ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බල්ලෝ~හදමු
Reply
 
Thread Tools
(#1)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 37,651
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
Up බල්ලෝ~හදමු - 08-07-2016, 01:34 PM



අද මම මේ ත්‍රේඩ් එකෙන් මූලිකවම කතා කරන්නේ තමන්ට ගැලපෙන බල්ලෝ බ්‍රීඩ් එකක් තෝරගන්නේ කොහොමද,සතාව ට්‍රේන් කරගන්නේ කොහොමද,සතාට එක්සර්සයිස් දෙන්නේ කොහොමද කියන දේ ගැන.
වටේ නොයා කෙලින්ම මම සීන් එකට බහින්නම්.
බල්ලෝ ගන්න කියලා එක තැනක් නෑ මම දන්න.
මට බල්ලෙක් ඕන උනාම බලන්නේ ඉක්මන් එකෙන්.
ඉක්මන් එකේ බලලා,ගිහින් හම්බෙලා,සතාගේ අම්මා,තාත්තා හොදට බලලා,සතාගේ CKC හෝ KASL රෙජිස්ට්‍රේශන්ස් ගැන හොයලා,සතාව හොදට බලලා තමා මම ගන්නේ.

තමන්ට ගැලපෙන බ්‍රීඩ් එකක් තෝරා ගැනීම.

ගොඩක් දෙනෙක් බල්ලෝ හදන එක කෙලවගන්නේ මෙන්න මෙතනින් තමා.
කෙලව ගන්නේ නැතුව හරි බ්‍රීඩ් එකක් තෝරාගන්නේ කොහොමද කියලා බලමු.
අනේ මයේ දෙයියෝ කවදාවත් අල්ලපු ගෙදර එකා හදන නිසා,උබලගේ යාලුවෝ හදන නිසා උබලත් ඒ බ්‍රීඩ් එකම හදන්න නම් එපා.
ගොඩක් උන් කරන්නේ අල්ලපු ගෙදර එකාට පේන්න,යාලුවන්ට පේන්න උන් හදන බ්‍රීඩ් එකම හදනවා.
පස්සේ ඉතින් කෙලවෙනවා.
ඊට පස්සේ සතාටත් දුක,උබලටත් දුක.
බල්ලෝ හදන්න ඕන කාවවත් කොපි කරන්න නෙවෙයි,කාටවත් ගේමට නෙවෙයි තමන්ට ගැලපෙන්නයි.
තමන් මුලින් බලන්න ඕන ගෙදර අයගේ මානසිකත්වය සහ තමන්ගේ මානසිකත්වය ඇන්ඩ් සතා වෙනුවෙන් කැප කරන්න වෙලාවක් තියනවද කියලා.
කැප කරන්න වෙලාවක් තියනවානම් සහ ගෙදර අය කේස් නැත්තම් ඊලග දේවල් හිතන්න.
තමන් ඉන්නේ රස්නේ පැත්තක නම් සීතලට බර සතෙක්ව හදලා කිසිම වැඩක් නෑ.
තමන් ඉන්නේ සීතල පැත්තක නම් රස්නෙට බර සතෙක්ව හදලා වැඩකුත් නෑ.
සීතලේ ඉන්න ඕන බල්ලෝ රස්නේ හැදුවාම,රස්නේ ඉන්න ඕන උන් සීතලේ හැදුවාම ටික කාලයකින් ඒ සතා ලෙඩ වෙනවා.
ඊට පස්සේ දුක් විදලා මැරෙනවා.
සීතල සතෙක් රස්නේ හදනවානම් ගෙදර තනිකර ඒසි කරලා තියෙන්න ඕන.
රස්නේ ඉන්න ඕන සතෙක් සීතලේ හදනවානම් ගෙදර හීටින් සිස්ටම් එකක් සෙට් කරලා තියෙන්න ඕන සීතල පාලනය කරන්න.
තමන්ට ඕන හොදට උස මහතට ලොකු වෙන බල්ලෙක්ද?
පොඩියට හැදෙන බල්ලෙක්ද?
ලෝම ගොඩක් තියන එකෙක්ද?
පොඩ්ඩක් ලෝම තියන එකෙක්ද?
ඔන්න ඕවා කල්පනා කරන්න ඕන හොදට.

ගෙදර/වත්තේ ඉඩ තියනවද?



වත්ත වට කරලා දැලක් හෝ තාත්පයක් ගහලා තියනවද?
මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත් සතාට ඇවිදලා කරලා,දුවලා පැනලා ඉන්න,ජරා කරන්න ඕන උනාම ජරා කරන්න වත්තේ ඉඩ තියෙන්න ඕන.
දවසම කූඩුවේ දාලා,ගැට ගහලා නම් හදන්න ලෑස්ති වෙන්න එපා සතාව.
පාරට නොයන්න වත්ත වට කරලා තියනවානම් තමුන්ටත් හිසරදයක් නෑ,අනිත් මිනිස්සුන්ටත් හිසරදයක් නෑ.

සල්ලි තියනවද?



සතෙන් සතේ එකතු කරලා බල්ලෙක්ව අරන් ඊට පස්සේ ඒ සතා වෙනුවෙන් වියදම් කරන්න බැරි නම් කවදාවත් සතෙක් ගන්න එපා.
ගොඩක් උන් කරන්නේ ඕක.
පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන් සතා ගන්නවා ඒත් පස්සේ ඌට බෙහෙත් විදගන්නවත් සල්ලි නෑ.
මොන බ්‍රීඩ් එකක බල්ලෙක් ගත්තත් පලවෙනි මාස 9 පනිනකම් අනිවා ඒ සතා වෙනුවෙන් රු.7000.00-රු.10000.00 විතර වියදම් කරන්න බලාගෙන ඉන්න ඕන බේත් හේත් අරවට මේවට.

සතාව ගත්තාම සතාව ගෙනියන්න හොද වෙට් කෙනෙක් ඉන්නවද ගෙනියන්න පුලුවන් දුරක?



මිනිස්සු වගේම සත්තු ලෙඩ වෙනවා.
ඒ සත්තු ලෙඩ උනාම උන්ට ඒක කියාගන්න බෑ.
ඒ නිසා සතෙක් ලෙඩ වෙච්ච ගමන් වෙට් ගාවට එක්කන් ගිහින් බේත් කරන්න ඕන ලෙඩේ වැඩි වෙන්න කලින්.
ඒකට ගෙනියන්න පුලුවන් දුරක හොද වෙට් කෙනෙක් ඉන්න ඕන.

තමන් හදන්න ඉන්න බ්‍රීඩ් එකේ ඉතිහාසේ ගැන තමන් දන්නවද?



වගකීමෙන් කියනවා මම.
ලෝකේ ඕනම රටක බල්ලෝ හදන උන්ගෙන් 90% විතර දන්නේ නෑ තමන් හදන බල්ලාගේ ඉතිහාසේ.
කෙල්ලෙක් දාගද්දි ඒ කෙල්ලගේ මුලු ඉතිහාසේම අපේ උන් හොයනවනේ.
ඒ වගේම බල්ලෙක් ගන්න කලිනුත් ඒ බ්‍රීඩ් එකේ ඉතිහාසේ ගැන දැනගෙන ඉන්න ඕන.
ගොඩක් උන් තමන් හදන සතාගේ නමවත් හරියට කියාගන්න දන්නේ නෑ.
රොට්වයලර් හදන සමහර මෝඩ මූසලයෝ රොට්වයලර් වෙනුවට රොත්වයලර් කියලා කියනවා.
පොමරේනියන් හදන උන් පොමනේරියන් කියලා කියනවා.
එහෙම බ්‍රීඩ් නෑ ඕයි.
හරියට නම කියන්න ඉගෙන ගනින් බල්ලෝ හදන්න කලින්.

කලින් බල්ලෝ හදලා තියනවද?
ගෙදර පොඩි ලමයි ඉන්නවද?



කලින් බල්ලෝ හදලා නැති කෙනෙක් නම් ගන්න ඕන පලවෙනි පාරට හදන්න පුලුවන් බ්‍රීඩ් එකක්.
ජර්මන් ශෙපර්ඩ් ( ලයන් ශෙපර්ඩ් නෙවෙයි හොදේ )
බුල් මස්ටිෆ්.
ගෝල්ඩන් රිට්‍රීවර්.
ලැබ්‍රඩෝ රිට්‍රීවර්.
පලවෙනි පාර හදන අයට උදාහරණ විදියට ඔය බ්‍රීඩ්ස් දෙන්න පුලුවන්.

බල්ලෝ හදලා එක්ස්පිරියන්ස් තියනවානම් තමන්ට හදන්න පුලුවන් වෙයි කියලා හිතෙන බ්‍රීඩ් එකක් ගත්තාට වරදක් නෑ.
රොට්වයලර්.
ඩොබමන්.
රිච්බැක්.
බීගල්.
බල්ලෝ හදලා එක්ස්පිරියන්ස් තියන අයට උදාහරණ විදියට ඔය බ්‍රීඩ්ස් අනුමත කරන්න පුලුවන්.
සමහර බල්ලෝ බ්‍රීඩ්ස් පොඩි ලමයි එක්ක හදන එක අවදානම්.
එහෙම බ්‍රීඩ්ස් හොයලා බලලා තෝරා බේරා ගන්න ඕන.

ආදරේ දෙන්න පුලුවන්ද?
සතාගේ දේවල් වෙනුවෙන් කැප වෙන්න පුලුවන්ද?



බල්ලෙක් කියන්නේ ජිවිතයක්.
බලු පැටියෙක්ව අපි ගන්න දවසේ ඉදන් ඒ පැටියා අපිව අනුකරණය කරනවා.
අපි සන්සුන් නම් ඒ පැටියත් සන්සුන් විදියට හැදෙනවා.
අපි හැමවෙලාවේම ගේමට යනවානම් ඒ සතා සැරට හැදෙනවා.
බලු පැටියෙක් අපි ගන්න දවසේ ඉදන් ඒ පැටියගේ අලුත් දෙමාපියන් තමා අපි.
ආදරේ , කරුණාව , දයාව , රැකවරණය , ආරක්ශාව අපෙන් බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා කවදාවත් බල්ලෝ කූඩුවල දාලා,ගැට ගහලා හදන්න එපා.
එහෙම කරම සතාගේ මනස අයිසෝලේට් වෙලා ගිහින් මිනිස් සන්හතියම එපා වෙනවා.
ඊට පස්සේ කන්න දෙන අත හපා කනවා.
පොඩි කාලේ ඉදන් බල්ලාව පවුලේ සමාජිකයෙක් වගේ හදනවානම් ඒක ගොඩක්ම වටිනවා සතාට ඇන්ඩ් අපිට.
මගේ ගෙදර මොන වෙලාවක හරි ගෙදර අය කෑම කන්න කලින් සත්තුන්ට කන්න දීලා තමා කන්නේ.
උන්ගේ බඩගින්න නිවලයි අපි කන්නේ.
මගේ අම්මා මම ලෙඩින් හිටියත් බලන්නේ නෑ ඒත් සතෙක් ලෙඩ උනාම පටගාලා බලලා වෙට් ගාවට ගෙනියනවා.

සතා ලෙඩ උනාම අද නිවාඩු නෑ හෙට ගෙනියන්නම් කියලා ඉදලා නම් හරියන්නේ නෑ.
අද වැඩේ අදම කරන්න ඕන.
වේදනාව කියන්න බෑ නේ අනේ මාව ඩොක්ටර් ගාවට ගෙනියන්න කියලා.
ඒකයි කැප වෙන්න ඕන කිව්වේ.

ගෙදර වෙන සත්තු ඉන්නවද?
තවත් සත්තු ගෙදරට ඕනද?



සමහරු අතට අහුවෙන අහුවෙන සතාව සල්ලි දීලා ගෙනල්ලා හදනවා.
පස්සේ ඒක මහා හිසරදයක් වෙනවා.
ඒක කරන්න එපා.

හදිස්සියක් උනොත් සතාට බෙහෙතක් කරගන්න දන්නවාද?



වෙට් ගාවට ගෙනියනකම්වත් සතෙක්ට තුවාලයක් උනොත් මොකද කරන්නේ කියලා දැනගෙන ඉන්න ඕන.
මිනිස්සු මොකද සත්තු මොකද කියලා මිනිස්සුන්ට දෙන බෙහෙත් සතාට දීලා හරියන්නේ නෑ.
තමන් යන වෙට්ගෙන් ඒ දේවල් හරියට අහගන්න තමන් දැනගන්න ඕන.
ඒක තමන්ගේ වගකීම.
පහුගිය දවස් වල මේ කිරියේ හම්බුනා බල්ලන්ට පැනඩෝල් දෙන උදවිය.
පැනඩෝල් හොද නෑ හලෝ බල්ලන්ට.
තුවාල වලට මිරිස් කුඩු දියකරලා දාපු එවුනුත් සෙට් උනා.
ජාඩි දාන්නද දන්නේ නෑ තුවාලෙට මිරිස් දැම්මේ?

මෝඩ හැත්ත.
උන්ට ඉතින් කියලා දුන්නත් වැඩක් උනේ නෑ.
මන්ද මානසිකත්වය.


සතාව හරියට ට්‍රේන් කරන්නේ කොහොමද?



ත්‍රේඩ් වලින් සතෙක්ව ට්‍රේන් කරන්න බෑ කාටවත් ඇන්ඩ් ඒ ගැන කියලා දෙන්නත් බෑ.
හේතුව කිව්වොත් සතාගෙන් සතාගේ මානසිකත්වය වෙනස්.
ඕනම ට්‍රේනර් කෙනෙක් ෆෝන් එකෙන් බල්ලෝ ට්‍රේන් කරන්න කියලා දෙන්නේ නෑ ඇන්ඩ් එහෙම කරන්නත් බෑ.
අනිවා සතාව බලලා,ඌ එක්ක ටිකක් ඉදලා,සතාව තේරුම් අරන් තමා ට්‍රේන් කරන්නේ.
ගොඩක් දෙනෙක් ට්‍රේන් කරන්නේ කොහොමද කියලා ත්‍රේඩ් දාන්න කිව්ව නිසා මේ ටික මම දාන්නම්.
මේවා බේසික්ස්.
මේවා හදාගත්තොත් වෙන දේවල් ට්‍රේන් කරන්න ලේසියි.
බල්ලාව ට්‍රේන් කරන්න කලින් තමන් ඉවසීම කියන දේ හොදින් ප්‍රගුණ කරන්න ඕන ඇන්ඩ් දවසෙන් දෙකෙන් ට්‍රේන් කරන්න බෑ කියන දේත් ඔලුවේ තියාගන්න ඕන.
අද ට්‍රේන් කරලා ආපහු සතියකට පස්සේ ට්‍රේන් කරන්නත් බෑ ඇන්ඩ් වැඩකුත් නෑ එහෙම කරලා.
හැමදාම කරන්න ඕන ට්‍රේනින් කියන දේ.
ඩෝග් ට්‍රේනින් ගැන පට්ට විඩියෝ සෙට් එකක් තියනවා මේ ලින්ක් එකේ.
https://www.youtube.com/watch?v=eC3H...73E2767DC19590
ඔය සෙට් එක හැමෝම බලන්න ඕන ඇන්ඩ් බැලුවට පාඩුවක් නෑ.

විඩියෝ සෙට් එක බලන්න බැරුව ඩේටා නැතුව ඉන්න අය උදෙසා ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒවා මම මෙහෙම දාන්නම්.

සතාට ජරා කරන්න ඕන තැන කියලා දීම.
මේ වැඩේ සතා ගෙදර ගෙනාව දවසේ,ගෙනාව වෙලාවේ ඉදන් කරන්න ඕන.
සතෙක්ව ගෙදර ගෙනාවම මුලින්ම කරන්න ඕන ගෙදර වත්තේ සතෙක්ට ජරා කරන්න පුලුවන් තැනක ඌව තියන එක.
ඕනම බ්‍රීඩ් එකක පැටියෙක්ව ගෙදර ගෙනාවම ඌ කරන්නේ ගෙදර ඇතුලේ ඉව කරලා චූ දාන , ජරා කරන එක.
ඌ එතනින්ම ඉගෙන ගන්නවා මෙන්න මෙතන තමා මම මේ වැඩේ හැමදාම කරන්න ඕන දේ කියලා.
ඒ නිසා මුලින්ම කරන්න ඕන ගේ ඇතුලට අරන් යන්නේ නැතුව වත්තේ ඒ සතාව තියන එක ඌට ජරා කරන්න ඕන තැන ඌ හොයාගන්නකම්.



දම්වැල දාලා පාරේ ගෙනියන්නේ කොහොමද?

ගොඩක් උන්ට මේක හරියට කරගන්න බෑ.
දම්වැල දාලා එක්කන් යද්දි බල්ලා මිනිහව ඇදගෙන යනවා.
එහෙම වෙන්න බෑ.
පැටියව ගෙදර ගෙනාව දවසේ ඉදන්ම පාරේ දම්වැල දාලා එක්කන් යන්න පුරුදු කරන්න ඕන.
නැත්තම් පස්සට වැඩ ගොඩයි.



තව සීන් එකක් තමා දම්වැල දාලා පාරේ එක්කන් යනකොට බල්ලා අපේ ඇගට පැන පැන ඉන්න එක.
මේක වෙලාවකට සෙල්ලම් උනාට මල වදයක් වෙනවා ඕනවට වඩා ගියොත්.



ගොඩාක් වටින ඩොකියුමන්ට්‍රි එකක් මේක පොඩි කාලේ ඉදන් බල්ලෙක් හරියට හදාගන්නේ කොහොමද කියන දේ ගැන ලස්සනට කියලා දෙන.
ඩේටා නැත්තම් ඩේටා දාගෙනවත් මේක බලන්න.




සතාට එක්සර්සයිස් දෙන්නේ කොහොමද?




එක්සර්සයිස් කියලා අමුතු සීන් එකක් නෑ.
මොන ජාතියක බල්ලෙක් හැදුවත් හොදට කන්න බොන්න දීලා ඇවිදින්න එක්කන් යන්න හැමදාම.
ඇවිදින්න කිව්වේ සතාට හොදට මහන්සිය දැනෙන විදියට.
හැමදාම එකම පාරේ ඇවිදින්න එක්කන් යන්නත් එපා.
එක එක පාරවල් වලින් එක්කන් යන්න ඇන්ඩ් බල්ලව පොඩි කාලේ ඉදන් අනිත් බල්ලෝ එක්ක සෝශල් කරලා හදන්න ඕන මොකෙක් හැදුවත්.
එතකොට සතාගේ මොලේ හොදට ඩිවලප් වෙනවා.
කදු තියන පාරවල් වල දුවන ගමන් කන්ද නගින එක,ඇවිදගෙන පල්ලම් බහින එක වගේ දේවල් ගොඩක් හොද එක්සර්සයිස් බල්ලෙක්ට ඇන්ඩ් මිනිහෙක්ට.
තමන්ට බල්ලා එක්ක බීච් යන්න පුලුවන්නම් ඒක ගොඩක් හොදයි.
මේ සීන් එක ගොඩක් අය දන්නේ නෑ.
බල්ලෙක්ව අරන් බීච් යන්න ඕන හවස 6 පස්සේ හෝ උදේ 8 ඉස්සෙල්ලා.
අව්ව තියන වෙලාවල් වල බල්ලන්ව බීච් එක්කන් යන එක හොද නෑ.
උදේ 3,4 වගේ බීච් යන්න පුලුවන්නම් ඒ වෙලාවට එන රැල්ල බල්ලන්ගේ හමට ගොඩක් හොදයි.
තුවල වලටත් ඒ ටයිම් එකේ එන රැල්ල හොදයි ඇන්ඩ් මැක්කෝ එහෙම ඉන්නවානම් උන්ව ගැලවිලා යනවා.
මම නම් හැමදාම මගේ ජර්මන් ශෙපර්ඩ් එකාව අරන් බීච් යනවා රෑ 8 වගේ ඇන්ඩ් සමහර දවස් වලට පාන්දර 3.30 වගේ යනවා.
ඒ ටයිම් වලට එච්චර මිනිස්සුත් නෑ ඇන්ඩ් නිස්කලන්ක නිසා සතාව හොදට ට්‍රේන් කරන්නත් පුලුවන්.




ත්‍රේඩ් එක මම ඔහොම සීන් එකක් දාලා ඉවර කරනවා.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

http://www.elakiri.com/forum/showthread.php?t=1754176

රිඩ්ජ්බැක්~Ridgeback

http://www.elakiri.com/forum/showthread.php?t=1754396

පොමරේනියන්~Pomeranian

http://www.elakiri.com/forum/showthread.php?t=1755102

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116












Reply With Quote
(#2)
Old
Election2015's Avatar
Election2015 Election2015 is offline
Senior Member
Election2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the rough
 
Posts: 2,083
Join Date: Nov 2014
08-07-2016, 01:38 PM

ela ela, ape Balla hama welawema Udubalai athata inne Uge walla eliye dagena.. ai ban e? uta eka athal da?
Reply With Quote
(#3)
Old
Rajitha dilshan's Avatar
Rajitha dilshan Rajitha dilshan is offline
Senior Member
Rajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of light
 
Posts: 1,918
Join Date: Aug 2013
Location: unknow
08-07-2016, 01:39 PM

patta machan..matath aaasi ban ballek hadaganne..
Reply With Quote
(#4)
Old
Ysa Karu's Avatar
Ysa Karu Ysa Karu is offline
Senior Member
Ysa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to behold
 
Posts: 11,233
Join Date: May 2014
08-07-2016, 01:40 PM

පට්ට මචං...සෑහෙන්න වැදගත්...
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 24,300
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
08-07-2016, 01:42 PM


T F S !
Reply With Quote
(#6)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of lightSara531 is a glorious beacon of light
 
Posts: 10,735
Join Date: Jan 2016
Location: තරු අතරේ
08-07-2016, 01:50 PM

Thank you thank you thank you thank you thank you sooooooomuch 4 this thread
Reply With Quote
(#7)
Old
farcry919's Avatar
farcry919 farcry919 is offline
Senior Member
farcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of lightfarcry919 is a glorious beacon of light
 
Posts: 1,399
Join Date: Mar 2016
Location: USA
08-07-2016, 01:52 PM

ela ela. You must spread some Reputation around before giving it to akilar25 again.
Reply With Quote
(#8)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 37,651
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
08-07-2016, 01:53 PM

Quote:
Originally Posted by Election2015 View Post
ela ela, ape Balla hama welawema Udubalai athata inne Uge walla eliye dagena.. ai ban e? uta eka athal da?
ඒ උගේ ආතල් එක.
උබ උගේ වල්ල දිහා බලන් නැතුව ඉදින්.

Reply With Quote
(#9)
Old
HypermaD's Avatar
HypermaD HypermaD is offline
Senior Member
HypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really nice
 
Posts: 1,260
Join Date: Feb 2015
Location: Marawila
Up 08-07-2016, 02:03 PM

නියමයි අකිලය.. විස්තරේ නියමයි.. මැසේජ් එක‍ට thanks..
Reply With Quote
(#10)
Old
naleen rox's Avatar
naleen rox naleen rox is offline
Senior Member
naleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nice
 
Posts: 2,912
Join Date: Jun 2011
Location: Ceylon
08-07-2016, 02:03 PM

ube balu threads tika nam patta
Reply With Quote
Reply

Bookmarks

Tags
බව්වෝ, akila balla, bellita hukanna, dog breeder, three wheel karaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07653 seconds with 8 queries