම වැඩ පටන් ගන්න.
මුලින්ම රත්වුන අයන් එක බෝඩ් එක උඩ තියන් තඩ කරන් ඉන්න. ඊට පස්සේ ගානට තඩ කරගෙන කොහෙවත් මහ අරින්නෙ නැතුව හැම තැනක්ම අයන් කරගන්න. කොලේ පාට වෙනස් වෙයි අයන් කරගෙන යනකොට. මුලු දාර හොඳට අයන් කරගන්න. එකක් දෙකක් හැදුවම වැඩේ ගානට තේරෙයි..

දැන් උස්සන් යන්න බෝඩ් එක සින්ක් එකට.. ගිහින් දාලා අරින්න වතුර පාරක්...

තරමක් පෙඟෙන්න දීලා පරිස්සමින් ගලවගන්න කොලේ.. වගේ හරියට වෙලානම් ගානට ඩිසයින් එක තියෙයි කොපර් බෝඩ් එකේ..

නැත්නම් මේ වගේ කැඩිල තිබ්බොත් වැඩේ අවුල්..

ආපහු දෙන්න ට්‍රයි එකක් ඔය ටික බෝඩ් එකෙන් හූරල දාල. පෙට්‍රල් වලට ටක් ගාල යනවා..

හම්මෝ දැන් හති අරිමූ..

දැන් බලන්න ඔය වදිච්ච ටෝනර් තට්ටුවේ පලුදු එහෙම තියනවද පාත් එකට සෙට් වෙලා එහෙම තියනවද කියලා.. එහෙම තියනවනම් පර්මනන්ට් මාකර් එකක් අරගෙන ඒවා හදන්න. රෙඩ් ලීෆ් එක පට්ටයි..

ඕන තැන තුන් හතර පාරන් අඳින එක හොඳයි.

මතක ඇතුව බෝඩ් එක හොඳට සුද්ද කරල ගන්න කොල කෑලින් ඉතුරුවෙන්න දෙන්න එපා පාත් අතර.

ඊලඟට ඕනෙ වෙන්නේ ෆෙරික් ක්ලෝරයිඩ්.
පලවෙනි හරස් වීදියෙ කඩවලත් තියනවා. හඩුවට ගන්න ලේසිම තැන කොටුවෙ බන්ගසාල වීදියෙන්.(bankshall street) (කැට ගන්නවනම් ලාබයි. හැබැයි හුලං නොවදින්න හොඳට සීල් වෙන එකක දාල තියන්න
)ප්ලාස්ටික් භාජනේකට හදාගත්ත බෝඩ් එක දාලා ෆෙරික් කොලරයිඩ් කැටයක් දාලා වක්කරන්න නටන උණුවතුර.
(වැඩේ මාර ඉක්මන් එතකොට
)
කලත කලත ඉන්න. බෝඩ් එක එහාමෙහා කරන්න හූරන්නෙ නැතුව. විනාඩි 5ක් 10ක් යනකොට කොපර් ටික දියවෙනවා කිව්ව විදියට දැම්මොත්.

ෆෙරික් ක්ලෝරයිඩ් ටික විසි කරන්න එපා තව කීප සැරයක් මේක පාවිච්චි කරන්න පුලුවන්..
ෆෙරික් ක්ලෝරයිඩ් කොහෙවත් ගාගන්න එපා ඇඳුම් වල ගෑවුනොත් ආයි යවන්න වෙන්නෙ නෑ..
යකඩ වල එහෙම ගාගත්තොත් මලකඩ කනවම තමා..
කොපර් ටික දිය වුනාම ගන්න එලියට සෝදලා... එතකොට මේ වගේ තියෙයි..

දැන් අවසානෙට ලඟයි...

ඊට පස්සෙ තියෙන්නෙ හිල් විදගන්න.. විදින්න කලින් පොඩි උලකින් තට්ටුවක් දාන එක හොඳයි නැත්නම් වැඩේ වල් වෙනව විදින්න ගියාම.

හිල් විදින්න මංනම් පවිච්චි කරන්නෙ මේකක්. ඊබේ තියනවා කටු සෙට් එකත් එක්ක ගොඩක් අඩුවට..

එක එක සයිස් එකට එක එක ඒවා තියාගන්න එක ලේසියි.

හිල් විදගත්තට පස්සෙ තියෙන්නේ ටෝනර් එක යවන්න.
ලේසිම දේ පෙට්‍රල්. ලඟපාත බයික් එකකින් හරි ටිකක් උස්සල පුලුන් කෑල්ලකට හොඳට පොඟවල අරගෙන හොඳට පිහදාන්න.

හරේ...!!!
දැන් ඉතින් වැඩේ ඉවරයි...!!!

පාස්සන්න කලින් ආපහු වැලි කඩදාසියෙන් මැදල ගන්න..

මෙන්න මෙහෙම තමා අන්තිමට පෙනුනේ..

හම්මෝ.. PCB එක හැදුවට වඩා අමාරුවුනා ත්‍රෙඩ් එක ටයිප් කරලා...

ට්‍රයි එකක් දීලම බලන්න ආසාව තියනවනම්. වැඩේ ඔයිට වඩා ඉක්මණට කරන්න පුලුවන් ලැමිනේටින් මැෂින් එකක් තියනවනම්. අයන් කරන්න ඕනෙ නෑ එතකොට.
දෙක තුනක් හදනකොට වැඩේ නිකම්ම තේරෙයි.
ඩ්‍රිල් කටු සයි නිතරම ඕනෙ වෙන්නේ 0.9mm, 1.3mm වගේ.
ඔය බඩු ටික ගන්න පොඩි වියදමක් විතරයි යන්නෙ. ලස්ස්නට වැඩේ කරන්න පුලුවන්.
එහෙනම් ඉතින් දාල බලන්න ට්‍රයි එකක්.. තව විස්තර ඕනෙ නම් අහන්න..

ඕව මචන් ඩිසයින් කරල ඕන ෆයිල් ටික යැව්වම උන් හදලා ෂිප් කරනව. ඕකත් මං බලන්න ජොලියට වගේ හදපු එකක්..