අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන

රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම



රාජගිරියේ අරියඥාණ හිමි ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු ස්වාමීන් වහන්සේලාට මුදල් දීම ගැන මෙසේ පවසනවා:

...
අනිත් එක දැන් හුගාක් වෙලාවට අපි දානෙ පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට මුදල් ඇන්ලොප් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ.
...
ඒ නිසා යම් හෙයකින් ඔබලා දානය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංඝික කරන තැන තියන්න යන්න එපා. සාංඝික කරන තැන අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න. ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න.
...
ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp1/606 ] විස්තර වන්නේ මෙහෙම:

"යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ"
රූපියශික්ෂාපදයට අනුව ලඟ තබන මුදල් වත් පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට අවසරයක් නැහැ. "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න." යැයි කීමත් නොමනා කීමක්මයි.

පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:



ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/614 ] මෙසේ සඳහන්:

ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස්කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම්ගුණ කැප වේ නම් එකාන්තයෙන් අශ්‍රමණ ධර්ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැවවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යුතු යයි මම නො ම කියමි යි.
මණිචූළක සූත්‍රයට අනුව රන්රිදි කැප යැයි සලකා ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම අශ්‍රමණ ධර්ම ඇති, අශාක්‍යපුත්‍රීය ධර්ම ඇති අය ලෙසයි සලකන්න වෙන්නේ.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම ධර්මයට සහ විනයට නොගැළපෙන ක්‍රියාවක්. එහිමියන් පවසන එම කරුණු අසන භික්ෂූන් වහන්සේලාත් මුදල් පිළිගැනීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්, ගිහියනුත් මුදල් දීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්. එය ගිහි පැවිදි දෙපිරිසේම පිරිහීමට කාරණාවක්.

නා උයනේ අරියධම්ම හිමිගේ ඉහත දක්වන ලද දේශනාව ශ්‍රවණය නොකෙරුවා නම් එය ශ්‍රවණය කොට මුදල් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාට සිදුවන්නේ කුමක් දැයි එම වීඩියෝවේ කියවෙන දෑ ගැනත් හිතා බලන්න.

Skylark
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ අරියපරියෙසන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/414 ] බුදුරජානන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආර්යපර්යේෂණය සහ අනාර්යපර්යේෂණය යන සෙවීම් දෙක ගැන විස්තර කර ඇති අයුරු දැකිය හැකියී. එහි දී රන්රිදී යනු ජාතිධර්ම, ජරාධර්ම සහ සංක්ලේශධර්ම ලෙස සඳහන් කොට එම සෙවීම අනාර්යපර්යේෂණය ලෙස මෙසේ දක්වා තිබෙනවා:

7. මහණෙනි, ආර්යපර්යේෂණය ය, අනාර්යපර්යේෂණයයි මේ සෙවීම් දෙකකි.

මහණෙනි, අනාර්යපර්යේෂණය කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් (ජරාව ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්මයක් (මරණය ස්වභාවකොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාවකොට ඇත්තේ ශෝක ධර්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

8. මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් ම සොයයි.

9. මහණෙනි, කුමක් ජරාධර්මයයි කියන්නේ ද? පුත්‍රභාර්යාවෝ ජරාධර්මයෝ ය. දැසිදස්හු ජරාධර්මයෝ ය එළු බැටළුවෝ ජරාධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්මයෝය. රන්රිදී ජරාධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්මයක් ම සොයයි.

10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්මයයි කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ ව්‍යාධිධර්මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් ම සොයයි.

11. මහණෙනි, කුමක් මරණධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ මරණධර්මයෝ ය. දැසිදස්හු මරණධර්මයෝ ය. එළුබැටළුවෝ මරණධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්මයක් ම සොයයි.

12. මහණෙනි, කුමක් ශොකධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශොකධර්මයෝ ය. දැසිදස්හු ශොකධර්මයෝ ය. එළුබැටළුවෝ ශොකධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ශොකධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශොකධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝවැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තේ ශොකධර්මයක් ම සොයයි.

13. මහණෙනි, කුමක් සංක්ලේශධර්මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්මයෝ ය. රන්රිදී සංක්ලේශධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්ම වෙත්. මේ ලෝවැසි තෙම මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්යපර්යේෂණයි.

අරියපරියෙසන සූත්‍රයට අනුවත් රන්රිදී සෙවීම යනු ශ්‍රමණ ධර්මට නොගැළපෙන අනාර්ය වූ ජාතිධර්මයක් සෙවීමක්, ජරාධර්මයක් සෙවීමක් සහ කෙලෙසන ස්වභාව ඇත්තක් සෙවීමක් ලෙස දැකිය හැකියී.

Skylark
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මට ගැටලුවක් තියනවා..දැන් අපේ හාමුදුරුවන්ට ප්‍රවාහන අවශ්‍යතා තියනවා..උදාහරනයක් ගත්තොත් ඉගෙන ගන්න හාමුදුරු නමකට උදේට හවසට පිරිවෙනට වඩින්න ඕනෙ.දැන් ඒ වගේ අවස්තාවක මුදල් ඕනෙ වෙනවා නේද? තව පන්සලේ විදුලි බිල ගෙවන්න..සමහර අවස්තා තියනවා හාමුදුරුවන්ට දානය පවා නොලැබෙන..ඒ වගේ අවස්තාවලට දානය සපයා ගන්න වගේ දේවල් වලට....
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනා ගැන ස්කයිලාක් ඇතුලු පිරිසගේ වගේම මේ සංවාද කියවන අනිත් සාමාජිකයින්ගේ අදහසුත් දැන ගැනීම වටිනවා. හැකිනම් ඒ හැම අදහසක්ම මේ සංවාදයට එකතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම

    මේ ස්වාමීන්වහන්සේ කිසිම වෙලාවක භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාදෙන්න කියලා ගිහියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ. එහෙම ඉල්ලීමක් කර තිබෙනවා කියා වැරදි අයුරින් ප්‍රකාශ කර ඊට පහර ගැසීමෙන් කාටවත් සිදුවන යහපතක් නැහැ.

    රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාවේ හරය වන්නේ කර්ම විෂය අචින්ත්‍ය බව දැක විවිධ සත්වයන්ගේ නොයෙක් කර්ම පථ වලට සහභාගී වීමට වඩා තමන් කුසලයේ ශක්තිමත් වීම වඩාත් පහසු සහ නිවැරදි බවයි. මේ හරය උදාහරණයක් මගින් දේශනා කිරීමක් තමයි මේ ධර්ම දේශනාවේදී සිදුකර තිබෙන්නේ. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාදෙන අවස්ථාවල අප විසින් එය වැලැක්වීම සුදුසු නැහැ කියන එක තමයි මේ ධර්ම දේශනාවේදී යොදාගෙන තිබෙන උදාහරණය. ඉතින් මෙහි හරය තේරුම් ගත් අය ඉන්න පුළුවන්, උදාහරණය පමණක් තේරුම් ගත් අය ඉන්නත් පුළුවන්. ඒ දෙකම අවබෝධ නොවුන අයත් එසේ කිරීමට අවශ්‍යතාවයක් නැති අයත් ඉන්නත් පුළුවන්. එළකිරි එකේ මේ සංවාද කියවන අය ඉන්නවනම් ඔවුන් අතර මේ ධර්ම දේශනය නිවැරදිව තේරුම් ගන්න අවශ්‍ය අය ඉන්නවනම් ඒ අය වෙනුවෙන් මේ දහම් කරුණ මා අවබෝධ කළ අයුරින් විස්තර කර දෙන්න උත්සාහ කරන්නම්.

    මුදල් ලබාගන්නා පැවිදි පක්ෂය

    විනය නීතියක් මගින් අකැප කරුණක් වෙන මුදල් ලබාගැනීම නිසා භික්ෂූන් වහන්සේලා නිස්සග්ගිය පාචිත්තිය කියන කොටසට අයිති වරදක් සිදු කරනවා. මේ විනය නීති වල ස්වාභාවය ගැන කලින් පොස්ට් එකක ස්කයිලාක්ට පිළිතුරක් ලබාදීමේදී කෙටියෙන් කිව්ව ටික ආයෙමත් දාන්නම්.


    සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න... කියලා ගුණ සමුදායක් සංඝ රත්නය සතුව තිබෙනවා, සංඝයා වහන්සේලා විසින් බුදුරදුන් දේශිත විනය අනුව සිටින තාක්කල් උන්වහන්සේලා එම ගුණ සමුදායට උරුමකරුවන්, භික්ෂූත්වය සම්පූර්ණයෙන්ම නැතිවී යන වරදක් නොකරන තාක් ගිහි අප විසින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අයත්වෙන සඟ පරපුරේම පුරුකක් ලෙස උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සැලකිය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා, එසේ නොකර එම භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාවන් ගැන මනසින් හෝ ගැටෙන එක කාටවත් ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවෙයි, එසේ ගැටීමත් ගිහි අපිට බොහෝ දුක් විපාක වලට හේතු වෙන අකුසල් රැස් කර දෙන්න පුළුවන් ක්‍රියාවක්.

    ප්‍රාතිමෝක්ෂයට අනුව උපසපන් භික්‍ෂූන් සිදුකරන වරද හඳුන්වනුයේ ආපත්ති නමින් ලැබිය යුතු දඬුවම්වල ස්වභාවය අනුව වර්ග කොට ඇත.

    1. ඡෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරපතල වැරැදි)
    මෙම කොටසට අයත් වනුයේ පාරාජිකා ආපත්තීන්ය.

    2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුත්ථාපනය විය හැකි අපරාධ)
    මෙම කොටසට සංඝාදිසේස අයත්

    3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකි ආපත්ති ඒවා ථුල්ලවය (මහා වරද) පාචිත්තිය (පව් රැස් කිරීම) පටිදෙසනීය (ගැරහිය යුත්ත) දුක්කට (නොනිසි සේ කරන ලද්ද) අබ්බාසිත (නොනිසිසේ කියන ලද්ද) යනුවෙන් පස්වැදෑරුම්ය.

    http://www.lakehouse.lk/budusarana/2010/04/28/PrintPage.asp?REF=vision08

    භික්ෂූ උපසම්පදාව සම්පූර්ණයෙන් නැතිවී, භික්ෂූත්වයට උරුම කම් නැති, භික්ෂූ ජීවිතයෙන් පරාජිතයෙක් බවට පත්වෙන්නේ පාරාජිකා කියන ශික්ෂා පද කඩ කළොත් පමණයි.

    මේවායින් රූපීය ශික්ෂාපදයත් අයත් වන්නේ දෙසනාගාමි කියන කොටසට, ඉතින් භික්ෂූන්වහන්සේ නමක් විසින් මේ කොටසට අයිති වරදක් සිදු වුනා නම් බුදුරදුන් විසින් දේශිත විනය අනුවම සංඝයා වහන්සේ ඉදිරියේ ඒ ඇවත දේශනා කරලා උන්වහන්සේට තමන්වහන්සේගේ උපසම්පදා ශීලය නැවත ඉතාමත් ශක්තිමත් කරගන්න පුළුවන්, ඒ නිසා ගිහි අප විසින් ඒ වගේ දෙයක් ගැන නිතරම මනසින් ගැටෙනවානම් ඒ කියන්නේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගැන සිතද්දී මතකයට එන්නේ "උන්වහන්සේ මේ වගේ ඇවතක් සිදු කළා නේද" කියන කාරණය පමණක් නම් ගිහි අපේ ඒ ක්‍රියාව අර්ථයක් නැති, බොහෝ දුක් විපාක සකස් කර දෙන අකුසල කර්මයක් විතරයි.

    ගිහි සමාජයෙන් ඉටුවෙන්න ඕනේ කාරණා සිදු නොවෙන නිසා සහ වෙනත් විවිධ හේතු නිසා භික්ෂූන් වහන්සේලා ගිහියන්ගෙන් ලැබෙන මුදල් පිළිගන්න පුළුවන්

    1. වෙහෙර විහාර අලුතින් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය, අලංකාර කිරීම, පැවැත්ම
    මේ දේවල් වලින් බුදු දහමේ අග්‍ර ඵලය වෙන නිවනට ළඟා වෙන්න බැහැ, නමුත් මේ ක්‍රියාවන් දීර්ඝකාලීනව භෞතික සැප විපාක ලබා දෙන්න පුළුවන් පුණ්‍ය කර්ම බවට උදාහරණ ඇති තරම් දහමේ සඳහන් වෙනවා. මේක ගිහි පැවිදි දෙපක්ෂයටම අදාලයි. නමුත් මේ දේවල් වලම තදින් ඇලීම නිසා භූමාටු, රුක් දෙවියෙක් වගේ පහලින් ඇති දේව නිකායක උප්පත්තිය සකස් වෙන්න හෝ ප්‍රේත උපතක් ලබන්න පුළුවන්.

    නමුත් වෙහෙර විහාර අලුතින් ඉදි නොවී, ප්‍රතිසංස්කරණය නොවී, අලංකාර නොවී තිබුනානම් ගිහි පැවිදි දෙපක්ෂයටම මීට වඩා අයහපතක් සිදුවෙන්න තිබෙන හැකියාව වැඩියි. දුටුවන් සිත් නොපහදවන පන්සලකට යන්න කවුරුවත් කැමති නැහැ. ගිහියන් වැඩි පිරිස ඉතාම ඉක්මනින් පන්සලෙන් ඈත් වෙන්න පුළුවන්, අනාගත පරම්පරාවල ධර්මය තේරුම් ගන්න හැකියාව තිබෙන අය සිටියත් ඔවුන්ට ඒ අවස්ථාව මගහැරී යන්න පුළුවන්. ගැඹුරු ධර්මය තේරුම් ගෙන සැප විපාක සකස් කර ගැනීමට නොහැකි, මල් පහන් පිදීමෙන් මලු ඇමදීමෙන් සැප විපාක සකස් කරගත හැකි ගිහි පිරිස අඩුවෙන්න පුළුවන්.

    2. ධර්ම දාන සඳහා (දහම් පොත් මුද්‍රණය, දහම් වෙබ් අඩවි), ධර්ම චාරිකා (ධර්මය බෙදාදීමට හෝ දැනගැනීමට, පින් කරගැනීමට)

    3. හුදෙක් කාම සුඛල්ලිකානුයෝගය සඳහා
    මෙවැනි භික්ෂූන්ට තවත් අකුසල් කරගැනීමට ගිහියන් විසින් ආධාර කළ යුතු වන්නේ නැහැ.


    භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාදෙන ගිහි පක්ෂය

    වඩාත් සුදුසු විදිහට භික්ෂූන් වහන්සේලාට පූජා කරන්න කාලයක් හෝ අවස්තාවක් ජීවිත කාලය තුලදීම හම්බ නොවෙන ගිහි පිරිස දවසින් දවස වැඩි වෙනවා. නමුත් කිසිම ගිහියෙක් තමන් අමාරුවෙන් සොයාගත් ධනය ශාසනය විනාශ කරන අරමුණින් භික්ෂූන් වහන්සේලාට ලබාදෙන්නේ නැහැ. ඔවුන් එය සලකන්නේ පුණ්‍යකර්මයක් විදිහට, ඔවුන්ට මුදල් ලබාදීමෙන් සිදුවිය හැකි ශාසනික පරිහාණිය ගැන වැටහෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් එයින් පිනක් සිද්ධ වෙන්නේ නැහැ කියන්න කාටවත් බැහැ මොකද කර්ම විෂය අචින්ත්‍ය නිසා. ඔවුන් වැපිරූ දෙය ඔවුන් නෙළාගනීවි. එහි හොඳ නරක දෙකම ඇතුලත් වේවි.

    භාවනා කිරීමෙන් හිත දියුණු කිරීමට, පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේලාට දානය පිරිනැමීමට, වෙහෙර විහාර තැනවීමට, පිළිසකර කිරීමට, ධර්ම දාන සිදු කිරීමට හැකියාවක්, අවස්තාවක් හෝ කාලයක් නැති පුද්ගලයින් විසින් සිදු කරන්න සැරසෙන මුදල් පරිත්‍යාගයන් අප විසින් වැලැක්වූවොත් එයින් අපට ලැබෙන විපාකය කෙබඳු වේද? එයින් එම පුද්ගලයින්ට සැප විපාකයක් සකස් වේවිද? ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේගේ ශරීර ප්‍රමාණය කුඩා වුනේ පෙර භවයක, මිනිසුන් විශාල චෛත්‍යයක් ඉදිකරන්න යන අවස්ථාවේදී එය තවත් කුඩා කළා නම් හොඳයි කිව්ව නිසා කියල ධර්මයේ සඳහන් වෙනවා.

    යුද්ධයෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන යෝධාජීව ගාමිණී කියන පුද්ගලයා තමන්ගේ මතු භවය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මෙයට පිළිතුරු ලෙස යෝධාජීව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යුද්ධයෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන අය මතු භවයේ සරඤ්ජිත නම් නිරයේ උපදින බව. නමුත් යුද්ධයේදී මියගිය අපේ රණවිරුවන් සියල්ලම සරඤ්ජිත නිරයේ ඉපදුන බව 100% සහතික කර ස්කයිලාක්ට හෝ වෙනත් කෙනෙකුට කියන්න පුලුවන්ද? කර්ම විෂය අචින්ත්‍යයි කියන ධර්මය අනුව නම් එහෙම කියන්න බැහැ. දුටුගැමුණු රජතුමා දෙව්ලොවට ගිය බවත් එතුමාගේ යෝධයෙක් යුද්ධයෙන් පසුව පැවිදිව ථෙරපුත්තාභය නම් රහතන් වහන්සේ නමක් වුන බවත් වංශකතා වල සඳහන් වෙනවා.


    යෝධාජීව සූත්‍රය

    “ගාමිණි මම ‘ගාමිණී, කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි. ඒකාන්තයෙන් මෙය තොපගෙන් නො ලබමි. එහෙත් මම තොපට විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමකය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් ඒඔහුගේ මිස දිටු වෙයි. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් කියමි.”

    http://www.thripitakaya.org/tipitakaya/Index/134?s=1850
    අරියපරියෙසන සූත්‍රයට අනුවත් රන්රිදී සෙවීම යනු ශ්‍රමණ ධර්මට නොගැළපෙන අනාර්ය වූ ජාතිධර්මයක් සෙවීමක්, ජරාධර්මයක් සෙවීමක් සහ කෙලෙසන ස්වභාව ඇත්තක් සෙවීමක් ලෙස දැකිය හැකියී.

    කියවන්නා නොමග යැවීමට දරන ලද තවත් උත්සාහයක්, රන් රිදී සොයන්න කියා බුදුරජාණන් වහන්සේ වගේම රාජගිරියේ අරියඥාන තෙරුන්ද දේශනා කොට නැහැ.

    රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනා ගැන ස්කයිලාක් ඇතුලු පිරිසගේ වගේම මේ සංවාද කියවන අනිත් සාමාජිකයින්ගේ අදහසුත් දැන ගැනීම වටිනවා. හැකිනම් ඒ හැම අදහසක්ම මේ සංවාදයට එකතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
     
    • Like
    Reactions: Chathuranga1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඥාණ හිමි: "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න."

    රාජගිරියේ අරියඥාණ හිමි:




    Skylark

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නො කැප දෑ කැප යැයි සිතන අය සහ කැප දෑ නො කැප යැයි සිතන අය පිළිබඳව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp12/202 ] මෙසේ සඳහන් වෙනවා:

    "මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය."

    Skylark
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mas maalu kana eka hodada nadda wage deyak thamayi.

    mage nam mathaya buduhamuduruwo deshana karala aththe mudal ipayeea, ewa ayojanaya kireema adi thanhawa asawa ras wana karunu wala noyedenna kiyala wenna ona. salli ganne nathuwa payin yanawada, nathnam kenek dun mudalak viyadam kara bus eke yanawada, a mudalin lothareyiyak gannawada....
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Boru Dusti Hadagana,
    Typical Paranparika Buddhist,

    --

    skylark Must Be in Ignore List for Everyone

    Skylark Ignore List Danda,

    You have your own heart, mind and brain to make things clear/justify and understand.


    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22164781

    Skylark