බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

    මේ බෙහෙත් බීල හොද වුන අය හැමතැනම ඉන්නව නෙ බං.
    එලකිරියෙත් මේ බෙහෙත(පැපොල් යුෂ) ගැන thread දාල තිබුන.
    මුන් මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන්නෙ ඇයි බං?


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    ඔය දොස්තර හොයාගෙන තියෙන බෙහෙතක් නෑ .
    ඩෙංගු වලට therapy එකක් විතරයි මෙයා කරන්නේ
    මෙයා මිට කාලෙකට කලින් ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්ත කිව්වා
    ඕන නිකන් වතුරෙන් දුවන කාර් වගේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ලන්කාවෙ බෙහෙත් නොදෙන ලෙඩක් නෑනෙ බන් ඒඩ්ස් වලට බෙහෙත් තියනවලු කැන්සර් වලට තියයනවලු දියවැඩියාවට තියනවලු අනේ මන්ද ඕව.. WHO එක එහෙම දන්නවද දන්නෑ මේක.... :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම අඳුරන දෙතුන් දෙනෙකුත් මෙයාගෙන් ඩෙංගු වලට බෙහෙත් බීල දවසින් හරි ගියා. මෙතන දෙයක් නැහැ කියන්න බැහැ.

    එත් HIV වලට බෙහෙතක් හොයා ගත්ත කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරන්න බැහැ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම අඳුරන දෙතුන් දෙනෙකුත් මෙයාගෙන් ඩෙංගු වලට බෙහෙත් බීල දවසින් හරි ගියා. මෙතන දෙයක් නැහැ කියන්න බැහැ.

    එත් HIV වලට බෙහෙතක් හොයා ගත්ත කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරන්න බැහැ

    Meyagenma witharda beth gaththe? ispirithale giyema nadda?
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ බෙහෙත් බීල හොද වුන අය හැමතැනම ඉන්නව නෙ බං.
    එලකිරියෙත් මේ බෙහෙත(පැපොල් යුෂ) ගැන thread දාල තිබුන.
    මුන් මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන්නෙ ඇයි බං?



    Meyagen witharak sanipa una aya keeyak innawada? Kohomath Dengue walata beheth naha. nikamma honda wenawane.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Meyagenma witharda beth gaththe? ispirithale giyema nadda?

    එක්කෙනෙක් කෙලින්ම මෙයාගෙන් බෙහෙත් ගත්ත , දෙන්නෙක් hospital ගියා Hospital හිටිය කියල ඩෙංගු වලට බෙහෙත් දෙන්නේ නැනේ .
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද?

    ඩෙංගු කියන්නේ වයිරස් රෝගයක්. ශරීරයේ ප්‍රතිදේහ මගින් ස්වාභාවිකවම තමයි සනීප වෙන්නේ. ඩෙංගු තියා කිසිම වයිරස් රෝගයකට (හෙම්බිරිස්සාව ඇතුළු) බෙහෙත් නෑ. ඉස්පිරිතාල වගේම දොස්තරලා කරන එකම දේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන බෙහෙත් ලබාදීම සහ රෝගියා වෙනත් ආසාදන වලින් ආරක්ෂා කිරීම විතරයි.

    උඹල වගේ ගොන්නු ඉන්න රටක් හින්ද තමයි මේ රටේ මෙච්චර වංචාකාරයෝ ඉන්නේ.
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එක්කෙනෙක් කෙලින්ම මෙයාගෙන් බෙහෙත් ගත්ත , දෙන්නෙක් hospital ගියා Hospital හිටිය කියල ඩෙංගු වලට බෙහෙත් දෙන්නේ නැනේ .

    Hospital eken beheth denne na. Karanne ledawa kalamanakaranaya ( Management). dengue waling 99.9% ma marenne na. Honda wenawa nikamma antibody hadunama.

    menan me facebook group eken yamak ganna puluwan.

    https://www.facebook.com/groups/154044615170156/
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මචං පැපොල් යුශ වලින් වෙන්නෙ Blood Count එක වැඩි වෙන එක විතරයි. ඒ උනාට ඩෙංගු වලින් වෙන බලපෑමට ඒකෙන් ප්‍රතිකාරයක් ලැබෙන් නෑ.
     

    blue_in_rio

    Well-known member
  • මෙහෙමයි බන්.ගොඩක් ලෙඩ හොඳ වෙන්න ලොකුම හේතුවක් තමයි, හිතේ විශ්වාසේ.ඉතින් මේක බිව්වම ලෙඩේ හොද වෙනවා කියලා, මානසිකව ලොකු විශ්වාසයක් ඇති කරලා, වතුර වීදුරුවක් දුන්නත්, ඒ ටිකම ඇති ප්‍රතිශක්තිය වැඩි කරලා ලෙඩේ හොඳ වෙන්න.මෙතනත් ගොඩක් දුර වෙන්නේ ඕකයි. :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මම අඳුරන දෙතුන් දෙනෙකුත් මෙයාගෙන් ඩෙංගු වලට බෙහෙත් බීල දවසින් හරි ගියා. මෙතන දෙයක් නැහැ කියන්න බැහැ.

    එත් HIV වලට බෙහෙතක් හොයා ගත්ත කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරන්න බැහැ

    Virus walata ehema cure ekak Ayurveda ho western medicine wala na. oya okkogenma karanne therapies wage deyak.

    meyage beheth beela liver damage wela kollek mala
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද?

    ඩෙංගු කියන්නේ වයිරස් රෝගයක්. ශරීරයේ ප්‍රතිදේහ මගින් ස්වාභාවිකවම තමයි සනීප වෙන්නේ. ඩෙංගු තියා කිසිම වයිරස් රෝගයකට (හෙම්බිරිස්සාව ඇතුළු) බෙහෙත් නෑ. ඉස්පිරිතාල වගේම දොස්තරලා කරන එකම දේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන බෙහෙත් ලබාදීම සහ රෝගියා වෙනත් ආසාදන වලින් ආරක්ෂා කිරීම විතරයි.

    උඹල වගේ ගොන්නු ඉන්න රටක් හින්ද තමයි මේ රටේ මෙච්චර වංචාකාරයෝ ඉන්නේ.

    කියල වැඩක් නෑ බන් මේව අපේ එවුන්ට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද?

    ඩෙංගු කියන්නේ වයිරස් රෝගයක්. ශරීරයේ ප්‍රතිදේහ මගින් ස්වාභාවිකවම තමයි සනීප වෙන්නේ. ඩෙංගු තියා කිසිම වයිරස් රෝගයකට (හෙම්බිරිස්සාව ඇතුළු) බෙහෙත් නෑ. ඉස්පිරිතාල වගේම දොස්තරලා කරන එකම දේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන බෙහෙත් ලබාදීම සහ රෝගියා වෙනත් ආසාදන වලින් ආරක්ෂා කිරීම විතරයි.

    උඹල වගේ ගොන්නු ඉන්න රටක් හින්ද තමයි මේ රටේ මෙච්චර වංචාකාරයෝ ඉන්නේ.


    :D
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Virus walata ehema cure ekak Ayurveda ho western medicine wala na. oya okkogenma karanne therapies wage deyak.

    meyage beheth beela liver damage wela kollek mala

    උබ දන්න එකෙක්ට වෙච්ච දෙයක්ද? කවුරු හරි කියපු එකක්ද?:shocked:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බෙහෙත් බිව්වා කියල වෙයිරස් වලින් හැදෙන ලෙඩ හොද වෙන්නේ නැ. අනේ මන්දා මෝඩ සිංහලු . :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දේශීය දැනුමට මඩගසන,බැලුම්ගල හැකර සුදනෝ දෙන්නගේ නිරුවත එළිවෙයි..

    නෙත් බැලුම්ගල ගැන තියන විශ්වාසය දැන් බිදිලා තියෙන්නේ.මොකද නරක මිනිස්සුන්ට වගේම හොද මිනිස්සුන්ටත් මඩ ගහන්න ඒක පටන් ගත්තා.මොවුන් කිසිදු පදනමකින් තොරව මිනිසුන්ට අපහාස කලා.බටහිර ඩොකාලාගේ චැනලින් සල්ලි අරගෙන දේශීය වෙදකමට සෑබෑ ඉතිහාසයට පහර ගහන්න පටන් ගත්තා.උදාහරනයක් විදිහට ඩෙoගු වලට බෙහෙතක් හොයාගත්ත වෙදනෝනා ගන්න පුලුවන්.අන්තිමට උන්ටම පව් පඩිසන් දුන්නා:lol::lol::lol::lol:මාද්යකාරයෝ කියන පලියට නටන්න ගත්තොත් සමාජයම ඉවරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1819719 බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1870013 බැලුම්ගල සිංහයෝ බලු වෙති

    සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී කාන්තාවකගේ පා පහරකට ගොදුරු වී රෝහල් ගත කළ බව බොරලැස්ගමුව පොලිස්ථානයෙන් වාර්තා වේ.

    එදිරිමුණි ශිරානි සමන්ලතා නොහොත්, සමනී රාමනායක නමැති කාන්තාව විසින්, චරිත් සුදච්චාරී නමැති වනචරයාට එරෙහිව බොරලැස්ගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේ දී අදාල කාන්තාව විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ පොලිස් නිළධාරීන් ඉදිරිපිටදීම ය.

    නෙත් එෆ්. එම්. ගුවන් විදුලි ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ” බැලුම්ගල” කෙරුමා වූ චරිත් සුදච්චාරී සමඟ එම වැඩසටහනේ අනෙක් සහායකයා වන චාමිකර නමැත්තා ද පැමිණිල්ල විභාග කරන අවස්ථාවට සහභාගි වී තිබේ.

    කාන්තාව විසින් චරිත් සුදච්චාරිට එල්ල කළ ප්‍රහාරය හමුවේ චාමිකර නමැත්තා පොලීසියෙන් එළියට පැන දිවගොස් පලා ගිය බවද, ඉන් අනතුරුව චරිත් සුදච්චාරි නමැත්තා රෝහල් ගත කළ බවත්, අදාල කාන්තාව පොලිස් අත් අඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

    බැලුම්ගල කෙරුමා මෙම කාන්තාවගේ ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ, අදාල කාන්තාව විවාහ කරගන්නා බවට බොරු පොරොන්දු දී ඊට අමතරව ඇයගෙන් විශාල මුදලක් ලබා ගෙන එම මුදල් ආපසු නොදී වංචා කිරීම හේතුවෙනි.

    රැකියාව ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන ශිරානි සමන්ලතා නමැති මෙම කාන්තාව , වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ” බැලුම්ගල ” වැඩසටහනක් කර ගැනීමේ අපේක්ෂාවෙන් 2014 නොවැම්බර් මස නෙත් එෆ්. එම්. ගුවන් විදුලි ආයතනයට ගොස් තිබේ.

    වංචාවට අදාල තොරතුරු නෙත් එෆ්. එම්. ආයතනයට භාර දී ආපසු පැමිණෙනවිට ඇයගේ දුරකථනයට ඇමතුමක් ලබා දී ඇති චරිත් සුදච්චාරී නමැත්තා, අදාල කාරනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට ඔහු හමුවන ලෙස දන්වා තිබේ.

    දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා දීමෙන් අනතුරුව චරිත් සුදච්චාරී නමැති බැලුම්ගල කෙරුමා තමා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නා ලෙසට මෙම කාන්තාවට යෝජනාවක් සිදු කොට තිබේ.

    ප්‍රේම සම්බන්ධය ඇතිකර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව වෙත ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කොට ඇති චරිත් සුදච්චාරී , නෙත් එෆ්. එම්. ආයතනයේ දිගටම සේවය කළ නොහැකි බවත්, වෙනම රේඩියෝ චැනලයක් ආරම්භ කළ යුතු බවත් මෙම කාන්තාවට ප්‍රකාශ කොට තිබේ.

    නව රේඩියෝ චැනලයේ කළමනාකරු වශයෙන් සහභාගී වී විශාල ලාභ උපයන ආයතනයක් බවට එය පත් කර ගන්නා ලෙස මෙකී බැලුම්ගල කෙරුමා මෙම කාන්තාවට යෝජනා කොට ඇත.

    ඉදිරියේදී තමාගේ ස්වාමි පුරුෂයා බවට පත්වීමට සිටින චරිත් සුදච්චාරී පිලිබඳව කිසිදු සැකයක් නොසිතූ මෙම කාන්තාව අදාල රෙඩියෝ චැනලය ආරම්භ කිරීමට අවශ‍ය ස්ථානයක් බද්දට ගෙන එය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු බොහෝ කරුණු සපුරා ගැනීම වෙනුවෙන් විශාල මුදලක් චරිත් සුදච්චාරිට ලබා දී ඇතැයි පොලිස් ප්‍රකාශකයා පවසයි.

    ශිරානි සමන්ලතා නමැති මෙම කාන්තාවගෙන් මුදල් ලබා ගැනීමේ දී, චරිත් සුදච්චාරී විසින් ඔහුගේ බැංකු ගිණුම් අංකයට අමතරව වෙනත් පුද්ගලයන් කිහිප දෙනකුගේම ගිණුම අංක ලබා දී තිබේ. බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීමට අමතරව රුපියල් 2000 , 3000 වැනි ප්‍රමාණයේ මුදල් විටින් විට මුදලින්ද ලබා ගෙන ඇත.

    ප්‍රේම සම්බන්ධය පවත්වා ගනිමින් ද, මුදල් ගරා ගනිමින් ද කාලයක් ගත කරන විට , සුදච්චාරීට වෙනත් සම්බන්ධකම් පවතින බවට මෙම කාන්තාවට තොරතුරු ලැබී තිබේ.

    එම තොරතුරු ඔස්සේ මේ පිළිබඳව සොයා බැලූවිට චරිත් සුදච්චාරී නමැත්තා මීට පෙර විවාහ වී සිටි පුද්ගලයෙකු බවත්, එම විවාහක බිරිඳ අත් හැර ඒවන විට වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වන බවත්, ඊටත් අමතරව තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟ සම්බන්ධකම් පවත්වා ගෙන යනබවටත් ශිරානි නැමැත්තියට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

    ශිරානි සමන්ලතා නමැති කාන්තාව, චරිත් සුදච්චාරී නමැති බැලුම්ගල කෙරුමා සමඟ ඇසුරු කළ වෙනත් කාන්තාවන් කිහිප දෙනකුවම මුනගැසී තිබේ. එම කාන්තාවන් විසින් ලබා දී ඇති තොරතුරු වලට අනුව ඔවුන්ව නෙත් එෆ්. එම්. ආයතනයට ගෙන්වා ඔවුන් සමඟ කිහිප විටක්ම ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු අනාවරනය කර ගෙන ඇත.

    වංචනිකයෙකුට හසුවූ කාන්තාවක් , ඒ වෙනුවෙන් පිලිසරණක් පතා ගවේෂණාත්මක මාධ්‍ය කලාවක නිරතවන මාධ්‍ය ආයතනකට ගොස් සිදු වී ඇත්තේ මූල්‍ය වංචාවන්ට පමණක් නොව ලිංගික සූරාකෑමකටද ගොදුරු වීමටය.

    මෙකී අසාධාරණයට ලක් වූ කාන්තාව විසින් ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කළ ද ,එකී පැමිණිල්ල සාධාරණ ලෙස විභාග නොකොට එය සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට බම්බලපිටිය පොලීසිය ක්‍රියා කොට ඇත්තේ නෙත් එෆ්. එම්. ආයතනයේ හිමිකරුගේ බලපෑම මතය.

    ශිරානි සමන්ලතා බොරලැස්ගමුව පොලිස්ථානයේ පැමිණිල්ල සිදු කර ඇත්තේ ඉන් අනතුරුවය.

    සමාජයේ සිදුවන හොර , බොරු, වංචා ආදී සකල විධ ව්‍යසනයන්ට එරෙහිව ජීවිත අවදානම පවා නොතකා අභීත සිංහයන් සේ සටන් කරන බවට වහසි බස් දොඩා, ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් මුලාවට පත් කරන , නෙත් එෆ්. එම්. හී චරිත් සුදච්චාරී වැනි වනචරයන් විසින් අහිංසක ස්ත්‍රීන්ට සහ පොදුවේ සමාජයට කරන බරපතල විෂමාචාරයන් පිලිබඳව කෙල බිඳුවක් හෝ නොසැලීමට ජාතික තලයේ මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීහුද ප්‍රවේශම් වී තිබේ.

    අසාධාරණයට ලක් වූ යම් කාන්තාවක් නෙත් එෆ්. එම්. බැලුම්ගලින් යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටී නම්, බැලුම්ගල වනචරයන්ගේ ලිංගික ගොදුරු බවට පත්වීමට ඇති ඉඩකඩ පිලිබඳව යහපත් සිහියෙන් යුතුව කල්පනා කරන ලෙස ඉල්ලා සිටිය යුතු බව බොරලැස්ගමුව පොලීසියේ ප්‍රකාශකයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

    ( නෙත් එෆ්. එම්. “බැලුම්ගල ” හි චාමිකර නමැති සිංහ වෙස් ගත් හිවලා , ශිරානි සමන්ලතා නමැති මෙම ස්ත්‍රියට එරෙහිව බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ල විභාග කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියා අභියස සිදුවූ සංවාදය මෙහි පහතින් පළ කරමු. බැලුම්ගල සිංහයෝ කොතරම් දුරට බලු වී ඇත්දැයි මින් මනා ලෙස තේරුම් ගැනීමට ඔබට පහසු වෙනු ඇතැයි අප සිතමු.)