ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම

රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම - නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!

Quote

රැවුල සහ කණ්නාඩිය
http://www.maharahathunwadimagaosse....aharima-01-15/

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

Unquote

ඉහත දැක්වෙන්නේ රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම සහ අන් අය බුදුන් සරණ නොයෑමේ සමාදන් වීම පිණිස හේතු වන එහිමියන් විසින්ම ගොතන ලද වචන හරඹයකි.

නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී.

නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැතියී ලු. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැකි ලු. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි ලු. ඒ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි ලු. සැබෑ මධ්‍යම ප්‍රතිපදාව ලු. සැබෑම බුදුමඟ ලු. බුදුපුතෙක් ලු. සමහරු ඔවැනි දෑ වලට කියන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" ලු.

බුදුන් සරණ යෑම...?

Skylark
 
Last edited:
Jul 5, 2012
1,773
265

හෙහ් හෙහ්..එහෙනං බුදුන් වදාල විනයටත් පයින් ගහලා තමයි සැබෑ නිවන් මඟේ හික්මිය යුත්තේ! මාරයාගේ මාර බණක් වගේ මට නම්..

සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ පහලවීම!
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

සැරියුත් තෙරණුවන් විසින් ශික්ෂාපද පනවන්න යැයි බුදුරජානන් වහන්සේගෙන් කෙරෙන ආයාචනය ගැන විස්තර ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ වෙරඤ්ජකණ්ඩයේ සාරිපුත්තස්ස සික්ඛාපඤ්ඤත්තියාචනං [ http://thripitaka.org/view/vp/vp1/42 ] යන තැන දැකිය හැකියී. එහිදී විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නොපැවතීමට සහ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනය දිගු කල් පැවතීමට හේතු, ප්‍රත්‍ය කවරේ දැයි ගෞතම බුදුරජානන් වහන්සේ විසින් සැරියුත් තෙරණුවන්ගේ විමසීමට පිළිතුරු ලෙස පවසා තිබෙනවා.

විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නොපැවතීමට හේතු ලෙස විස්තර වශයෙන් දහම් දෙසීමට උත්සාහ නොවීම, නවාංග ශාස්තෘශාසනය ස්වල්ප වීම, ශ්‍රාවකයන්ට ශික්ෂාපද නො පැණවීම සහ පාමොක් නො උදෙසීම යන කාරණාවන් දක්වා තිබෙනවා.

යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මල් ආසනයේ තැන්පත් කර නූලෙන් මනාව නොගෙතූ විට සුළඟ එම මල් විසුරුවනවා, අන් තැනකට යවනවා, තිබූ තැනින් පහ කරනවා. ඒ සුදු
සු පරිදි එම මල් නූලෙන් නොගෙතූ නිසා. එම උපමාවේ පරිද්දෙන් විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනයන්හි එම බුදුරජානන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් සහ එම බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයින්ගේ පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රාවකයින්ගේ අතවැසි වූ නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ පශ්චිමශ්‍රාවකයින් විසින් එම ශාසනයන් වහාම අතුරුදන් කළ බව සඳහන්.

කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනය දිගු කල් පැවතීමට හේතු ලෙස විස්තර වශයෙන් දහම් දෙසීම, නවාංග ශාස්තෘශාසනය බොහෝ වීම, ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැණවීම සහ පාමොක් උදෙසීම යන කාරණාවන් දක්වා තිබෙනවා.

යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මල් ආසනයේ තැන්පත් කර නූලෙන් මනාව බැඳි විට සුළඟ එම මල් විසුරුවන්නේ නැහැ, අන් තැනකට යවන්නේ නැහැ, තිබූ තැනින් පහව යන්නේ නැහැ. ඒ සුදු
සු පරිදි එම මල් නූලෙන් ගෙතූ නිසා. එම උපමාවේ පරිද්දෙන් කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනයන්හි එම බුදුරජානන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් සහ එම බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයින්ගේ පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රාවකයින්ගේ අතවැසි වූ නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ පශ්චිමශ්‍රාවකයින් විසින් එම ශාසනයන් බොහෝ දිගු කල් පැවැත්වූ බව සඳහන්.

එම කරුණු අසා සැරියුත් තෙරණුවන් බුදුරජානන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවන ලෙසත්, පාමොක් උදෙසන ලෙසත් ඉල්ලා තිබෙනවා.

ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.

රාජගිරියේ අරියඥාණ හිමිගේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" සැබෑ ස්වරූපය ඔහොමයි. සමහරු තමන් කරන කියන දේ වල ප්‍රතිවිපාක කෙබඳු දැයි දන්නේ නැහැ.

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

මම මගේ වෙබ් අඩවියේ සමහර භික්ෂූන් වහන්සේලා පවසන වැරදි දහම් කරුණු ගණනාවක් ගැන පිටු දමා තිබෙනවා. සමහරක් පිටු වල දැක්වෙන්නේ වීඩියෝ සහ මාතෘකා පමණයි, වැරැද්ද කුමක්දැයි විස්තර දක්වා නැහැ. ඒත් සමහරක් අයට ඒ මාතෘකා බැලීමෙනුත්, වීඩියෝ බැලීමෙනුත් එපමණකින්ම වැරැද්ද කුමක් දැයි වටහාගන්න පුළුවන් ඇතැයි සිතනවා. සමහර අයට විස්තර නොමැතිව එසේ වටහා ගන්න බැරුවත් ඇති. සමහරක් පිටු වල මම දීර්ඝ ලෙසත් විස්තර එක් කොට තිබෙනවා.

මට එම පිටු ඉවත් කරගන්න හැකි නම් මම කැමතියී. මටත් අන් අයටත් එසේ ඉවත් කර ගැනීමේ හොද ඇති බව, පහසුවක් ඇති කරන බව මම දකිනවා. ඒත් සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය අන්තර්ජාලයේ දැක්කාම හැකි පමණින් ඒවායේ වැරදි විස්තර සහිතව නොදැක්වුවොත්, එම සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය දීර්ඝ කාලයක් එලෙසම පැවතුනොත් ඒකත් නරක බව මම දකිනවා.

මම කුමක් කල යුතු දැයි ඔබට යම් යෝජනාවන් තිබෙනවාද? සුළු පිටු ප්‍රමාණයක් දක්වලා කලින් කලට දැක්වෙන පිටු මාරු කිරීම කරන්න පුළුවන්. හැබැයි එතකොට යම් අයෙකුට කියවන්න උවමනා යැයි හිතෙන අවස්ථාවේදී උවමනා පිටු දැක්වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයත් ගැටළුවක්. යම් ආකාරයකට මටත් අන් අයටත් නිදුකින්ම වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්න පුළුවන් නම් එය තමයි හොද. ඒත් ඉතින් සමහරුන්ට විස්තර ඇතිව වැරදි කාරණා පෙන්වා දුන්නත් ඔය වීඩියෝ, ලිපි ආදිය ඉවත් කර ගැනීමට හිතන්නේ නැතුව ඇති. එහෙම උනහම ඒ බොරු දහම් වල වැරදිත් පේන්න තිබුනොත්නේ හොද. ඒ නිසා ඒ වැරදි ගැන මම ලියා ඇති පිටු වැරදි වීඩියෝ ආදිය දිගින් දිගටම අන්තර්ජාලයේ තිබෙනවා නම් ඉවත් කිරීමත් සුදුසු නැහැ. වීඩියෝ ආදිය අන්තර්ජාලයේ තිබුනත් නැතත් මම ලියූ කරුණු කියවන්න කැමති සමහරක් අයත් ඇති.

සීමාවක් නැතිව භික්ෂූන් වහන්සේලාගේ වැරදි ගැන ලියන්න යෑමත් සුදුසු නැහැ. වැරදි දෘෂ්ටීන් වල හිටියත් ඒ අයට පහසුවක් කරන්න ඕනෑනේ එවැනි දෘෂ්ටීන් ගෙන් මිදෙන්න. ඒ නිසා ඔය පිටු පුරා ලියන ලද කරුණු සම්පූර්ණයෙන්ම උවත් ඉවත් කර දැමීමේ වටිනාකමක් තිබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ ඒ භික්ෂූන් වහන්සේ ගැන වෙන වෙනම සලකා බලා තමයි එවන් දෙයක් ගැන යොමු විය යුත්තේ යැයි මම හිතනවා.

මේ ත්‍රෙඩ් එකේ කියවෙන දේ ගැනත් ලියන්න වැඩිපුර කාරණාවල් තිබෙනවා. ලිව්වොත් එය බොහෝ දෙනෙකුට දහම් අවබෝධයට බොහෝ උපකාරී වෙවි. ඒ නිසා නොලියා ඉන්න බැහැ. හැබැයි ලීවාම සමහරක් අයට යන එන මං නැති උනා වගෙ වේවිදෝයි කියලත් මම හිතනවා. ඒ ගැනත් ඉතින් සලකා බලන්න උවමනයිනේ. කුමක් කරන්නද කියලා මම හිත හිතා ඉන්නේ. නොලියා ඉන්නත් බැහැ.

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දසක නිපාතයේ උපාලි වග්ගයේ උපාලි සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp17/152 ] කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්ෂාපද පනවන ලද ද, පාමොක් උදෙසන ලද ද යැයි උපාලි හිමියන් විසින් විමසීමේදී බුදුරජානන් වහන්සේ විසින් මෙසේ පවසා තිබෙනවා:

උපාලි, කරුණු දසයක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට ශික්ෂාපද පනවන ලද, පාමොක් උදෙසන ලදී. කවර දසයෙක යත්: සඞ්ඝයාගේ මනාබව පිණිස ය, සඞ්ඝයාගේ පහසුබව පිණිස ය, දුසිල් පුද්ගලයනට නිග්‍රහ පිණිස ය, ප්‍රියශීල භික්ෂූන්ගේ පහසුවිහරණය පිණිස ය, දෘෂ්ටධාර්මික ආස්‍ර‍වයන්ගේ සංවරය පිණිස ය, සාම්පරායික ආස්‍ර‍වයන් නැසීම පිණිස ය, අප්‍ර‍සන්නයන්ගේ ප්‍ර‍සාදය පිණිස ය, ප්‍ර‍සන්නයන්ගේ භූයොභාවය පිණිය ය, සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස ය, විනයානුග්‍ර‍හය පිණිස යි.

උපාලි, මෙ කරුණු දසය පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකනයට ශික්ෂාපද පනවන ලද, පාමොක් උදෙසනලදැ යි.

ඉහත කරුණු දහය සැලකීමේදී විනය යනු කෙතරම් අගය කල යුතු දෙයක් දැයි වටහා ගැනීමට පුළුවන්. හික්මෙන අයටත්, හික්මුනු අයටත් යන දෙපිරිසටම විනය ප්‍රයෝජනවත්.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් "විනයකින් තොරවම ඔබත් හික්‌මේවි." යැයි අන් අයව විනයෙන් බැහැරට යොමු කෙරෙන උපදෙස් දීම බොහෝ දෙනාගේ අහිත පිණිස පවත්නා ලාමක ප්‍රකාශයක්, දුභාෂිතයක් සහ නොමනා ක්‍රියාවක්.

ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ සතළොස්වන වග්ගයේ විනය පෙය්‍යාලයේ [ http://thripitaka.org/view/sp/sp12/230 ] සූත්‍ර තුන් සියයකින් (300) බුදුරජානන් වහන්සේ විසින් සව්වන්ට විනය කරුණු පැණවීමට හේතු විස්තර කෙරෙනවා. එහි පළමු සූත්‍ර දහය සංක්ෂිප්තව දැක්වෙන්නේ මෙසේයි:

මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි.

කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පෙශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දොෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දොෂයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යී. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂොපච්ඡෙදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයොභාවය පිණිස හා යි... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.

ඉහත පරිද්දෙන් තවත් සූත්‍ර දෙසිය අනුවක් විනය පෙය්‍යාලයේ දැක්වෙනවා. එවිට එතැන දැක්වෙන සූත්‍ර පමණක් ගත්තත් බුදුරජානන් වහන්සේ විසින් එසේ තුන් සියය වාරයක් විනය පිළිබඳව පවසා ඇති කරුණු සැලකීමේදී විනය යනු බැහැර කල යුතු දෙයක් නොව තමන්ටත් අන් අයටත් ලැබෙන ප්‍රයෝජනය අති මහත් බැවින් වැඩි වැඩියෙන් යොමු විය යුතු, බෙහෙවින්ම අගය කල යුතු, පුන පුනා ගුණ කිව යුතු, අතිශයින්ම වටිනා දෙයක් බව වටහා ගැනීමට පුළුවන්.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් "විනයකින් තොරවම ඔබත් හික්‌මේවි." යැයි අන් අයව විනයෙන් බැහැරට යොමු කෙරෙන උපදෙස් දීම බොහෝ දෙනාගේ අහිත පිණිස පවත්නා ලාමක ප්‍රකාශයක්, දුභාෂිතයක් සහ නොමනා ක්‍රියාවක්.

ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
"අරියඥාණ හිමි සහ සුභද්ද හිමි" [ http://www.elakiri.com/forum/showthread.php?t=1786056 ] යන ත්‍රෙඩ් එකේද රාජගිරියේ අරියඥාණ හිමි විසින් බුදුරජානන් වහන්සේ විසින් පනවන ලද විනය මුළා වූ ස්වරූපයකින් ප්‍රතික්ෂේප කරමින් අන් අයවත් නොමඟ යැවීම පිළිබඳ විස්තර පවතියී.

Skylark