ලංකාවේ_ඔත්තු_සේවය_පුරාතනයේ
ලංකාවේ ඔත්තු සේවය පුරාතනයේ
පුරාතනයේ් සිට වර්තමානය දක්වා දීර්ඝ කාලපරිච්ෙඡ්දය තුළ ලෝකයේ බොහෝ රටවල්, ස්වකීය රාජ්‍යය බාහිර සහ අභ්‍යන්තර ප‍්‍රශ්නවලින් මුදවා ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ක‍්‍රමවත් ඔත්තු සේවාවක් පවත්වාගෙන යාමට උත්සාහ කළහ. විශේෂයෙන් ග‍්‍රීක, රෝම, චීන වැනි පුරාතන ශිෂ්ටාචාරවාසීහු මෙන්ම වර්තමානයේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවාව, ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව, රුසියාවේ කේ.ජී.බී. ඔත්තු සේවාව, බි‍්‍රතාන්‍යයේ එම් 16 ඔත්තු සේවාව ඒ අතර ප‍්‍රසිද්ධය. වර්තමාන ශ‍්‍රී ලංකාවේද පොලිසිය සහ ආරක්ෂක හමුදා එවැනි බුද්ධි අංශ හෙවත් ඔත්තු සේවා පවත්වාගෙන යයි. එ්වා මගින් ලැබූ විශාල ජයග‍්‍රහණද පසුගිය කාලයේ වාර්තා විණි.
පුරාතන ලංකාවේද ඉතා දියුණු ඔත්තු සේවා පැවැති බවට සාධක ඇත. පුරාතන ලංකාවේ ඔත්තු සේවාවෙන් ඉටුවූ කාර්යයන් පහත පරිදි වේ.
1. සතුරු සේනාවේ යුද ශක්තිය සහ ඉලක්කගත මෙහෙයුම් හඳුනාගැනීම.
2. සතුරු සේනා අභ්‍යන්තරය අවුල් කිරීම.
3. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණකරුවන් හඳුනාගැනීම.
4. අකාර්යක්‍ෂම නිලධාරීන්, සේවකයන් සහ සෙබළුන් හඳුනාගැනීම.
5. රජු, රජුගේ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලනයේ හොඳ සහ නරක පිළිබඳව ජනතාවගේ අදහස් දැන ගැනීමට.
6. රාජ්‍යයේ නීති විරෝධී කි‍්‍රයාවන්හි යෙදෙන ප‍්‍රභූවරුන්, නිලධාරීන්, සොරුන්, මිනීමරුවන්, චිවරධාරීන් යනාදීන් අත්අඩංගුවට ගැනීම.
7. රාජධානියේ බටහිර සහ අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු හා ඒ ආශි‍්‍රත වගකීම් භාර නිලධාරීන් සහ සෙබළුන් විසින් ස්වකීය විෂයීය කටයුතු නිසි පරිදි ඉටුකරනවාදැයි සොයා බැලීම.
8. සතුරු සේනාවට උපායෝචිත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු වාතාවරණය සොයා බැලීම.
9. රාජකීය භාණ්ඩාගාරයට සහ අනෙකුත් විහාර දේවාල ගම්, පොදු ස්ථාන වලට, ගබඩා ගම්වලින් නින්දගම්වලින් රාජකාරි ක‍්‍රමයට හිමි විය යුතු ආදායම්, ශ‍්‍රමය, ආරක්‍ෂාව, ධනය නිසි පරිදි ලැබෙනවාදැයි සොයා බැලීම.
10. රාජ්‍යය තුළ වෙසෙන විදේශීය තානාපතිවරුන්, ආගමික නායකයින්, සිරකරුවන්ගේ කි‍්‍රයාකාරකම් සොයා බැලීම.
11. සතුරු ඔත්තුකරුවන් අත්අඩංගුවට ගැනීම.
12. රාජ්‍යය තුළ අර්බුද ඇතිකරන්නන් අත්අඩංගුවට ගැනීම.
මහාවංශයට අනුව කාවන්තිස්ස රජුගේ සේනාපතිවරයකු වූ වේළුසුමන එළාරගේ අශ්ව සේනාවේ භාරකරු ළඟ ඔත්තුකරුවකු වශයෙන් සේවය කොට ඇත. වෝහාරතිස්ස රජුට බියෙන් ඉන්දියාවට පලා ගිය ඔහුගේ සොහොයුරු අභයනාග කුමරු විසින් සුභදේව නමැති තැනැත්තා වෝහාරතිස්ස රජු ළඟ ඔත්තුකරුවකු වශයෙන් සේවයේ යොදවා ඇත. හෙතෙම අහිංසක රජු සහ මහජනතාව අතර මිත‍්‍රත්වය බිඳ දැමීමට කටයුතු යෙදීය. සීගිරි කාශ්‍යප රජතුමා ඉන්දියාවේ සිටි ස්වකීය සහෝදර මුගලන් මරා දැමීම සඳහා ඔත්තුකරුවකුගේ වේශයෙන් රාජකීය අරක්කැමියා සහ අස්ගොව්වා යැවීය. පළමුවන විජබාහු කුමරුද චෝල විරෝධී සටනේදී පොලොන්නරුව මුදවා ගැනිම සඳහා රවිදේව, චල නම් ඔත්තු සේවා ප‍්‍රධානීන් දෙදෙනකු යොදවා තිබේ.
පළමුවන පරාක‍්‍රමබාහු රජතුමාද ලංකාවේ එක්සත් කිරීමේදී ඉතා දියුණු ඔත්තු සේවාවක් පවත්වාගෙන ගොස් ඇත. ඒ සඳහා විවිධාකාර වෙස් ගැන්වූ ඔත්තුකරුවන් පොදු ජනතාව වෙත යවා ඇත. ඔවුන්ගෙන් සමහරක් මෙසේය.
1. විෂ වෙදකමෙහි දක්ෂ පුරුෂයින් නයි නටවන්නන් ලෙස.
2. සාමුද්‍රිකාදී නොයෙක් ලක්ෂණ දන්න පුද්ගලයින් වීණා වයන්නන්, චණ්ඩාලයින් හා බ‍්‍රාහ්මණයින් ලෙස වෙස් ගන්වා.
3. දෙමළ ආදි නොයෙක් ජනතාව නැටුම් ගැයුම් දක්ෂ වූවන් සම්රූ ආදී කෙළි දක්වන්නවුන් ලෙස.
4. අරුමෝසම් බඩු ගෙනියන වෙළෙන්දන් ලෙස.
5. ආගමික වන්දනාවේ යන තාපසයන් සේ වෙස් ගත්තවුන් ලෙස.
6. ගමින් ගම යන වෙදුන් ලෙස.
7. පුංචි දරුවන්ට ලේඛන, යුද්ධ ශිල්ප උගන්වන ගුරුවරුන් ලෙස.
8. රස ක‍්‍රියා දන්නවුන් ලෙස.
9. භූත විද්‍යා දන්නවුන් ලෙස.
10. ආභරණ නිෂ්පාදන ශිල්පීන් ලෙස.
11. පුරාණ කතා දන්නා චීවරධාරීන් ලෙස.
මහනුවර යුගයේදී උඩරට රාජධානිය තුළ මෙවැනි දියුණු ඔත්තු සේවාවක් පැවැති බවට සාධක එමටය. රොබට් නොක්ස් පවසන පරිදි වරක් රාජ මාලිගාව ආරක්ෂා කරමින් සිටි නීග්‍රෝ ජාතික මුරකරුවකුට නින්ද ගොස් තිබී ඇත. වහා ක‍්‍රියාත්මක වූ ඔත්තුකරුවකු එකී නීග්‍රෝ භටයාගේ හිස් වැසුම රජු වෙත රැුගෙන ගිය අතර රජු චූදිතයාට අවවාද දී නිදහස් කළේය. ක‍්‍රි.ව. 1594 උඩරට ආක‍්‍රමණය කළ ලෝපේස් ද සූසා සහ ජයවීර බණ්ඩාරගේ සේනා භේද කිරීම සඳහා කොනප්පු බණ්ඩාර ඔත්තුකරුවකු අතට තල්පතක් දී සතුරු කඳවුර වෙත යැවීය. එහි සඳහන් වූයේ කොනප්පු බණ්ඩාර සහ ජයවීර බණ්ඩාර අතර දේශපාලනමය මිත‍්‍රත්වයක් සඳහන් වන බොරු විස්තරයකි. මෙය කියවූ පෘතුගීසි ජෙනරල් විසින් ජයවීර බණ්ඩාර මරා දමන ලදී. ඔත්තුකරුවන්ට අමතරව රජතුමාද පෞද්ගලිකව ස්ත‍්‍රියක, වෙළෙන්දකු, මහල්ලකු යනාදී විවිධ වේශයන් දරමින් ඔත්තු සෙවූ බව උඩරට කතාවල සඳහන් වෙයි.
නිදසුන් ලෙස වරෙක කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු වැලිවිට ශී‍්‍ර සංඝරාජ මාහිමියන්ගේ සිල්වත් බව සෙවීම සඳහා උන්වහන්සේගේ විහාරස්ථානයට ස්ති‍්‍රයක ලෙසින් ගියේය. රජවු හඳුනාගත් නායක හිමි මෙසේ ප‍්‍රකාශ කළේලූ.
සකල මුව තඹර සියො ගත සියුමැලි යේ
ඇසළ මස දුටිමි යනවා දෙව් කෙළි යේ
අසලක නම් දැක දැක ඉන්ටත් පිරි යේ
මෙකල සිරිලකට අගරජ නුඹ ද ලි යේ
විශේෂයෙන්ම ගරිල්ලා සටන් ක‍්‍රම හා සබැඳි ඔත්තු සංඥා ක‍්‍රම පැවතිණි. ඒ අතර පක්ෂි හෝ විවිධ සත්ත්ව හඬවල් අනුකරණය කරමින් මුඛයෙන් ශබ්ද නැගීම, හූ කීම, සක් පිඹීම, යුද බෙර වාදනය, හොරණෑව පිඹීම, ගිනිගොඩවල් ගැසීම වැනි සංඥා ක‍්‍රම පැවතිණි. පහත ජන කවියෙන් සංඥා ඔත්තු ක‍්‍රම අනුව උඩරැුටියන් ගරිල්ලා ප‍්‍රහාරයකට යොමුවූ ආකාරය විස්තර වෙයි.
හූ සඬ ඇසිපිය ඇසිල්ලේ
වාඩිය එක්ක පැන පව් ප`දුරු පල්ලේ
එහේ එවුන් එක එක අල්ල පල්ලේ
අද පව් දුන්න රැුහැම මරු තුරුල්ලේ
මෙම කවියෙන් යුරෝපීය සේනාවක් මහනුවර රාජධානිය වෙත එන විට බැලූම් ගලක සිට හෝ විශාල ගසක් මත සිට නිරීක්ෂණය කරන ඔත්තුකරුවකු විසින් කරන හූ සංඥාවකට අනුව ක‍්‍රියාත්මක වන සෙබළුන් ක්ෂණිකව රැුක සිට සතුරන්ට පහර දුන් ආකාරය විස්තර වෙයි.
යම් හෙයකින් සතුරු සේනා පැමිණෙන ආකාරය නිරීක්ෂණය වුවහොත් ඔත්තුකරුවන් විසින් බැලූම්ගල මුදුනේ ගිනිගොඩක් දල්වන ලදී. ඔත්තුකරුවන් සපයන වැදගත් තොරතුරු තල්පතක ලියා ඊතලයක බැඳ විදීම තවත් ක‍්‍රමයකි. එකී පණිවිඩය සහිත ඊය ලබා ගැනීම සඳහා ඊ මුරපොළ විශේෂයක් තිබිණි. පණිවිඩය සහිත ඊය ලබාගත් මුරපොළෙන් පසුව සම්පූර්ණ උඩරට රාජධානිය පුරාම තොරතුරු වාර්තා විය. ඇතැම් අවස්ථාවල උඩරට යටත්කර ගැනීම සඳහා විවිධ වේශයන්ගෙන් පැමිණෙන යුරෝපා සතුරු ඔත්තුකරුවන් හඳුනා ගැනීම සඳහා මුද්‍රා විශේෂයක්ද තිබී ඇත.
මේ අනුව පෙනී යන්නේ පුරාතන ලංකාවේ දියුණු ඔත්තු සේවයක් හෙවත් චරපුරුෂ සේවයක් පැවති බවයි.
‘මහාතිත්ථය’ කැණීමට සුදුසු කාලයද මේ
http://www.elakiri.com/forum/showthread.php?t=1802798
කොන්ටම් පරිගණක විප්ලවය, තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1802760
ලාංකිකයන් විසින් සිදුලක අතීත විදේශාක‍්‍රමණ
http://www.elakiri.com/forum/showthread.php?t=1802599
කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

Last edited: