දෙවන ලෝක යුද්ධයේ භූත හමුදාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධයේ භූත හමුදාව

    Oo5kjn1.jpg


    මෙම ලිපිය පළවන්නේ ෆෝරමයේ සමාජිකයෙක්ගේ ඉල්ලීමක් පරිදිය.

    දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශ්වික හමුදා ඔවුන්ගේ සතුරන් මුලාවට පත් කරන්නට විවිධ උපක්‍රම පාවිච්චි කලහ.හෙවත් භූත හමුදාව ඊට එක් උදාහරණයකි.මෙම කණ්ඩායමේ 1100ක් තරම් සෙබලුන් ප්‍රමාණයක් සේවය කල අතර ඔවුන්ගෙන් බොහෝදෙනා චිත්‍ර ශිල්පියෝ ලෙස හැඳින්වූවාට වරදක් නැත.නාසි හමුදා නොමැති ප්‍රදේශවල ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වල යෙදෙන බව හිට්ලර්ට ඇඟවීම මෙම කණ්ඩායමට පැවරුණු කාර්යයි.විශාල මිත්‍ර පාර්ශ්වික හමුදාවක් තමන්ගේ හමුදා ස්ථානගත නොකල ප්‍රදේශවල සිටින බව නාසීන්ට පෙන්වීමට ඔවුන් ව්‍යාජ ලෙස සැකසූ යුද රථ,ගුවන් යානා සහ යුද ටැංකි යොදාගත්හ.නමුත් තවමත් මෙම භූත හමුදාවේ බොහෝ තොරතුරු රහසිගතව තබාගෙන සිටියි.


    ගුවන් පෙරික්සුම් වල යෙදෙන ජර්මන් ගුවන් යානා මුලා කිරීමට තනා තිබූ ෂර්මන් වර්ගයේ ව්‍යාජ යුද ටැංකියක්

    vpUAh5M.jpg




    ව්‍යාජ ෂර්මන් යුද ටැංකියක් අසල සිටින ඇමෙරිකානු සෙබලෙක්.භූත හමුදාවේ පැවැත්ම සහ දෙවන ලෝක යුද්ධය තුල ඔවුන්ගේ කාර්යයභාර්ය 1996 වසර වන තෙක් රහසක්ව තබාගන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාකර තිබේ.

    oQJ9UjC.jpg




    ව්‍යාජ යුධෝපකරණ යොදාගෙන නිර්මාණය කල බිමක් ගුවනට දිස්වන අයුරු​

    BvGeG9u.jpg




    මෙම ව්‍යාජ යුද ටැංකි නිර්මාණය කර තිබෙන්නේ එක්සත් ජනපද චිත්‍ර පාසල් සහ වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ආයතන විසිනි.ඔවුන් ඒවා නියම යුද ටැංකි ආකාරයට වර්ණ ගන්වා ඒවා තුලින් ශබ්දයද නිකුත්වන ලෙස නිර්මාණය කරන ලදි.මෙම යුද ටැංකි හමුදාංශයන් ඉදිරිපස පෙරමුණ ආසන්නයේ රඳවා තිබිණි.

    M7PMqgq.jpg





    මෙම හමුදා කණ්ඩායමට චිත්‍ර ශිල්පීන්,මෝස්තර නිර්මාණ ශිල්පීන් සහ වෙළද දැන්වීම් ඒජන්සිවල සේවය කල පුද්ගලයින් ආදීන් ඇතුලත්විය.

    eYOOlRG.jpg




    භූත හමුදාව ලෙස හැඳින්වූයේ 23වන මූලස්ථාන විශේෂ හමුදාවයි.ඔවුන් විශාල හමුදාවක් රැස්ව සිටින බව පෙන්වීමට ප්‍රබල ශබ්දවිකාශන යන්ත්‍ර යොදාගෙන පටිගත කල ශබ්ද විකාශනය කල අතර රේඩියෝ උපාංග යොදාගෙන ව්‍යාජ පණිවුඩ හුවමාරු සිදුකලහ.මෙම හමුදා කණ්ඩායමේ සිටි පුද්ගලයන් අතර බිල් බ්ලාස්,එල්ස්වෝර්ත්,ආර්ට් කේන් සහ ආතර් සිංගර් ආදී වැදගත් විය.

    OR8XchG.jpg


    xvczXK6.jpg
    ව්‍යාජ යුද ටැංකි ඔසවන සෙබලුන්​




    ඔවුන් ව්‍යාජ ලෙස නිර්මාණය කලේ යුද ටැංකි පමණක් නොවේ.පහත දැක්වෙන්නේ භූත හමුදාවේ සෙබලුන් ව්‍යාජ L-5 ගුවන් යානයක් අසල සිටින අයුරුය.

    wQn4grs.jpg


    UXbCXng.jpg





    තමන් ව්‍යාප්ත වූ හමුදාංශයක සෙබලුන් බව පෙන්වීමට ඔවුන්ගේ රථවල සලකුණු නිර්මාණය කරන අයුරු පහත රූපයේ දක්වා තිබේ.

    GhsH2zt.jpg




    කලින් පටිගත කල් ශබ්ද විකාශනය කිරීමට යොදාගත් විශාල ප්‍රමාණයේ ශබ්ද විකාශන යන්ත්‍රයක්.මේවා ඉදිරි පෙරමුණ ආසන්නයේ ප්‍රංශ වනාන්තර තුල ස්ථාන ගත කර තිබිණි.

    r1q0czZ.jpg




    වනාන්තරයක් තුල තිබෙන යෝධ ශබ්ද විකාශන යන්ත්‍රයක් සහිත රථයක්

    NPGfvKx.jpg





    OydpSsr.jpg
    භූත හමුදාවේ ශබ්ද විකාශන යන්ත්‍රයක්.මේවා හි ශබ්දය සැතපුම් 15ක් දුරට ඇසුණු බව කියවේ.වම්පස: ව්‍යාජ කාලතුවක්කුවක්​




    භූත හමුදාව යුරෝපයට පැමිණෙන්නේ මිත්‍ර හමුදා 1944දී නොමැන්ඩි වෙරළ ඔස්සේ යුරෝපයට ඇතුලුවීමත් සමගය.ඔවුන් 1944-1945 කාලය තුල සක්‍රීය හමුදා කණ්ඩායමකි.ඔවුන් ව්‍යාජ තැනින් තැනට ගෙන යා හැකි ගම්මානද නිර්මාණය කරයි.අනෙකුත් යුද රථ,යුද ටැංකි ආදිය ඒ අවට රඳවා තබයි.භූත හමුදාවේ සමහර සෙබලුන් මිත්‍ර පාර්ශ්වික ජෙනරල්වරු ලෙස වෙස්වලාගෙන මෙම ව්‍යාජ හමුදාංශය සිටින ප්‍රදේශවල සංචාරය කර තිබේ.ඒ හිතා මතාම සතුරු ඔත්තුකරුවන් නොමඟ යැවීමටය.

    YL7PowW.jpg





    මෙම ඡායාරූපයේ පෙන්වා තිබෙන සියලුම අවි සහ රථ රබර්වලින් නිර්මාණය කර තිබේ.

    8JxLDLt.jpg





    භූත හමුදාවේ සෙබලුන්


    BNPs26U.jpg


    DfjGdGp.jpg




    භූත හමුදාවේ නියම අරමුණ තම හමුදා සතුරන් සිතා සිටිනවාට වඩා ප්‍රමාණයෙන් විශාල මෙන්ම වැඩි භූමි ප්‍රමාණයක පැතිරුණු එකක් බව පෙන්වීමයයි.ඔවුන් දෙවන ලෝක යුද සමයේ සිදුකල මෙම සතුරන් මුලා කිරීමේ වැඩසටහන හේතුවෙන් සෙබලුන් දස දහස්ගණනකගේ ජීවිත රැකුණු බව කියවේ.ඔබ මෙහි දකින ඡායාරූප කිසිවක් 1996 වසර පෙර ප්‍රසිද්ධ කර නොතිබිණි.

    Bbicg6P.gif
    The Ghost Army of World War II ග්‍රන්ථය සහ The Ghost Army වාර්තා චිත්‍රපටය​


    The Ghost Army (2013) - trailer




    Special Thanks:crazybuddy

    Source:Theatlantic.com

    -HarshaLulzSec-
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේ ත්‍රෙඩ් වල ලින්ක් ටික එකතු කරලා එක ත්‍රෙඩ් එකක් හදපන්