ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

කාලෙකින් කිරියේ පොස්ට් එකක් දාන්නත් බැරි උන නිසයි, උසස් පෙළ ප්‍රතිපල ආව නිසයි, සාමාන්‍ය පෙළ ඉවර උන නිසයි, ඒ හැමෝටමත් වගේම සියලු එළකිරි වාසීන්ටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන පොඩි පොස්ට් එකක් තමයි මේ.

SRI LANKA QUALIFICATIONS FRAMEWORK ගැන තමයි මේ ලිපිය.
මොකක්ද මේ ෆ්‍රේම්වක් එක?

SLQF-Qualifications-Framework.jpg

දැන් සාමාන්‍ය පෙළ සමත් නම් මේ ඔහු හෝ ඇය ඉන්නේ පලවෙනි පඩිය නැගල.
උසස් පෙළ සමත් නම් එයා ඉන්නේ මේ පඩිපෙලේ දෙවැනි පඩියේ.
ඔන්න ඔය විදිහට සුදුසුකම් හදාගන්න තරමට මේ පඩිපෙළ ඉහලට නගින්න පුළුවන්.
ගොඩක් අය සාමාන්‍යපෙළ හොදින් කලාම ආයේ තමන් තමයි පොර, තමුන්ට වඩා කෙනෙක් නැහැ කියල හිතන් උසස් පෙළ එක්කෝ අනාගන්නව, නැත්නම් යන්තම් අමාරුවෙන් ගොඩ දා ගන්නවා. (මමත් කාලයක් පොරක් කියල හිතන් හිටිය මචන්ලා :lol:)

දැන් උසස්පෙළ ප්‍රතිපල නිකුත් වෙලානේ, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඊළගට මොකක්ද කරන්නේ කියල. රජයේ කැම්පස් යන්න පුළුවන් හැම එකාම අනිවා යන්න, ලංකාවේ කොහේ සෙට් උනත්. මොකද එතනින් ඉගෙන ගන්න තරම් සල්ලි දිලවත් ඉගෙන ගන්න බැහැ. (පොත පතේ වගේම ජිවිතේ ගැනත් ඉගෙනගන්න තියෙන පාඩම් එමටයි)
ඊළගට කරන්න තියෙන්නේ දෙවැනි පඩිය නැග්ග නම් ඊට ඉහල පඩි වලට නගින්න පාර හොයාගන්න එක. එහෙම බැරි උනා නම් තව පාරක් උත්සහ කරලා කොහොම හරි දෙවැනි පඩිය නැග ගන්න.
මේ ගැන වැඩිදුර විස්තර මෙතනින්.

දැන් සමහරු පලවෙනි දෙවෙනි පඩි නැගගන්න බැරි උන අය ජිවිතේ පසු බහින්න එපා. NVQ සුදුසුකම් හරහා තමුන්ගේ ජිවිතේ ජයගන්න උත්සහ කරන්න.
ඒ අයට පහල වීඩියෝ එකෙන් වැඩිදුර විස්තර ගන්න පුලුවන්.

NVQ-levels-Sinhala.jpg

කොල්ලනේ, (කිරියේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා) උබල දැන් කට්ට කන්නේ නැතුව මදේ රස හොයන්න ගියොත් උබලට මදේ රස යන්තම් බලල මැරෙනකනම කටටම තමයි කන්න වෙන්නේ. එක නිසා දැන් පුළුවන් තරම් කට්ට කාලා (වැඩිය ඕනේ නැහැ අවුරුදු 5ක්) ඉදපල්ලා. ඊට පස්සේ ඉතින් මැරෙනකනම උබලට මදේ කන්න පුළුවන්.
අද ගොඩක් එවුන් පිස්සු කෙලිනවා විතරයි, පස්සේ වයස 25-30 උනාම එක එකාට වැදගෙන, එක එකාට මැරෙනකන් කඩේ යනවා. අන්තිමට මේ මනුස්ස ජිවිතේ කරගත්තු දෙයකුත් නැහැ, ලෝකෙට ඉතිරිකරලා ගිය දේකුත් නැහැ. පොඩ්ඩක් හිතපල්ලා මල්ලිලා නංගිලා.

හිතුවොත් කිසිම දෙයක් අමාරු නැහැ මචන්ලා.

දැන් කට්ටිය මේ පඩිපෙළේ එක එක තැන් වල ඇති, ඔය පඩි පෙලේ ඉහල ඉන්න අය මෙන්න මේ කතාව ගැනත් පොඩ්ඩක් හිතන්න.
10437342_10152383492906840_8437870135915621173_n.jpg

අනිත් දේ තමයි අද ලංකාවේ හොද රස්සාවකට යන්න ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙනවා. එක නිසා පුළුවන් තරම් කඩ්ඩ පොලිෂ් කරගන්නත් උත්සහ කරන්න.

කට්ටිය කියෙව්වනම්, වැදගත් කියල හිතෙනවා නම් ත්‍රෙඩ් එක ලයිව් තියා ගන්න අනිත් අයටත් උදව්වක් විදිහට බම්ප් එකක් හරි කැමති නම් ඔයාල මේ පඩි පෙලේ දැන් ඉන්නේ කීවෙනි පඩියේද කියලත් කොටාගෙනම යන්න.

EDITED : වැදගත්ම දේ තමයි, මෙහෙම කිව්වා කියල නිකන් කොළ කෑලි පස්සේ දුවන්න එපා. ඉගෙන ගන්න ෆීල්ඩ් එක මොකක් උනත් ඒ ෆීල්ඩ් එකෙන් පොරක් වෙන්න.

ජය වේවා!!!!
බුදු සරණයි!
 
Last edited:
කැම්පස් නොගිය කෙනෙක් ඔය ටික කරලා උපාධි මට්ටමට යන්න කොච්චර කල් යයිද ? :oo:

උසස්පෙළ පාස් නම් අවුරුද්දක certificate level (ක්‍රෙඩිට් 30ක්) කොස් එකක් කැම්පස් එකේ 1st year එකට සමානයි. (3 වෙනි පඩිය)
තව අවුරුද්දක් කරලා Diploma.... වගේ අවුරුද්දක කොස් එකක් (ක්‍රෙඩිට් 30ක්) කලොත් කැම්පස් 2nd Year වගේ.
තව අවුරුද්දක් (අවුරුදු 3ක්) කරලා, Higher Diploma වගේ කලොත් (ක්‍රෙඩිට් 30ක්, අන්තිමට ක්‍රෙඩිට් 90ක්) කලොත් කැම්පස් එකේ 3rd year වගේ..... ඔන්න ඔහොමත් පුළුවන්, නැත්නම් උපාධි කඩ නොවන, හොද කන්ටෙන්ට් එකක් එක්ක හොද standered එකකින් උගන්නන තැනකින් ගන්න උපාදියක් (අවුරුදු 3 හෝ 4).
කාලේ කැපවීම මත ඩිපෙන්ඩ් වෙනවා මචං.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    More than 4 years.
    එල :)
    කෑප්ටන් Jack Sparrow;19523023 said:
    උසස්පෙළ පාස් නම් අවුරුද්දක certificate level (ක්‍රෙඩිට් 30ක්) කොස් එකක් කැම්පස් එකේ 1st year එකට සමානයි. (3 වෙනි පඩිය)
    තව අවුරුද්දක් කරලා Diploma.... වගේ අවුරුද්දක කොස් එකක් (ක්‍රෙඩිට් 30ක්) කලොත් කැම්පස් 2nd Year වගේ.
    තව අවුරුද්දක් (අවුරුදු 3ක්) කරලා, Higher Diploma වගේ කලොත් (ක්‍රෙඩිට් 30ක්, අන්තිමට ක්‍රෙඩිට් 90ක්) කලොත් කැම්පස් එකේ 3rd year වගේ..... ඔන්න ඔහොමත් පුළුවන්, නැත්නම් උපාධි කඩ නොවන, හොද කන්ටෙන්ට් එකක් එක්ක හොද standered එකකින් උගන්නන තැනකින් ගන්න උපාදියක් (අවුරුදු 3 හෝ 4).
    කාලේ කැපවීම මත ඩිපෙන්ඩ් වෙනවා මචං.
    ඒ කියන්නේ කැම්පස් ගිය කෙනෙකට යන කාලෙන්ම වැඩේ කරගන්න පුළුවන් කියන එකද ? කැම්පස් යන අය නං A/L කරලා අවුරුද්දක් ගෙදරත් ඉන්නවනේ. එතකොට ඔක්කොටම අවුරුදු 5 විතර යයි. මේකත් එක දිගට කලොත් අවම අවුරුදු 5න් කරගන්න පුලුවන්ද ?
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එල :)

    ඒ කියන්නේ කැම්පස් ගිය කෙනෙකට යන කාලෙන්ම වැඩේ කරගන්න පුළුවන් කියන එකද ? කැම්පස් යන අය නං A/L කරලා අවුරුද්දක් ගෙදරත් ඉන්නවනේ. එතකොට ඔක්කොටම අවුරුදු 5 විතර යයි. මේකත් එක දිගට කලොත් අවම අවුරුදු 5න් කරගන්න පුලුවන්ද ?

    මල්ලියෝ හිත ඇත්නම් පත කුඩා නැත...කාලය ගැන නොහිත සුදුසු තැනකින් දැන්ම පටන් ගන්න...පටන් අරන් කරන දේ උපරිමයෙන් කරන්න..Jack මල්ලිගේ post එක ඉතාමත් වටිනවා අපේ පොඩි නංගිලා මල්ලිලාට...

    උදාහරණයක් විදියට A/L කරලා Open University ගිහින් අවුරුදු 10-12ක් ඇතුලත ලංකාවේදීම 10 වෙනි මට්ටම සම්පුර්ණ කරපු කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීමකින් මේ කියන්නේ...අනාගතේ ගැන පේන බලන්න එපා...කාලය ගැන හිතන්න එපා...ක්‍රියාත්මක වෙන්න...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මල්ලියෝ හිත ඇත්නම් පත කුඩා නැත...කාලය ගැන නොහිත සුදුසු තැනකින් දැන්ම පටන් ගන්න...පටන් අරන් කරන දේ උපරිමයෙන් කරන්න..Jack මල්ලිගේ post එක ඉතාමත් වටිනවා අපේ පොඩි නංගිලා මල්ලිලාට...

    උදාහරණයක් විදියට A/L කරලා Open University ගිහින් අවුරුදු 10-12ක් ඇතුලත ලංකාවේදීම 10 වෙනි මට්ටම සම්පුර්ණ කරපු කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීමකින් මේ කියන්නේ...අනාගතේ ගැන පේන බලන්න එපා...කාලය ගැන හිතන්න එපා...ක්‍රියාත්මක වෙන්න...

    මේ කිව්වෙ අක්කා ගැනද :)

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,276
    113
    good post. +7
    ඕවා අපිට කියන්න එකෙක් හිටියේ නැහැ බන්. කිව්වත් ගණන් ගත්තේ නැහැ වැඩිය.
    දැන් කෙලවෙලා ඉන්නේ උපරිමේටම :(
    අවුරුදු 20 විතර වෙන්න කලින් හොදට මහන්සි වෙලා හොද ජොබක් කරන්න සුදුසුකමක් හදා ගනින්ලා බන්. ඕකෙන් තමයි ජිවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ.
    පහුවෙනවා කියන්නේ කෙල උනාම තමයි. :dull: