වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    ගොඩක් කණගාටුවෙන් මේ දේ කියන්නේ අද..
    ශ්‍රී ලංකාවේ අපිට තියෙන මැණිකක් තමයි ගෞතම ශ්‍රී පාදස්ථානය..
    බුදුන් වහන්සේ මතුවට මගේ ශාසනය පිහිටුවන රට කියලා දේශනා කරපු රට මේ.
    එහෙම රටේ තියෙන ධාතුන් වහන්සේ නමක් තමයි අපේ සමනළ කන්දේ වැඩ සිටින ශ්‍රී පාද පද්මය..

    මම සාමාන්‍යයෙන් අවුරුද්දේ මාස 12ම සිරිපා කරුණා කරනවා. වාර අවාර දෙකේම..
    ඒත් මම ඊයේ යද්දී පොලිසියෙන් යන්න එපා කිව්වා. හේතුව තමයි "සිරිපාදේ නාය ගිහින්" කියන පණිවිඩේ.
    උඩ මළුවෙන් දෙන පණිවිඩ විතරයි එයාල දන්නේ. පොලිසියෙන් වත් දන්නේ නෑ. මොකද උඩින් පහලට එන්න බෑ. පහලින් උඩට යන්නත් බෑ.
    ඒ නිසාම රෑ ගඟුල තැන්නේ නතර වෙලා උදේ කරුණා කළා..

    ඇත්ත... සිරිපාදේ නාය ගිහින්. මොකද පහුගිය අවුරුදු දෙක ඇතුලත වැඩිම වැස්ස තමයි මේ වැහැලා තියෙන්නේ.
    ඒත් නාය ගිහින් තියෙන දේ බලන්න.. සිරිපා කන්ද නෙමේ..
    අපේ මෝඩ මිනිස්සු නිසා හැදිච්ච කුණු කඳු..

    මහගිරිදඹේ පඩි 20 කට වඩා ප්‍රමාණයක් අතුරුදහන්.
    ගොඩක් හයිය අත්වැට නැවිලා කැඩිලා ගිහින්. මොනා නිසාද?
    මිනිස්සු ගෙනිහින් දාපු කුණු නිසා.
    ලයිට් කනු කඩන් වැටිලා කරන්ට් ලීක් වෙලා, පඩි නැහැ, මහ වැස්ස, කුණු කඩාගෙන වැටුණු ප්‍රපාතය, මේ හැමදේම එක්ක බොහොම අනතුරුදායක ගමනක් මේක.
    දැන් කිසි කෙනෙක්ට උඩ මළුවට යන්න අවසර නෑ. දැන් යන්නත් බෑ..ඒ නිසා වාරය වෙනකම් අවාරයේ ගමන් තහනම්...

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්..
    ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.
    පස් වත් ගල් වත් නෙමේ මේ. සෙරෙප්පු, සපත්තු, වතුර බෝතල්, පොලිතින්, බිස්කට් පැකට්, ඕව විතරයි මේ තියෙන්නේ. යකඩ බාර් නැවිලා කැඩිලා තියෙන හැටි බලන්න.
    ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති.

    මේ කුණු කඳු අස් කරල ශ්‍රී පාද වාරයට මේවා අස් කරන්න ඕන අහිංසක රණවිරුවෝ. ඒ දේ වත් හිතන්න..
    හිතින් අහන්න.. ඔයා දාපු එක ටොපි කොලයක් හරි මේකට සම්බන්ධයි..
    තමන් වැරදිද නැද්ද කියලා තමන්ගේ හිත දන්නවා.. දැන්වත් මේ දේ තේරුම් අරන් මේ වටිනා තැන ඒ දේට ගරු කරන මිනිස්සුන්ට වත් ආරක්ෂා කරලා දෙන්න.



    kamaRul.jpg



    gI7ds7l.jpg



    cBbNuh7.jpg



    QE7EeWU.jpg



     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    යකෝ මීතොටමුල්ල වගේනේ...??එච්චරටම කුණු දානවද අපේ හැත්ත...??:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැජ්ජ වෙන්න ඕනේ කාරනා මේවා :baffled: සිරි පාදෙට ගිහිල්ල කුණු පුරවන ගමන් විල්පත්තුව කපනවා කියල බෙරිහන් දෙනවා අපි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාර විදිහට දුක හිතුනා නේද.?:sorry:
    මටත් ඔය අත්දැකීම තියෙනවා බං.. හැම තැනම විනාස කරලා..:(
    කලකිරෙණවා දැක්කාම..
    ගොඩක් පිං ඔහොම දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන..:)

    ඔය පහළින් තියෙන්නේ මම ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එකක්..
    මමත් ඔය ගැන කියන්න පුලුවන් තරම් උත්සහ කළා ඒ ත්‍රෙඩ් එකෙත්..:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.

    ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති.
     
    • Like
    Reactions: BlueBat

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලෝකේ ඉන්න පහත්ම ආත්මාර්ථකාමී ජාතිය වෙන්න ඕන අපේ මේ සිංහල ජාතිය.

    තමන් කන බොන දේවල් ආපහු අරන් යන්න බැරි තැන තැන විසි කරලා මුලු පරිසරේම විනාස කරන , ඒ මොහොත විතරක් හිතන පුදුම කාලකන්ණි ජාතියක්..

    ලබන දෙසැම්බර් වෙනකන් සිරිපා කරුණා කරන්න බැහැ...

    මන් නම් කියන්නේ ඕකට යන්න දෙන්න හොද නෑ අපේ හැත්තට !:angry:

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යකෝ මීතොටමුල්ල වගේනේ...??එච්චරටම කුණු දානවද අපේ හැත්ත...??:angry::angry:


    හැම අවුරුද්දෙම ඔහොම තමයි බන්.. ඔය පහුගිය දෙසැම්බර් ඉදන් මැයි වෙනකන් එකතු උන කුණු..
    හමුද්දවේ උන් නැහෙනවා ඕව සුද්ද කරන්න..

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මාර විදිහට දුක හිතුනා නේද.?:sorry:
    මටත් ඔය අත්දැකීම තියෙනවා බං.. හැම තැනම විනාස කරලා..:(
    කලකිරෙණවා දැක්කාම..
    ගොඩක් පිං ඔහොම දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන..:)

    ඔය පහළින් තියෙන්නේ මම ඒ දවස්වල දාපු ත්‍රෙඩ් එකක්..
    මමත් ඔය ගැන කියන්න පුලුවන් තරම් උත්සහ කළා ඒ ත්‍රෙඩ් එකෙත්..:(



    හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි බන් :sorry: