ජලභීතිකා රෝගය මර්දනය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජලභීතිකා රෝගය මර්දනය

    දඩාවතේ යන සුනඛයන් ලක්‌ෂයකට
    සැත්කම් කළ දොස්‌තර


    l4.jpg



    දඩාවතේ යන සුනඛයන් පිළිබ`ද කතිකාව සෑම වසරකටම කරලියට පැමිණෙන්නේ බල්ලන් රැලේ යන කාලයටය. බල්ලන් පිළිබ`ද කතිකාවක "බල්ලොත් එක්‌ක බෑ" යනුවෙන් කියමනක්‌ ඇති බව ද අප සිහිපත් කළ යුතුව ඇත්තේ දඩාවතේ යන සුනඛයන් වෙඩි තබා ඝතනය කිරීමේ ''බලු හබය සංකල්පය'' මේ වන විට සමාජයෙන් නීතිමය වශයෙන්ම ඉවත්වී ඇති බව ද කල්පනාවේ තබා ගෙනය.

    දඩාවතේ යන බල්ලන් නිසාවෙන් පදිකයන් හා විශේෂයෙන්ම පාපැදි සහ යතුරුපැදි ධාවකයන් මහමග අනතුරුවලට ගොදුරු වන්නේ එම බල්ලන් එකා පස්‌සේ එකා වැටී වීදි ඔස්‌සේ රැලේ යන සමයේදීය.

    අයාලේ යන සුනඛයින් ලක්‍ෂ තිහකට අධික ප්‍රමාණයක්‌ සිටිනා ශ්‍රී ලංකාවේ සුරතලයට ඇති කරනා සුනඛයන්ද ඇතුළුව මේ වන විට ලංකේය සුනඛ ගහණය සෑම මිනිසුන් අට දෙනෙකුටම එක්‌ සුනඛයෙක්‌ බැගින් වන අතර එය අවම වශයෙන් මිනිසුන් දහසය දෙනෙකුට එක්‌ සුනඛයෙක්‌ දක්‌වා නොහොත් සියයට පණහකින් අඩු කළ යුතු බවට කලකට ඉහතදී විද්වත් මතයක්‌ ද පැවතිනි.

    තත්ත්වය මෙසේ තිබියදී මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාල හරහා සංවිධානය කරනු ලබන දිස්‌ත්‍රික්‌ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනක්‌ වසර ගණනාවක්‌ තිස්‌සේ දිවයින පුරා පැවැත්වෙන බව අප හට සැල වන්නේ අහඹු ලෙසය.

    එම වැඩසටහන භාර දකුණු පළාතේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරීවරයා ලෙස වසර හයක්‌ තිස්‌සේ කටයුතු කරනා වෛද්‍ය නුවන් කුමාරසිංහ මේ වන විට දඩාවතේ යන සුනඛයන් ලක්‍ෂයකගේ පමණ වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකර ඇති පළපුරුදු පශු වෛද්‍යවරයෙකි.

    'ඉරිදා දිවයින' වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්‌ ලබදෙමින් හෙතෙම පැවසූ කරුණු දීර්ඝ කරුණු සම්භාරය මෙහි අන්තර්ගත කරන්නේ තරමක්‌ සංක්‍ෂිප්තවය.

    ''...දිවයින පුරා මෙන්ම දකුණු පළාතේ මෙම සුනඛ වන්ධ්‍යා කරණ වැඩපිළිවෙළ සංවිධානය වන්නේ ගාල්ල මාතර හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවලයි. මේ දිනවල එම වැඩ සටහන මාතර දිස්‌ත්‍රික්‌කයේ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පැවැත්වෙනවා.

    අපි සැත්කම්වලට ලක්‌ කරන්නේ ගැහැණු සතුන් විතරයි. එයින් දඩාවතේ යන සුනඛයින් තමයි සැත්කම්වලට භාජනය කරන්නේ. මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක්‌. පුද්ගලික ආයතනයකින් කරන දෙයක්‌ නෙමෙයි. මෙම වැඩසටහනට අනුව මා ඇතුළු කණ්‌ඩායම මෙම පළාතේ සෑම දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයකම නිශ්චිත කාලයක්‌ රැ`දී සිටිනවා.

    සුනඛ වන්ධ්‍යාකරණ සැත්කම යනුවෙන් අප සිදු කරන්නේ බල්ලාගේ ගැහැණු සතාගේ ගර්භාෂය සහ ඩිම්භකෝෂ යුගලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. එසේ ඉවත් කළ පසු දින තුනක්‌ පමණ බලය රැෙ`දන පරිදි අප එම සුනඛයාට ප්‍රතිජීවක ඖෂධ ද ලබා දෙනවා. එය සැත්කමින් සිදුවූ තුවාලය සුව වීමට වැදගත් වනවා.

    මෙම ශල්‍ය කර්මය ස`දහා අපි සතාගේ යටි බඩ ආශ්‍රිතව සිරුරේ අ`ගල් බාගයක පමණ කැපුමක්‌ පමණයි යොදන්නේa. සැත්කම කර ඇති සුනඛයා හ`දුනා ගැනීමට අපි එම සතාගේ දකුණු කන් පෙත්තේ වී අක්‍ෂරයේ හැඩැති කැපුම් සළකුණක්‌ යොදනවා.

    එහෙත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වලින් සිදුකරන මෙබ`දු වැඩසටහන්වලදී ඔවුන් එම සුනඛයා සැත්කම සිදුකළ බවට සළකුණක්‌ යොදන්නේ නෑ. එයින් එම සුනඛයා ගේ සිරුර නිරපරාදේ තවත් වරක්‌ සැත්කම් කැපුමකට ගොදුරුවනවා. එය අපගේ සම්පත් අපතේ යාමක්‌ ද වනවා.

    මුලදීම අපි බල්ලන්ට සැත්කම් සිදුකළේ තෝරාගත් ගමක පූර්ව දැනුම්දීමකිනුයි. එවිට රැගෙන ආවේ බොහෝ විට නිවෙස්‌ වල ඇති කරනා සහ නිවෙස්‌ ආශ්‍රිතව නිදැල්ලේ ගැවසෙන සුනඛයිනුයි.

    අපි වැඩසටහන පටන්ගත්ත මුල් කාලේ අපි එක වාහනයක්‌ පමණයි දඩාවතේ යන බල්ලන් අල්ලා ගන්නට ගියේ. එදා ඒ වාහනය ප්‍රමාණවත් වුණා. නමුත් දැන් වාහන තුනක්‌ දුවලයි අවශ්‍ය බල්ලන් ප්‍රමාණය සොයාගන්නේ.

    එක වාහනයකින් අල්ලාගෙන එන බල්ලන් සැත්කම අවසානයේ එම වාහනයෙන්ම අල්ලාගෙන ආ තැනට ආපසු ගෙනගොස්‌ ඇරලනවා. ඒ දවස්‌වල මිනිස්‌සු හිතුවේ බල්ලන් අල්ලගෙන යන්නේ මරන්නය කියලායි. ඒ නිසා අපේ කාර්ය මණ්‌ඩල විවිධ අපහසුතා වලට ලක්‌වූ අවස්‌ථා තිබුණා.

    බල්ලා අල්ලගෙන ඇවිත් කූඩුවක දාලා නිර්වින්දන බෙහෙත් විදලා සිහිනැති කරලා විශබීජ නාශක ගල්වලා හම කපලා තමයි ගර්භාශය ඉවත් කරන්නේ. ඉන් පසුව මැහුම් දානවා තට්‌ටු තුනකට. ඇතුලෙම තියෙන මාංශ තට්‌ටුවට වෙනමම මැහුම් දැනවා. ඉන් පස්‌සේ සැත්කම කල බවට කනට සළකුණක්‌ යොදනවා. අනතුරුව පැය හැත්තදෙකක්‌ ක්‍රියාත්මක වන ඇන්ටිබයොටික්‌ එකක්‌ දෙනවා.

    බල්ලන් අල්ලන්න යන කණ්‌ඩායම් තුනක්‌ ඉන්නවා. කාර්ය මණ්‌ඩලය දොලහක්‌ පමණ ඉන්නවා. මද්ද ගහලා රෑන් ගහලා බල්ලො අල්ලන්නේ නෑ.බොහොම පරිස්‌සමට දැල දාලායි සුනඛයන් අල්ලන්නේ. ඒ කාර්ය තරමක්‌ දුෂ්කරයි.

    ඒ නිසා අපි ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ අපේ ෆීල්ඩ් එකේ යන අයට උදව් කරන්න කියලයි. බල්ලා අල්ලන්න ගියාම දොස්‌ නොකියා ඔවුන්ව දිරි ගන්වන එක ඉතා වැදගත්.

    විශේෂයෙන් සැත්කම ස`දහා බල්ලන් අල්ලාගෙන එනවාට වඩා සැත්කම අවසානයේ බල්ලන් නැවත අල්ලාගත් තැන් වලටම රැගෙන ගොස්‌ අත හැරීමේදී ප්‍රදේශ වාසීන්ගේ පමණක්‌ නෙමෙයි ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් ගෙන් පවා විවිධ ගැටලු මතු වුණා.

    නමුත් දැන් ජනතාව යම් තරමකට මේ වැඩසටහන ගැන දන්නා නිසාදෝ එදා ගැටලු අද නෑ.

    ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ දෙවැනි විශාලතම වියදම සිදු කරන්නේ ජලභීතිකා රෝගය මර්දනයටයි. මෙබ`දු වැඩසටහනක්‌ රජයට අවශ්‍යවී ඇත්තේ ඒ නිසයි.

    ජලභීතිකා රෝගයෙන් පෙර වසරවලදී වසරකට පුද්ගලයන් පනහකට වැඩි සංඛ්‍යාවක්‌ මියගියා. නමුත් වසර කීපයක්‌ තිස්‌සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එම සංඛ්‍යාව දැන් අවුරුද්දකට ජලභීතිකා පුද්ගල මරණ තිහ පමණ දක්‌වා අඩු වී තිබෙනවා.

    රුපියල් මිලියන පන්සීයක වගේ මුදලක්‌ වාර්ෂිකව ජලභීතිකා මර්දනයට රජයෙන් වෙන් කරනවා.

    එයින් මිලියන සියයකට ආසන්න මුදලක්‌ මෙම සැත්කම් වැඩසටහනට වැය කරනවා. ඒ හැරුණු විට බල්ලන් එන්නත් කිරීම ආදී වැඩසටහන්වලට රජය ඉතිරි මුදල සම්පූර්ණයෙන්ම වැය කරනවා.

    මේ වන විට බොහෝ රටවල ජලභීතිකා රෝගයක්‌ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අනුව 2016දී ජලභීතිකා රෝගය අප රටෙන් සහමුලින්ම ඉවත් කිරීමේ ඉලක්‌කයක්‌ සහිතවයි අපි මේ ගමන යන්නේ.

    ගෙදරක හදන සුනඛයෙක්‌ නම් අනිවාර්යයෙන් එම සතා එන්නත් කරගත යුතුයි. එහෙම වුණොත් ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වනවා. එම නිසා දඩාවතේ යන සුනඛයින් පාලනය කළ යුතුයි. එංගලන්තය ජපානය වැනි රටවල දඩාවතේ යන සුනඛයින් කියලා ජාතියක්‌ නෑ.

    ලංකාව තුළ දඩාවතේ යන සුනඛයින් ලක්‍ෂ තිහක්‌ පමණ සිටිනවා.

    මෙයින් ඉතා සුළු ප්‍රමාණයක්‌ පමණයි ගෙදරවල්වල හදන්නේ. දඩාවතේ යන බල්ලන් බිහි වන්නේ බැල්ලියක්‌ ගෙදරක පැටව් දැම්මාම බැල්ලියන් ටික පාරට ගෙනත් දමනා නිසයි.

    එක බැල්ලියක්‌ ජීවිත කාලය තුළ පැටව් සීයක්‌ අසූවක්‌ අතර ප්‍රමාණයක්‌ බිහි කරනවා වගේම බැල්ලියක්‌ මාස හයෙන් හයට පැටව් දානවා. අවුරුද්දකින් බැල්ලියක්‌ වැඩිවියට පැමිණුනොත් මාස හයට වතාවක්‌ බැගින් අවුරුදු අටක්‌ පැටව් බිහිකළොත් එක්‌ වරකට පැටව් පහ ගණනේ බැලුවොත් බල්ලන් අසූවත් සියයත් අතර ප්‍රමාණයක්‌ එක බැල්ලියක්‌ තම ජීවිත කාලය තුළ බිහි කරනවා. ඒ වගේම වරකට බැල්ලියක්‌ පැටවුන් දහයක්‌ පමණ දමන අවස්‌ථාත් තිබෙනවා.

    ඒ අනුව මෙම වැඩසටහනේදී අපි දවසකට ආසන්න වශයෙන් බැල්ලියන් සියයක්‌ සැත්කමට භාජනය කරනවා කියන්නේ අයාලේ යන සුනඛයින් දහ දහසක්‌ ඉපදෙන එක නතර කළා වෙනවා.

    ඒ නිසා මෙය ඉතා වැදගත් වැඩසටහනක්‌ බව නැවත කිව යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපගේ මෙම වැඩසටහන සුනඛ ගහණය අවම කිරීමට සාර්ථකම වැඩසටහනක්‌ විදියට පිළිගෙන තිබෙනවා.

    එවිට එන්නත් ස`දහා යන වියදම ඉබේම නතර වනවා. ඉන් පස්‌සේ මෙහි අවසාන අරමුණ වන්නේ වගකීමක්‌ සහිත බල්ලෙක්‌ හදන්න සමාජය හුරු කිරීමයි.

    අපි බල්ලෙක්‌ හදනවා නම් එන්නත් කරගෙන ශල්‍යකර්ම කරගෙන හැදිය යුතුයි කියන තැනටයි සමාජය පත් විය යුත්තේ. එසේ නැතිව දඩාවතේ යන සුනඛයන් ගැන කාටවත් වගකීමක්‌ නැති නිසා දැන් සිදුව තිබෙන්නේ ඔවුන්ගෙන් ඇතිවන ජලභීතිකා රෝගයට රජය වගකිව යුතු වීමයි.

    ඒඩ්ස්‌ වැනි රෝගයක්‌ හැදුනත් සාමාන්‍යයෙන් අවුරුදු පහක්‌ හයක්‌ ජීවත් වනවා. පිළිකාවක්‌ හැදුනත් බෙහෙත් කරමින් කළක්‌ ජීවත් කරවිය හැකියි. නමුත් ජලභීතිකා රෝගය හැදුනොත් ලෝකයේ කිසිම ප්‍රතිකාරයක්‌ නෑ. ජලභීතිකා රෝගය හැදිච්ච පුද්ගලයා අනිවාර්යයෙන්ම දවස්‌ හතක්‌ අටක්‌ ඇතුළත මිය යනවා.

    නමුත් හැදෙන්නට කලින් ජලභීතිකාව වළක්‌වා ගත හැකියි. ඊට නියමිත ප්‍රතිකාර ගත යුතුයි. ප්‍රතිකාර නොගෙන සිටියොත් ජලභීතිකා රෝගය වැළ`දුනාට පසුව එහි රෝග ලක්‍ෂණ එකක්‌ හෝ පෙන්වන්නට පටන්ගත්තාට පස්‌සේ කිසිම ප්‍රතිකාරයක්‌ නෑ. ඒ නිසාම කිසිම රෝහලක්‌ ප්‍රතිකාරයක්‌ කරන්න ඉදිරිපත් වන්නේත් නෑ.

    ඒනිසා විශේෂයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුත්තේ තමුන්ට විශ්වාස නැති සුනඛයෙක්‌ හපාකෑවොත් අනිවාර්යයෙන්ම ළ`ගම ඇති රෝහලට ගොස්‌ අදාළ ප්‍රතිකාර ගැනීමටයි. රෝගය වළක්‌වා ගැනීමට ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. නමුත් රෝගය හැදුනාට පසුව ප්‍රතිකාර නෑ.

    ඒනිසා බල්ලෙක්‌ ඇති කරන කෙනෙකුට කිsයන්න තියෙන එකම දේ තමයි බලුපැටියෙක්‌ ඉපදිලා පළවෙනි මාසෙම ජලභීතිකා එන්නත විදගන්න කියන එකයි. අපේ රටේ මිත්‍යා මතයක්‌ තිබෙනවා බලුපැටියෙකුට මාස තුනක්‌ යන තුරු බෙහෙත් වි`දින්න හො`දනෑ කියලා. ජනමාධ්‍යවල යුතුකම තමයි එබ`දු ජනතා දුර්මත පහකරලීම.

    සෑම බලුපැටවෙක්‌ම සති හතරෙන් හෝ හයෙන් අනිවාර්යයෙන්ම ජලභීතිකා රෝගයට එන්නත් කළ යුතුයි. එම පළමු එන්නත කළ දිනයේ සිට මාස තුනක්‌ ඇතුළත දෙවැනි වරටත් එන්නත් කළ යුතුයි. ඊට පස්‌සේ තමයි අවුරුද්දෙන් අවුරුද්දට එන්නත් කළ යුතු වන්නේ.

    ජලභීතිකාවේ ඛාණ්‌ඩ දෙකක්‌ තිබෙනවා. ඉන් එකක්‌ තමයි සපා කන ජලභීතිකා රෝග තත්ත්වය. අනික තමයි සපා කන්නේ නැති රෞද්‍ර නැති නිහ`ඩ ජලභීතිකාව එහිදී සතා කටේ අත දැම්මත් සපා කන්නේ නෑ. නමුත් එම ජලභීතිකාවත් බෝවන්න පුළුවන්.

    සුනඛයෙකුට නිශ්චිතවම ජලභීතිකාව තිබේද කියා කිව හැක්‌කේ එම සතාගේ හිස කෙ`දන් වෙන් කරලා අයිස්‌ තුළ තැන්පත් කරගෙන ගිහින් එම සතාගේ මොළයේ කොටස්‌ පරීක්‍ෂණයට භාජනය කිරීමෙන්ම පමණයි.

    එම පරීක්‍ෂණය සිදුකළ හැකි ස්‌ථාන දෙකයි ලංකාවේ තිබෙන්නේ. එකක්‌ ගාල්ල කරාපිටිය රෝහලේ සහ අනික්‌ ස්‌ථානය බෙරැල්ල (එම්. ආර්. අයි.) ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් පමණයි.

    එහිදී සුනඛයාගේ හිස කෙ`දන් වෙන් කළ යුත්තේ එම මළ සිරුරු නරක්‌වීමට පෙර ආරක්‍ෂක අත් වැසුම් පළ`දා ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් පසුවයි.

    මා ගැන පුද්ගලික තොරතුරු යමක්‌ කියනවා නම් පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබා පශු වෛද්‍යනිලධාරියකු ලෙස සේවය කරනා මගේ උපන් ගම දික්‌වැල්ලයි. විවාහක මා දැනට නිට්‌ටඹුවේ පදිංචිව සිටිනවා. මට පුතාලා තුන්දෙනෙක්‌ සිටිනවා.

    2007 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහනට මා දායක වන්නේ 2009 වසරේ සිටයි. මේ වන විට සැත්කම් ලක්‍ෂයක්‌ විතර මම තනිවම කරලා ඇති. ඒ හරහා අසූ ලක්‍ෂයක්‌ පමණ අයාලේ යන සුනඛයින් බිහිවීම මම මගේ වෘත්තීය හරහා නතර කර තිබෙනවා.

    සාමාන්‍යයෙන් අප දිනකට සැත්කම් 120 ත් 130 ත් අතර කරනවා. දිනකට සැත්කම් 150 ක්‌ කරන දිනත් තියෙනවා.

    මේ වැඩසටහන නැත්නම් අයාලේ යන සුනඛයන් බෝවීම පාලනය කරන්න විදියක්‌ නෑ. දැන් සුනඛයන් මරන්නෙත් නෑ. ඒ නිසා අපි මේ වැඩසටහන නොකරනවානම් අයාලේ යන සුනඛයන්ගේ බෝවීම පාලනය වන්නට කිසිම ක්‍රමයක්‌ නෑ.

    දල වශයෙන් සුනඛයෙකුට අපි කරන මේ සැත්කමට වැය වන්නේ රුපියල් දහසක්‌ වැනි මුදලක්‌ පමණයි.

    නමුත් පිස්‌සු බල්ලෙක්‌ සපා කෑවාම මිනිසුන්ට විදින ඇන්ටි සීරම් එන්නත රුපියල් තිස්‌ හතළිස්‌ දාහක්‌ වනවා.


    උපුටා ගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය


    නිවසට සුරතල් බලුපැටියෙක් තෝරාගනිමු.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    issara school yana kaale nam balu van eken awilla alinta injection gahanawa wage ulakin injection ekak damala gahanawa. passe van eke aran yanawa.
    :oo::oo::oo: