හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 3

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 3

    free-vector-helicopters.jpg



    තුන් වෙනි කොටස ලියන්න ගොඩක් පරක්කු උනා වෙලාවක් හම්බුනේ නැති හින්දා. aviation ගැන එළකිරියේ කට්ටියට වැඩි උනන්දුවකුත් නෑ කියලා මට හිතෙනවා කලින් thread 2 බලපු පිරිස ගොඩක් අඩු හින්දා. ඒත් බලන්න ආස සුළු පිරිස වෙනුවෙන් තමා තව කොටසක් ලියන්න හිතුනේ. :dull:

    කලින් thread 2 බලපු නැති කට්ටිය මුලින්ම ඒක බලලා ඉන්න.


    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක1
    http://www.elakiri.com/forum/showthread.php?t=1669469

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක2
    http://www.elakiri.com/forum/showthread.php?t=1669653

    අලුත් විස්තර ටිකක් කතා කරන්න කලින් අපි බලලා ඉමු එක සමාන කාර්යභාරයක් තියෙන ඇමෙරිකන් සහ රෂියන් හෙලිකොප්ටර් ටිකක්


    UH-60 VS Mi-17

    UH-60-Black-Hawk-helicopter-217.preview.jpg

    UH-60 Black-Hawk

    mi17_01.jpg

    Mi-17 Hip


    Bell AH-1 VS Mi-24

    ah1-cobra.jpg

    Bell AH-1 Cobra

    MI-35-03.JPG

    Mi-24 Hind


    Boeing AH-64 VS Mi-28

    The-Apache-helciopters-ta-007.jpg

    Boeing AH-64 Apache

    russia-mil-mi-28-havoc_pics188-18883.jpg

    Mi-28 Havoc


    Sikorsky CH-53K VS Mi-26

    news_1104051114.jpg

    Sikorsky CH-53K King Stallion

    hmi26_p_02_l.jpg

    Mi-26 Halo
    ඇත්තම කිව්වොත් මේකට අහලකින්වත් තියන්න පුළුවන් ඇමෙරිකන් හෙලිකොප්ටරයක් නෑ. මේක තමා ලෝකේ ලොකුම හෙලිකොප්ටරේ :yes:


    දැන් එහෙනං අලුත් පාඩමට බහිමු. අද මන් මුලින්ම කියන්න යන්නේ හෙලිකොප්ටරේක තියෙන එන්ජින් එක ගැන.

    සාමාන්යෙන් හෙලිකොප්ටර් වල පාවිච්චි වෙන්නේ Turbo-shaft එන්ජින්. මේ තියෙන්නේ Mi-17 හෙලිකොප්ටරේ එන්ජින් එක

    tv3-117_01.jpg


    මෙන්න Turbo-shaft එන්ජින් එකක ඇතුලේ සාමාන්‍ය සැකැස්ම.

    6-26.jpg


    turboprop2.jpg


    කොහොමද Turbo-shaft engine එකක් වැඩ කරන්නේ?

    compressor එකෙන් වාතය සම්පීඩනය කරලා ඇතුලට අරගෙන combusion chamber එක ඇතුලේ ඉන්ධන සමග මිශ්‍ර කර දහනය කරනවා. ඊට පස්සේ වාතයේ චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා.මේ මගින් compressor turbine එක කරකවනවා. compressor එක සහ compressor turbine එක එකම shaft එකකින් සම්බන්ද වෙලා තියෙන්නේ කියලා බැලුවම පේනවනේ. ඉතින් compressor එක compressor turbine එක කරකවනවා, compressor turbine එක compressor එක කරකවනවා. Free turbine එක compressor turbine එකට සම්බද වෙලා නැහැ.ඒක air coupled, ඒ කියන්නේ compressor turbine එක පහු කරගෙන එන වාතය මගින් තමා මේක කරකවෙන්නේ. compressor turbine එකට වඩා Free turbine එකේ rpm එක අඩුඉ මේ නිසා. main gear box එක දක්වා යන shaft එක (උඩ පින්තූර 2 propeller shaft /power shaft කියලා නම් කරලා තියෙන්නේ මේක තමා ) සම්බන්ද වෙන්නේ Free turbine එකට.Free turbine එකට power turbine එක කියලත් කියනවා.

    කියපු කතාව තේරුණා කියල මම හිතනවා.;)

    දැන් බලමු හෙලිකොප්ටරේ Transmission system එක ගැන

    දැන් අපි බලමු මේ එන්ජින් එක gear box එකට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා. දැන් කට්ටියට ප්‍රස්නයක් ඇතිවෙන්න ඕනේ ඇඉ එන්ජින් එක gear box එකකට සම්බන්ද කරන්නේ කියලා. වාහන වල වගේ හෙලිකොප්ටර් වල gear මාරු කරන්නේ නැනේ.:P

    ඒකට හේතුව තම එන්ජින් එක කැරකෙන වේගෙන් main rotor blade කැරකුනොත් එහෙම ඒවා කැඩිලා විසිවෙනවා.අනික අපිට ඕනේ කරන rpm එකක් දක්වා rpm එක අඩු කරගන්නත් පුළුවන්. main rotor එකෙඉ tail rotor එකෙඉ rpm එක වෙනස් මේ වෙනස කරන්නේ main gear box එකෙන්.

    24077-004-1451C94F.jpg


    transmission.jpg


    1.gif


    හොඳට බැලුවොත් පෙනෙඉ Turbo-shaft engine ජාති 2ක් තියෙනවා.

    1) power turbine එකෙන් පස්සේ power shaft එක compressor shaft එක ඇතුලෙන් ගිහිල්ලා air intake එකෙන් එලියට ඇවිල්ලා main gear box එකට සම්බන්ද වෙන ජාතිය.:yes:

    2) power turbine එකට පස්සේ power shaft එක එන්ජින් එකේ පිටිපස්සට ගිහිල්ලා main gear box එකට සම්බන්ද වෙන ජාතිය.



    main gear box එකෙන් එන out put එක propeller shaft /power shaft/tail drive shaft එකෙන් tail gear box එක දක්වා ගෙනියනවා. tail gear box එක tail rotor blade පාවිච්චි කරලා pitch angle එක වෙනස් කරලා yaw movement එක පාලන කරනවා.

    මේ තියෙන්නේ transmission system එක සරලව.


    S76-14%20-%20Copy.jpg


    අදට එහෙනං ඇති. ඊළඟ දවසේ Helicopter controls ගැන කියල දෙන්නන්. උඹලා මේක බලලා අඩුම ගානේ හොඳද නරකද කියලවත් කියලා පලයල්ලා. උඹලට ආසාවක් නැත්තන් aviation වලට ආස එකෙක්ට බලන්න හරි BUMP එකක් දාගෙන යමු.හොන්දෛ නං rep දීපල්ලා. තව දන්න විස්තරත් දාපල්ලා.අයෙත් ඉල්ලීමක් කරනවා මේවා වෙන වෙන බ්ලොග් වල දාන්න එපා. :cool:

    සිංහල ජාතියට ජය වේවා !!!
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කලින් ලිපි වගේම මේකත් හොද ලිපියක් උබට පුලුවන්ද comparison එකක් දාන්න ලෝකේ තියෙන යානා හා හෙලිකොප්ටර් ගැන
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    කලින් ලිපි වගේම මේකත් හොද ලිපියක් උබට පුලුවන්ද comparison එකක් දාන්න ලෝකේ තියෙන යානා හා හෙලිකොප්ටර් ගැන

    thanks machan. e kiyanne meke russian vs usa helicopter compare karala tiyena widiye ekakda? :confused:
     
    • Like
    Reactions: harithamanohara

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    thanks machan. Westland neththan Sikorsky Sea King wage ewa ganath wistharayak dapan. godakma use wenne North Sea oil platform wala twin engine da koheda.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    thanks machan. Westland neththan Sikorsky Sea King wage ewa ganath wistharayak dapan. godakma use wenne North Sea oil platform wala twin engine da koheda.

    mata machan thani thani helicopter gana wistara danna adahasak nam na. mata one general idea ekak denna. ethakota one helicopter ekak gana therum ganna lesi. :yes:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නියම ත්‍රෙඩ් එක. පුලුවන් විදියට රෙප් ++:D