බොන්සායි පැලයක් හදමු...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...
    ...Bonsai පැලයක් හදමු...

    ඔන්න සහෝලා මම බොන්සායි 2 වෙනි ත්‍රෙඩ් එකත් දාන්න යන්නේ..මුලින්ම කියන්න ඕනේ මට මේ ගැන තියෙන්නේ Basic Knowledge එකක් විතරයි..අනික මචන්ලා මට ටයිප් කර කර ඉන්න වෙලාවක් නෑ මගේ ජොබ් එකත් එක්ක..ගොඩක් අය මේකට උනන්දු බව පෙනුන නිසා මේක දාන්න හිතුනා..හැබයි මේ ටික නම් මම නෙට් එකේ හොයලා ගත්තු විස්තර ටිකක්..මේකේ සැබෑ ගෞරවය මෙහි මුල් රචකයා සතුයි..​

    මෙන්න මගේ පලවෙනි ත්‍රෙඩ් එක..බලපු නැති අය බලන්න​

    http://www.elakiri.com/forum/showthread.php?t=1711386


    c4j5k62.jpg

    බොන්සායි කලාව සදහා ශාඛ තෝරා ගැනීම​

    බොන්සායි කලාව සදහා සැම ශාඛ වර්ගයක්ම යොදාගත නොහැකි අතර තද අරටුව සහිත පොත්ත රළු කාෂ්ඨිය ශාක යොදාගනී. මෙයිනුත් සුලැගිල්ල තරම්වත් කද මහත්වු අතු බෙදි පවතින පැලයක් තොරාගතයුතුවේ. පැලය තොරාගැනීමේදී බොන්සායි විලාසිතා අනුව හැඩ ගැස්විමට සුදුසු පරිදි අතු හා මුල් පිහිටා අැති ශාකයක් තොරාගතයුතුවේ. 'තාල වර්ගයෙ ශාඛ' හා අරටු රහිත ශාඛ බොන්සායි කලාව සදහා යොදානොගනි. නමුදු මැත කාලයෙ විශේෂ විධි උපයොගී කරගනිමින් එම වර්ගයෙ ශාක සකසා අැති නමුත් එවා බොන්සායි කලාවෙ අර්ථානුකුලව බොන්සායි ශාඛ ලෙස නොසලකයි.
    ගල් මත වැඩුනු, ගොඩනැගිලි මත වැඩුනු, වන ගතව දුෂ්කරව රලුව පදුරැ ලෙස වැඩුනු ශාක මෙන්ම බදුන් ගතව කලක් තීබි රළු වු කාෂ්ටිය ශාඛ පහසුවෙන් බොන්සායි කලාව සදහා යොදාගත හරකිවේ. එමෙන්ම අතු පැල කිරීම මගින් බීඡ සියුවීම මගින් ලබාගන්නා පැල තරමක් වර්ධනයවී අතු බෙදුනු විට බොන්සායි කලාව සදහා යොදාගත හැකි අතර මෙවා තරග සදහා ඉදිරිපත් කිරිමෙදි මෙන්ම වෙලද පොලට ඉදිරිපත් කිරිමෙදි නිශ්චිත වයස දන්නා බැවින් වැඩි අගයක් හා වටිනාකමක් හිමිවෙ.
    යොදාගත හැකි ශාඛ සදහා උදාහරන කිපයක්


    1. වන ගත ශාඛ - නුග, නා, අැට්ටෙරිය, පලු වීර, මා දං, අැහැල අාදිය
    2. දැවමය වටිනාකම් සහිත - තෙක්ක, කළුවර, නැදුන්, සියඹලා අාදිය
    3. බෙහෙත් ශාඛ - කොහොඔ, රණවරා, බෙලි, නෙල්ලි අාදිය
    4. පලතුරැ ශාඛ - අඔ, පෙර, රඔුටන්, දොඩම්, දිවුල් අාදිය


    බොන්සායි කලාව සදහා තොරාගත් ශාක සුදානම් කර ගැනීම​

    ශාකයක් තොරාගත් පසුව එම ශාකය බොන්සායි බදුන තුල සිටුවීමට සුදුසු පරිදි සැම දිශාවකටම විහිදුනු මුල පද්දතියක් සුදානම් කරගතයුතු වනවා. මෙය තරමක කාලයක් ගතවන කටයුත්තකි. බොන්සායි ගසක් පැතලි බදුනක සිටුවන නිසා මෙය සිදු කිරිම අත්‍යවශ්‍ය වේ. ගසක පොෂක ලබා ගැනිම රදා පවත්න්නෙ මුල මණ්ඩලය මතයි. එම නිසා ශක්තිමත් හා ක්රමානු කුල මුලමණ්ඩලයක් සකසා ගත යුතුයි. බිම පවතින ශාඛයක් නම් මුලින්ම ස්ටයිල් එකක් අනුව හැඩ ගස්වා පසුව රැට් බෝල් ක්රමයට ගලවා ගත යුතුයි. බදුනක පවතින පැලයකුත් මුලින් හැඩ ගස්වා පසුව මුල් කප්පාදු කල හැකි. මුලින් හැඩ ගැස්විම වාසිදායක වන අතර පසුව හැඩ ගැස්විමද කල හැකි. අගල් එකක පමන හරස් කඩක් සහිත ශාකයක මුදුන් මුල අගල් 1.5-2 පමන තබා කපාහැරිම මගින් පහසුවෙන් පැතිරැනු මුල මණ්ඩලයක් වැඩිමට සැලැස්විය හැකී. හොද දැනුමක් සහිතනම් මුදුන්මුල නොකපා නැවිම මගින් උවත් පැතුරැනු මුල මණ්ඩලයක් ලබා ගැනිම සිදු කල හැකි. කෙසේනමුත් මුල මණ්ඩලය තරමක් හො කප්පාදු කිරිමක් සිදු කල යුතු අතර අගල් පහක හරස්කඩ සහිත ෂාකවල හැර අනෙක් ප්රමානයෙ ශාක සදහා අවම අගල් 2 පමන මුලමණ්ඩලය දිග (යටි අතට) තිබිය යුතු බවට සපකනවා. මුල්වල හරස් අත දිග සිටුවන බදුනෙ ප්රමානයට තරමක් අඩුවියයුතු වෙ. මෙම ප්රමාන ගසේ කදේ ප්රමානය අනුව වෙනස් කර ගත යුතු අතර උපරිම (1m පමන උස නිර්මාන සදහා) යටි අතට දිග අගල් 5කි. වර්ථමාන නිර්මාන කරැවන් මුදුන්මුල සම්පුර්ණයෙනම ඉවත් කර පාර්ෂව මුල් වර්ධනය කිරිමෙ ක්රමවෙදයක් භාවිත කරන අතර එම කටයුත්තෙදි වන සුලු අතපසු විමක්න් උවත් ශාඛයට තද බල හානියක් හො අස්වාභාවික ඉදිමුණු ස්භාවයෙ විකලාංග තත්වයක් අැතිවිය හැකී. සාර්ථක වු එම ක්රමවෙදයෙන් මනා නිමාවකින් යුතු මුල පද්දතියක් සැකසේ. මුල් කප්පාදුවෙන් පසු අළුත් මුල් වර්ධනය විමට ශාකය අනුව ශාකයට ගැලපෙන පසක සිටුවා තැබිය යුතුවේ. නැවත දළු දමා ශක්තිමත් වන තුරැ මෙසෙ තැබිය යුතු වේ.

    බොන්සායි ශාඛ සදහා බදුනක් සුදානම් කර ගැනීම​

    බොන්සායි ශාඛ සාමාන්‍ය මල් පොච්චි තුල වවන්නෙ නැ. පැතලි බදුනක් තොරාගත යුතුයි. මේ සදහා සිමෙන්ති, මැටි, පොසිලෙන්, ගල් වර්ග වලින් සැදු බදුනක් තොරාගත හැකී. බොන්සායි ගසෙන් ගසට බදුන තොරා ගැනිම වෙනස් වෙනවා. යොදා ගන්නා බදුන වඩා විසිතුරැ දිලිසෙන මතුපිට සහිත නොවිය යුතු අතර ශාඛය මතු කර පෙන්වීමට උදව්වක් වියයුතු වේ. සරල චාම් කුඩා විසිතුරැ රටාවක් තිබිම එතරම් ගැටළුවක් නොවන නමුත් ශාඛය ඉක්මවා බදුන කැපි නොපෙනිය යුතු වේ. Cascade Style බොන්සායි සදහා අඩියක් පමන උස බදුනක් භාවිතා කලද අනෙක් ස්ටයිල් සදහා අගල් 1,2,3... විෂාල නිර්මාණ සදහා 5,6 තෙක් භාවිතා කරයි. ගසේ උසෙන් 2/3 වඩා බදුන පලල් විම සුදුසු නොවන අතර ගසේ ස්භාවය, අවශ්‍ය තාවය අනුව ගැලපීමක් අැත්නම් වඩා වැඩි විම ගැටළුවක් නැත. බදුන මතුපිට සුමට විම හා මනා නිමාවකින් යුතු විම ශාඛයට මනා සන්සුන් පෙනුමක් ලබා දේ. බදුන ලෙස ගල් පතුරැ හො ස්ලැබ් යොදා ගන්නෙනම් එවාද ශාඛයට ගැලපෙන අයුරැ විය යුතු වේ. බදුන් මනා වර්ණයකින් වර්ණ ගැන්විය යුතු අතර එම වර්ණය බොන්සායි ශාඛය ඉක්මවා බදුන ඉස්මතු කිරීමට සමත් නොවිය යුතු වේ. තොරා ගන්නා බදුන් හතරැස්, සෘඡු කොණ, රවුම්, ඔවලාකාර, ෂඩශු විය යුතු අතර විවිධ හැඩ සහිත බදුන් තොරා නොගත යුතු වේ.

    1. සිමෙන්ති බදුන් - පහසුවෙන් හා මිල අඩුවෙන් සදාගත හැකිවේ. සිමෙන්ති කොටස් 1ට වැලි කොටස් 3 දමා වතුර ස්වල්පයක් දමා අනා ගන්න. අවශ්‍ය බදුනෙ හැඩයට කොටස් සාදාගෙන අලවා ගන්න. උදා හරනයක් ලෙස පැති හතර බදුනකට පැති හතර හා ඡලවහන සිදුරැ සහිතව අඩිය කොටස් වෙනම පැතලි ලැලිලක් මත හදා ගන්න. පසුව කොටස් සිමෙන්ති දියකර අලවා ගන්න. වියලුනු පසු නැවත සිමෙන්ති තට්ටුවක් අාලෙප කර එය ඉතා හොදින් වියලුනු පසු දින කිපයක් තබා සුදුසු තින්ත වර්ගයකින් වර්ණ ගන්වා ගන්න. ඉන් සතියක් පමණ ගියපසු පැල සිටුවිමට සුදුසු තත්වයට බදුන පත්වේ.
    2. මැටි බදුන් - සැදිම පහසුවන අතර නිසි ලෙස පුළුස්සා ගතයුතුවේ. නැත්තම් ඡලය යෙදු විට දියවියා හැක. දිලිර අාදිය නොවැඩිමට යම් අාලෙපයක් යෙදිම අනිවාර්ය වෙ.
    3. පොසිලෙන් බදුන් - මිල අධිකවන අතර බදුන පහසුවෙන් නඩත්තු කල හැකි වේ.
    4. ගල් වර්ග වලින් සැදු බදුන් - ගල් වර්ග කපා සාදන බදුන් මිල අධික වන අතර තරමක දුර්ලබ වේ.
    5. ප්ලාස්ටික් බදුන් - මිල අඩු වන අතර ශක්තිමත් භාවය හා කල් පැවැත්මද අඩුවේ. බොන්සායි නිරිමාණ සදහා භාවිතා කලද වඩා වටිනා පෙනුමක් හා අගයක් මෙමගින් බොන්සායි නිර්මාණයන්ට නොලැබේ.
    6. ස්ලැබ් හා ගල් පතුරැ - මිල එතරම් අධික නොවේ. විකිණිමට නොමැති නිසා ස්ලැබ් සාදා ගත යුතු අතර ගල් පතුරැ සුළු මුදලකට ගල් කඩන තැන් වලින් සපයා ගත හැක. සැම ස්ටයිල් එකක්ම හා සැම ශාඛයක්ම මේ මත වගා කල නොහැකි විම ගැටළුවකි.


    පැල සිටවු පසු බදුන් නඩත්තු කිරීම​

    බදුන මත / වටට මඩ කුණු අාදිය ගැවී තිබිම බොන්සායි නිර්මාණය අවලස්සන කරයි, එබැවින් පිරිසිදුව උස් ස්ථානයක බොන්සායි පැල තැන්පත් කරන්න.
    බදුන මත පාසි දිය සෙවල දිලිර වැවෙනවානම් එම බදුන සුදුසු නැත. ශාඛය වෙනත් බදුනකට මාරැ කරන්න. සුළු වශයෙන් වැවි අැත්නම් ඡිවානු හරනය කර වියලා තින්ත හො වෙනයම් සුදුසු අාලෙපයක් යොදා නැවත භාවිතයට ගත හැකි අතර නැත්තම් භාවිතයෙන් ඉවත්කිරිමද කල හැක.
    බදුන ඡලය උරා තෙත්ව පවතිනම් එ පිලිබද සැපකිලිමත් වියයුතු වේ. දිලිර අාසාදන අැතිවිමට එය හෙතුවක් විය හැකිය.


    බොන්සායි පස් මාධ්‍ය සකසා ගැනීම​

    බොන්සායි ගසකට සිටුවන පස් මාධ්‍ය ඉතා වැදගත් වේ. පස්මාධ්‍ය මගින් ගසේ වර්ධනයට බලපැම් කල හැකි අතර පැරණි පෙනුමක් එන පරිදි මෙරිමද පාලනය කල හැක. බොන්සායි පස කියා විෂේෂ පසක් නොමැති අතර එ සදහා පසක් අප විසින් සකසා ගතයුතු වේ. ඉතා හොදින් වතුර බැසයන හා ඡලය යෙදිම් වාර දෙකක කාලයක් තුල වියලිමට ලක් නොවි ගසට අවශ්‍ය ඡලය රදවා තබාගත හැකි, අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ මනාව සපිරි පසක් මෙ සදහා සුදානම් කරගත යුතුවේ.
    1 මුලික අදියරදි වලදි පස් මාධ්‍ය - වැලි 1 , පස් 1, කොම්පොස්ට් + ගොම + කාබනික කොටස් අාදිය භාගයෙ සිට 1 දක්වා ගසේ අවශ්‍යතාවයට
    2 බොන්සායි ලෙස බදුන්ගත කිරිමෙදි වැඩි දියුනු කල විශේෂ පසක් සැදිය යුතු වේ. සාම්පරදායික ඡපන් ක්රමවෙද සදහා යොදන සියළු දව්‍ය අප රටෙ නොමැති නිසා දැනට මෙ සදහා සම්මතයෙන් භාවිතවන දෙවල් හදුනා ගනිමු ,,,,,,
    *ගඩොල් (ඡලය උරන නමුත් දිය නොවන එවා විය යුතුයි.)
    *ගංගා වැලි
    *කැටමය රතු පස්
    *දර අගුරැ
    *වියලි ගොම හො කොම්පොස්ට් කැබලි
    *** පස සකසන (සම්මත) අයුරැ. - මෙ සදහා 1/2, 1/4, 1/8, 1/16, 1/32 යන ප්රමාන වලින් කම්බි දැල් යොදා හදා ගත් පස් හලන පෙනෙර අවශ්‍ය වෙ. වැලි හා පස් හැර අනෙක්වා කැට සිටින පරිදි වෙන වෙනම කුඩු කරන්න. එක් එක් වර්ගය පහත පරිදි හලා ගන්න 1/2 දැලෙන් හලා ඉතුරැවන පස් නැවත කුඩු කර හලන්න. ගල් නම් ඉවත් කරන්න. 1/4 දැලෙන් ඉතුරැවා හලන්න. ඉතුරැවන පස පලමු පස් කාණ්ඩය වන අතර එවා වෙන් කර තබන්න. 1/8, 1/16, 1/32 යන දැල්වලින් හලා ඉතුරැවන පස් වෙන්කර තබන්න. 1/32 දැගෙන් හැලී ඉවත්ව යන පිටි වැනි සිහින් පස් බොන්සායි සදහා අවශ්‍ය නොවන බැවින් ඉවත දමන්න.(මීවන ශාඛ සිටුවිමට සුදුසුයි මෙම සිහින් පස)
    **මෙසෙ සකසා ගත් පස් වර්ග වලින් ගසෙ අවශ්‍යතාවයට අනුව (අනුපාතවලින් )වෙන් කරගත් ප්රමානවලින් 1/4 දැලෙන් ඉතුර වු එවා වෙනමද 1/8 දැලෙන් ඉතුරැ එවා වෙනමද ලෙස *පස් කාණ්ඩ 4ක් ලෙස සකසා ගන්න.


    ශාඛය බදුන්ගත කිරිම​

    කලින් පාඩම්වල පරිදි සුදානම් කරගත් පැලය තරමක පස් කුට්ටියක් මුල් වල රැදි තිබෙන පරිදි පරිස්සමින් ගලවා ගන්න. දිග මුල් තරමක් කපා දමන්න. බොන්සායි බදුනෙ අඩියෙ ඡලවහන සිදුරට සෙවන දැල් කැබැල්ලක් දමා වසන්න. එය සෙලවෙනවානම් කම්බි ලුපයක් අාධාරයෙන් රදවා ගන්න. මෙහි කලින් පොස්ටුවක එය හදන සැටි තිබුනි. අඩියට 1/4 දැලෙන් හැලි ඉතුරැවු පස් මාධ්‍ය දමන්න. එය මත පැලය තබන්න. අනෙක් පස් සයිස් පිලිවෙලින් තට්ටු වශයෙන් යොදන්න. අවසාන තට්ටුව 1/32 වන කුඩා පස් ප්මානය වේ. කුරටියක අාධාරයෙන් පැලයෙ පස් කුට්ටිය (අගින්) හා බොන්සායි පස් මාධ්‍ය මිශ්ර වන අයුරින් පසට අනිමින් තද කරන්න. පැලය සෙලවෙනවානම් කම්බියක් අාධාරයෙන් පොච්චියට බදින්න. මතුපිටින් පාසි පිඩලි අල්ලන්න. ඉන්පසු පරිස්සමින් ඡල බදුනක ගිල්වා උඩට ගෙන හො ඡලය ඉස හොදින් පස තෙමන්න. සති තුනක් පමන සෙවන ලබාදී අවුවට හුරැ කරන්න.

    කප්පාදුව හා අතු වයර් මගින් බැදීම​

    බොන්සායි කලාවෙ සැම දෙයක්ම මෙවන් කුඩා පොස්ටුවකින් ඉගැන්විය නොහැකි. මුලික කරැණු ඉගැන්විය හැකි අතර අත්දැකිම් හා වැඩිදුර ඉගෙනිම මගින් ඉතා හොදින් මෙම කලාව ප්රගුන කල හැකි. වඩා වැදගත් වන්නෙ සුළුවෙන් හො පටන් ගැන්මයි. විවිධ නිර්මාණ ශිල්පීන්ගෙ විධි ක්රම වෙනස්වෙ. ගසක් යනු ස්භාවධර්මයෙ අපුරැ නිර්මාවයක් වු ඡිවි වස්තුවක් බව සිහි තබාගෙන කටයුතු කිරිම මගින් වඩා හොද නිර්මානයක් බිහි කර ගත හැකිවේ.

    කප්පාදුව​

    කප්පාදු කරන අවස්ථා සලකා බලමු
    1. ගසක් බොන්සායි කරන මුල් අවදියෙ - ශක්තිමත් කෙටි විසිරැනු මුල මණ්ඩලයක් සකසා ගැන්මට, ස්ටයිල් එකක් අනුව අතු හා කද සකසා ගැන්මට, තනි උස කදක යටින් අතු ලබා ගැන්මට, අතුවල පාර්ෂවිය අතු වර්ධනය කර ගැන්මට.

    2. ස්ටයිල් කර වැඩ නිම වු බොන්සායි ගසක - නැවත බදුන්ගත කිරිමෙදි මුල මණ්ඩලය කප්පාදු කිරිම, ස්ටයිල් එක වෙනස් නොවන පරිදි පවත්වා ගැනිමට කරන කප්පාදුව, මල් හා ළුල දරා අවසන් වු විට කරන කප්පාදුව...

    මුල මණ්ඩලය සකසා ගැන්මට කරන කප්පාදුව ගැන මම කලින් තරමක සවිස්ථර විස්ථරයක් ඉදිරිපත් කල නිසා අනෙක් කප්පාදු විධි ගැන සලකා බලමු. ගසක් කප්පාදු කිරිමට සුදුසු කාලයක් පවතිනවා. සමහර ගස් දළු දමා වර්ධනය වන අවස්ථාවෙද, සමහර ගස් අක්රියව පවතින අවස්ථාවෙද, සමහර ගස් ඔනැම කාලයකදිද කප්පාදු කල හැකි. සුදුසු කාලය ගස් වර්ගයෙන් වර්ගයට වෙනස්වන අතර ගස් වර්ගය පිලි බද සොයා බලා කප්පාදුව අාරම්භ කරන්න. මේ සදාහා සෙකටියරයක්, පොඩි කියතක්, පිහියක් වැනි උපකරන කිපයක් අවශ්‍යතාවය අනුව බාවිත කල හැකි. පදුරක් ලෙස නිදහසේ වැඩුනු ගසක් නම් මුලින් එහි අතු පිහිටිම, කදෙ ස්භාවය හා මහත, බෙන, වියලි අතු, පැලුම්, පොත්ත මිය ගොස් විවෘර්ථ වු ස්ථාන අාදිය පවතිද යන්න සලකා බලා ස්ටයිල් එකක් තිරනය කර ගන්න. ඉන්පසු ස්ටයිල් එකට අවශ්‍ය අතු ඉතුරැ කර අනවශ්‍ය අතු පමනයි කපා දමන්නෙ. අවම හානියක් වන විදියට තමයි කප්පාදුව කරන්නෙ, ගසට අවශ්‍ය අාහාර නිපදවා ගැනීමට මුල්, කොල හා අතු අවශ්‍යයි. අතු තුල ගබඩා වු අාහාර සංචිත යම් තරමක් හො බොහො ගස් තුල පවතිනවා. යටම අතු මහතටත් උඩට යන්න මහත අඩු වන පරිදි අතු පිහිටන විදියට අතු කප්පාදු කරන්න ඔන. මෙවන් ශාඛ සුදුසු මට්ටමෙ පවතිනම් වයර් කිරිම එම මොහොතෙම කල හැක. කද උසට වැඩි උඩින් අතු පවතින ශාඛයක කද කොට කිරිම හා අතු ලබා ගැන්මට කදෙ මහත සලකා බලා සුදුසු උසක් තිරනය කර කද කපා දැමිම සිදු කරයි. පසුව එම කදින් වරධනය වන අතු ස්ටයිල් එකකට අදාලව අවශ්‍ය වන අතු ඉතුරැ කර අනෙක්වා පරිස්සමින් ඉවත් කරන්න. ප්රධාන කදින් අා අතුවල පාර්ෂවිය අතු ලබා ගැනීමට අගිස් කප්පාදුව හා හිරැ එලිය ලබා දෙන්න. හොදින් අතු වැඩුනු පසු වයර් කර ස්ටයිල් එකට හැඩ ගැස්විය හැක.


    ස්ටයිල් එකකට හැඩ ගැස්විම සදහා වයර් කිරිම​

    වයර් එතිම සිදු කරනු ලබන්නෙ අතු කද ස්ටයිල් එක අනුව හැඩ ගස්වා ගැනීම සදහායි. (මෙය ප්රායොගිකව ඉගැන්විය යුතු කරැනක් වන අතර නවකයන්ට අවශ්‍ය මුලික සිද්දානත කිපක් පමනක් දක්වමි) මෙ සදහා තඔ, අැලුමිනියම් කම්බි සුදුසු වේ. යම් අත්තක 1/3 පමන ගනකම් කම්බි අත්තක් හැඩ ගැස්විම සදහා සුදුසු ගන කම වේ. කදට හා අතු වලට වෙන වෙනම කම්බි එතිම කල යුතු වේ. අංශක 45 පමන කොණයක් සිටින පරිදි අංකුර, අතු, දළු බෙරා කම්බිය එතිම කල යුතු වේ. කදට පස තුල සිටද, අතු වලට ප්රධාන කදෙ සිටද, පාර්ෂවිය අතු වලට අත්තෙ සිටද එතිම අාරම්භ කල යුතු වේ. ඉන්පසු ස්ටයිල් එකට අවශ්‍ය පරිදි අත්ත නවා හැඩ කල හැක. දළු දමන අවස්ථාවෙදි අතු නැවීම මගින් අතු කැඩිමෙ අවධානම අඩුවෙ.

    බොන්සායි ශාඛයක් හා කප්පාදු පදුරක් අතර වෙනස​

    බොන්සායි ගසක් යනු විශාල ගසක කුඩා අාකෘතියකි. කප්පාදු පදුරක් යනු කප්පාදු කර කුඩා කරමින් සාදන ගසකි. එවැනි ගසක් කප්පාදු කර බොන්සායි ස්ටයිල් අනුව හැඩ ගන්වා බොන්සායි බදුනක් තුල සිටවුවාට එය සත්‍ය වශයෙන්ම බොන්සායි ගසක් වනවාද යන්න සිතා බැලිම ඔබට භාර කරමි. සාමාන්‍ය හොද බොන්සායි ගසක් සාදා ගැන්මට වර්ෂ 10ක්වත් අවම වශයෙන් ගතවෙ.

    බොන්සායි ගසක් ..........
    1. සාමාන්‍ය භුමියෙ පවතින ගසක් මෙන් මල් ඵල දරයි. ගසේ විශාලත්වය මත ගෙඩි වල ප්රමානය වෙනස් වෙ.
    2. දැකිමෙන් විශාල ගසක ස්භාවය හා හැගීම සිතට දනවන අතර අතු අගිස්වල කොල මට්ටම සම මට්ටමක නොපිහිටා ස්භාවික පරිසරයෙ පැරණි ගසක අතු වල මෙන් විෂමව පිහිටයි.
    3. පැහැදිලිව කද මෙරැ ස්භාවය දැක්මෙන් පිලිබිබු වෙ.
    4. නටු හා කොල ස්භාවයෙන්ම කුඩා වන අතර කොල කුඩා වි නටු මහතනම් කොල කතුරකින් කපා කුඩා කර අැති බව අවබොධ කරගත යුතුවෙ.
    5. බොන්සායි කිරිමට තොරාගත් ගස් වර්ගයෙ ස්භාවික ලක්ෂණ පෙන්නුම් කල යුතුවේ.
    6. කද මුල සිට අගට සිහින්ව තිබිය යුතු වෙ.
    මෙ අවම වශයෙන් සැලකිය යුතු කරැණු වෙ.
    කප්පාදු පදුරක .........
    1. කද මහත වුවත් එතරම් මෙරැ ස්බාවයක් නොදක්වයි.
    2. අතු අග සමතල මට්ටමක් මෙන්ම ව්විධ දිෂාවන්ට පාර්ෂවිය අතු පිහිටයි. පාර්ෂවිය අතු තුලද අතු අපිලිවෙලට මෙන්ම මහතට පිහිටයි.
    3. බොන්සායි නිති උල්ලංගනය වි තිබෙ.
    4. ඵල මල් දැරිම විස්වාස නැත.
    5. දැක්මෙන් කෘතිම ස්භාවයක් දිස්වෙ.
    6. කොල පාර්ෂවිය අතු මුල මෙන්ම කද මතද පිහිටයි.
    7. බොන්සායි ගසක් දැක්මෙන් ප්රිය වන අතර මෙය එම හැගීම ඡනිත නොකරයි.
    8. කොල විශාල වන අතර අර්ධව කැපි ගිය කොල තිබිය හැක. නටුව මහතට කොල කුඩාවට ගනකමට අැත්නම් කොල කතුරකින් කපා කුඩා කර අැති බව අවබොධ කර ගත හැක. සමහර වර්ග වල කොල එම ස්භාවය ස්භාවිකව දක්වන අතර එවැනි වර්ග සදහා මෙය අදාල නොවෙ.
    9 මෙවැන්නක් මිලදිගෙන බොන්සායි ගසක් බවට පරිවරිථනය කරගත හැකිනම් එතරම් ගැටළුවක් නැති අතර බොන්සායි ගසක මෙන් විෂාල වටිනාකමක් නොගෙවිය යුතු වෙ. මෙවැනි කද මහත පදුරක වෙලද පොල වටිනා කම 3000/= ත් 5000/= ත් අතර වෙ.


    බොන්සායි ගසක සමතුලිතතාවය හා විහිදිම, ඉදිරිපස, පසුපස, පැති පෙනුම​

    බොන්සායි ගසක් යනු සඡීවි කලා කෘතියකි. ශාඛ සැකසිමෙ කලාවට අදාලව නිති මාලාවක් පවතින අතර එ තුල පිහිටා ස්භාව ධර්මයෙ දැවැන්ත නිර්මානයක් වන විෂාල ගසක කුඩා අනුරැවක් වන සඡිවි කලාකෘතියක් නිර්මානය කිරිම බොන්සායි කලාවෙන් සිදුවෙ. දක්ෂ නිර්මාන ශිල්පියකුට චිත්රයක මෙන්ම බොන්සායි ගසකින්ද යම් අදහසක් අර්ථයක් පෙන්විමට තරම් හැකියාවක් තිබියයුතුවෙ. විවිධ ශාඛ වගාවන් පිලිබද අවබොදය මෙන්ම ගසක් කෙරෙහි සංවෙදි විය හැකි හදවතක් තිබිම නිර්මාණ ශිල්පියකු සතු වටිනා ලක්ෂණයකි. කටයුතු කරන්නෙ සඡිවි ශාඛයක් සමග බව සිහි තබාගෙන කටයුතු කිරිම මගින් වටිනා බොන්සායි ගසක් සකසා ගැන්මට හැකිවෙ.

    සමතුලිතතාවය හා විහිදීම
    ගැබුරැ මාතෘකාවක් වුවත් සරලව හැදින්වුවහොත් සිටුවා අැති බදුනත්, ගසත්, ඉදිරිපස පසුපස පැති පෙනුම අැතුව සියලු අංග ගැලපිමකින් යුතුව සමතුලිත විම මින් අදහස් වේ. විහිදිම යන්න මෙවන් පොස්ටුවකින් පැහැදිලි කිරිම අපහසු වුවත් සරලව පැවසුවොත් බදුනත් සමග ශාකය ගතහොත් බදුන පවතින ප්රමානය දෙසට විහිදිය යුතු අතර ස්ටයිල් එක අනුව නැත්නම් බදුනෙන් පිටතට නොවිහිදිය යුතු වේ. ශාඛය සිටුවා අැති තැනින් බදුන අනෙක් පසට නැබුරැවිමද තිබිය යුතු ලක්ෂණයකි. ශාඛය ගතහොත් කදෙ සිට අතු පිටතට විහිදිය යුතුවෙ, පැතලි තලයක නොව ත්රිමාන තලයක් පුරා විහිදි තිබිය යුතු වෙ. විහිදිම මගින් ශාඛයෙ ගැබුර පෙන්විම මනාව සිදුවේ.

    ඉදිරිපස
    ශාඛය දෙස බලන අයකුට දිස්විමට සකසන පැත්ත ඉදිරිපසවෙ. මෙයත් ඉතා ගැබුරැ මාතෘකාවක් වන අතර පොසටුවකින් සියල්ල දැක්විම අපහසුවෙ. මෙම ඉදිරිපස කොණයෙන් බලන අයකුට ශාඛය විනිවිද දැකිය හැකි විය යුතුවේ. විනිවිද දැකිම පිනිස අතු වල කොල කපා හිස් නොකරන අතර අතු සැකසිමෙ විධි හා නිති මගින් එම ලක්ෂනය අැති කරනු ලබයි.

    පසුපස
    මෙය ශාඛයෙ පසුපස කොටස වෙ. ඉදිරිපසට ප්රති විරැද්ද කොටසවන අතර ශාඛයෙ ගැබුර පෙන්විමට ඉවහල්වන පරිදි නිති උල්ලංඝනය නොවන පරිදි සැකසිය යුතුවේ. අතු පිහිටවිම සදහා නිති අැත.

    පැති පෙනුම
    දකුණ හා වම පැති දෙක මින් අදහස්වෙ. මෙහි මනා නිමාවක් හා නිති උල්ලංගනය නොවන පරිදි විහිදියාමක් තිබිය යුතු වෙ.


    බද්ද පැල හා ඵල දරන බොන්සායි පැල​

    සාමාන්‍ය තවාන්වල විකුණන (නිර්දෙෂිත රොපන දව්‍ය) බද්ද පැල බොන්සායි සදහා යොදා ගැනීමෙදී දිගුකාලීන විෂේශ විදි කිපයක් අනුගමනය කල යුතු අතර එවා පොස්ටුවකින් පැහැදිලි කල නොහැක. බද්ද සන්දිය ශක්තිමත් කිරිම සදහා එම පියවරවල් වැදගත් වෙ. ඉගෙනිම සදහා තරමක කලක්ද ගතවෙ. බොන්සායි සදහාම (අතු නැති නමුත් අවශ්‍ය ස්ථාන සදහා) විෂාල මෙරැ අතු බද්ද කරන විදි අැති නමුත් සංකිර්න මාතෘකාවක් නිසා පොස්ටුවකින් දැක්විය නොහැක. ඵල දරන බොන්සායි ගස් සදහා නඩත්තු විදි කලින් සදහන් කර අැති අතර මෙවා සැකසිමෙදි මෙවන් පොස්ටුවකින් ඉගැන්විය නොහැකි කරැණු රාෂියක් අැත. ගෙඩි අා පසු දුර්වල නොවිම සදහා මෙන්ම අතු කඩා නොවැටිම පිණිස අනුගමනය කල යුතු දෙවල් ප්රායොගිකව ඉගෙන ගත යුතුවෙ. නිසි අයුරින් බොන්සායි කල ගසක් නිසි වයසට මල් ඵල දැරිම සිචු විය යුතු අතර වාර්ෂිකව හො අදාල කාලයන් තුල මල් ඵල දැරිම සිදු විය යුතු වෙ. එසෙ මල් ඵල දැරැවත් වාරය හා අවාරය යන දෙක තුලද බොන්සායි ගසක් මල් ඵල දැරිම ගසෙ පොෂණ මට්ටම වැඩිවිම මත හා ශක්තිමත් භාවය(අරටුව අර්ථ ගන්වා නැත) වන සාමාන්‍ය තත්වයකි.

    c9sgkh0.jpg

    ඔන්න එහෙනම් මම ගියා..හැමෝම බම්පියක්වත් දාගෙන යන්න අනිත් අයටත් බලන්න..

    පුලුවන්නම් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න..මට රෙප් වලට වැඩිය ඒක වටිනවා..​
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    TFS macho
    meta awrudu 2,3kata kalin kiri hattiyak aran wede patan gaththata pele meruna nisa atharala damma
    this time khomahari karanna ona :)