උසාවි ප්‍රශ්ණයක්
මචන්ලා මාර සීන් එකක් උනා. අපේ ගෙවල් ළඟ පාරක වාහනෙ නවත්තගෙන බියර් එකක් ගගහ චැට් එකක් දාගෙන හිටිය. ඩ්‍රයිවිං සීට් එකේ හිටියෙ මම. යාළුව බොන්න බෑ කිව්ව නිසා උට ගත්ත බියර් එක පැත්තකින් තියල කොකා කෝල එකක් ගත්ත.
විනාඩි 10ක් ගියෙ නෑ පොලිස් ජීප් එකක් එතනින් ගියා අපි ගනන් ගත්තෙත් නෑ. ටිකකින් ආයෙ මෙන්න මුන් රිවස් කරන් ආව කියහන්කො. යාළුවට එළියට බහින්න කිව්ව. ඌ කොකා කෝල එක පෙන්නල ශේප් කරන්න හැදුවෙ කොහෙද මුන් වාහනෙ ඇතුළ චෙක් කරල මම බාගයක් බිව්ව බියර් එක හොයාගත්ත. පස්සෙ මුන් අපිව පොලීසියට එක්කන් ගියා. ටෝක් කරල කොහොම හරි වාහනෙයි ලයිසන් එකයි ගාවන්නෙ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක් මත් පැන් පානය කරා කියල උසාවි දානව කිව්ව.
දුකේ බෑ බන්. කවදාවත් උසාවියකට ගිහිල්ල නෑ
. මට උන් කිව්ව ලෝයර්ස් ල අල්ලන්න ඕන නෑ. කියපු දිනයට උසාවි ඇවිත් වරද පිළිගන්න, 2000ට අඩු දඩයක් ගහයි කියල. පොලීසියෙදි උන් මාව හිරේට දැම්මෙත් නෑ, මගෙ යාළුව ඇප වෙලා මට එවෙලම යන්නත් දුන්න.
දැන් මට දැනගන්න ඕන උසාවි දවසට තනියෙන් ගිහින් මේක ගොඩ දාගන්න පුළුවන්ද කියල. මම අහල තියෙනව සමහරුන්ව දඩෙ ගෙවනකන් කූඩුවෙ දාන කතාවක්.
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්නම්. ලොකු උදව්වක් බන්
මචන්ලා මාර සීන් එකක් උනා. අපේ ගෙවල් ළඟ පාරක වාහනෙ නවත්තගෙන බියර් එකක් ගගහ චැට් එකක් දාගෙන හිටිය. ඩ්‍රයිවිං සීට් එකේ හිටියෙ මම. යාළුව බොන්න බෑ කිව්ව නිසා උට ගත්ත බියර් එක පැත්තකින් තියල කොකා කෝල එකක් ගත්ත.
විනාඩි 10ක් ගියෙ නෑ පොලිස් ජීප් එකක් එතනින් ගියා අපි ගනන් ගත්තෙත් නෑ. ටිකකින් ආයෙ මෙන්න මුන් රිවස් කරන් ආව කියහන්කො. යාළුවට එළියට බහින්න කිව්ව. ඌ කොකා කෝල එක පෙන්නල ශේප් කරන්න හැදුවෙ කොහෙද මුන් වාහනෙ ඇතුළ චෙක් කරල මම බාගයක් බිව්ව බියර් එක හොයාගත්ත. පස්සෙ මුන් අපිව පොලීසියට එක්කන් ගියා. ටෝක් කරල කොහොම හරි වාහනෙයි ලයිසන් එකයි ගාවන්නෙ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක් මත් පැන් පානය කරා කියල උසාවි දානව කිව්ව.
දුකේ බෑ බන්. කවදාවත් උසාවියකට ගිහිල්ල නෑ
. මට උන් කිව්ව ලෝයර්ස් ල අල්ලන්න ඕන නෑ. කියපු දිනයට උසාවි ඇවිත් වරද පිළිගන්න, 2000ට අඩු දඩයක් ගහයි කියල. පොලීසියෙදි උන් මාව හිරේට දැම්මෙත් නෑ, මගෙ යාළුව ඇප වෙලා මට එවෙලම යන්නත් දුන්න. දැන් මට දැනගන්න ඕන උසාවි දවසට තනියෙන් ගිහින් මේක ගොඩ දාගන්න පුළුවන්ද කියල. මම අහල තියෙනව සමහරුන්ව දඩෙ ගෙවනකන් කූඩුවෙ දාන කතාවක්.
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්නම්. ලොකු උදව්වක් බන්

, ගෙදෙට්ට කියල නෝන්ඩි වෙන්නද
, යාළුවෙක්ට ලීව් ගන්නෙකත් පාඩුයි බන් මේ වගෙ වැඩකට