නිවසට සුරතල් බලුපැටියෙක් තෝරාගනිමු

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නිවසට සුරතල් බලුපැටියෙක් තෝරාගනිමු

    නිවසට සුරතල් බලුපැටියෙක් තෝරාගනිමු.





    obge.jpg


    obge1.jpg


    Labrador retriever



    lova.jpg





    විශ්වාසවන්ත ආරක්‍ෂකයා රොට්‌වයර්ලර්

    dog.jpg


    මෙවර ලිපියෙන් අප ලංකාවේ තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක්‌ වන රොට්‌වයර්ලර් (Rottweiler) ගැන කතා කරමු. නම ඇසූ පමණින් ඔබගේ සිතට බය උපදවන සුනඛ වර්ගයක්‌ වුවත් මෙම ලිපිය අවසානයේ දී ඔබට මොවුන් කොපමණ මිනිසුන් හට ලැදි සුනඛ වර්ගයක්‌ද යන්න වටහා ගත හැකි වේ.

    රොට්‌වයලර් වර්ගයේ ආරම්භය වසර පන්සීයක පමණ අතීතයකට දිවයන අතර රෝමානු අධිරාජ්‍යය පැවති කාලයේ මොවුන්ගේ මුතුන් මිත්තන් වාසය කළ බව පැවසේ. කෙසේ වෙතත් ඉතා ශක්‌තිමත් හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන මොවුන් පළමු සහ දෙවන ලෝක යුද්ධ වළදී බෙහෙවින් ප්‍රයෝජනයට ගත් සුනඛ වර්ගයකි. සැකෙවින් සඳහන් කරන්නේ නම්

    * සොල්දාදුවන්ගේ ආහාර සඳහා ගව ආදී සතුන් රංචු කිරීම හා දක්‌කා ගෙන යැම
    * මුදල් පසුම්බි ආරක්‍ෂා කිරීම
    * කරත්ත වැනි දේ ඇදගෙන යැම

    මෙම සුනඛ වර්ගයේ ජන්ම භූමිය ජර්මනිය වුවත් නිත්‍ය වශයෙන් ලොවට හඳුන්වා දෙන්නේ 1931 ඇමරිකා එක්‌සත් ජනපදය විසිනි.

    මොවුන්ගේ දේහ ලක්‍ෂණ සැලකූවිට අපට දක්‌නට ලැබෙන්නේ ඉතා ශක්‌තිමත් පිරිපුන් සිරුරකින් හෙබි ආකර්ෂණීය වර්ගයක්‌ ලෙසයි. හිස මධ්‍ය ප්‍රමාණ දිගකින් යුක්‌ත වන අතර කන් දෙක අසලදී පළල්වී ඉතා පුළුල් හිසක්‌ ඇතිවේ. ඉතා පැහැදිලි හොඳින් වැඩුණු බෙල්ල ප්‍රදේශයද පොළොවට සමාන්තරව පිහිටන කොඳු නාරටිය සහ ගැඹුරට විහිදුණු පපු ප්‍රදේශය මොවුනට ඉතා කඩවසම් පෙනුමක්‌ ලබාදේ. ඉදිරි පාද යුගල සෘජුව එකිනෙකට ඈතින් පිහිටන අතර පසුපස පාද යුගල ඉතා ශක්‌තිමත්ව එකිනෙකට මඳක්‌ සමීපයෙන් පිහිටීමෙන් මොවුන්ගේ දේහ බර ඉතා හොඳින් පාලනය කරයි. ඔවුන්ගේ රෝමවල වර්ණය සැලකූ විට එය කළු (Black) සහ දුඹුරු (Dark Brown / Mahogany) යන වර්ණවලින් යුක්‌ත වන අතර දුඹුරු වර්ණය සිරුරේ ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක්‌ පමණක්‌ අත්පත් කරගනී. සමෙහි කෙටි සහ දිගු වශයෙන් රෝම ස්‌ථර දෙකකින් යුක්‌ත වන අතර ඒවා එකිනෙකට ඉතා ආසන්නයෙන් පිහිටන නිසා ජලයට ප්‍රතිරෝධයක්‌ දක්‌වයි.

    රොට්‌වයර්ලර් වර්ගයේ හොඳින් වැඩුණු පිරිමි සතකු 61-69 cm පමණ උසකින් යුක්‌ත වන අතර හොඳින් වැඩුනු ගැහැණු සතකු 56-63 cm පමණ වේ. පිරිමි සතකුගේ දේහ බර 50-60 නට වන අතර ගැහැනු සතකු 35-48 නට පමණ වේ.

    රොට්‌වයර්ලර් වර්ගයේ හැසිරීම් රටාව ඔබ ඉතා හොඳින් අවබෝධ කරගතහොත් මෙම වර්ගයේ සුරතලුන් ඔබටත් ඇති දැඩි කළ හැකි වන අතර ඔබ ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්‌ නම් මෙවැනි සුරතලකු ඇති කිරීම සුදුසු නැත. ඉතා ශක්‌තිමත් මනාපෞරුෂත්වයක්‌ ඇති ආත්මාරක්‍ෂාව වෙනුවෙන් නොබියව සටන් කරන ස්‌වාමියාට සහ පවුලට ඉතා ලැදි මොවුන් ඇති කිරීමේදී හැකිතාක්‌ සමීපව ඇසුරු කිරීමෙන් ඔබට ඉතා මිත්‍ර සීලි සුරතලකු බවට මොවුන් පත්කර ගත හැකියි. පිටස්‌තර පුද්ගලයන් සමඟ කිසිසේත්ම සුහදශීලී නොවන මොවුන් ඔබගේ නිවසට ඉතා හොඳ ආරක්‍ෂකයෙකි. මනා ලෙස පුහුණු කිරීමෙන් මොවුන් තුළ ඇති දක්‍ෂතා පිළිබිඹු කරගත හැකි අතර එමගින් මොවුන් ඔබගේ අණට ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමට උපකාරී වේ.

    ඉතා සෞඛ්‍ය සම්පන්න වර්ගයක්‌ වන මොවුන් "පාවෝ" (Parvo) නැමැති රෝගය වැළඳීමට විශාල නැඹුරු තාවයක්‌ දක්‌වයි. නිසි වයසේ දී එන්නත් ලබාදීමෙන් මෙය වළක්‌වා ගත හැක. එමෙන්ම උකුල් ඇටය සහ දණහිස්‌ ආශ්‍රිත ආබාධ, සමේ රෝග වැනි රෝගවලටද මොවුන් ගොදුරු වීමට ඉඩ ඇත නිසි ආකාර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ඔබගේ සුරතලා මනා යහපත් සෞඛ්‍ය මට්‌ටමකින් තබා ගත හැකි වේ.




    දඩයමට දක්‍ෂ, සංවේදී cocker Spaniels

    dog.jpg


    මෙවර කලාපයෙන් අපි තවත් හුරු බුහුටි සුනඛ සුරතලුන් වර්ගයක්‌ ගැන කතා කරමු. කොකස්‌ පැනියල් (cocker Spaniels) යනු දාහතරවන ශත වර්ෂයේ දී පමණ ලොවට හඳුන්වාදුන් ස්‌පාඤ්ඤය (Spain) ජන්ම භූමිය කරගත් අලංකාර සුනඛ වර්ගයකි. මූලික වශයෙන් මෙම පවුලේ සුනඛයන් කොටස්‌ දෙකකට බෙදෙන අතර

    * Water Spaniel group

    * Land Spaniel group

    මෙලෙස පළමු කාණ්‌ඩයට අයිති සතුන් සාපේක්‍ෂව විශාල දේහ ප්‍රමාණයක්‌ හිමි සතුන් වන අතර ලෝම කැරලි (Curly) හැඩයකට පිහිටයි. මෙම ලක්‍ෂණවලට අයත් නොවන මෙම පවුලේ අනෙකුත් සුනඛයන් දෙවැනි කාණ්‌ඩය යටතට ගැනේ. නමුත් පසු කාලීනව මොවුන් අනුකාණ්‌ඩ ගණනාවකට බෙදා වෙන්කර ඇත.

    මොවුන්ගේ ශරීර ප්‍රමාණය සාපේක්‍ෂව කුඩාවන අතර හොඳින් වැඩුනු පිරිමි සතකු අඟල් 15 ක පමණ උසකින් යුක්‌ත වී බර 12 kg පමණ යුක්‌ත වේ. හොඳින් වැඩුනු ගැහැනු සතකු අඟල් 14 පමණ උසකින් සහ බර 10 kg පමණ වේ.

    මෙම සුනඛ වර්ගය කීකරු ගති ගුණ ඇති අතර පවුලේ සැම දෙනාට ආදරය කරමින් වාසය කරයි. ක්‍රියාශීලී, හොඳ ඉවක්‌ ඇති මොවුන් දඩයමට ඉතා දක්‍ෂය. මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක්‌ වන අතර ඉතා මෘදු මානසික මට්‌ටමක්‌ ඇත. එම නිසා සුළු වේදනාවකට වුවද පුළුල් ප්‍රතිචාර දක්‌වයි.

    මොවුන්ගේ සෞඛ්‍ය මට්‌ටම සැලකූ විට එය ඉතා යහපත් වන අතර අනෙකුත් සුනඛ වර්ග මෙන්ම මොවුන්ද ඇතැම් රෝග වැළඳීමට දක්‌වන ප්‍රවන තාවය වැඩිය.

    උදා:-

    * ඇසේ ආබාධ (Cataract Glaucoma)

    * Auto immune Hemolytic anemia

    * Hypothyroidism

    * සමේ ඇතිවන රෝග (Primary Seborrhea)

    මෙම සතුන් නිවස ඇතුළත ඇති කිරීමට ඉතා සුදුසු වන බැවින් මොවුන් සඳහා වෙනමම ඉඩ කඩ වෙන් කිරීමක්‌ අවශ්‍ය නොවේ. දෛනිකව මිනිත්තු 30 පමණ ව්‍යායාම කටයුතුවලට යොදා ගැනීම ප්‍රමාණවත් වේ.

    මොවුන්ගේ ආහාර රටාව සැලකූ විට පෙනී යන්නේ මොවුන්ට ආහාර සැපයීම ඉතා ක්‍රමානුකූලව කළ යුතු බවයි. දිනකට ගන්නා ආහාර ප්‍රමාණය මොවුන්ගේ දේහ ප්‍රමාණය, වයස, ක්‍රියාශීලී බව යන සාධක මත යෑපෙන අතර තත්ත්වයෙන් උසස්‌ වෙළෙඳපොළ ඇති පිළියෙල කරන ලද ආහාර කෝප්ප එක හමාරක්‌/ දෙක හමාරක්‌ අතර ප්‍රමාණයක්‌ දිනකට සැපයීම ප්‍රමාණවත් වේ.

    මෙම සුනඛ වර්ගය ඉතා දැකුම් කලු ලෝම වලින් පිරි සමක්‌ ඇති සතුන් වන අතර හිසෙහි සහ බෙල්ල ප්‍රදේශයේ ඇති ලෝම දිගින් අඩුවේ. කන, පපුව, උදරය සහ පාද වල ඇති ලෝම සාපේක්‍ෂව දිගින් වැඩිය. ලෝම වල වර්ණය කලු සහ දුඹුරු හෝ වෙනත් වර්ණවලින් යුක්‌ත විය හැක. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම සුන්දර පෙනුම රැක ගැනීමට නම් සුරතලා දිනපතා පීරිම සහ නියමිත කාල පරාසවලදී සිරුරේ අක්‍රමවත් ලෝම ඉවත් කළ යුතුවේ. මීට අමතරව ඇස්‌ සහ කන් පිළිබඳව වැඩි අවධානයක්‌ දැක්‌වීම නියපොතු කැපීම සහ නිරන්තරව පාද පරීක්‍ෂා කිරීම දත් මැදීම සහ නෑවීම යන කරුණු ගැන සැලකිලිමත් වීම යහපත් වේ.

    මෙම සුරතලුන්ගේ පැටවුන් බෝ කිරීම සහ එම ප්‍රජනන ක්‍රියාවලිය ගැන සලකන්නේ නම් නියමිත කාල වකවානුවලදී මොවුන් අභිජනනය කිරීම ඉතා වැදගත් වේ. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න පැටවුන් ලබාගත හැකි අතර ගර්භනී සමයේදී සුදුසු පෝෂ්‍ය පදාර්ථ ලබාදීමෙන් මවට ඇතිවිය හැකි අතුරු ආබාධ වලක්‌වා ගත හැකිවේ.

    මීට අමතරව මෙම සතුන් මනාව පුහුණු කළ හැකි සුනඛ වර්ගයක්‌ බැවින් කුඩා අවධියේ සිට පුහුණු කිරීම ආරම්භ කිරීමෙන් ඔබට ඉතා ප්‍රයෝජනවත් කීකරු සුරතලෙක්‌ ඇති දැඩි කරගත හැක.




    අනතුරක්‌ හැඟවීමට පමණක්‌ බුරන Bull mastiff



    dog.jpg


    මෙවර ලිපියෙන් අපි ගෘහාශ්‍රීතව ඇති කරන තවත් ශරීර ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක්‌ වන Bull mastiff යන සුරතලුන් ගැන කතා කරමු.

    මෙම සතුන් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ලොවට හඳුන්වා දුන්නේ එවකට සිටි සුනඛ වර්ග 2 ක්‌ වන English mastiff iy old English builldog යන සුනඛ වර්ග 2 ක මුහුන් කොට අභිජනනය කිරීමෙනි. මෙම සුනඛ වර්ග 2 හිම ලක්‍ෂණ පොදු කොට ගත් මොවුන් මේ වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

    මොවුන්ගේ ශරීර ප්‍රමාණය, ශක්‌ති ප්‍රමාණය සහ ස්‌වාමියාට ඇති හිතවත් බව නිසා මොවුන් ප්‍රධාන වශයෙන් එවකට වතු ආරක්‍ෂක කටයුතු සඳහා යෙදාගෙන ඇත. අඩු වශයෙන් බුරන මෙම සතුන් බුරන සෑම අවස්‌ථාවකදීම යම් අනතුරක්‌ ඇඟවීම සඳහා එසේ කිරීම විශේෂත්වයකි.

    ඉහත පරිදි ශක්‌තියෙන් සහ ශරීර ප්‍රමාණයෙන් ඉහළ මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක්‌ වීම විශේෂයකි. නිවසේ සාමාජිකයන් සමග නිතර ගැවසීමෙන් මොවුන් විනීත ලෙස හැසිරීම ඉතා හොඳින් ඉගෙන ගනී.

    මොවුන් මනාව පුහුණු කිරීම සහ සමාජශීලී ගති පැවතුම් ඇති කිරීම මගින් ඔබගේ සුරතලා ඔබගේ විධානවලට කන්දීමේ හැකියාව වර්ධනය කරගත හැක. ස්‌වාභාවිකවම මොවුන් තුළ ඇති ආරක්‍ෂක හැකියාව නිසා ඔබගේ නිවසට සුරතලකු මෙන්ම හොඳ ආරක්‍ෂකයකු වශයෙන්ද කටයුතු කරයි. කෙසේ වෙතත් මොවුනට විශේෂයෙන් ආරක්‍ෂක පුහුණුව (Guard dog training) අවශ්‍ය නොවන අතර අනෙකුත් පුහුණු කිරීම් වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ මොවුන් එකම දේ නැවත නැවත සිදු කිරීමට දැඩි අකැමැත්තක්‌ දක්‌වන බැවිනි.

    ශක්‌ති සම්පන්න මනා පිරිපුන් සිරුරකින් හෙබි මොවුන් ඉතා හොඳ සෞඛ්‍ය මට්‌ටමක්‌ පවත්වා ගනී. කෙසේ වෙතත් අනෙක්‌ විශාල සුනඛ වර්ගයන්ට මෙන්ම මොවුනටද ආවේණිකව පවතින රෝග දක්‌නට ලැබේ.

    Hip dysplasia Elbow dysplasia

    මෙම තත්ත්වය වැළඳීමට මොවුන්ගේ ගහනයෙන් 24% ක පමණ ප්‍රවණතාවක්‌ පවතී.

    Entropion
    Hypothyroidism

    මීට අමතරව අප රටේ ප්‍රායෝගිකව දැකිය හැකි ආවේණික නොවන ප්‍රධාන ලක්‌ෂණය වන්නේ මොවුන්ට ඇතිවන සමේ රෝගයි. මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ අක්‍රමවත් ලෙස සතුන් අභිජනනයයි. (එකම පවුලේ සහෝදර සහෝදරියන් හෝ ළඟ ඥති සම්බන්ධතා ඇති සුනඛයන් අභිජනනයයි)

    මොවුන්ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 50 kg - 60 kg. පමණ බරවන අතර උස 64 සෙ. මී. - 71 සෙ. මී. පමණ වේ. හොඳින් වැඩුණු ගැහැනු සතකු 45 kg - 55 kg පමණ වන අතර උස 61 සෙ. මී. - 66 සෙ. මී. පමණ වේ.

    මොවුනගේ සමේ වර්ණක සැලකූ විට එය Red, Fawn සහ Brinde වශයෙන් වර්ග 03 කි. සමෙහි රෝම ඉතා කෙටි ඝනකම් ස්‌වභාවයක්‌ දක්‌වයි. පහළට එල්ලා වැටෙන කන් දෙකක්‌ සහිත මොවුන් කෙටි පළල් කළු වර්ණයෙන් යුත් හොම්බකින් යුක්‌තය.

    ඉදිරි සහ පසුපස පාද යුගල් එකිනෙකට ඈතින් ශක්‌තිමත්ව පිහිටන අතර කොන්ද ප්‍රදේශය පොළොවට සමාන්තරව පිහිටයි.

    ප්‍රයෝගිකව බලන කල මඳක්‌ උදාසීන සතුන් බැවින් හොඳින් ව්‍යායාම වල යෙදවීමෙන් ඔබට ඉතා නිරෝගී කඩවසම් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැකිවේ.



    සමීප මිතුරෙකු වන් Golden Retrievr



    dog.jpg

    අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක්‌ වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා කරමු.

    මොවුන් ස්‌වභාවිකවම ඉතා සුන්දර සහ මිත්‍රශීලි සුනඛ වර්ගයක්‌ බැවින් ඕනෑම වයස්‌ පන්තියක පුද්ගලයන් අතර හොඳින් ජනප්‍රියවී ඇත.

    ස්‌කොට්‌ලන්තය නිජභූමිය ලෙස සැලකෙන මෙම සතුන්ගේ ඉතිහාසය වසර 100 ක්‌ ඉක්‌මවයි. ඉතා ශක්‌තිමත් සිරුරකින් හෙබි මොවුන් ජලයට ප්‍රතිරෝධය දක්‌වන ඝනකම් සහදිගු රෝම වලින් සමන්විතයි. මොවුන්ගේ සිරුරේ ඉතා කෙටි සහ දිගු ලෙස රෝම වර්ග 2 ක්‌ පිහිටන අතර කෙටි රෝම එකිනෙකට ඉතා අසන්නව පිහිටමින් ශීත සෘතුවලදී අදාළ උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකර ඇත.

    රෝමවල වර්ණය සැලකූ විට එය කහ පැහැයක්‌ හෝ කහ දුඹුරු වර්ණයක්‌ ගනී. එමෙන්ම ලෝකයේ විවිධ කලාපවල පැතිර ඇති මොවුන් එම කලාපවල දේශගුණික මට්‌ටම් සහ අභිජනන ක්‍රියාවලි ඇති සුළු වෙනස්‌කම් නිසා රෝමවල වර්ණය මදක්‌ තද පැහැ හෝ ලා පැහැගැන්විය හැකිය.

    මොවුන් ප්‍රධාන වශයෙන් කොටස්‌ 02 කට බෙදෙන අතර,

    01. British Type (මුහුණ ප්‍රදේශය මදක්‌ කොට සහ පළල් වේ. පාදවල උස මදක්‌ අඩුයි. දේහ බර සාපේක්‍ෂව වැඩිවේ)

    02. American Type (මුහුණ ප්‍රදේශය මදක්‌ දිගු ස්‌වභාවයක්‌ ගනී. පාද දිගින් වැඩිය.

    ඔබ මෙම වර්ගයේ සුනඛයෙක්‌ ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට ඉතාමත් සමීප මිතුරකු ලැබී ඇතැයි සැලකිය හැක. මක්‌ නිසාද යත් ව්‍යවහාරයේ පරිදි මොවුන් කරුණාවන්ත මිත්‍රශීලි පක්‍ෂපාතී සුනඛ වර්ගයක්‌ වන නිසාය.

    ඒ කෙසේ වෙතත් ඔබගේ ආදරණීය සුරතලා යහපත් සෞඛ්‍ය මට්‌ටමකින් පවත්වා ගැනීම සුරතලාට මෙන්ම ඔබටද සතුට ගෙන දෙන්නාවූ කාරණයකි. මොවුන් ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 29-34 kg වන අතර ගැහැණු සතකු 27-32kg පමණ වේ. පිරිමි සතකුගේ උස 58-61 cm පමණ වන අතර ගැහැනු සතකු 55-57 cm පමණ වේ. ඉහත දක්‌වා ඇති බර සීමාව ඉක්‌මවා යැම සතාගේ සෞඛ්‍ය මට්‌ටම පහත දැමීමට හේතුවේ.

    මොවුන්ට වැළඳෙන ලෙඩ රෝග දෙස බැලූ විට අනෙක්‌ දේහ ප්‍රමාණය විශාල සතුන්ට මෙන්ම මොවුන්ටද Hip dysplasia, Elbow dysplasia වැනි ආවේණික රෝග වැලඳීමට හැකියාවක්‌ ඇති අතර ප්‍රායෝගිකව අප රටේ දේශගුණික මට්‌ටම සහ අභිජනන ක්‍රියාවලියේ අක්‍රමවත් බව නිසා සමේ රෝග බහුලව දැකිය හැක. මීට අමතරව මොවුන්ගේ රෝමවල ඇති දිගුභාවය නිසා කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයෙක්‌ බෝවීමේ වැඩි අවදානමක්‌ පවතිsන අතර ඒ ආශ්‍රිත රෝග වැළඳීමේ අවදානමද වැඩිය. උදා - කිනිතුලු උණ (Tick fever)

    අතිතයේ සිටම මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලුන් වූ මොවුන් විවිධ පැතිකඩවල් ඔස්‌සේ මොවුන්ගේ සහය මිනිසුන්ට ලබාදෙයි.

    උදා:- Guide dog අන්ධ පුද්ගලයන්ට මග පෙන්වීම

    Hunting dog දඩයම් කටයුතු

    ආරක්‍ෂක කටයුතු සඳහා

    මුදා ගැනීමේ හමුදාවල සහයට

    ඔබගේ සුරතලාද කුඩා අවදියේ සිට මනාලෙස පුහුණු කිරීමෙන් ඔබටද ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැක.



    ඉතා හොඳ ආරක්‍ෂකයෙක්‌ Doberman



    dog.jpg



    මෙවර කලාපයෙන් අප මිනිසාට තවත් ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක්‌ වන Doberman Pinscher ගැන කතා කරමු. Doberman, Dobermann. Dobie යන නම්වලින්ද හඳුන්වන මොවුන් ජර්මනියේදී වසර 1890 දී පමණ ලොවට හඳුන්වාදී ඇත. මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් ලොවට හඳුන්වා දුන් පුද්ගලයාගේ නාමයෙන් (Karl Friedrich Louis Doberman) කොටසක්‌ මෙම වර්ගයට යෙදීමයි.

    මොවුන් හඳුන්වාදීමේ ප්‍ර්‍රධාන අරමුණ වූයේ ස්‌වාමියාට ඉතා හොඳ ආරක්‍ෂාවක්‌ ලබාදීමයි. වෘත්තියෙන් බදු අයකරන්නකු වූ Karl මහතා සොරසතුරන්ගෙන් ආරක්‍ෂා කිරීමේ ප්‍රධාන වගකීම මෙම සුනඛ වර්ගයට පැවරීය.

    අංගසම්පූර්ණ ශක්‌තිමත් ප්‍රවේගකාරී හොඳ දරා ගැනීමේ හැකියාවක්‌ ඇති ස්‌වාමියාට ලැදි බුද්ධිමත් සුනඛ වර්ගයක්‌ වන Doberman ගේ ඉතිහාසය එලෙස වේ.

    වර්තමානයේ අප රටේද ජනප්‍රිය වී ඇති මෙම සුනඛ වර්ගය ප්‍රධාන වශයෙන් ආරක්‍ෂාව සඳහා ඇති කරනු ලබයි. මෙම සුනඛ වර්ගයේ හොඳින් වැඩුණු පිරිමි සතකු 34-kg - 45-kg බරකින් යුක්‌තව 70 cm පමණ උසකින් සමන්විතය.

    හොඳින් වැඩුණු ගැහැනු සතකු 27 kg - 41 kg පමණ බරකින් සහ 64 cm පමණ උසකින් යුක්‌ත වේ. ඉතා කෙටි සහ ඝනව වැඩුණු රෝම වලින් පිරි නමක්‌ දරන මොවුන් වර්ණ කිහිපයකට උරුමකම් දක්‌වයි

    Black and tan
    Brown
    Red
    Blue
    Fawn
    White (Albino)

    ඔබ ගෘහාශ්‍රිතව මෙම වර්ගයේ සුනඛ සුරතලකු ඇති කිරීමට. බලාපොරොත්තු වන්නේ නම්, ඔබගේ ගෙවත්තෙහි ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක්‌ ලබාදීම අනිවාර්ය වේ. මක්‌නිසාද යත් මොවුන් ට ඉතා හොඳින් ව්‍යායාම කිරීම අවශ්‍ය බැවිනි. මෙම වර්ගයෙහි සුනඛ සුරතලුන්ගේද කුඩා අවධියෙහිම වලිගය කැපීම Tail docking සිදුකරන අතර (වර්තමානයෙහි බොහෝ රටවල මෙම ක්‍රියාව තහනම් කිරීමකට ලක්‌කර ඇත) ඊට අමතරව ශල්‍යකර්ම මගින් කන්වල හැඩය වෙනස්‌ කිරීමද (ear cropping) සිදු කරයි.

    තරමක්‌ දිගු සහ ශක්‌තිමත් අස්‌ථි සහ මාංශපේශී පද්ධතියකට උරුමකම් කියන මොවුනට බාහිරින් සපයනු ලබන කැල්සියම් සහ විටමින් මගින් ඇතිවිය හැකි පෝෂණ ඌනතා මඟහරවා ගත හැක.

    මොවුන්ගේ ආයු කාලය වසර 10-11 පමණ වන අතර මොවුන්ට වැළඳිය හැකි ආවේණික රෝග ලෙස හෘදයාශ්‍රිත රෝග

    (Dialated Cardiomyopathy) Conges tive heart failure පුරස්‌ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග (Prostatic disease) Hip dysplasia ආදිය දැක්‌විය හැක. ඊට අමතරව සාමාන්‍ය රෝග ලෙස හම ආශ්‍රිත රෝග Skin Rashes සහ සන්ධි ආශ්‍රිතව දැකිය හැකි (Pressure Points) මෙම තත්ත්වය Skin Rash ලෙස වරදවා වටහාගත හැකි අතර මෙයට හේතුව වන්නේ මොවුන්ගේ සිරුර මාංශමය පිරිපුන් බවින් අඩුවීමයි.

    දේහ ලක්‌ෂණ සැලකූ විට, මොවුන් පැතලි තරමක්‌ දිගු නළල් තලයක්‌ සහ හොම්බකට උරුමකම් දක්‌වන අතර ගෙල ප්‍රදේශය දිගටි සිහින් බවකින් යුක්‌තය. ආමන්ඩ් හැඩැති ඇස්‌ පිහිටන අතර (Almond shaped eyes) එහි වර්ණය බොහෝ විට රෝමවල පිහිටන Tan වර්ණයට ආසන්න බවක්‌ ගනී. ඉතාමත් ශක්‌තිමත් හනු පිහිටන මොවුන්ගේ පපු ප්‍රදේශය ගැඹුරද බවින් යුක්‌තය. එහි පර්ශු වල දිග ඔවුන්ගේ වැලමිට සන්ධිය දක්‌වා වැඩී ඇත. මෙම වර්ගයට ආවේණික ලෙස ගාත්‍රා පපු ප්‍රදේශය සහ මුහුණෙහි Tan වර්ණය පැතිර පවතී.

    Doberman වර්ගයෙහි සුනඛයන් දක්‌ෂ බවින් වැඩි අතර පහසුවෙන් මනාලෙස පුහුණු කිරීමේ හැකියාවක්‌ පවතී. නමුත් මෙහිදී ඔවුන්ගේ උපතින්ම එනු ලබන ප්‍රචණ්‌ඩකාරී ලක්‌ෂණ ඉන් මතු නොවන අයුරින් සිදු කිරීම ඉතා වැදගත්ය. මෙම වර්ගයෙහි සුනඛයින් සංවේදී බවින් වැඩි නිසා තම ස්‌වාමියාට දැඩිව ඇලුම් කරන අතර බොහෝ විට ස්‌වාමියාගේ චරිත ලක්‌ෂණ අනුකරණයට ඉතා දක්‌ෂ බවක්‌ දක්‌වයි.


    (ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලොව ජනප්‍රිය සුනඛයින් අතර පෙරමුණට German shepherd



    ger.jpg


    මෙවර කලාපයෙන් අප තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක්‌ වන ජර්මන් ෂෙෆර්ඩ් (German shepherd) ගැන කතා කරමු. මොවුන් ලොව ජනප්‍රියතම සුනඛ කාණ්‌ඩයන් අතර ඉහළ ස්‌ථානයක්‌ ගනු ලබේ. මොවුන්ගේ සම්භවය සිදු වන්නේ 1800 දී පමණ ජර්මනියේදීය. මොවුන් විවිධ නම් වලින් ලොව පුරා හඳුන්වනු ලබයි.

    උදා-: Alsatian
    Alsatian wolf Dog
    Deutscher
    Schaferhund
    Berger Allemand

    ඊට අමතරව "GSD" නමැති කෙටි නාමයද යොදාගනු ලබයි.

    අතීතයේදී මොවුන් බැටළුවන් වැනි සතුන් රංචු කිරීම සඳහා යොදාගත් අතර වර්තමානයේ මොවුන් ආරක්‍ෂක කටයුතු (Search and rescue) අන්ධයන් සඳහා මගපෙන්වීම (Guiding the blind) සහ චිත්‍රපටවල සුරතලුන් (Film stars) ලෙසද යොදාගනු ලබයි. මොවුන සතුව පවතින ශක්‌තිමත් බව, බුද්ධිමත් බව, කීකරු බව සහ මනා පුහුණු කිරීමේ හැකියාව නිසා ඉහත කටයුතු ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ඇත.

    මොවුන්ගේ දේහ ලක්‍ෂණ සැලකූ විට හොඳින් වැඩුණු පිරිමි සතකු 30-40 Kg පමණ වන අතර ගැහැනු සතකු 22-32 Kg පමණ වේ. පිරිමි සතකුගේ උස 60-65 Cm පමණ වන අතර ගැහැනු සතකු 50-60 Cm පමණ වේ.

    මොවුන්ගේ හොම්බ දිගින් වැඩි අතර, එය හිසෙහි දිගින් අඩක්‌ පමණ වේ. නාසය කළු පැහැයෙන් යුක්‌ත වන අතර ශක්‌තිමත් හනු යුගලයකින් යුක්‌ත වන අතර දුඹුරු පැහැති මධ්‍ය ප්‍රමාණයේ ඇස්‌ පිහිටයි. කන්වල හැඩය විශේෂිත වන අතර ඒවා තරමක්‌ විශාලව. සහ සෘජුව පවතින අතර ඉදිරියට විවෘතව එකිනෙකට සමාන්තරව පිහිටන අතර දිවීමේදී එය හැරවිමකට ලක්‌ කරයි.

    ගෙල ප්‍රදේශය තරමක්‌ දිගු වන අතර ශක්‌තිමත් අස්‌ථි සහ මාංශපේශි පද්ධතියකට උරුමකම් දක්‌වයි. දේහය දිගින් වැඩිවන අතර සෘජු ශක්‌තිමත් ඉදිරිපාද යුගලක්‌ සහ සෘජු බවින් තොර පිටුපස පාද යුගලක්‌ පිහිටයි. එම නිසා මොවුන්ගේ ගෙල ප්‍රදේශයේ සිට වලිග ප්‍රදේශය දක්‌වා වූ පිටකොන්ද ප්‍රදේශය ආනතියකින් යුක්‌තය.

    මොවුන්ගේ සිරුරෙහි රෝම පිහිටීම සැලකූ විට කෙටි සහ දිගු රෝග ඝනකම් ස්‌ථරයක්‌ ලෙස සිරුර පුරා පැතිර පවතින අතර කළු සහ මහෝගනී වර්ණය (Black and tan) නිශ්චිත රටාවකට පැතිර පවතින සුනඛයින් ජනප්‍රිය බවින් වැඩිය. මොවුන්ගේ වලිගය ඝනකම් දිගු රෝමවලින් පිරි පවතින අතර එය පහළට නැමී පැවතීමද විශේෂත්වයකි.

    මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමේදී බහුලව වැළඳෙන රෝග ලෙස

    Hip dysplasia

    Elbow dysplasia දැක්‌විය හැකි අතර පසුකාලීනව මෙම තත්ත්වය Arthritis දක්‌වා වර්ධනය විය හැක. විශේෂයෙන් මෙම තත්ත්වය එකම පවුලේ සුනඛයන් අන්තර් අභිජනනයෙන් (Inbreeding& නිසා සිදුවන්නක්‌ ලෙස සැලකේ. මීට අමතරව,

    Exocrne pancreatic insufficiency

    EPI Degenerative myelopathy වැනි තත්ත්වයක්‌ද දැකිය හැක.

    මොවුන්ට සාමාන්‍යයෙන් බහුලව වැළදෙන රෝග ලෙස සම ආශ්‍රිත රෝග Skin Rashes දැක්‌විය හැක. ඒ සඳහා විවිධ හේතු බලපායි.

    දැනටමත් ඔබ German shepherd වර්ගයෙහි සුනඛයෙකුගේ අයිතිකරුවකු නම් ලෝම වැඩිපුර ගැලවීමේ ගැටලුවක්‌ ඔබටද පැවතිය හැකිය. සාමාන්‍යයෙන් ඕනෑම වර්ගයෙහි සුනඛයෙකුගේ වර්ධන සමයෙහි ඇතැම් කාලවල රෝම ගැලවී අලුතින් වැඩීම සිදුවන අතර මෙම වර්ගයෙහි සුනඛයින්ගේ රෝමවල ස්‌වභාවය නිසා එය අපට වැඩිපුර නිරීක්‍ෂණය වෙයි. මෙම තත්ත්වය රෝගී තත්ත්වයක්‌ නොවන අතර මනාව පීරීම මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිවේ. ඊට අමතරව සුනඛයා සතුව පැවතිය හැකි පෝෂණ ඌණතා නිසාද රෝම ගැලවී යැම වැඩිවිය හැකි අතර ඒ සඳහා විටමින් සහ කැල්සියම් වැනි බාහිරින් සැපයිය හැකි වෙනත් පෝෂක මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය.

    තවද මෙම වර්ගයෙහි සුනඛයන්ගේ රෝම පිහිටන ස්‌වභාවය අනුව කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයන් බෝ වීමේ වැඩි අවධානමක්‌ පවතින අතර ඔවුන් මගින් ඇති විය හැකි කිනිතුලු උණ (Tick Fever ) නමැති රෝගී තත්ත්වයද බහුලය. ඊට අමතරව මොවුන්ගේ කන්වල හැඩය සහ පිහිටීම අනුව නෑවීම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. නැතහොත් කන් ආශ්‍රිත ආසාදන Ear infection) ඇතිවීමේ අවදානමක්‌ පවතී.

    මොවුන්ගේ ආයු කාලය වසර 9-13 පමණ වන අතර තම සුරතලා මනාව රැකබලා ගැනීමෙන් ඔබගේ ආදරණීය සුරතලාගේ සේවය ඔබට බොහෝ කාලයක්‌ ලබාගත හැකි වේ




    ඉතා සාමකාමී උවත් විටෙක ප්‍රචන්ඩ විය හැක Great Dane





    dog.jpg


    මෙවර කලාපයෙන් අප ලෝකයේ සිටින උසින් වැඩිම සුනඛ වර්ගය වන Great Dane ගැන කතා කරමු. මොවුන් ඉතා විශාල සහ ශක්‌තිමත් සතුන් වර්ගයක්‌ වන අතර මොවුන්ගේ සිරුර මඳක්‌ සමචතුරස්‍රාකාර හැඩයක්‌ පෙන්වයි.

    ජර්මනිය මවුබිම කරගත් මෙම සතුන් එවකට German mastiff යන නමින් ද හඳුන්වා ඇත. වසර සිය ගණනක ඉතිහාසයකින් යුක්‌ත මොවුන් අතීතයේදී දඩයම් සඳහා යොදා ගත් දක්‍ෂ සුනඛ වර්ගයකි.



    dog1.jpg


    ඉතාමත්ම හොඳින් වැඩුණු අස්‌ථි පද්ධතියකින් හා මාංශපේශීවලින් හෙබි මොවුන්ගේ පිරිමි සතකුගේ බර 54 - 91 Kg පමණ වන අතර ගැහැනු සතකු 45 - 59 Kg පමණ බරකින් යුක්‌ත වේ. උස සැලකූ විට පිරිමි සතකු 76 - 86 cm අතරද, ගැහැනු සතකු 71 - 81 cm අතර ද වේ. ඒ අනුව මෙම සුනඛ වර්ගයේ ගැහැනු සතකුගේ වර්ධනය සාපේක්‍ෂව අඩු බවක්‌ පෙන්වයි.

    ඉතා කෙටි, කහ ඝනව වැඩුණු රෝම වලින් පිරුණු හමක්‌ දරන මොවුන් වර්ණ කිහිපයකට උරුමකම් දක්‌වයි.

    උදා : Fawn
    * Brindle
    * Black
    * Harlequin

    විශේෂයෙන් මෙම වර්ණයේදී රෝම සුදු පැහැයක්‌ ගන්නා අතර කළු පැහැය අක්‍රමවත් හැඩයකින් සිරුරේ විහිදී පවතී. බෙල්ල ප්‍රදේශය අනිවාර්යයෙන් ම සුදු පැහැයෙන් පමණක්‌ සමන්විත විය යුතුය.

    * Blue

    මෙම සතුන් විශාල දේහයකින් සහ ජව සම්පන්න බවකින් යුක්‌ත වුවද, මිනිසුන් සමඟÊඉතා මිත්‍රශීලීව වාසය කරයි. එමෙන්ම අනෙක්‌ සතුන් සමඟග ද හිතවත්ව ජීවත් වීමේ හැකියාවක්‌ ඇත. බොහෝ අවස්‌ථාවලදී ඉතා සාමකාමී ගති පැවතුම් ඇති මොවුන් සමහර අවස්‌ථාවලදී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීමට ඉඩ ඇත. මොවුන්ගේ විශාල දේහය නිසා එවැනි අවස්‌ථා අනතුරුදායක විය හැක. ඉතා හොඳ ආරක්‍ෂක හැකියාවක්‌ පරම්පරාවෙන් උරුම කර ගන්නා මොවුන් පවුලේ ඕනෑම සාමාජිකයෙක්‌ සමඟ ඉතා හොඳින් ඇසුරු කරමින් ඔවුනට ආරක්‍ෂාව සපයයි.

    මොවුන්ගේ දෛනික ව්‍යායාම සැලකූ විට අනෙක්‌ සුනඛ වර්ගවලට මෙන්ම මොවුන්ට ද ව්‍යායාම අවශ්‍ය වේ. නමුත් වර්ධනය වන වයසේ පසුවන මෙම වර්ගයේ සුරතලුන්ට ව්‍යායාම කිරීමේ කාලය ඉතා කෙටි විය යුතුය. එයට හේතුව විශාල අස්‌ථි පද්ධති දැරීම සහ කුඩා අවධියේදී ගාත්‍රා ආශ්‍රිත සන්ධි (joints) එකිනෙකට මඳක්‌ ඈතින් පිහිටීම නිසා ඇතිවන්නා වූ සුළු අනතුරකින් වුවද අස්‌ථි බිඳී යැම සහ විසන්ධි වීම (Dislocation) විය හැකි බැවිනි.

    මෙම සුනඛ වර්ගයේ ආවේණික රෝගවලට වඩා ආවේණික නොවන රෝග බහුලව පවතී. ප්‍රධාන වශයෙන් ම මොවුන් සිටින පරිසරය සහ නිදාගන්නා පෘෂ්ඨයේ නිසා ඇති රළු ස්‌වභාවය සිරුරේ ගාත්‍රාවල සන්ධි ආශ්‍රිත ප්‍රදේශ රළු සහ ඉදිමුණු ස්‌වභාවයක්‌ ගනී. (Pressure Points)

    මොවුන්ගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉතා කෙමෙන් සිදු වන අතර, මොවුන්ට දෛනිකව වැය වන ශක්‌ති ප්‍රමාණය අඩුය. එම නිසා මොවුන්ට ආහාර සැපයීමේදී, කුඩා ප්‍රමාණවල් කිහිප වාරයක්‌ සැපයීම ඉතා යෝග්‍ය වේ. මක්‌නිසාද යත් මොවුන්ගේ ආමාශය ඉතා විශාල වීම නිසා ඔබ එක්‌වර වැඩි ආහාර ප්‍රමාණයක්‌ ලබා දුන හොත් ආමාශය ආශ්‍රිත බර වැඩිවීමෙන් ඇතිවන්නා වූ තත්ත්වයක්‌ වන Gastricdiala tation and volvulusි නිසා ඔබගේ සුරතලා ක්‍ෂණිකව මිය යැමට වුවද පුළුවන. එමෙන්ම මීට අමතරව මොවුන්ට වැළඳෙන්නා වූ සමේ රෝග, බාහිර පරපෝෂිතයන් නිසා ඇතිවන්නා වූ රෝග උදා Tick Fever පිළිබඳව මනා පශු වෛද්‍ය උපදෙස්‌ ලබා ගන්නේ නම් ඔබගේ සුරතලාගේ උපරිම ආයු කාලය වන වසර 8 - 9 ක්‌ ඉතා සතුටින් කාලය ගෙවීමට හැකිය.

     
    • Like
    Reactions: IDG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් හිතන් ඉන්නව Rottweiler කෙනෙක්ව හදන්න.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    193
    43
    41
    Kalutara
    තාම නම් බල්ලෙක්ව හදලා නෑ.හදනවා නම් හදන්න හිතන් ඉන්නේ Labrador කෙනෙක්ව.ඒත් ඉතින් හදන්න ඕන විදිය දන්නේ නැති නිසා දවසින් දවස කල් යනවා.