කොමිනිකේෂන්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1789707

    ඊයේ මගෙන් ඩිල්ස් සහෝදරයා ඉල්ලීමක් කරා කොමිනිකේෂන් එකක් පටන්ගන්න හැටි පැහැදිලි කරලා තෙරේඩ් එකක් දාන්න කියලා අද මම ඒ ඉල්ලීමේ පලමු අදියර ඔබ වෙත ගෙන එන්නයි හදන්නේ මෙක මුල ඉදලම කියලා දෙන්න වෙන නිසා මට එකපාරටම ඔක්කෝම දාන්න වෙලා මදි වෙයි. මම ටික ටික ‍මෙක ගැන දාන්නම් වෙලාව තියන විදිහට.

    කලින්ම කියන්න ඔනේ ආසාවකින් කැපවිමකින් කරන්න ඔනේ වැඩක් මේක, නිකම් පැය 8 ජොබක් වගේ නෙමේ හරියට කරනවා නම් කිසිම නිදහසක් මුල් කාලේ හම්බුවෙන්නේ නෑ තමන් තනියම කරනවා නම් එක නිසා පටන් ගන්න දවස් වලම පවුලේ සාමාජිකයෙක් හරි හොද යළුවෙක් හරි සප් එකට ඉන්නවානම් හයියක් තමයි. එත් අවංක ඩයල් එකක් වෙන්න ඔනේ නැත්නම් තනියම කරන එක හොදා ඊට වඩා කියලා හිතෙයි. එත් තනියම කොලොත් කිසිම නිදහසක් නම් නෑ පුතේ

    හරියට කරනවා නම් මාසෙට ලකෂයකට වඩා ලෙසියෙන් හොයන්න පුළුවන් තැන හොදනම් ඊටත් වඩා පුළුවන්

    දැන් පාඩම පටන්ගන්න වා ලමයිනේ
    ස්ථානය

    මෙක තමයි වැදගත්ම දේ හොද ‍ප්ලේස් එකක් හම්බ උනොත් ආයේ නෑ ඹබරේ වැල්ලෙත් කැරකැවෙනවා අයේ බලන්න ඔනේ නෑ දෙකක් ඉස්කෝලයක් පුද්ගලික ටියුෂන් පන්තියක් හතර වටේම කාර්යාල එමෙම තියනවා නම් මිනිසසු වැඩකරගන්න එන රාජ්‍ය ආයතනයක් රෝහලක් වගේ ආයතන වටේ තියනවා නම් කියලා වැඩක් නෑ කරගන්න බැරි තරමට වැඩ තියේවී.
    එහෙම නැතත් අවුලක් නෑ නෝමල් ටවුමක උනත් හොද බිස්නස් එකක් ලේසියෙන්න හදාගන්න පුළුවන්

    ඉහත වගේ ස්ථානයක් නෙමෙයි නම් හම්බු උනේ පසු තැවිලි වෙන්න එපා එතකොට කරන්න වෙන්නේ කොමිනිකේෂන් සයිඩ් එකෙන් පමනක් යැපෙන්නේ නැතිව විකුණුම් වවිධාංගීකරණය කිරිම තමයි ඒ කියන්නේ ‍තවත් අමතර සේවාවන් ඔයාගේ ව්‍යාපරයට එකතු කරීම

    උදා
    කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ෆෝන් රෙපයාරින්+ DVD+කොම්පියුටර් ඇසසරීස්
    කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්
    කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම්
    කොමිනිකේෂන් අයිටම්+බුක්ෂොප් අයිටම්+ගොසරි අයිටම්+ෆැන්සි අයිටම්

    හොද බිස්නස් එකක් තියනවා නම් සේවකයෝ ඉඩකඩ පහසු කම් නැත්නම් විවිධංගීකරණය කරන්න යන්න එපා, වැඩේ එපා වේවි මම විවිධාංගීකරණය කියලා දුන්නේ බිස්නස් අඩු තැන්වලට විතරයි හරිද

    දැන් අපි කියන්න යන්නේ අත්‍යාවශය ‍සේවාවන් සහ උපකරණ ලයිස්තුව
    1 පොටෝකොපි මැෂිමක්
    2 බයින්ඩර් මැෂිමක්
    3 ලැමිනේටින්
    4 ෆැක්ස් (තාම අහනවා ඉල්ලුම වැඩිනම් පමනක් ගන්න)
    5 කලර් ප්‍රින්ටරයක්
    6 ස්කෑනරයක්(පොටෝකොපි මැෂිමේ ඉන් බිල්ට් නැත්නම් විතරක් ගන්න)
    7 කොම්පියටර් 1 හෝ 2ක්
    8 රැක් සහ සෝකේස් අනෙකුත් දේ
    ‍මේ තමයි අත්‍යාවශය උපකරණ

    ලබන කොටසෙන් අපි මෙම උපකරණ මිලදී ගන්න ආකාරය සහ ඒවා පිලිබදව විස්තර සාකච්චා කරමු මෙතනින් පලමු කොටස අවසන් කරනවා දෙවන කොටස ඉතාමත් ඉක්මනින් දාන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ මෙය වැදගත් උනානම් රෙප් ලබාදීම අගය කිරිමක් ලෙස සලකනවා


    http://www.elakiri.com/forum/showthread.php?p=21357511#post21357511 දෙවැනි කොටස
     
    Last edited:

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif

    යම්... යම්...

    Rep 6 ADD
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නියමයි.
    දිගටම කරගෙන යන්ඩ මචන්.

    මගින් නවත්තන්ඩ එපා.


    රෙප් දෙන්ඩ බෑලු.
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නියමයි.
    දිගටම කරගෙන යන්ඩ මචන්.

    මගින් නවත්තන්ඩ එපා.


    රෙප් දෙන්ඩ බෑලු.

    නවත්වන්නේ නෑ බං මට වෙලාව තමයි අඩු ඒක නිසා තමයි පොඩ්ඩ පොඩ්ඩ වත් දාන්න බැලුවේ දවස ගානේවත් තෑන්ක්ස්