වල්ල කසනවාද??? මෙන්න විසඳුම

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    වල්ල කසනවාද??? මෙන්න විසඳුම

    අපේ තරුණ පරපුර අතර දකින්නට ලැබෙන රෝගයකි, වැල්ල කැසීම නැතහොත් ඉකිලිප්‍රදේශය කැසීම. ක්‍රීඩාවල නියුතු අය අතර මෙය බහුලව දක්නට ලැබේ. නමුත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් මෙයට ප්‍රතිකාර ලබා නොගනී.

    නමුත් මෙය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයකි. ඇතැමුන් මෙය සමාජ රෝගයක් යයි බියෙන් පසුවන අවස්ථාද තිබේ.

    2hodb2g.jpg
    o764bn.jpg


    බොහෝ දුරට මෙය ඇතිවන්නේ සම මතුපිට ඇතිවන දිලීර ආසාදනයක් නිසාය. හරියටම කියනවනම් වල්ල පුස් කෑම නිසාය. වෛද්‍ය විද්යාතම්කව මෙය Tinea Cruris ලෙස හඳුන්වයි. මෙය ශරීරයේ හිස රැවුල පාද කිහිලි හා වෙනත් ඕනෑම ප්‍රදේශයක ඇතිවිය හැක.
    මෙහි ලක්ෂණ වන්නේ ඉකිලි ප්‍රදේශය හා ලින්ගේන්ද්‍රය තදින් කැසීමත්, ඒ අවට බිබිලි දමීමත්ය. මෙහි අපහසුතාවයට අමතරව ඇතැම් විට මෙම බිබිලි bacteria මගින් අසාදනය වී පැසවා දරුණු අසාදන ඇතිවිය හැක.

    2poab5z.jpg


    බොහෝ දෙනෙක් මෙයට කරන්නේ ගෙදර තියෙන මොකක් හරි Cream එකක් උලා දැමීමය. නමුත් මෙම ප්‍රදේශයේ සම ඉතා සියුම් බැවින් මෙම ආලේපන මගින් සැමට හානි වී නැති ප්‍රශ්න ඇති විය හැක.
    මෙම තත්වය එක අයෙකුගෙන් තවත් අයෙකුට ඉතා පහසුවෙන් බෝ විය හැක. ඇඳුම් මාරු කරගෙන භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුවකි. තවද වැසිකිලි, පිහිනුම් තටාක මගිනුත් මෙය බෝ විය හැක.

    මෙය වලක්වා ගැනීමට යහපත් ශරීර සෞක්යක් පවත්වා ගැනීම ඉතා වැදගත්ය.
    මෙයට ප්‍රතිකාර ලෙස Miconazole යන ඖශදය අලේප කිරීමට ලබා දෙයි.(මිට අමතරව Fluconazole, Clotrimazole සහ වෙනත් Antifungal වර්ගද ලබා දිය හැක.)

    2j12x3q.jpg


    මෙය සති 2ක් පමණ නොකඩවා භාවිතය අවශ්‍ය වේ. නැතහොත් මෙම තත්වය නැවත ඇතිවිය හැක. නමුත් මෙයට අමතරව වෙනත් ඖෂද ලබා දීමද අවශ්‍ය බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වීම නුවනට හුරුය.

    මෙම ලිපිය සම්බන්දයෙන් ඔබලාගේ චෝදනා යෝජනා අගය කොට සලකමි.

    මගේ අනෙකුත් ලිපි

    Windscreen නැති කරන ඇසිඩ් Rain spots
    සුපිරිසිදු Windscreen එකකට මග
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    good post.

    ළඟ ළඟ පොස්ට් දැම්මහම තොට රේප් දෙන්න බැහැ. කාලයක් අරන් දාපන්.
     
    Last edited:

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    otc_candid_b_cream_15g_glenmark.jpg


    This is also a very effective treatment

    ඔකෙනුත් වැඩේ වෙනවා. Clotrimazole කියන්නේ හොඳ Antifungal එකක්. හැබැයි ඔකේ Beclomethasone කියන Steroid එකත් තියෙනවා. එක ලිංගේන්ද්‍රිය වගේ ප්‍රදේශයක ගානට ඉතා සුදුසයි කියන්ඩ බෑ.:yes::yes:
    ඕක කකුල්, ඇත වගේ තැන වලට නම් අවුලක්ම නෑ.