පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

මේ දවස් වල මට ටිකක් විතර වැඩ අඩු වෙලා තියෙන්නේ. ඉතින් පහුගිය දවස් වල අලුත් පොස්ට් ටිකකුත් එලකිරියට දැම්මා. ඒ වගේම ඒවාට ඔයාලගෙනුත් හොද ප්‍රතිචාර තිබුනා
මගේ පරණ පොස්ට් මෙතනින් බලන්න
~~~ Russian Airshow 2015 ~~~
රුසියානු SU-30 ගුවන් යානා
ඔන්න අද ගෙදර ඉන්න දවසේ පොඩි වැඩකට ඇත ගහන්න කියලා හිතුවා. ඒ වගේම පහුගිය දවස් වල MP3 මොඩියුල් එක ගැන එළකිරියේ පොස්ට් ටිකකුත් දැක්කා. කොහොම උනත් මම මේක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.
ඔන්න එහෙනම් මුලින්ම කතාව කියල ඉන්නම් .
අපේ ගෙදර මෙන්න මෙගේම බාන්ඩයක් තිබුන, මේක දැන් නම් අවුරුදු 20 කටත් වඩා පරණයි. දන්නා එවුන් දන්නවා ඇති ඒකාලේ ඉතින් ඕව සුපිරි බඩු. මියුසික් කොලිට් එකත් සෑහෙන්න හොදයි
ඔන්න දැන් ඉතින් ඉතින් එකේ රටේ නැති ලෙඩ. පහුගිය කාලේ ඕක පැත්තකට දාල තිබිලා කුබි පදිංචි වෙලා. සර්කිට් එකත් හොදටම damage වෙලා තිබිලා යන්තම් හැදුවා.
හැබැයි දැන් නම් සෙට් එකේ ලොවෙත් නැති ලෙඩ. (ඕඩියෝ Amp එක පැත්ත විතරයි හරියට වැඩ කරන්නේ). දැන් රේඩියෝ එක ටියුන් කරන්නම බෑ , ජර බර ගානවා. යන්තම් ටියුන් කරගත්තත් ටිකක් වෙලා අහනකොට ෆ්‍රීකන්සි එක වෙනස් වෙනවා. හරියට චැනල් අහුවෙන්නෙත් නෑ , දැන් ඕකට දාන්න කැසට් ඇත්තෙත් නෑ.
ඉතින් ඔය හේතු ටික නිසා ඕක බොහොම දුක්කිත තත්වයකට පත් වෙලා ගෙදර කට්ටිය පයින් ගගහ තමයි තිබුනේ

මේ දවස් වල trend එක USB නිසා ඔන්න ඕක අස්සේ අපේ තාත්තාට පෙන් එකක් ගහන්න පුළුවන් set එකක් ගන්න ආසාවක් ඇවිල්ලත් තිබුනේ
ඔන්න ඉතින් මම සියලු කාරනා සලකා බලලා ඕකට USB MP3 මොඩියුල් එකක් ගහන්න තීරණය කළා .
මුලින්ම මේක ගත්තා. මට ඕක ගන්න ගියේ රුපියල් 350/= යි (පිට කොටුවේ පලවෙනි හරස් වීදියේ තියෙන එලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩ හැම එකකම වගේ තියෙනවා. මම ගත්තේ යුනිටෙක් එකෙන්)
තව මෙන්න මේ බඩු ටිකත් ඕන උනා. මොකද අපේ MP3 මොඩියුල් එක වැඩ කරන්නේ 5V වලින්. ඒ නිසා එකට පවර් දෙන්න 5v රේගියුලේටර් පරිපථයක් හදාගන්න වෙනවා
1. 7805 රේගියුලේටර් - 01
2. 33 uF Cap - 01
2. 0.1 uF Cap - 01
ඔන්න ඕක තමයි හැදුවේ
ඔන්න මම හදපු එක. පොඩියටම හදා ගත්තා. නැත්තම් අස්සට රින්ගවගන්න බැරි වෙනවා
රේඩියෝ එක කලි වලට ගලවන්න පටන් ගත්තා
ඔන්න දැන් තමයි හොදම කෑල්ලට ආවේ. මගේ රේගියුලටර් සර්කිට් එකට 12v විතර input එකක් රේඩියෝ එකේ බෝර්ඩ් එකෙන් දෙන්න තැනක් හොයාගන්න ඕන. ඔන්න ඉතින් මල්ටිමීටරෙත් ගහගෙන වැඩේ පටන් ගත්තා
බලනවා, බලනවා හරියට වෝල්ටේජ් එක එන තැනක් හොයාගන්න බෑ. අනිත් එක බෝර්ඩ් එකේ ලේබල් කරලත් නෑ. මේවා පරණ රේඩියෝ නිසා සෙර්කිට් එක හදලා තියෙන්නේ බේසික් එලෙක්ට්‍රොනික් component වලින්. පවර් එන පාත් එක හොයා ගත්තාට රෙක්ටිෆයි වෙලා smoothing cap හරහා එන පාත් එක හොයා ගන්නම බෑ, එක එක තැන වල එක එක වෝල්ටේජ් පෙන්නනවා. ඉතින් එහෙම තැනකින් අවුට් එකක් ගත්තොත් පස්සේ එන ලෙඩ හොයා ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට සෙර්කිට් එකට damage එකත් වෙන්නත් පුළුවන්. (චෙක් කරද්දී පොඩි short එකක් වෙලා ප්‍රෝටෙක්ෂන් වලට දාලා තිබුණු fuse එකකුත් ගියා)
ඔන්න දැන් වැඩේ අවුල. මම මල්ටිමීටරෙත් පැත්තකින් තියලා මොකද කරන්නේ කියල කල්පනා කරලා බැලුවා
ඔන්න එක පාරටම ටිකිරි මොලෙට ආව අයිඩියා එකක්.
අනිවාර්යයෙන්ම power amp එක ලගට regulate කරපු power එනවා. එක හොයා ගත්තොත් වැඩේ ගොඩ. අම්ප්ලිෆියර් IC එක නම් හොයා ගත්තා. ඒ උනත් කොහොමද power + එකයි GND එකයි හොයා ගන්නේ. මල්ටිමීටරේ පින් එකෙන් පින් එකට ගගහ හොයන්න ගියොත් IC එකත් පුච්චගන්න වෙන්නේ
ඕකටත් පොඩි වැඩක් තියෙනවා. මම IC එක බලලා එකේ Datasheet එක download කරගත්තා. මගේ IC එකේ datasheet එක මෙතනින් බලාගන්න.
ලෝකයේ ඕනෑම එලෙක්ත්රොනික් component එකකට එකේ නිෂ්පාදකයා datasheet එකක් දෙනවා . එකේ ඒ component එක ගැන සියලුම විස්තර තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ සයිට් දෙක
www.datasheetcatalog.com
www.alldatasheet.com

පින් දෙක චෙක් කරලා බැලුවා . 11v විතර එනවා . වැඩේ ගොඩ. ඊට පස්සේ PCB එක drill කරන්න පුළුවන් තැනක් බලලා මේ වගේ හිල් දෙකකුත් ගහ ගත්තා
හරි. මගේ 5v රේගියුලේටර් පරිපථයක එතනට පාස්සලා දැම්මා. ඔන්න බලන්න
දැන් ඉතින් මගේ module එක ගහලා රේඩියෝ එකේ පවර් ඔන් කරලා බැලුවා. වැඩේ ගොඩ. ඔන්න දැන් මගේ පලවෙනි පියවර සාර්ථකයි.
ඊට පස්සේ රේඩියෝ එකේ AUX IN එක හොයාගෙන එකට MP3 module එකේ අවුට් එක පෑස්සුවා. ඇන්ටනාව එන තැනත් බලලා එතනටත් වයර් එකක් පෑස්සුවා. module එක ගහලා චෙක් කරලත් බැලුවා. සුපිරියටම වැඩ. කිසි අවුලක් නෑ. දැන් ඉතින් වැඩේ ඉවරයි වගේ

ඔන්න අන්තිමට මම රේඩියෝ එක assemble කරන වැඩේ පටන් ගත්තා. කියන්න දුකයි පින්වතුනි ඕඩියෝ වයර් ටික දිග මදි

(අපි ඉතින් පුවක් ගහකට නැගගත් දෙබලක් නේ 

)
අයෙත් ඉතින් මුල ඉදලම වයර් ටික ගලවලා කෑලි ටිකක් ජෝයින්ට් කලා. දැන් ඉතින් මෙහෙමයි
කියන්න අමතක උනා. MP3 module එක හයි කරන්න රේඩියෝ එකේ ඉස්සරහ පැත්ත මෙන්න මේ වගේ කපා ගත්තා.
දැන් ඉතින් assembling පාර්ට් එක
ඔන්න වැඩේ ඉවරයි

දවසම ගියා වැඩේ ඉවර කරගන්න. කරන අතරේ ඔයාලවත් මතක් වෙලා පොටෝ ටිකක් ගත්තා එළකිරියේ දාන්න.
වැඩේ ඉවර උනාම බඩු මෙහෙමයි. පැය දෙකක් විතර සද්දෙට දාල තියල බැලුවා අවුලක් තියෙනවාද කියලා. සිරාවටම බඩු වැඩ. සන්තෝසයි.

ඉතින් ඊට පස්සේ මහන්සි නොබලාම වේගෙන් මැෂින් එක ලගට ආවා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න .

මම හිතනවා ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇතියි කියලා. ඉතින් ඔයාලා රෙප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න.
ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම්, දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මෙතන පොස්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් විදියට උදවු කරන්නම්.
හැමෝටම සුබ දවසක් .....!

)අයෙත් ඉතින් මුල ඉදලම වයර් ටික ගලවලා කෑලි ටිකක් ජෝයින්ට් කලා. දැන් ඉතින් මෙහෙමයි

Last edited: