අරියඥාණ හිමි සහ සුභද්ද හිමි

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අරියඥාණ හිමි සහ සුභද්ද හිමි

අරියඥාණ හිමි සහ සුභද්ද හිමි



රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 1, තත්පර 11න් පමණ පසු:

ඒ නිසා මහත්තයෝ සාසනයේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? බුදුරජානන් වහන්සේ ජීවමානව ඉද්දී අපිට විනය කාරණා දෙසිය විසි හතක් පනවනවා. භික්ෂුණීන්ලට විනය කාරණා තුන්සිය අටක් පනවනවා. ඇයි? ඒ කාලෙත් ස්වාමින්වහන්සේලා අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් ගිහි කෙනෙක් පැවිදි වෙනවා මං මේ ජීවිතයේ නිවන් අවබෝධය උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං දිව්‍ය, බ්‍රහ්ම සැප උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මම සාසනය රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං අධ්‍යාපනය ඉගෙනගෙන රටට සේවයක් කරනවා කියලා(?) උදෙසා පැවිදි වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුලම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් [නැහැ]. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුනාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න.
රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 3, තත්පර 36න් පමණ පසු:

ඒ නිසා මහත්තයා පැවිදි වෙනවා නම් මේ කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මහත්තයෝ. මහත්තයාට අවශ්‍යනම් මේ ජිවිතයේදීම මේක නිවලා දාන්න පුළුවන්. නැත්නම් ආත්මභාව හතක් තුල මේක නිවලා දාන්න පුළුවන්. කැමතිනම් කල්ප ගනන් තව ඈතට යන්න පුළුවන්. ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජයේ සාසනයේ කොතැනකවත් කොතැනකවත් වැරැද්දක් කියන කාරණයක් අපි දකින්නේ [නැහැ] මොකද ලෝක ධර්මයයි සාසනය තුලින් අපි දකින්නේ කියලා.
රාජගිරියේ අරියඥාණ හිමි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි පවසා ඇති ආකාරයේම ධර්මයට හා විනයට නොගැළපෙන ප්‍රකාශයක් කල භික්ෂූවක් ගැන ප්‍රථම ධර්ම සංගායනාවට හේතු වූ නිදානය ගැන ඇති විස්තරයේ සඳහන් වේ. එය ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පඤ්චසතිකක්ඛන්ධකයේ සංගීති නිදානයේ [ http://thripitaka.org/view/vp/vp4p2/568 ] දැකිය හැක. ඒ මෙසේයි:

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ:

3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය කී ය. "ඇවැත්නි, කම් නැත. ශොක නො කරවු. නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමත්තෙමු නම් එය නො කරන්නෙමු' යි.

එහෙයින් ඇවැත්නි, අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්මය ද විනය ද සඞ්‌ගායනා කරම්හ'යි (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. එනම් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සහ භික්ෂුනීන් වහන්සේලා නිවන වෙත සෘජුව පිළිපන් පිරිසකි. සංඝයාගේ මෙම ගුණය "උජුටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ" ලෙසින් සිහි කරමු. මෙය ධර්මයට ගැළපේ. මෙය විනයට ගැළපේ.

"අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ කැණීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ සැඟවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සංඝයා නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න ශ්‍රාවක උපාසක සහ උපාසිකාවන් නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අධර්මයකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අවිනයකි.

Skylark
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාවට සහ සුභද්ද හිමිගේ කතාවට අැත්තේ හාත්පසින්ම වෙනස් තේරුම් දෙකක්. නුවණැත්තෝ විමසා බලත්වා! සර්පයා වැරදි තැනින් අල්ලා නොගනිවා!
 
Jul 5, 2012
1,773
265
0
අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාවට සහ සුභද්ද හිමිගේ කතාවට අැත්තේ හාත්පසින්ම වෙනස් තේරුම් දෙකක්. නුවණැත්තෝ විමසා බලත්වා! සර්පයා වැරදි තැනින් අල්ලා නොගනිවා!

මේක කියවන අයගේ ඇස් වලට වැලි ගහලා, සර්පයා ගැන වල් බූත ලියලා අරියඥාන හිමි බේරගැනීමේ ඔබේ අසාර්ථක ප්‍රයත්නය නුවැණැත්තන් අවබෝද කරගනී.

මේ සාකච්චාව මුල ගිහියෙක් අරියඥාන හිමිගෙන් ප්‍රශ්නයක් අසනවා මෙහෙම.

"වර්තමානයේ බොහෝ භික්ෂූන්වහන්සේ පැවිදි ජීවිතය තුල ලෞකික සැප සම්පත් හොයාගෙන යනවා අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරනයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි, නමුත් මේ යන රටාව පිලිබඳව, ලෞකික සැප සම්පත් සොයා භික්ෂූන්වහන්සේ ගමන් කිරීම පිලිබඳව ගිහියන් වශයෙන් කුමක්ද කල යුත්තේ ?"

මේ ප්‍රශ්නයට අරියඥාන හිමිගේ උත්තරය තමයි ස්කයිලාක් ඉහත පැහැදිලිව දක්වා විභේදනය කරල තියෙන්නේ.

අරියඥාන හිමිගේ උත්තරයේ සාරාංශය ගත්තොත් මෙන්න මේ වගේ අසංගත වල් බූතයක් තමයි දෙසලා තිබෙන්නේ.

"බුදු හිමියන්ගේ කාලයේ විනය නීති දැම්මේ භික්ෂූන් අතින් වැරදි වෙන නිසා. වැරදි එදත් උන අදත් උනා! ඒක ලෝක ස්වභාවය. යමෙක් නිවන් දකින්නත් පැවිදි වෙන්න පුලුවන්, පිරිවෙන් අද්‍යාපනය ලබා ගන්නත් පැවිදිවෙන්න පුලුවන්, රට ජාතිය වෙනුවෙන් සසුන රැක ගනිමි කියලා, ආයුධ අත දරන හමුද සොල්දාදුවන්ට සෙත් පිත් කියන්නත් පැවිදි වෙන්න පුලුවන්, පැවිදි වී සිටිමින් නොයෙක් අයතා දේ සිවුරට මුවාවී කරන්නත් පැවිදි වෙන්න පුලුවන්. මේ හැම කෙනෙක්ගේම ස්වභාවය, ඒකේ වරදක් දැකීම යුතු නැත. "

මේ නම් බුදු බණට විනයට පෙලට අනුමත දේසනාවක්ද යන්න නුවනැත්තෝ නුවනින් විමසත්වා!

තවත් තැනක අරියඥාන හිමි දෙසනවා මෙහෙම.

ඒ නිසා මහත්තයා පැවිදි වෙනවා නම් මේ කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මහත්තයෝ. මහත්තයාට අවශ්‍යනම් මේ ජිවිතයේදීම මේක නිවලා දාන්න පුළුවන්. නැත්නම් ආත්මභාව හතක් තුල මේක නිවලා දාන්න පුළුවන්. කැමතිනම් කල්ප ගනන් තව ඈතට යන්න පුළුවන්. ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජයේ සාසනයේ කොතැනකවත් කොතැනකවත් වැරැද්දක් කියන කාරණයක් අපි දකින්නේ [නැහැ] මොකද ලෝක ධර්මයයි සාසනය තුලින් අපි දකින්නේ කියලා.

මේ තරම් අසංගත වල් බූතයක් ඔබ අසා ඇත්ද? ලෝක ධර්මයම නම් සාසනය තුලින් විද්‍යාමාන වන්නේ, අහවල් කෙංගෙඩියකටද අමුතු සාසනයක්?? සිවුරු දරා පාත්තර අතින් ගෙන පිඬු සිඟා වඩින හිස මුඩු කරගත් භික්ෂූන් ගෙන් පිරුන ගෞතම බුද්ධ සාසනයත් සසුනෙන් පිට ලෞකික දිවියත් අතර වෙනසක් නැතැයි කියන මේ හිමියන්ට සිදුව ඇත්තේ කුමක්ද?

නුවණැත්තෝ නුවණින්ම විමසා බලත්වා!
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාවේ "වරදක් දැකීම" කියන කොටස වටහාගන්න අපහසු වෙලා බව පෙනෙනවා. අපි යම් දෙයක වරදක් දකිනවා කියන්නේ අපි සිතින් ඒ දේ සමග ගැටෙනවා කියන දෙයටම තමයි. ඒ කියන්නේ ද්වේශයේම කොටසකට.
උපුටා දක්වපු කොටස්වල "වරදක් දැකීම" වෙනුවට "සිතින් ගැටීම" ලෙස යොදා කියවා බැලුවොත්,


බුදු හිමියන්ගේ කාලයේ විනය නීති දැම්මේ භික්ෂූන් අතින් වැරදි වෙන නිසා. වැරදි එදත් උනා අදත් වෙනවා, ඒක ලෝක ස්වභාවය. යමෙක් නිවන් දකින්නත් පැවිදි වෙන්න පුලුවන්, පිරිවෙන් අධ්‍යාපනය ලබා ගන්නත් පැවිදිවෙන්න පුලුවන්, රට ජාතිය වෙනුවෙන් සසුන රැක ගනිමි කියලා ආයුධ අත දරන හමුද සොල්දාදුවන්ට සෙත් පිත් කියන්නත් පැවිදි වෙන්න පුලුවන්, පැවිදි වී සිටිමින් නොයෙක් අයථා දේ සිවුරට මුවාවී කරන්නත් පැවිදි වෙන්න පුලුවන්. මේ හැම කෙනෙක්ගේම ස්වභාවය, ඒ ගැන සිතින් ගැටිය යුතු නැත. (ඒකේ වරදක් දැකීය යුතු නැත.)

ඒ නිසා මහත්තයා පැවිදි වෙනවා නම් මේ කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මහත්තයෝ. මහත්තයාට අවශ්‍යනම් මේ ජිවිතයේදීම මේක නිවලා දාන්න පුළුවන්. නැත්නම් ආත්මභාව හතක් තුල මේක නිවලා දාන්න පුළුවන්. කැමතිනම් කල්ප ගණන් තව ඈතට යන්න පුළුවන්. ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජයේ සාසනයේ කොතැනකවත් සිතින් ගැටිය යුතු කාරණයක්‌ අපි දකින්නේ නැහැ (වැරැද්දක් කියන කාරණයක් අපි දකින්නේ නැහැ.) මොකද ලෝක ධර්මයයි සාසනය තුලින් අපි දකින්නේ කියලා.
ලෝකයාගේ අනන්ත වැරදි ස්වාභාවයන් නිවැරදි කරන්න අපිට නොහැකි බව දැන දැනත් අනුන්ගේ නොයෙක් වැරදි ගැන සිතින් ගැටී ගැටී ප්‍රමාද වීමේ තේරුමක් නැහැ නේද?. වඩා හොඳ තමන්ගේ වැරදි දැක ඒවායේත් නොගැටී ඒවා නිවැරදි කරගැනීම නොවේද? බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේත් දේශනා කර වදාරේත් ලෝකය හදා තමන් හැදීමද? ලෝකයත් තමනුත් එක්ව නිවැරදි වීමද? නැත්නම් තමන් නිවැරදි වී නිවැරදි වීමට හැකියාව ඇත්තවුන්ද නිවැරදි කිරීමද?

පැවිදි වී විනය ශික්ෂාපද 227ම 100% ආරක්ෂා කරන්න කැමැත්තක් තිබුනත්, එසේ කළත් ස්වයංක්‍රීයව නිවන් අවබෝධ වන්නේ නැහැ. කෙනෙකුට නිවන් අවබෝධ කරන්න කැමත්තක් ඇතිනම් පමණයි එය සිදු කළ හැකි වන්නේ. ඉතින් නිවන් අවබෝධ කරන්න කැමති කෙනාගේ ශක්තිය මත නිවන් අවබෝධය මේ භවයේදීම වෙන්නත් පුළුවන්, පසු භවයක වෙන්නත් පුළුවන්. නැත්නම් සසුනට ඇතුළු වී විනය ශික්ෂාපද 227ම 100% ආරක්ෂා කිරීම පමණක් කරලා කල්ප ගණන් සැප විඳීම පමණක් කරන්නත් පුළුවන්. සතර පාරාජිකා රැකීමෙන් පමණක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය අනුවම උපසම්පදාව රැකගත් භික්ෂුවගේ නිවන තව කල්ප ගණන් ඈතට යන්නත් පුළුවන්.

 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පිරිහීම

ඔන්න ඉස්සර එකෝමත් එක රටක් තිබ්බා. ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කලේ නැහැ. ඔවුන්ගේ තේජස, බල පරාක්‍රමය දස දෙස පැතිරුනා. එය එරට වැසින්ට පමණක් නොව පිටරට වැසියන්ටත් ප්‍රයෝජනවත් උනා, ආශිර්වාදයක් උනා. නමුත් පසු කාලෙක ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට ඒ රටේ මිනිස්සු රටවැසියා පිළිපැදිය යුතු නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න කටයුතු කලා. තවත් කල් යන විට තව තවත් පිරිහීම නිසා ඒ රටේ මිනිස්සු වැඩි වැඩියෙන් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට වෙනත් රටක අයෙක් පිරිහුණු රටේ පුද්ගලයෙකුගෙන් මෙහෙම ඇහුවා:

"වර්තමානයේ ඔබේ රටේ බොහෝ පුද්ගලයින් නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පෙළඹිලා බව අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරනයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි. නමුත් මේ යන රටාව පිලිබඳව, ඔබ රටේ පුද්ගලයින් වැරදි දිශාවකට ගමන් කිරීම පිලිබඳව පිටරට වැසියන් වශයෙන් අපි කුමක්ද කල යුත්තේ?"

එතකොට පිරිහුණු රටේ පුද්ගලයා මෙහෙම කියපි:

"මෙහෙමයි මහත්තයෝ, අපේ මුතුන් මිත්තො පැහැදිලිව කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් පිටරට වැසියන්ට අපේ රටේ වැසියන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැහැ. මොකද අපේ මුතුන් මිත්තෝ පනවපු නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න රටේ ඉහල පුද්ගලයින් ඉන්නවා. අපේ මුතුන් මිත්තො කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. ශක්තිමත් අපේ හරි වැරදි සොයන්න ආවොත් කොහෙන් අවසන් වෙයිද කියලා අපට කියන්න බැහැ. ශක්තිමත් ජාතියක් වන අපේ ගුණ යහපත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ශක්තිමත් බව වැඩියී කියනවා අපේ මුතුන් මිත්තො. තේරුණාද? ඒ නිසා මහත්තයෝ අපේ රටේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? ඉස්සර අපේ මුතුන් මිත්තෝ රටවැසි අපිට නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් පනවා තිබෙනවා. ගැහැණු අයට අදාළ නීති රීති ආදියත් පනවා තිබෙනවා. ඇයි? ඒ කාලෙත් අපේ රටේ මිනිස්සු අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං මේ ජීවිතයේ දැහැමිව ඵලවත්ව ක්‍රියා කල යුතුයි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං කන්තෝරු ගොස් එහි ස්ත්‍රීන් සමඟ විහිළු තහළු කර සතුටු වෙමියී කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මම වැඩ කරන තැන රැක ගන්න ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං නැති උනොත් මේ රටේ ස්ත්‍රීන්ට දරුවන් නොලැබේ, රටේ පිරිමි හිටියාට ඔවුන් වඳය, ඒ නිසා මම ඊට සුසුදු පරිදි රැකියාවක් කර ජීවත් වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුලම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් නැහැ. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුනාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න."

(අර්ථ වටහා ගැනීම පිණිස ගොතන ලද උපමා කතාවකි)

Skylark
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
එතකොට පිරිහුණු රටේ පුද්ගලයා මෙහෙම කියපි:

"මෙහෙමයි මහත්තයෝ, අපේ මුතුන් මිත්තො පැහැදිලිව කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. තේරුණාද? ඒ නිසා කොයිම වෙලාවකවත් පිටරට වැසියන්ට අපේ රටේ වැසියන්ගේ හරි වැරදි සොයන්න යෑම අදාල නැහැ. මොකද අපේ මුතුන් මිත්තෝ පනවපු නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න රටේ ඉහල පුද්ගලයින් ඉන්නවා. අපේ මුතුන් මිත්තො කියලා තියෙනවා අපි බොහොම ශක්තිමත් ජාතියක් කියලා. ශක්තිමත් අපේ හරි වැරදි සොයන්න ආවොත් කොහෙන් අවසන් වෙයිද කියලා අපට කියන්න බැහැ. ශක්තිමත් ජාතියක් වන අපේ ගුණ යහපත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ශක්තිමත් බව වැඩියී කියනවා අපේ මුතුන් මිත්තො. තේරුණාද? ඒ නිසා මහත්තයෝ අපේ රටේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුණාද? ඉස්සර අපේ මුතුන් මිත්තෝ රටවැසි අපිට නීති රීති, පොලිසියක්, අධිකරණයක්, ව්‍යවස්ථාවක් පනවා තිබෙනවා. ගැහැණු අයට අදාළ නීති රීති ආදියත් පනවා තිබෙනවා. ඇයි? ඒ කාලෙත් අපේ රටේ මිනිස්සු අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං මේ ජීවිතයේ දැහැමිව ඵලවත්ව ක්‍රියා කල යුතුයි කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං කන්තෝරු ගොස් එහි ස්ත්‍රීන් සමඟ විහිළු තහළු කර සතුටු වෙමියී කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මම වැඩ කරන තැන රැක ගන්න ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් රැකියාවක් කරන්න ගන්නවා මං නැති උනොත් මේ රටේ ස්ත්‍රීන්ට දරුවන් නොලැබේ, රටේ පිරිමි හිටියාට ඔවුන් වඳය, ඒ නිසා මම ඊට සුසුදු පරිදි රැකියාවක් කර ජීවත් වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුලම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් නැහැ. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුනාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න."

(අර්ථ වටහා ගැනීම පිණිස ගොතන ලද උපමා කතාවකි)

Skylark

පිරිහීම දුටිමි. අනුකම්පා කරමි. මින් මතු කිසිත් නොකියමි.
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
උපමා කථාවේ පැවසෙන ආකාරයට රටේ නීති රීති ආදිය පනවා තිබෙන බැවින් රටවැසියා කවර වැරැද්දක් කලත් එහි වැරැද්දක් දකින්න විදිහක් නැතැයි කීම බෙහෙවින්ම මුළා වූ කීමකි. එබඳු මතයක් සමාජයක ස්ථාපිත වූ විට ඒ සමාජයේ නීති රීති පිළිපැදීමක් නැත. රට වැසියාගේ යහපත උදෙසා ස්ථාපිත කරන ලද නීති රීති බල ගන්වන ආයතන වන පොලිසිය, අධිකරණය ආදී ආයතනද ප්‍රයෝජනයක් නැති ආයතන වේ යැයි යන විපරීත මතයක්ම එවිට සමාජයේ ස්ථාපිතව පවතියී. එම ආයතනද පිරිහේ, රට වැසියාද පිරිහේ. කෙතරම් ප්‍රයෝජනවත් උවත්, කෙතරම් යෝග්‍ය උවත්, මනා කොටම පනවන ලද උවත් විපරීත දෘෂ්ටිය හේතුවෙන් ඒ පනවන ලද නීති රීති ආදිය නොසලකා හැරීම නිසා ඒ රට වැසියන්ට ඉන් ප්‍රයෝජනයක් නොලැබේ. නොසලකා හැරීම නිසා අවැඩක්ම සිදුවේ. විපරීත දෘෂ්ටිය ඒ සමාජය විනාශය කරා රැගෙන යයි.

එලෙසින්ම බුදුරජානන් වහන්සේ විසින් විනය පනවා තිබෙන බැවින් භික්ෂූන් වහන්සේලා කවර වැරැද්දක් කලත් එහි වැරැද්දක් දකින්න විදිහක් නැතැයි කීම බෙහෙවින්ම මුළා වූ කීමකි. එයින් කියැවෙන්නේ විනය තිබුනත් විනය නොපිළිපැදීමේ වැරැද්දක් දකින්න බැරිය යන විපරීත දෘෂ්ටියයි. බුදු සසුනේ ගිහි පැවිදි දෙපිරිසම එම විපරීත දෘෂ්ටියට පැමිණි විට භික්ෂූන්ද පිරිහේ, ගිහියන්ටද අවැඩක්ම වේ. කෙතරම් ප්‍රයෝජනවත් උවත්, කෙතරම් යෝග්‍ය උවත්, මනා කොටම පනවන ලද උවත් විපරීත දෘෂ්ටිය හේතුවෙන් ඒ පනවන ලද විනය නොසලකා හැරීම නිසා බුද්ධ ශ්‍රාවකයින්ට ඉන් ප්‍රයෝජනයක් නොලැබේ. නොසලකා හැරීම නිසා අවැඩක්ම සිදුවේ. විපරීත දෘෂ්ටිය සම්මා සම්බුද්ධ සාසනය අතුරුදන් කරයි.

වරදවා ගත් තවත් පිරිස් තමන්ගේත් අන් අයගේත් පිරිහීමට හේතු වන එබඳු විපරීත මත වලට "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ...!!!" යැයිද කියති. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි සිතමින් ඔවුන් යම් දිශාවකට යොමු වී ඇතිද, ඔවුන්ගේ ඒ මඟ සැබෑවටම යොමුව ඇත්තේ කොහාට දැයි ඔවුන් නොදනිති.

Skylark
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0


නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228

--

භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
http://www.elakiri.com/forum/showthread.php?t=1824788

කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
http://www.elakiri.com/forum/showthread.php?t=1808040

බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
http://www.elakiri.com/forum/showthread.php?t=1807872

රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1794320

අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
http://www.elakiri.com/forum/showthread.php?t=1786211

අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
http://www.elakiri.com/forum/showthread.php?t=1786056

රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
http://www.elakiri.com/forum/showthread.php?t=1785871

රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
http://www.elakiri.com/forum/showthread.php?t=1785527

රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1782913

රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1782644

ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
http://www.elakiri.com/forum/showthread.php?t=1782317

නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1754494

රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1753221

රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1752388


Skylark