මී. පච: මස් කකා මෛත්‍රී භාවනාව වඩන්න බෑලු

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මී. පච: මස් කකා මෛත්‍රී භාවනාව වඩන්න බෑලු

මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම

මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 5න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. එහිමියන් ඒ පවසන්නේ මුසාවක්.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපතිවග්ගයේ ඇති ජීවක සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp5/70 ] කොටසක්:

-- උපුටා ගැනීම --

ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වෙෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.

-- උපුටා ගැනීම අවසන් --

මාංස අනුභවය ගැන බුදුරජානන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයකට බුදුරජානන් වහන්සේ දුන් පිළිතුරක කොටසක් එයින් දැක්වෙනවා. නිමන්ත්‍රණය ඉවසා පැමිණි එම භික්ෂුව පිණ්ඩපාතය වැළඳීමේදී ආත්මව්‍යාබාධය පිණිස හෝ පරව්‍යාබාධය පිණිස හෝ උභයව්‍යාබාධය පිණිස හෝ සිත් ඇති කර නොගනිමින් එම පිණ්ඩපාතය වළඳන ආකාරය බුදුරජානන් වහන්සේ තම පිළිතුරෙන් මනාව දක්වා තිබෙනවා.

මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව බුදුරජානන් වහන්සේගේ එම විස්තර කිරීමට අනුව දැකිය හැකියි.

Skylark
 
Last edited:

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    අපි බුද්ධ ධර්මය පැත්තක තියමු මොහොතකට.

    යමෙක් ප්‍රයෝගිකව කොහොමද එක අතකින් මරපු සතෙකුගේ මස් කමින් අනෙක් අතින් "සියලු සත්වයෝටම නිරෝගී" බව අධිෂටාන කරන්නේ? ඒක අර හොරකමෙන් ජිවත් වෙලා යහපත් සමාජයක් ගොඩ නගන්න ප්‍රර්ථනා කරනවා වගේ වැඩක් නේද? :D

    කෙසේ වෙතත්, මිවාලපානේ හිමි දේශනා කරන්නේ නැහැ මස් කන්න එපයි කියලා. මස් කනවනන් ඒ මස "ත්‍රිකෝටික පාරිසුද්ද මාංසය" කියා වග බලන්න ලෙස ඔය උඩ පල වෙලා තියෙන youtube ශර්ශනයේ දේශනා කරන්නේ.

    ත්‍රිකෝටික පාරිසුද්ද මාංසය කියන්නක් මොකක්ද? -> මෙතන අහන්න.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම
    .......
    ......
    .....
    මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව බුදුරජානන් වහන්සේගේ එම විස්තර කිරීමට අනුව දැකිය හැකියි.

    Skylark

    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්!
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා.

    සෝතාපන්න කරන්නෙ නැත්තේ පව් කම් 3 යි. දෙමව්පිය ඝාතනය සහ අරිහත් වහන්සේලා ඝාතනය. ඒ කියන්නේ ආනන්තරිය පාප කාර්ම. අනෙක් ඕනෑ පාප කර්මයක් කරන්න පුළුවන්.

    කෙසේ වෙතත්, අංගුලි මාල 99 දෙනෙන්ක් මැරුවේ ගුරු උපදෙස් අනුව. ඔහුගේ චේතනාව වෙලා තිබ්බේ ගුරුතුමාට උදව්වක් කරන්න. කර්මය බලපාන්නේ චේතනාව මත. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන්නේ පනුවෝ මරණ චේතනාවකින් නොවේනේ! කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන්නේ අනුනට යහපතක් කරන්න.

    akwp

    Member
    Aug 30, 2016
    190
    11

    well said.
     
    :yes::yes: