ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever
Reply
 
Thread Tools
(#1)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 36,194
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
laugh ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever - 07-31-2016, 11:10 AM



අද ත්‍රේඩ් එක මම අරන් එන්නේ ජර්මන් ශෙපර්ඩ්ලාට පමණක් දෙවෙනි වෙන සුපිරි මොලයක් තියන,පීනන්න ගොඩාක් ආස,සෙල්ලමට ගොඩක් බර,හොද ඉවක් තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලා ගැනයි.
ගෝල්ඩන් රිට්‍රීවර් කිව්වාම ගොඩක් අයගේ හිතට එන්නේ ලස්සන , හුරතල් බල්ලෝ බ්‍රීඩ් එකක් කියලයි.
මෙයාලා හුරතල් උනාට මෙයාලව දඩයමට පවා යොදාගෙන තියනවා ඉස්සර ඇන්ඩ් තාමත් මිනිස්සු මෙයාව දඩයමට යොදාගන්නවා.
කුරුල්ලන්ට වෙඩි තියලා මරන දඩයක්කාරයෝ ගෝල්ඩන් රිට්‍රීවර් උන්ව යොදා ගන්නවා වෙඩි වැදිලා මැරිලා වැටෙන කුරුල්ලන්ව අහුලන් එන්න දඩයක්කාරයෝ ලගට.
ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලාගේ හොද මොලයක් තිබිම,ඇක්ටිව් බව නිසා ඇන්ඩ් හොදට ඉව කරන්න පුලුවන් නිසා ලෝකේ සමහර ෆෝසස් වල ගෝල්ඩන් රිට්‍රීවර් උන්ව යොදා ගන්නවා මත්ද්‍රවය සෙවීම් මෙහෙයුම් වලට එහෙම.
පීනන්න උපන් හපන් හැකියාවක් ඇති,වතුරේ නටන්න තියනවානම් වෙන මුකුත් ඕන නැති බ්‍රීඩ් එකක් තමා ගෝල්ඩන් රිට්‍රිවර් කියන්නේ.
පලවෙනි පාර බල්ලෝ හදන අයට ගෝල්ඩන් රිට්‍රීවර් අයව මම රෙකමන්ඩ් කරනවා හුරතලේට හදනවානම්.
ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්ව හදන්න එපා ආරක්ශාවට කියලා මොකද කිව්වොත් මෙයාලා සෙල්ලමට ගොඩාක් බර නිසා අදුරන්නේ නැති කෙනෙක් එක්ක උනත් ටක් ගාලා යාලු වෙලා සෙල්ලම් කරන්න හදනවා ලැබ්‍රඩෝ රිට්‍රිවර් අය වගේම.
පොඩි පැහැදිලි කිරිම් ටිකක් කරන්නම් මම අපේ ගොඩක් අයට පැටලෙන.
ලැබ්‍රඩෝ රිට්‍රිවර් ඇන්ඩ් ගෝල්ඩන් රිට්‍රිවර් කියන්නේ එක බ්‍රීඩ් එකක් නෙවෙයි බ්‍රීඩ්ස් දෙකක්.
ලැබ්‍රඩෝ ඇන්ඩ් ගෝල්ඩන් රිට්‍රිවර් එකතු වෙලා ලැබ්‍රඩෝ රිට්‍රිවර් උන්ව හැදෙන්නේ නෑ.
ලැබ්‍රඩෝ රිට්‍රිවර් උන්ටම තමා නම කෙටි කරලා ලැබ්‍රඩෝ කියලා කියන්නේ.
ජාති දෙකක් නෙවෙයි.



ගෝල්ඩන් රිට්‍රිවර් උන්ට උණු වෙන හදවතක් තියන බල්ලෝ ජාතියක්.
වෙන සත්තු එක්ක උනත් ගෝල්ඩන් රිට්‍රීවර් අයව තියන්න පුලුවන් පොඩි කාලේ ඉදන් හරියට සතාව ට්‍රේන් කරලා,සෝශල් කරලා හදනවානම්.
හොද හදවතක් තියන නිසා මෙයාලව ආබාධිත අය එයාලගේ සමහර වැඩ කටයුතු වලට ගෝල්ඩන් රිට්‍රිවර්ස්ලාව යොදා ගන්නවා.
පොඩි ලමයින් එක්ක පවා අව්ලක් නැතුව මෙයලව තියන්න පුලුවන් මොකද කිව්වොත් පොඩි උන් එක්ක නටන්න හරිම ආසයි මේ බ්‍රීඩ් එකේ අය.



යමු අපි එහෙනම් ගෝල්ඩන් රිට්‍රිවර්ස්ලාගේ ඉතිහාසේ පැත්තට.
ගෝල්ඩන් රිට්‍රීවර් අයගේ ඉතිහාසේ සමහර මිස් වෙච්ච තැන් තියනවා අපිට අදටත්.
ගෝල්ඩන් රිට්‍රීවර් කියන්නේ ස්කොට්ලන්ත බල්ලෙක්.
ගොඩාක් කාලයක් තිස්සේ පරණ පුරා වෘත්තයක් තියනවා ගෝල්ඩන් රිට්‍රීවර් කියන්නේ සවුත් රුසියන් ඔව්චර්කා කියන බ්‍රීඩ් එකෙන් පරිණාමය වෙලා ආව බ්‍රීඩ් එකක් කියලා.
(South Russian Ovcharka.)

සවුත් රුසියන් ඔව්චර්කා.
South Russian Ovcharka.



පුරාවෘත්තය එහෙම කිව්වත් ගොඩක් අය කියන්නේ ගෝල්ඩන් රිට්‍රීවර් අයව හැදුවේ 18 වන සියවසේදි ස්කොට්ලන්තයේ හිටපු ට්වීඩ්මවුත් කියන පුද්ගලයා විසින් කියලයි.

ට්වීඩ්මවුත්.
Lord Tweedmouth.



සත්තු බ්‍රීඩ් කරන්න ආස පුද්ගලයෙක් වන මේ පුද්ගලයා ට්වීඩ් වෝටර් ස්පැනියෙල් , ෆ්ලැට් කෝටඩ් රිට්‍රීවර් මික්ස් කරලයි ගෝල්ඩන් රිට්‍රිවර් අයව හැදුවේ කියලා තමා කියන්නේ.
ට්වීඩ් වෝටර් ස්පැනියෙල් කියන බ්‍රීඩ් එක නම් දැනට ලෝකෙන් වද වෙලා ගිහින් තියෙන්නේ.
(Tweed Water Spaniel , Flat-Coated Retriever)


ට්වීඩ් වෝටර් ස්පැනියෙල්.
Tweed Water Spaniel.



ෆ්ලැට් කෝටඩ් රිට්‍රීවර්.
Flat-Coated Retriever.



දැන් අපි මෙයාලගේ මෙව්වා ටිකක් බලමු.





මේ පාට වලින් තමා ගෝල්ඩන් රිට්‍රීවර් අය ප්‍රධාන වශයෙන් ඉන්නේ.



ගෝල්ඩන් රිට්‍රීවර් කියන්නේ සීතලට බර බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් මෙයාලගේ ෆර් එක ගොඩක් දිගට එන නිසා.
රස්නේ පැති වල උනත් හදන්න පුලුවන් ගෙදර ෆෑන් එකක් දාලා.
ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්ව ගන්නවානම් අනිවාර්යෙන්ම ෆර් එක මේන් ටේන් කරන්නම වෙනවා හොදට.
හේතුව කිව්වොත් ගෝල්ඩන් රිට්‍රීවර් අයගේ ෆර් එක ගොඩක් දිගට එනවා ඇන්ඩ් සතාගේ ලස්සන රදා පවතින්නේ ෆර් එක මතයි.
සෝ ඒ නිසා ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්ව ගන්නවානම් අනිවාර්යෙන්ම ෆර් එක ගැන හොදට බලන්නම වෙනවා.



මෙයාලගේ පොඩි කාලේ වැඩ මාර හුරතල්.
කොච්චර හුරතල්ද කිව්වොත් සමහර වෙලාවට ඒ හුරතලේ දරාගන්න බැරි වෙලා ඇස් වලින් කදුලු පවා වැටෙන්න පුලුවන්.
එච්චර හුරතල් වැඩ කරනවා මෙයාලා පොඩි කාලේ.
KASL රෙජිස්ටර් කරපු පොඩි ගෝල්ඩන් රිට්‍රීවර් පැටියෙක්ව රු.40000.00 - රු.70000.00 අතර ගානකට ගන්න පුලුවන්.

මෙයලව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න පටන් ගන්න ඕන.
අපි කියන දේ ඉක්මනට තේරුම් ගන්න පුලුවන්,පොඩි කාලේ ඉදන්ම ඉක්මනට ට්‍රේන් කරගන්න පුලුවන්,ට්‍රේන් කරන්න ලේසි බ්‍රීඩ් එකක් තමා ගෝල්ඩන් රිට්‍රීවර්ස් කියන්නේ.
හැමදාම හොදට , ශරීරයට දැනෙන්න එක්සර්සයිස් නම් මෙයාලට දෙන්න ඕන.
මොකද කිව්වොත් මෙයාලා ඉක්මනට මහත් වෙන්න බලනවා.
ඕනවට වඩා මහත් උනොත් ලෙඩ ගොඩාක් එන්න පුලුවන් මෙයලට.
ඒ නිසා හැමදාම හොදට බඩ පිරෙන්න කන්න බොන දෙන අතරේ හැමදාම හොදට එක්සර්සයිස් දෙනවානම් කිසි අව්ලක් නෑ මෙයලට.
පලවෙනි පාර බල්ලෝ හදන අයට,ගෙදර පොඩි ලමයි ඉන්නවානම්,හුරතලේට හදන්න බල්ලෙක් හොයනවානම් ගෝල්ඩන් රිට්‍රීවර් කියන්නේ ගොඩාක් හොද බ්‍රීඩ් එකක්.



ඔහොම සීන් එකක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.
පලවෙනි පාර බල්ලෝ හදනවානම්,හුරතලේට බල්ලෙක් ඕන නම්,ෆර් එක මේන් ටේන් කරන්න පුලුවන්නම්,හොදට එක්සර්සයිස් දෙන්න පුලුවන්නම්,ගෙදර පොඩි උන් ඉන්නවානම් ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්ව හැදුවට කිසිම පාඩුවක් වෙන්නේ නෑ,දුකක් දැනෙන්නේ නෑ.

මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.




ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046


ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466


බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

Reply With Quote
(#2)
Old
Ta HiKe Returns's Avatar
Ta HiKe Returns Ta HiKe Returns is offline
Senior Member
Ta HiKe Returns has a spectacular aura aboutTa HiKe Returns has a spectacular aura aboutTa HiKe Returns has a spectacular aura about
 
Posts: 214
Join Date: Jul 2016
07-31-2016, 11:14 AM

Reply With Quote
(#3)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 36,194
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
07-31-2016, 11:27 AM

Quote:
Originally Posted by Ta HiKe Returns View Post
Old English Sheepdog


Reply With Quote
(#4)
Old
sagee123's Avatar
sagee123 sagee123 is offline
Senior Member
sagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of lightsagee123 is a glorious beacon of light
 
Posts: 1,428
Join Date: Feb 2008
Location: සිඞ්හලේ
07-31-2016, 11:34 AM

Reply With Quote
(#5)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 16,934
Join Date: Mar 2013
Location: EK Automobile
07-31-2016, 11:38 AM

Thanks මචං. ඒ කියන්නේ මුන්ගේ ආරක්ෂක පැත්ත හැර ගතිගුන ගොඩක් දුරට ජර්මන්ශෙපර්ඩ් වගේ නේද.
තව මචං හැම බ්‍රීඩ් එකකටම වගේ හොදට එක්සර්සයිස් ඕනිද. කූඩු කරලා නැත්තං උන් තනියම දගලලා තමන්ට අවශ්‍ය ව්‍යායාම ලබාගන්නේ නැද්ද?
මම අහලා තියනවා ජර්මන්ශෙපඩ් උන් එක්සර්සයිස් කෙරෙව්වේ නැත්තං හාට් ඇටෑක්, පිටිපස්සේ කකුල් පන නැතිවෙනවා වගේ දේවල් වෙනවා කියලා ඒක ඇත්තද? ජර්මන් ශෙපඩ් එකෙක් වත්තේ නිදැල්ලේ හැදුවොත් ඌ එක්ක අපි දුවලා එක්සර්සයිස් කරන්න ඕනිමද?
Reply With Quote
(#6)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 42,214
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
07-31-2016, 11:38 AM





අකි ,,,,
උබේ ලිපි ටික මාරම වටිනවා බන්
මම ඔක්කෝම කියෙව්වා ..
මම හිතාගෙන හිටියේ උබ WP master කෙනෙක් කියලා
බලාගෙන යද්දී මේ ගැන උබේ දැනුම ඊටත් වැඩි.
බොහෝම ස්තුතියි සහෝ උබේ වටිනා දැනුම අපිත් එක්ක බෙදාගත්තාට...

+24
Reply With Quote
(#7)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 16,934
Join Date: Mar 2013
Location: EK Automobile
07-31-2016, 11:39 AM

Quote:
Originally Posted by akilar25 View Post
Old English Sheepdog


මුන් ලංකාවේ ඉන්නවද බං
Reply With Quote
(#8)
Old
sdrider's Avatar
sdrider sdrider is offline
Senior Member
sdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nicesdrider is just really nice
 
Posts: 2,219
Join Date: Mar 2014
Location: හුදකලා ලොවක
07-31-2016, 11:45 AM

Maru macho..thanks a lot
Official Dog Threads™
Reply With Quote
(#9)
Old
Executer's Avatar
Executer Executer is online now
Senior Member
Executer has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud ofExecuter has much to be proud of
 
Posts: 9,664
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
07-31-2016, 11:47 AM

පට්ට බන්, මහන්සි වෙලා මේ වගේ threads දානවට thanks බන්
Reply With Quote
(#10)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 36,194
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
07-31-2016, 11:50 AM

Quote:
Originally Posted by Mr.Tom View Post
Thanks මචං. ඒ කියන්නේ මුන්ගේ ආරක්ෂක පැත්ත හැර ගතිගුන ගොඩක් දුරට ජර්මන්ශෙපර්ඩ් වගේ නේද.
තව මචං හැම බ්‍රීඩ් එකකටම වගේ හොදට එක්සර්සයිස් ඕනිද. කූඩු කරලා නැත්තං උන් තනියම දගලලා තමන්ට අවශ්‍ය ව්‍යායාම ලබාගන්නේ නැද්ද?
මම අහලා තියනවා ජර්මන්ශෙපඩ් උන් එක්සර්සයිස් කෙරෙව්වේ නැත්තං හාට් ඇටෑක්, පිටිපස්සේ කකුල් පන නැතිවෙනවා වගේ දේවල් වෙනවා කියලා ඒක ඇත්තද? ජර්මන් ශෙපඩ් එකෙක් වත්තේ නිදැල්ලේ හැදුවොත් ඌ එක්ක අපි දුවලා එක්සර්සයිස් කරන්න ඕනිමද?
හැම බ්‍රීඩ් එකකටම ගොඩක් එක්සර්සයිස් ඕන නෑ මචන්.
සමහර උන්ට නෝමල් ගානට,සමහර උන්ට ගොඩාක් ඕන.
මෙයාලා මහත් වෙන්න බලන නිසා ගොඩක් එක්සර්සයිස් ඕන මචන්.
ආරක්ශක පැත්ත හැරුනාම ගොඩක් වෙලාවට ජර්මන් ශෙපර්ඩ් එකෙක් වගේ තමා ගෝල්ඩන් රිට්‍රීවර් උන්.
උබේ කතාව හරි මචන්.
ජර්මන් ශෙපර්ඩ් විතරක් නෙවෙයි මචන් ඕනම බ්‍රීඩ් එකකට ඒ බ්‍රීඩ් එකට ඕන විදියට එක්සර්සයිස් ලැබුනේ නැත්තම් ලෙඩ එනවා.
එක්සර්සයිස් නෝමල් ගානට ඕන උන්ට වැඩිපුර එක්සර්සයිස් කරොත් කේස් වෙන්න පුලුවන් ඇන්ඩ් එක්සර්සයිස් ගොඩක් ඕන උන්ට ටිකක් දුන්නොත් ඒත් කේස් වෙන්න පුලුවන්.
වත්තේ දුවලා පැන්නට වැඩක් නෑ මචන්.
ක්‍රිකට්,ෆුට් බෝල් ප්ලේයර්ස්ලා ෆීල්ඩ් එකේ අමර මැරිල්ලක් මැරුනත්,මැච් වල පට්ට මහන්සි උනත් හැමදාම ප්ලේයර්ස්ලාට ගේම් එක පටන් ගන්න කලින් එක්සර්සයිස් දෙන්නේ ඇයි මැච් එකක් තිබ්බත් නැතත්?
ෆීල්ඩ් එකේ මහන්සි උනාට,මැච් වල මැරුනට එක්සර්සයිස් වලින් ලැබෙන දේවල් වෙන ඒවාගෙන් ලැබෙන්නේ නෑ මචන්.
සෙල්ලම් කරද්දි මහන්සිය දැනෙන්නේ අඩුවෙන් එක්සර්සයිස් කරනවට වඩා.
මහන්සිය හිතට දැනෙන්නේ එක්සර්සයිස් වලින් මචන්.
අපි ඉස්කෝලේ යද්දි ඉස්කෝලේ ශරීර සුවතා කරාම පට්ට මහන්සිය දැනෙනවානේ.
ඒත් කොල්ලෝ,කෙල්ලෝ එක්ක දවසම සෙල්ලම් කරත් ඒ මහන්සිය වැඩිය දැනේන්නේ නෑ නේ.
අන්න ඒ වගේ තමා.

Reply With Quote
Reply

Bookmarks

Tags
#dt, බව්වෝ, akila three wheel karaya, official dog threads™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07061 seconds with 8 queries