මෙහෙමයි මචන්. සමාධියකින් පේන හැමදෙයක්ම බුදු හාමුදුරුවො පවා දේශනා කරේ නෑ. බුදු හාමුදුරුවො බුදු වෙනකොටත් ඒ බෝධිය ලඟ හිටපු පේතයෙක්ව අවුරුදු ගානක් ගියාට පස්සෙ තමයි දේශනා කරේ.
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් කිව්වම බෞද්ධයින්ට ඒකෙන් ගන්න ලොකු දෙයක් නෑ. ගන්න පොඩි හරි දෙයක් තිබ්බත් බෞද්ධයො අල්ල ගන්නෙ එතනින් නෙවේ. බෞද්ධයො අල්ලගන්නෙ, තොපෙ දෙයියො ආන් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා කියන තැනින්. උබට තේරෙනවා ඇති මම කියන්න හදන දේ.
මිථ්‍යා දෘෂ්ටික කියනකොටම කතෝලිකයින්ගෙ හිත් රිදිලා ඉවරයි මචන්. ඊට පස්සෙ දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක් කිව්වත් වැඩක් නෑ. ඒ ගෝල්ලො හිතන්නෙ දෙවියො ගැන විශ්වාස නොකරන අපි මිත්‍යා දෘෂ්ටිකයො කියලනෙ. එහෙම හිතන එක ඒගොල්ලන්ගෙ පැත්තෙන් සාධාරණයි. අපිත් එහෙමනෙ හිතන්නෙ. මුස්ලිම් අය හිතන්නෙ, අල්ලහ් විශ්වාස නොකරන සේරම මිත්‍යා දෘෂ්ටිකයො කියලනෙ. උනුත් උන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.
බෞද්ධ අපිට ආගමකට එහා ගිය දර්ශනයක් තියෙන නිසා, මේ වගේ තේරුමක් නැති විවාද වලට තුඩු දෙන හේතු ඇති නොකර ඉන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් කිසි වෙනසක් නෑ.