අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

    ගොඩක් කාලෙකින් මුකුත් වැදගත් දෙයක් ලියන්නත් බැරි වුන නිසා මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. මොකද මමත් මේ ගමන යන්න කලින් ගොඩක් අන්තර්ජාලයෙන් විස්තර හොයන්න උත්සහ කළා නමුත් හොයා ගන්න බැරි වුනා එකයි මෙහෙම නුලකින් දාන්න හිතුවේ.

    නුලේ නම දැක්ක ගමන් කට්ටියට හිතා ගන්න පුළුවන්නේ කොහෙද මේ යන්න හදන්නේ කියලා. නමුත් මුලින්ම කියන්න ඕනේ මේ සිගිරිය කියන ගමට අපිට කොළබ ඉදන් එකදිගට යන්න බස් හෝ කොච්චි නැහැ ඒක නිසා ටිකක් විතර කට්ටක් කන්න වෙනවා සීගිරියට යන්න. එකෙනුත් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කෝච්චියෙන් කොහොමද සිගිරි යන්නේ කියලා.

    මුලින්ම ඔයාලා යන්න පුළුවන් දවසක් තීරණය කර ගන්න, මමනම් ගියේ දෙසැම්බර් මාසේ මුල සතියේ. නමුත් මම දන්නා විදියට ගොඩක් කට්ටිය සිගිරි යන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් වගේ කාල වලදී තමයි මොකද ඒ දවස් වලට හොදට පායන නිසා නමුත් මමනම් හිතන්නේ සිගිරි යන්න ඕනේ වර්ෂාව තියන කාලයට මම එහෙම කියන්නේ මොකද කියලා ඔයාලට මේ නුල කියවල ඉවර වෙනකොට තේරේවි.

    සිගිරිය විතරක් බලනවානම් එක දවසින් ගිහින් එන්න පුළුවන් නමුත් දවසක් වගේ සිගිරිය අවට නවාතැනක නවතින්න පුලුවන්නම් ටිකක් විවේකිව සිගිරිය නරබන්න පුළුවන්, මොකද එක දවසින් ගිහින් එනවා කියන්නේ සිගිරි නගින හරිය වෙනකොට ගොඩක් මහන්සිය දැනෙන්න පුළුවන්.

    හරි දැන් යන දවස සහ නවාතැන් ගැන ඔයාලා තීරණය කරලා ඉවරයි. දැන් බලමු මොනවද තියන කොච්චි කියලා, සීගිරියට කෝච්චියෙන් යනකොට බහින්න ඕන දුම්රියපොළ තමයි හබරණ කියන්නේ ඉතින් කොළබ ඉදන් යන කොච්චිවලින් ඇත්තටම කොච්චි දෙකයි මේ දුම්රියපොළේ නවත්වන්නේ ඉතින් ඒ දෙකෙන් ඔයාලා තීරණය කරන්න මොන කෝච්චියේද යන්නේ කියලා. එක දවසෙන් සිගිරි ගිහින් එනවනම් අනිවාර්යයෙන්ම උදේම තියන කෝච්චියේ යන්න වෙනවා.

    01.උදයදේවි කොළබ කොටුවෙන් පිටත් වීම පෙ.ව. 06:05 (සීග්‍රගාමී දුම්රියක්) හබරණට ලගාවීම පෙ.ව. 11:16
    02. රාත්‍රී තැපැල් දුම්රිය කොළබ කොටුවෙන් පිටත් වීම ප.ව. 09.30 හබරණට ලගාවීම පෙ.ව 03:01


    දැන් ඔයාලා කෝච්චිය තෝර ගත්තා දැන් ටිකට් ගන්න ඕනේ නේ. ඉතින් එකට හොදම දේ තමයි යන්න සතියකට දෙකකට කලින් දුම්රිය ආසන වෙන්කරවා ගන්න එක, මොකද එහෙම වුනාම අනිවාර්යයෙන්ම අපිටම වෙන්කරපු ආසනයක් තියනවා, එහෙම නැතුව හිටගෙන එහෙම යන්න වුනොත් ඒක ටිකක් කට්ටක් කන්න වෙන වැඩක්. ඔයාලට ආසන වෙන් කරවා ගන්න ඕනේ නම් කොටුව දුම්රිය ස්ථානයේ කවුළු අංක 17 ට යන්න එතනින් තමයි ඕනෑම කෝච්චියකට ආසන වෙන් කරන්නේ. දෙවන පංතියේ ආසනයක් වෙන්කිරීම සදහා ගාස්තුව රුපියල් 600.00. ඔයාලට කොච්චි වොරන්ට් (Railway Warrants) තියනවනම් කිසිම මුදලක් වියදම් නොකරම ආසන වෙන්කර ගන්න පුළුවන්. තවත් මොබිටෙල් දුරකථන ජාලය මගිනුත් ආසන වෙන්කරවා ගන්න පුළුවන් එකට ඔබේ මොබිටෙල් දුරකතනයෙන් 365 අමතන්න. ඉහත සදහන් කිසිම ක්‍රමයකින් ආසන වෙන්කරවා ගන්න බැරි වුනොත් ඉතින් කරන්න තියෙන්නේ සාමන්‍ය විදියට යන දවසේ ටිකක් කලින් ගිහින් ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් ගන්න එක තමයි.

    දැන් හරි ආසන ප්‍රශ්නයත් විසදගත්තා. එහෙනම් නියමිත් දවසේ ටිකක් කලින් ගිහින් ආසන වෙන් කරානම් ඒ ආසනය හොයාගන්න, ආසන වෙන්කළේ නැත්නම් ඉඩතියන ආසනයක ඉදගන්න. මමනම් ගියේ උදයදේවි දුම්රියේ වෙන්කළ ආසනයක ඒක නිසා මම කොළබ කොටුව දුම්රියපොලට උදේ 5.45ට විතර අවේ. කොහොමත් කෝච්චිය 5.30 වගේ වෙනකොට 4වෙනි වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් අපි ගමන පටන් ගන්න හදන්නේ, දෙවියන් බුදුන් සිහි කරලා ගමන ආරම්බ කරනවානම් කෝකටත් හොදයි.

    ටින් ටොන් ටින් : තව ස්වල්ප වෙලාවකින් හතරවන වේදිකාවේ නවතා ඇති උදයදේවි සීග්‍රගාමී දුම්රිය මඩකලපුව සහ ත්‍රිකුණාමලය බලා පිටත්වේ, එම දුම්රිය නවත්වන්නේ
    රාගම , ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම, මහව සන්දිය, කෝන්වැව, මොරගොල්ලාගම, සියබලන්ගමුව, අවුකන, කලාවැව, කැකිරාව, හොරිවිල, පළුගස්වැව, හබරණ.
    ඔය කලින් තියන දුම්රිය ස්ථාන වල උදයදේවි කෝච්චිය නවත්වනවා ඉතින් ඔයාලා ගොඩක් ගමන්මලු අරන් යනවනම් හොරිවිල පහු වුනාම ගමන්මලු ලගට අරන් හබරණින් බහින්න සුදානම් වෙන්න මොකද මහව හන්දියෙන් පස්සේ තියන දුම්රියස්ථාන ලග ලග තමයි පිහිටලා තියෙන්නේ ඒක නිසා දුම්රියස්ථාන දෙකක් අතරේ විනාඩි 5-10 වගේ තමයි යන්නේ. ඔයාලා ඉන්නේ කෝච්චියේ ඉස්සරහටම වෙන්න නම්, ඒ කියන්නේ කොච්චි එන්ජිම කිට්ටුවනම් පළුගස්වැව පහු වුනාට පස්සේ කෝච්චියේ මැද හරියේ පෙට්ටියකට යන්න මොකද, හබරණ දුම්රියපොළේ කෝච්චිය නැවත්තුවාම මුල් පෙට්ටි 2 විතර නවතින්නේ දුම්රිය වේදිකාව පැනල එතකොට කෝච්චියෙන් බහින්න ටිකක් අමාරුයි.

    හරි දැන් අපි හබරණ දුම්රියපොලෙන් බැස්සා, ඒ කියන්නේ ගමනින් බාගයක් ඇවිල්ලා ඉවරයි. දැන් කෝච්චියේ ටිකට් එක ඉස්ටේසමේ ගේට්ටුව ලග ඉන්න අන්කල්ට දෙන්න. දීල එලියට එන්න, ඇවිල්ලා අයෙමත් කොළබ යන්න කෝච්චියක් තියන වෙලාව මතක ඇතිව බලා ගන්න. දොට්ට පිලට යන්න ඕනෙනම් එකටත් හබරණ ඉස්ටේසමේ පහසුකම් තියනවා (එහෙම ගියොත් තවත් කෙනෙක්ට යන්න පුළුවන් විදියට පිරිසිදු කරලා එන්න මතක තියාගන්න).

    හබරණ ඉස්ටේසමේ ඉදල බස් වල යන්න කම්මැලිනම් ඉස්ටේසම ලගින් ටුක් ටුක් එකක් අරන් යන්න පුළුවන් සිගිරිය ගාවටම. ටුක් ටුක් එකක් රු 1000-1500 වගේ ගන්නවා ඉස්ටේසම ලග ඉදන් සීගිරියට යන්න, ටුක් ටුක් එක කතාකරනකොටම කියන්න පිදුරංගල හරහා යන්න කියල මොකද ටුක් ටුක් එකක යනකොට ඒ පාර කිට්ටුයි.

    හරි එහෙම ටුක් ටුක් වල යන්න සල්ලි නැති අපි වගේ දුප්පත් බුවාලා ටික බස් එකේ යමු. ඉස්ටෙසමෙන් එලියට බැහැපු ගමන්ම තියෙන්නේ අබේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රදාන පාර, ඉස්ටේසම ඉස්සරහම බස් හෝල්ට් එකක් තියනවා පාර පැනල ඒ හෝල්ට් එකට යන්න (ෂුවර් නැත්තන් ඉස්ටේසමේ කාගෙන් හරි අහන්න දබුල්ලට යන්න මොන හෝල්ට් එකටද යන්න ඕනේ කියලා) එතනින් එන දබුල්ල හරහා යන ඕනෙම දුරගමන් බස් එකක නගින්න නැගලා ඉනාමලුව හන්දිය (සිගිරිය හන්දිය) කියලා ටිකට් ගන්න. ඉස්ටේසම ලග ඉදලා කිලෝමීටර් 17 ක් විතර තියනවා ඉනාමලුව හන්දියට, හබරණ ටවුන් එකෙන් බස් එකේ ගොඩක් සෙනග බහිනවා එතකොට බස් එකේ ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර් මාමට කියන්න ඉන්නමලුව හන්දියෙන් බස්සන්න කියලා එතකොට බස්සනවා (ඉස්මාර්ට් ෆෝන් එකක් තියනවනම් ගුගල් මැප් එකෙන් පාර බලාගෙන යන්නත් පුළුවන්).

    හරි දැන් ගමනෙන් තුනෙන් දෙකක් ඇවිල්ල තියෙන්නේ තව පොඩි කොටසක් තියෙන්නේ ඒ ටිකත් අපි යමු. දැන් ඉන්නමලුවෙන් සීගිරියට යන පාර තියනවා ඔයාලා බස් එකෙන් බැහැපු හෝල්ට් එකට මීටර් 5 විතර හබරණ පැත්තට වෙන්න ඒ පාරට හැරුන ගමන්ම බස් හෝල්ට් එකක් තියනවා එකට ගිහින් ඉන්න, විනාඩි 30 කට සැරයක් දබුල්ලේ ඉදන් සිගිරි යන බස් එනවා ඒකක නැගලා සීගිරියට ටිකට් ගන්න (උදේ 6.00 සිට සවස 6.00 දක්වා පමණි). ඉනාමලුව හන්දියේ ඉදලා සීගිරියට තියෙන්නේ කිලෝමීටර් 9 ක් විතර. බස් එකේ කොන්දොස්තර මාම කැ ගහලා කියනවා සිගිරි යන කට්ටිය මෙතනින් බහින්න කියලා ඒ කියන්නේ බස් එක නවත්වන අන්තිම බස් හෝල්ට් එකට කලින් හෝල්ට් එක ඉතින් එහෙම කෑ ගැහුවේ නැත්තන් අන්තිම හෝල්ට් එකෙන් බැහැලත් සිගිරි යන්න පුළුවන්. කොතනින් බැස්සත් ටුක් ටුක් එකක් ගත්තේ නැත්තන් කිලෝමීටර් 1 - 1.5 විතර පයින් යන්න ඕනේ ටිකට් ගන්න තැනට. ඉතින් ටිකට් ගත්ත තැන ඉදන් පයින්ම තමයි යන්න තියෙන්නේ.


    මේ තියෙන්නේ කෝච්චියේ ආසන වෙන් කරාම ලැබෙන ටිකට් එක, මේකේ තියනවා ඔයාලගේ ගමනේ විස්තර සහ වෙන්කරපු ආසන වල අංක ඒ අංකෙට අදාල ආසනේ තමයි වාඩි වෙන්න ඕනේ.

    20151211_050907.jpg


    මේ තියෙන්නේ උදයදේවි කෝච්චියේ දෙවෙනි පන්තියේ වෙන්කල ආසන තියන දුම්රිය මැදිරිය. එකේ ආසනය සාමාන්‍ය ප්‍රමාණයකට සීරුමාරු කල හැකියි.

    20151211_054541.jpg


    20151211_095008.jpg


    මෙන්න මේ ඉස්ටේසම පහු වුනාට පස්සේ තමයි ඔයාලගේ ගමන්මලු ලගට අරගෙන බහින්න ලෑස්ති වෙන්න ඕනේ.

    20151211_110759.jpg


    මෙන්න මේ ඉස්ටේසම පහු වුනාට පස්සේ තමයි ඔයාලා කෝච්චියේ එන්ජිම කිට්ටුවනම් ඉන්නේ දුම්රියේ මැදට යන්න පටන් ගන්න ඕනේ, ඒ වගේම මේක තමයි හබරණ ඉස්ටෙසමට කලින් උදයදේවි කෝච්චිය නවත්තන අන්තිම දුම්රිය ස්ථානය.

    20151211_111637.jpg


    හරි අපි හබරණින් බැස්සනේ, මේ තියෙන්නේ හබරණ දුම්රිය ස්ථානය.

    20151211_113018.jpg


    20151211_113025.jpg


    20151211_113029.jpg


    මෙන්න මේ පහල තියන පින්තුරේ රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන්නේ අබේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රදාන පාර, ඒ වගේම නිල් පාට ඊතලයෙන් පෙන්නලා තියෙන්නේ ඉනාමළුවට යන බස් නවත්තන හෝල්ට් එක තියන පැත්ත. එතනට ගිහින් ඉනාමළුවට යන බස් එකක නගින්න.


    20151211_113015.jpg


    හරි දැන් අපි ඉනාමළුවෙන් බැස්සනේ, මේ පහල තියෙන්නේ ඉනාමළුව හංදියේ පින්තුර ටිකක්.

    20151211_115554.jpg


    20151211_115559.jpg


    20151211_115609.jpg


    මෙන්න මේ පහල තියන පින්තුරේ රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන්නේ සීගිරියට යන පාර, ඒ පාර දිගේ ටිකක් දුර යනකොට තියනවා බස් හෝල්ට් එකක්. එතනින් සීගිරියට යන බස් එකක නගින්න පුළුවන්.

    20151211_115626.jpg



    මෙන්න මේ පහල තියන පින්තුරේ රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන්නේ සීගිරියට යන බස් නවත්තන බස් හෝල්ට් එක, එතනින් බස් එකක නැගල මම කලින් කියල තියන විදියට සීගිරියට පයින් යන පාර ලගින් බහින්න.


    20151211_120147.jpg


    20151211_120153.jpg



    මේ පහලින් තියෙන්නේ සිගිරිය නගරයේ (රාජදානියේ) සිතියමක්.


    20151212_142251.jpg


    මේ තියෙන්නේ සිගිරිය දඹුල්ල බස් එකක්, සිගිරියේන් දඹුල්ලට බස් පටන් ගන්න තැන නවත්තල තියෙන්නේ.

    20151213_121450.jpg


    මේ තියෙන්නේ බස් එකෙන් බැහැල ටිකට් ගන්න තැනට යනකන් පයින් යන්න තියන පාර.

    20151212_095248.jpg


    20151212_095416.jpg


    20151212_095721.jpg


    මේ පහලින් තියෙන්නේ සිගිරිය බලන්න අපි ගන්න ඕනේ ටිකට් එක. මේකේ කැලි හතරක් තියනවා, එකක් ඇතුල් වෙනකොටම කඩා ගන්නවා දෙවෙනි එක කැටපත් පවුර ලගදි කඩා ගන්නවා තුන්වෙනි කැල්ල කෞතුකාගාරය බලන්න යනකොට කඩා ගන්නවා අන්තිම කැල්ල අපිට ඉතුරු වෙනෙවා.

    20151212_101243.jpg


    මම මුලින්ම කිවුවනේ සිගිරි යන්න හොද වර්ෂා කාලයට කියලා, ඒකට හේතුව තමයි මේ පහල තියනවා වගේ කොලොපාට සිගිරියක් දකින්න පුළුවන් වෙන්නේ ඒ කාලෙට විතරයි ඒ වගේම දෙබරුත් මේ කාලෙට නැහැ කියලා කියනවා.

    20151212_094413.jpg


    20151212_094418.jpg


    20151213_120933.jpg


    20151212_102742.jpg


    20151212_101844.jpg


    20151212_101911.jpg


    20151212_101916.jpg


    20151212_113309.jpg


    ඒ වගේම මේවා දකින්නත් පුළුවන් වර්ෂා කාලයට විතරයි.

    wathuramal.png




    කාට හරි කවදා හරි උවමනා වේවි කියලා හිතනවා.
    හැමෝටම බුදුසරණයි!

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ


    තැන්ක්ස් මචන් බෙදා ගත්තට අපිත් එක්ක.ඒ වගේම කෝච්චියේ සීගිරි යන හැටිත් කියල දුන්නට. ඇත්තට මේ වතුර මල් නම් තවමත් වැඩ කරන එක හරිම පුදුමයි. තව පරම්පරා ගානකට ඒවා ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.

    :yes::yes::yes::yes::yes::yes:

    rep 2+

     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ගොඩක් මහන්සි වෙලා කරපු පොස්ට් එකක්..thanks for the share...මාත් මේ ලගදි ගියා බස් එකේ කොටුවෙ ඉදන් යාලුවො එක්ක..සුපිරි ට්‍රිප් එක..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං මේ thread 1 ගැන නං කියන්න වචන නෑ..
    සෑහෙන්න මහන්සි වෙලා තියනව මේකට..
    පට්ටයි බං..
    මට රෙප් නෑ..නැත්නං මදි නොකියන්න දෙනව..:yes::yes::yes:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං සීගිරියට කිට්ටුවෙන් තියන හොටෙල් වල prices කොහොමද බං