විද්‍යාඥයන් ලොව දැනට ඇති ශක්තිමත්ම ස්වභා
කාවාටියා යනු මොලුස්කාවන්ට අයත් සත්වයෙකි. ගොලුබෙලි විශේෂ අයත් වන කණ්ඩායමට අයත් වේ. මොවුන් බොහෝ විට නොගැඹුරු ජලයේ ඇති ගල්වල මතුපිට සිටින අතර බොහෝවිට බෙල්ලන් යැයි වරදවා හඳුනා ගැනේ. මුහුදු රැලි නැගෙන විට ගල මතුපිට බැඳෙන ඇල්ගේ සුරා කෑමට ඔවුන්ගේ දිවක් වැනි විශේෂ උපාංගය හඳුන්වන්නේ Radula (රැඩියුලා) යන නමිනි. මෙහි යට පැත්තේ ඇති කුඩා දත් පෙළ මෙම සත්වයා රළු පෘෂ්ට සුරාකමින් ගමන් ගන්නා විට ඉතා විශාල පීඩන බලයකට ලක්වෙයි.
Portsmouth විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කාවාටියන් සාම්පලයක් ගෙන සිදු කල පර්යේෂණයකින් හෙළි වුයේ මෙම දත් ඉතා දැඩි, යකඩ මිශ්‍ර ලවනයක් වන goethite වලින් නිර්මාණය වී ඇති බවයි. මේවා ප්‍රෝටීන වලින් ආවරණය වී ඇති බවද සොයා ගැනිණ.
මෙහි ශක්තිය නිර්ණය කිරීමට විද්‍යාඥයන් කණ්ඩායම අනුක පීඩන අන්වීක්ෂණය වෙත යොමුවිය. මෙහිදී මුලද්‍රව්‍ය පරමාණු මට්ටමෙන් දුරස්වන තරම් දැඩි පීඩනයකට ලක් කෙරේ. ඔවුන් අවසානයේ සොයාගත්තේ මෙම දත් දැනට වාර්තාවන ඉහලම ශක්තියෙන් යුක්ත බවයි. එම දත් ගිගා පැස්කල් 3 සිට 6.5 දක්වා වූ පීඩන පරාසයකට ඔරොත්තු දෙන ලදී.
පර්යේෂණය මෙහෙයවූ Asa Barber (අසා බාර්බර්) මහතා පවසා සිටියේ විශාල ව්‍යුහ හා සසඳන විට කුඩා ව්‍යුහ වල ඇති දුර්වලතා අඩු වන අතර ශක්තිය වැඩි වන බවයි. නමුත් මොවුන්ගේ දත් කුමන ප්‍රමාණයේ වුවත් ව්‍යුහයේ ඇති දුර්වලතා අවමයි. එහෙයින් ශක්තිමත් යනුවෙන් ඔහු තව දුරටත් පැවසිය.
එම දතක් සැලකු විට මුළු දතම යම් මට්ටමක නැවිමක් පෙන්නුම් කරන අතර දත්වල ශක්තිය රඳා පවතින්නේ දතේ හැඩය සහ සැදී ඇති ද්‍රව්‍ය මතයි.
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යටතේ එම දත්වල ස්වරුපය පහතින් බලාගන්න පුළුවන්.
“අපි මේ වෙනකන් හිතන් හිටියේ මකුළුවන්ගේ සේද නූල් තමයි ශක්තිමත්ම කියල , මොකද වෙඩි නොවදින ජැකට් එකේ ඉඳල පරිගණක උපාංග හදන එක දක්වාම ඒකෙ ප්‍රයෝජන තියන හින්දා.නමුත් එයට දරාගන්න පුළුවන් උපරිම පීඩනය ගිගා පැස්කල් 1.3ක්. ඒක හින්දා මේ නව සොයාගැනීමත් එක්කම මොවුන්ගේ දත්වල තියෙන කෙඳි වැනි ව්‍යුහ අපිට නුදුරු අනාගතයේදී ගොඩක් දේවල් වලට උපකාර කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.” යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.
bump එකක් වත් දා ගෙන යන්න
Mr.Hudson ගේ අනෙකුත් Tread
http://www.elakiri.com/forum/showthread.php?t=1691120
http://www.elakiri.com/forum/showthread.php?t=1691122
http://www.elakiri.com/forum/showthread.php?t=1691092
විද්‍යාඥයන් ලොව දැනට ඇති ශක්තිමත්ම ස්වභාවික ද්‍රව්‍ය සොයාගනී.

Last edited: