මේ තියෙන්නෙ තවත් පට්ටපල් බොරුවක්.
විද්‍යාවේ පාවිච්චි කරන සමහර වචන සිංහල භාෂාවට හරවන්න සංස්කෘත/පාලි භාෂාවලින් වචන අරගෙන තියෙනවා. මාටින් වික්‍රමසිංහ සූරීන්ගෙ තකතීරු වැඩක් ඒක.
සයන්ස් කියන්නෙ විද්‍යාව, ගැලක්සි කියන්නෙ සක්වල කියල, ප්ලැනට් කියන්නෙ ලෝකය කියල දැම්ම. ඔන්න ඔහොම වචන හදල ඉන්ගිරිසි විද්‍යා ලිපි පොත්පත් සිංහලට හැරෙව්ව.
දැන් ඉන්න ගිරාපෝතකයො හිතන් ඉන්නෙ බුදු දහමේ විද්‍යාව, ලෝක ධාතු, සක්වලවල් කියන්නෙ දැන් විද්‍යා පොත්පත් වල තියෙන සයන්ස්, පැලැනට්, ගැලැක්සි වලට කියල. කොටින්ම කියනව නම් දැන් ඉන්න හාමුදුරුවරුත් හිතන් ඉන්නෙ එහෙම.