මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)
චූටි කාලෙ ඉඳලම මට තිබුණ මානසික රෝගයක් තමයි කඩේ තියෙන ඕනම අටමගලයක් ගෙදර ඇවිත් තනියම අටවන්න දඟලපු එක.. ඉතින් එක උත්සන්න වෙලා ගිය පාර ගෙදර මාලු ටැංකියට දාපු වැඩ කෑල්ල කස්ටියට මතක ඇති..
ඉතින් වෙනසකට මුල පුරල "හිටං" ගිය පාර මාලු ටැංකියට අටවපු ලයිට් ටික මේ පාර තව ටිකක් අප්ග්‍රේඩ් කලා...
ගිය සැරේත් මට එලකිරියෙ යාලුවන්ගෙන් හොඳ ප්‍රතිචාර වගේම අලුත් අදහස් ගොඩක් හම්බ උනා.. ඒ වගේම පුලුවන් තරම් අඩුවට වැඩේ කර ගන්න හැටි ගැන උනත් කට්ටිය අදහස් දක්වල තිබුණ.. මේ පාර වැඩේට ඒවත් සෑහෙන ප්‍රයෝජනවත් උනා..
ඔය තියෙන්නෙ මුලින් මම දාපු ත්‍රෙඩ් එක..
මාලු ටැංකියට LED ලයිට් එකක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1708630
මේ ත්‍රෙඩ් එකේ පහලට යන්න කලින් ඒකට නොගිය අය ඒ පැත්තෙ ගිහින් ආවොත් මේ පාර කරන්න යන දේ ගැන මුල ඉඳලම තේරෙයි....
මොකද ඒකෙ මම හැම දේම මුල ඉඳලම පැහැදිලි කර කරයි ත්‍රෙඩ් එක දැම්මේ...
දැන් එහෙනම් වටේ ගියා ඇති නේ..
ගිය පාර වැඩේ එළියෙන් කොච්චර ලස්සන උනත් ඇතුල් පැත්තෙන් හෙන අවුල් ගොඩක් වගේ පෙනුන නිසාම ඊට වැඩිය ටිකක් පිළිවෙලෙට වැඩේ ගොඩ දා ගන්න එක ගැන හිත හිතයි හිටියේ..
ඔය අතරෙ මට අහම්බෙන් වගේ මෙන්න මේ පෙට්ටි කෑල්ල හම්බ උනා අර්පිකෝ එකේදි..
මොකෙක් හරි එකෙක් ඒක අතට අරන් පස්සෙ එපා කියල හිතිලද කොහෙද පළතුරු රාක්කෙ තියල ගිහින්..
ඌටත් බොහොම ස්තූතියි මට මේක පෙන්නුවට...
රුපියල් 22ක් වගේ උනේ...
ඕක ඇතුළට ලයිට් ටික දාගත්තොත් ගිය පාරට වැඩිය පිළිවෙලට වැඩේ කර ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව 5ක්ම උස්සගෙන ආව..
පිටකොටුව පත්තෙ රවුම් ගහන කස්ටිය නම් මේ ජාතියෙ ලයිට් ඕන තරම් දැකල ඇති... රුපියල් 20 ඉඳල උඩට තියෙනවා.. මමනම් වැඩිපුර ටිකක් ගත්ත එක එක මගුල් වලට ගන්න පුලුවන් නිසා..
ඒ නිසා එකකට රුපියල් 17 ගානේ වැටුණේ...
ඔය අතේ තියෙන්නෙ නිල් පාට ලයිට් සෙට් එකක්..
ඒ වගේම මෙන්න මේ ස්ටිකර් ශීට් කෑල්ලකුත් ගත්ත පිටකොටුවෙ ගිය වේලවක.. දික් අඩි හයක කෑල්ලක් රුපියල් 110ක් වගේ උනේ මතක හැටියට..
මමනම් අර පෙට්ටියේ යටට මෙන්න ඒ සුදුපාට ස්ටිකර් ශීට් ඇලෙව්ව අතුල් පැත්තෙන්.. මොකද එතකොට රිෆ්ලෙක්ෂන් එක නිසා එළිය හොඳට ටැංකිය ඇතුළෙ විහිදිලා යනවා...
ඔය පහළින් තියෙන්නෙ ස්ටිකර් එක ඇලෙව්වට පස්සෙ ලයිට් ටික ඇතුළට බැස්සුවාම පේන විදිහ...
ඔය තියෙන්නෙ සුදුපාට ලයිට් සෙට් එක..
ඒකනම් ගාන ටිකක් වැඩි මතක හැටියට.. ලයිට් 5ක් එක පේලියට තියෙනවනේ...
ඕවයින් එක කෑල්ල ගානේයි ගන්න තියෙන්නේ... ලයිට් එක පිටි පස්සෙ ඩබල් සයිඩ් ටේප් කෑල්ලකුත් ගහලම තියෙන නිසා ගානට පෙට්ටිය ඇතුළෙ සෙන්ට කරල අලව ගන්නත් ලේසියි..
මගේ අයිඩියා එක උනේ ඔය පහළින් තියෙන විදිහට මැදින් සුදු පාට පත්තු වෙද්දි දෙපැත්තෙන් නිල් පාට එළියක් එන විදිහට ලයිට් ටික දා ගන්නයි..
ඔය වැඩ ටිකනම් එච්චර අමාරු නෑනේ.. ඒත් ගෙදරම දෙයක් කරනවනම්, එක්කෝ ඒක පිටින් ගන්න ගානට වඩා ගොඩක් ලාබ වෙන්න ඕනේ... එහෙම නැත්තන් පිටින් ගන්න බැරි විදිහෙ විශේෂයක් අපිම හදන එකේ තියෙන්නෙ ඔනේ කියන එකයි මගේ නම් පුද්ගලික මතය...
ඒකට සිංහලෙන් කියන්නෙ කස්ටමයිස් කියලද කොහෙද...
ඒ නිසාම ඔන්න මම මේ පාරත් මගේ වැඩේට මල්ටි කලර් ලයිට් සෙට් එකක් පාවිච්චි කළා...
මුලින්ම වෙරෝ බෝඩ් එකක් ගානට කපා ගත්තා පෙට්ටියේ සයිස් එකට..
පාස්ස ගත්තු විදිහ ගැන නම් මම ආයි ආයි කියන්නෙ නෑ.. කලින් එක වගේම තමයි.. රෙසිස්ටර් පාවිච්චි කරද්දි අඝ්‍ර ටික ගාණට සෙට් වෙන විදිහ කලින් මාර්ක් කරගෙන හිමීට පස්සගෙන යන්නයි තියෙන්නෙ සමබර වෙන විදිහට..

ඒ නිසා 50ක් ඕනෙ නම් ලයිට් 55ක් වත් අඩුම ගානෙ උස්සගෙන එන්න වෙනවා..

ඕක මාළුන්ට ජාති ජාති ඇති වගේ.....