Skylark අනතුර හා නිරුවත

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :):):):)

    ඒක ඇත්ත. හැමෝටම අවබෝධ කරන්න බෑ. අමාරුයි. ඒක නිසා තේරුම් කරවන්න උත්සහ ගන්න එක තව අමාරුයි. කරන්න තියෙන්නෙ අපිට අවබෝධ ටික දාල, අවශ්‍ය අයට කියවන්න ඉඩ සලසල දෙන එක. ඒකත් ඇති.

    දැන් බලන්න. මේ Skylark වැරදි චේතනාවෙන් හරි හැමදාම මේ thread එකයි, අර අභිධර්ම thread එකයි bump කරනවනෙ. ඒක මටවත් කරන්න අමාරුයි. skylarkට පිං සිද්ධවෙන්න සෑහෙන දෙනෙක් මේ thread දෙක කියවනව. කියවල ධර්මයට යොමු වෙනව.

    මට rep එක්ක එන comments වලින් හා pm වලින් පේනව තාමත් අලුතෙන් එළකිරියේ කවුරු හරි අභිධර්මය ගැන දැනගෙන ඒ දිශාවට යොමු වෙනව කියල.

    ඒක නිසා තමන්ට ධර්මය ගැන බෙදාගන්න දෙයක් තියනවනම් ඒක දාන්න.
    ඒක පහත් කරන, බනින අය ඕන තරම් හිටියත් ඒවත් එක්ක ඕනවට වැඩිය ගැටෙන්න යන්න එපා; ඒ අය දිහා අනුකම්පාවෙන් බලන්න උත්සහ කරන්න. කියන්න තියන දෙයක් කෙටියෙන් කියල, තමන්ගෙ මාර්ගය වඩවන්න. කාට හරි කවද හරි උදව්වක් වෙන කරුණක් ගැන කියන්න ඕන කියල හිතුනොත් ඒක දාන්න පැකිළෙන්න එපා.

    පිං වලට බොහොම පිං.

    බුදුසරණයි මචන්.:yes::yes:
    11.gif
    11.gif
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.


    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * ඉඟිය 3: http://www.elakiri.com/forum/showthread.php?p=20201070
    * ඉඟිය 4: http://www.elakiri.com/forum/showthread.php?p=22148081
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH




    මම කාලයක් එළකිරියේ inactive වෙලා හිටියේ වෙලාව මදි කම නිසා. හැබැයි ලඟදි දැක්ක, එළකිරියේ හැංගිලා තියන ලොකු අනතුරක් නිසා තාවකාලිකව active වෙන්න උනා පහුගිය දවස් ටිකේ.

    ඒ තමයි Skylark කියන account එක හා ඔහු දමන thread.

    මේ ඔක්කොම පටන් ගත්තේ මට අහම්බෙන් මේ thread එක අහු වීමෙන්.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    එතනින් Skylarkeගෙ පුද්ගලික blog එකකට යොමු කරනව. ඒකට ගියාම තමයි මට තේරුනේ එතන වැඩිපුර වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ භික්ෂුන්ව ඉතා පහත විදිහට විවේචනය කරන එක. ඊට පස්සෙ එයාගෙ elakiri post history එක බැලුවම දාල තියන threads වල titles බැලුවම හිරිකිත හිතුන.

    දොඩන්ගොඩ හැංගිමුත්තා හිමිගේ දේශනා එකතුව
    මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
    අපාය මඟ වූ රාජගිරියේ අරියඥාන හිමියන්ගේ මඟ​

    මේ මාතෘකා උදාහරණ තුනක් විතරයි. ඇතුල මීට වඩා හිරිකිතයි.

    පස්සෙ තව ටිකක් මෙයාගෙ blog එක ගැන හොයල බැලුවම, තවත් පුදුම දෙයක් දැක්ක. මේ Skylark තමන් සෝවාන් වෙලා කියල කියනව. හැබැයි සංඝයාට කතා කරන විදිහ දැක්කම දේවදත්ත මතක් උනා.

    මෙයා විවේචනය කරන සමහර දේවල් ඇත්ත තමයි, හැබැයි බොහොමයක් කරුණු මෙයාට අවබෝධ කරගන්න බැරි උනාම ත්‍රිපිටකයේ එහෙම දෙයක් නෑ කියල බනිනව. මේවා විවේචනය කරන විදිහක් තියනවා. ඒත් මෙයා ඒ භික්ෂුන්ව බොහොම පහත විදිහට විවේචනය කරන්නේ. මේ සංඝයා වහන්සේලා රහත් වෙලා නෑ. ඉතින් ඉඳල හිටල වැරදි දෙයක් කියන්න අවස්ථාවක් තියනව. මෙතන වැදගත්ම දේ ඒ හාමුදුරුවරු සිල්වත්ද කියන එක. ඒ හාමුදුරුවරු සිල්වත්නම්, ඒ හමුදුරුවරුන්ව පහත විදිහට විවේචනය කිරීමෙන් ඇති වෙන්නේ ලොකු පාපයක්.

    මෙතන අනතුර තියෙන්නෙ මෙයා මේ දේවල් කරන්නෙ තමන් සෝවාන් වෙලා කියා ගනිමින් හා තමන්ගෙ ධර්මය 100%ක් නිවැරදියි කියමින්. දැන් කාලෙදි සෝවාන් ඵලය බොහොම දුර්ලභ දෙයක් බෞද්ධයොන්ට. ඒක නිසා මිනිස්සු මෙයාට රැවටෙන්න තියන chance එක වැඩියි. මිනිස්සු ස්වභාවයෙන් තව කෙනෙක්ට බනින්න කැමතියි. ඒක නිසා, සෝවාන් වේසයෙන් ඉන්න Skylark ලොකු ලොකු භික්ෂුන් පහත් කරල බනිනකොට, මෙය සෝවාන් කියල රැවටිලා, මෙයාගෙ මාර්ගයේ ගිහින්, අනෙක් අයත් සිල්වත් භික්ෂුන්ට අවමන් කරන්න පටන් ගන්නව. මෙතැනදී මේ අය ලොකු පවක් කරගන්නව වගේම, සමාජයේ සාසනයට තියන ගෞරවය අඩු කරනව.

    මේ මම අර thread එකට දාපු පළවෙනි reply එක.(මේ quote කරන posts වල නමට දකුණින් තියන නිල් කොටුව click කරල original post එක තියන තැනට යන්න පුළුවන්.)



    මෙයාගෙ පරණ thread දැක්කම මට පෙනුන සෑහෙන දෙනෙක් මෙයාගෙ වැඩේ වැරදියි කියල කියල තියනව. හැබැයි, කවුරු හරි කරුණු එක්ක මෙයාගෙ වැරැද්ද පෙන්නුවම, නිතර වෙන දේවල් 2ක් දැක්ක.

    1.මෙයාගෙ blog එකට හරි ඒකෙ තියන ත්රි පිටකයට link එකක් දාල උත්තරය එතන තියනව කියනව. දැන් අර මිනිස්සු මෙයාගෙ පටලැවිලි සහගත් හෑල්ලක් වගේ post එකක් කියවන්න ඕන, නැත්නම් සුත්‍රයක් කියවන්න ඕන.

    2. මෙයාගෙ, ජිංතක ජිල්ලබකිට හා Harvard-Bio කියන පරිවාරක account දෙකක්, වැඩිය ප්‍රශ්න අහන අයට පහත් විදිහට කතා කරල, උසුළු විසුළු කරල, ගේම ඉල්ලල එතනින් එලවනවා.(සමහර වෙලාවට අර account දෙක එක්ක එකතු වෙලා, ප්‍රශ්න අහන කෙනාට හිනාවෙන්නත් Skylark අමතක කරන්නේ නෑ.)



    මේ තියෙන්නෙ එයාල භික්ෂුන් ගැන කතා කරන level එක ගැන පොඩි උදාහරණ දෙකක්.




    ඔන්න මෙයාලගේ level එක.


    ඉතින් මට හිතුන Skylark, එහෙම නැත්නම් මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය ඇත්තටම සෝවාන් වෙලාද කියල බලන්න.
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් අවුස්සල, ප්ර්ශ්න කිහිපයක් අහනකොට මෙන්න අර පරිවාරක account දෙක සුපුරුදු attack එක පටන් ගත්ත. මේක දැකල තව අය ප්ර්ශ්න අහන්න පටන් ගන්න කොට මේ තුන්දෙනාම ඇවිස්සුන. Skylarkට තමන් සෝවාන් වෙලා කියලත් අමතක උනා. 6 වෙනි page එක පහු වෙනකොට එයාගෙ පරිවාරක account වල level එකට වැටිල මුඩුක්කු භාෂාව එලියට එන්න ගත්ත. මෙයාලට තරහ ගියාම වෙන තව වැඩක් තමයි මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව.

    මෙයාල භික්ෂුන්ට බනින්නෙ අකුරට ත්‍රිපිටකයට අනුව බණ නෑ කියල. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම හැසිරෙන්නෙ පොඩි එවුන් වගේ.

    ඒ අතර තව member කෙනෙක් මෙයා අඩු තරමින් හරියට ධර්මය දන්නවද බලන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුව.



    මාත් දැනගත්ත මෙයා මේ පරීක්ෂාවක් කරන්නේ කියල. දවසක් බලන් හිටිය, හැබැයි Skylark උසුළු විසුලු කර කර ඉන්නව මිසක් උත්තරයක් දෙන්නෙ නෑ, දෙන පාටකුත් නෑ. මොනව උනත් හොඳ ප්‍රශ්නයක් නිසා මම උත්තරයක් දුන්න.

    මම උත්තරෙ දීල සුළු වෙලාවකින් Skylark මෙහෙම දානව.



    ඔන්න ඔහොමයි Skylark බෝම්බෙ අතේ පත්තු කරගත්තේ. අන්තිමට කවි කාරයෙකුත් උනා.

    මට මේක දැක්කම ඇත්තටම අනුකම්පාවක් ඇති උනා. මොකද අර සිල්වත් මුණක් පෙන්නන් හිටපු Skylark වියරු වෙලා හැසිරෙන්න ගත්ත. පස්සෙ thread එකෙනුත් ගියා මිනිහව බයිට් කර කර ඉන්නෙ නැතුව. මේක මෙහෙම කියල පැහැදිලි කරන්න අමාරුයි, හැබැයි ඒ thread එක කියෙව්වොත් තේරෙයි.

    ඊට පස්සෙ දවස් කිහිපයක් මේ තුන්දෙනා වියරුවෙන් හැමෝටම බනින්න ගත්ත. මම දැක්ක Skylark එයාගෙ blog එකෙත් මට බනිනව. ඒත් මම ගණන් ගත්තේ නෑ, මොකද මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් එක්ක පැටලිල වැඩක් නැති නිසා.

    පස්සෙ බැරි තැන, මම reply දානව දැකල Skylark එයාගෙ ගෝලයොත් එක්ක ░░▒▒අභිධර්ම සංගමය.▒▒░░ thread එකට ඇවිත් පිස්සු නටන්න ගත්ත. ඒ thread එක මම පටන් ගත්තත්, එක ගෙනියන්නේ අභිධර්මය ගැන සාකච්චා කරන අනික් අය. මම ඉඳල හිටල යන්නෙ එතනට. මම හොඳින් කිව්ව ඒක රණ්ඩු වෙන්න සුදුසු thread එකක් නෙමෙයි කියල.



    ඒත් වැඩක් නෑ. සුපුරුදු පරිදි, හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් නොකියා. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් උනේ නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එකට වඩා.

    ඔයාලටත් පුළුවන් මෙයාලගේ වාද කරන ක්‍රමය බලන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1675434&page=35

    තව අය මෙයාලට විරුද්ධව කතා කරන කොට, මෙයාල හිනා වෙන gif දදා thread එක hijack කලා. එතකොට තමයි මම තීරණය කලේ Skylarkට එයාගෙම බෙහෙත් පොවලා පෙන්නනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ කියල.

    පලවෙනි chance එක ආවෙ Skylark ජිංතක ජිල්ලබකිට ලවා thread එකක් දාගෙන ත්‍රිලක්ෂණය වරද්දගත්තම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1663502&page=5

    හැබැයි ඒ thread එක මම දකිනකොට, අනික් බුද්ධිමත් membersල එයා වැරදියි කියල ඔප්පු කරල තිබ්බ. ඒක නිසා මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නෑ.

    දෙවෙනියට, වෙන member කෙනෙක් අහපු ප්‍රශ්නයකට Skylark උත්තර දීල, ලොකු ධර්ම ව්කෘතියක් කරල තිබ්බ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759229

    මේ තියෙන්නෙ මම ඉස්සෙල්ලම දුන්නු උත්තරය.




    මෙච්චර කල්, ත්‍රිපිටකයෙ අකුරට අනුව බණ කියන්නෙ නෑ කියල සංඝයාට නිග්‍රහ කරපු Skylarkට මේ පාර තමන්ගේම බෙහෙත් දිරවන්නේ නැතුව ගියා.
    තමන්ගෙ මානේ බේරගන්න ත්රිපිටකයේ තියන දේවල් තමන්ට ඕන විදිහට අර්තදක්වලා විකෘති කරන්න පටන් ගත්ත.
    පරිවාරක accounts විලාප දීගෙන එන්න ගත්ත මම පළිගන්නවා කියාගෙන.


    මෙච්චරකල් අකුරට ත්රිපිටකයට අනුව කරුණු තියෙන්න ඕන කිව්ව අය දැන් එයාලගෙ අරුත් දිදී, ළඟින් යන පාඨ highlight කරනව. අනෙක් අය කරනකොට වැරදි උන දේ දැන් එයාලට හරි වෙලා.

    Skylark ගෙ බොරුව ඔප්පු කරගන්න බැරුව, මට අපහාස කරන්නත් ගත්ත. මගේ ඉංග්රීීසි හැසිරවීම ඊට වැඩිය ලොකු ප්රශ්නයකුත් උනා.




    මම අන්තිම ඇනේ ගහන්න කලින් පොඩ්ඩක් බලාගෙන හිටියෙ මෙයාලගේ හැසිරීම කොහොමද කියල. පස්සෙ බොරුව වහන්න මිනිස්සු තවත් ඔටුවා කරන්න දඟලන බව පෙනුන නිසා මම මෙහෙම දැම්ම.



    දැන් අර සංඝයාට මෙහෙම කතා කරපු ජිංතක ජිල්ලබකිට,


    ධර්මය විකෘති කලා කියල ඔප්පු උන ගිහියෙක් වෙනුවෙන් කතා කරන්නේ මෙහෙම



    දැන් මිනිස්සු මේවට කොහෙන්ද හිනාවෙන්න ඕන? ජිංතක ජිල්ලබකිට හා Harvard_Bio යන පරිවාරකයෝන්ට ධර්මය කෙරේ තිබ්බ අසීමිත ආදරය, Skylark වෙනුවෙන් හීන උනාද?

    අන්තිම මෙහෙම දාලත් තිබ්බ.



    මේ තියෙන්නෙ ඒකට තව කෙනෙක් දාල තිබ්බ reply එක.



    "තම, තම නැණ පමණ" කියන කතාව විශ්වාස නොකරපු, යමක් සත්‍ය වීමට ත්‍රිපිටකයේ ඒ ලෙසින්ම තිබිය යුතුයි යන මතයේ හිටපු අයම තමයි මේ වගේ කතා දැන් කියන්නෙ.:lol:


    මම මේ thread එක දැම්මෙ මඩ ගැසීමේ අරමුණින් නෙමෙයි. තවත් එළකිරියේ අය මේ වගේ දේවල් වලට රැවටීම අඩු කරගන්න. මම කියපු අර තුන්කට්ටුව ඇත්තටම තුන් දෙනෙක් අතින් මෙහෙයවෙන දෙයක්ද, නැත්නම් ඊට අඩු ගණනකින් මෙහෙයවෙන දෙයක්ද කියන එක තීරණය කරන එක ඔයාලට භාර කරන්නම්. Skylark ගොඩ ගැනීමට තරම් හැකියාවක් මට නෑ. හැබැයි තව අය එයත් එක්ක වලට වැටීම නවත්වන්න මට පුළුවන් කමක් තියනව. ඒකයි මගේ පුද්ගලික වැඩ අතපසු කරගෙන පහු ගිය දවස් ටිකේ මම active උනේ.

    අවුරුදු 10කට ආසන්න වෙන්න මෙතන හිටපු මට, මෙතන මේ වගේ අය ධාර්මික වේශයෙන් අධර්මය පතුරනව දැක්කම ද්වේශයක් ඇති වෙන එක ඇත්ත. ඒකයි මම Skylarkගෙම කරුනු අරගෙන, එයාගෙ ක්‍රමයටම එයාව විවේචනය කරල පෙන්නුවේ.

    විවේචනය කරන එක ලේසියි. ඒකයි Skylark ඒක කරන්නේ. හැබැයි එයාට විවේචනයක් ආවම දරාගන්න බැරි එක හා තමන්ගෙ වරදක් පිළිගැනීමට නොහැකියාව එයාගෙම අඩුව පෙන්නනවා.

    මට කියන්න තියෙන්නෙ ඔබලාත් තමන්ගෙ මහන්සියෙන් ධර්මයේ මුලික් කරුණු ඉගෙන ගන්න. එතකොට මේ වගේ රැවටීම වලට අහුවෙන්න අමාරුයි.


    මේක ඉවර කරන්න කලින්, තව member කෙනෙක් කියපු මේ කතාවත් දාන්නම්. මොකද මටත් මේ වගේ සංක්ෂිප්ත පිළිතුරක් දෙන්න අමාරුයි.:)



    බුදුසරණයි!



    Bump
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,619
    5,473
    113
    Skylark Ignore List Danda,

    You have your own heart, mind and brain to make things clear/justify and understand.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Skylark Ignore List Danda,

    You have your own heart, mind and brain to make things clear/justify and understand.


    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මං අහපු වලස්මුල්ලේ අභය හිමිගේ මූසලම කථාව ගැන විස්තර මෙතැන ලියලා තියෙනවා:

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    නෙද්දකින් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ...
    නෙද්දකින් මෙහෙම නපුන්සකයො.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හඳ මෝරන කාලෙටලු පිස්සන්ගෙ පිස්සු තදවෙන්නෙ.


    හඳ මෝරන කාලෙට පිස්සන්ගේ පිස්සු තද වෙනවා නම් සමහරුන්ට හැමදාම හඳ මෝරනවා වාගෙයි පෙනෙන්න තියෙන්නේ! මීවනපලානේ පචොරිස්ටම ගැළපෙනවා:

    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.


    නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා උන්වහන්සේ සෑම විටම පාහේ දේශනා කලේ ධ්‍යාන වලින් තොරව නිවන ලබා ගත හැකි මාර්ගය වන සතර සතිපට්ඨානයයි.


    වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
    (මා මෙය ප්‍රකශ කලේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් සිදුකිරීමට නොව බොහෝ දෙනගේ හිතසුව උදෙසායි )

    වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    Skylark
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් මෙතන 10 දෙනෙක් skylark වැරදි කියද්දී ඔයා එ ගැන නොබලා දිගටම වැඩ කරන එකෙන් කවුද බාලයා කියලා පේනවා නේද ?

    ආර්ය පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් නේද හැමෝගෙම උපදෙස් වලට කන් දීලා වැරද්දක් තියනවනම් හදා ගන්න එක ..හැමෝම වැරදි කියද්දී ඔබ තුමා ඒවා නොසලකා තමන්ගේම ඩේ හරි ගියාගෙන තමන් මුදුනා වෙන්නද දහමේ කියා දුන්නේ ..
    දහම රකින මුවාවෙන් විනාශ කරන ඔබලා ගැන ලොකු කනගාටුවක් ඇති වෙනවා :nerd: