රුසියාවට එරෙහිව තුර්කිය
රුසියාව විසින් සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්නට යොදා ගත් Su-24M වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානයක් තුර්කියේ ගුවන් සීමාව උල්ලංඝනය කලේ යැයි කියමින් තුර්කි ගුවන් හමුදාවේ යානාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ.එම සිද්ධිය සත්‍යයක් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ.නමුත් රුසියාව කියන්නේ ඔවුන්ගේ යානය තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකල බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධව රුසියානු ජනපති ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "ත්‍රස්තවාදීන්ගේ හවුල්කාරයෙක් පිටුපසින් පිහියෙන් ඇනීමක් ලෙසයි".තුර්කිය ත්‍රස්තවාදීන් සතු භුමියෙන් තෙල් මිල දී ගන්නා රටක් සේම ඔවුන්ට සහාය දක්වන රාජ්‍යයක් ලෙස ප්‍රකටය.
රුසියාව හැමවිටම තුර්කිය සැලකුවේ මිත්‍ර රාජ්‍යයක් ලෙස මුත් මෙම සිද්ධිය රුසියා-තුර්කි මිත්‍රත්වයට බරපතල ප්‍රතිවිපාක අත් කරදේවි යැයි පුටීන් පවසා තිබේ.
Sukhoi Su-24
රුසියානු උපායමාර්ගික බෝම්බ ප්‍රහාරක යානයක් වන Su-24M යානයක් අද උදෑසන කාලයේදී තුර්කි-සිරියානු දේශ සීමාවේදී තුර්කි F-16 ප්‍රහාරක යානයක් එල්ල කල air-to-air missile ප්‍රහාරයකින් විනාශ වී ගිය අතර එහි සිටි රුසියනු නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් දිවිගලවා ගත් මුත් එම ප්‍රදේශයේ සිටි තුර්කි ජාතික සිරියානු විරෝධී ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබේ.ජිනීවා ගිවිසුමට අනුව පැරෂුට් භටයන්ට වෙඩි තැබීම වරදකි.නමුත් වෙඩි තබා ඝාතනය කල එක් රුසියානු ගුවන් නියමුවෙක්ගේ මළ සිරුරක් මේවන විට ත්‍රස්තවාදීන් විසින් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.අනෙක් ගුවන් නියමුවා සොයාගැනීමට මේවන විට Latakia ගුවන් කඳවුරේ රුසියානු බේරාගැනීමේ කණ්ඩායමක් මෙහෙයුමක් අරඹා තිබේ.
කෙසේවුවත් මේවන විට සිරියාවේ අර්බුදයට මැදිහත්වීම නිසා රුසියාව බරපතල ප්‍රතිවිපාක විඳිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.ත්‍රස්ත ප්‍රහාරයකින් ඔවුන්ගේ මඟී ගුවන් යානයක් විනාශ වුනේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී.එහිදී මඟීන් 224 මියගියහ.තුර්කිය මේ උත්සාහ කරන්නේ රුසියාව සමග ප්‍රශ්නයක් ඇතිකරගෙන එය නේටෝ සංවිධානයේ මැදිහත් වීමක් දක්වා දුරදිග ගෙනයන්නටද?
තුර්කිය විසින් වෙඩි තබා බිම හෙළු රුසියානු ගුවන් යානයේ සිට පැරෂුටයක් මගින් දිවිගලවා ගත් එක් ගුවන් නියමුවෙක් බේරා ගැනීමට ගොස් සිටියේ යැයි සැලකෙන රුසියානු හෙලිකොප්ටරයකට නිදහස් සිරියානු හමුදාවේ ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර තිබෙන බව වාර්තා වේ.
Source:rt.com
මිසයිල ප්‍රහාරයට ලක්වූ රුසියානු Su-24 යානය(වම්පස) තුර්කිය භාවිතා කරන ඇමෙරිකානු F-16 ප්‍රහාරයක යානයක්(දකුණුපස)

රුසියානු යානය කඩා වැටෙන අයුරු
ත්‍රස්තවාදීන් මරා දැමුවා යැයි සැලකෙන රුසියානු ගුවන් නියමුවෙක්
කෙසේවුවත් මේවන විට සිරියාවේ අර්බුදයට මැදිහත්වීම නිසා රුසියාව බරපතල ප්‍රතිවිපාක විඳිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.ත්‍රස්ත ප්‍රහාරයකින් ඔවුන්ගේ මඟී ගුවන් යානයක් විනාශ වුනේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී.එහිදී මඟීන් 224 මියගියහ.තුර්කිය මේ උත්සාහ කරන්නේ රුසියාව සමග ප්‍රශ්නයක් ඇතිකරගෙන එය නේටෝ සංවිධානයේ මැදිහත් වීමක් දක්වා දුරදිග ගෙනයන්නටද?
අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ
Update
තුර්කිය විසින් වෙඩි තබා බිම හෙළු රුසියානු ගුවන් යානයේ සිට පැරෂුටයක් මගින් දිවිගලවා ගත් එක් ගුවන් නියමුවෙක් බේරා ගැනීමට ගොස් සිටියේ යැයි සැලකෙන රුසියානු හෙලිකොප්ටරයකට නිදහස් සිරියානු හමුදාවේ ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර තිබෙන බව වාර්තා වේ.
හෙලිකොප්ටරය අදාල කැලෑබද ප්‍රදේශයේ නවතා තිබියදී එයට ප්‍රහාරයක් එල්ල කරන අයුරු ත්‍රස්තවාදි විසින් වීඩියෝ ගත කර තිබේ.
ඊයේ(24) දිනය රුසියාවට ඔවුන්ගේ සිරියානු ගුවන් මෙහෙයුම්වල කටුකම දිනයක්වූ බවට සැකයක් නැත.
ඊයේ(24) දිනය රුසියාවට ඔවුන්ගේ සිරියානු ගුවන් මෙහෙයුම්වල කටුකම දිනයක්වූ බවට සැකයක් නැත.
Source:rt.com
Last edited:
? උන් ටික වෙන වෙන ඉන්නකං හොඳයි හැම කන්ඩායමක් ම එකතුවෙලා කෙල්ලින්න ගත්තොත් ඔක්කොම ඉවරයි අල් කයිඩා හමාස් හිබුල්ලා බොකොහරාම් තව මොක්කුද මොක්කුද ඔක්කොම එකට ආවොත් ඉවරයි
තුර්කිය නම් කාලෙක ඉදලා ඵල නෙළනවා.ISIS කාරයෝ අල්ලන් ඉන්න පැතිවල තෙල් ටික යන්නේ තුර්කියට.ලාබෙට හම්බවෙනවා ඇතිනේ.රුසියන්කාරයෝ උන්ට නෙලද්දී දැන් තුර්කියේ සුන්නි හම්බයන්ට ඉන්න බැරුව ඇත්තේ.ලාබෙට ගත්ත තෙල් ටිකත් නැතිවෙනවානේ රුසියන්කාරයෝ නිසා 