මී. පච: සතර සතිපට්ඨානයේ ධ්‍යාන ගැන නෑලු

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මී. පච: සතර සතිපට්ඨානයේ ධ්‍යාන ගැන නෑලු

මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම

ඉහත වීඩියෝවේ ආරම්භක කොටසේ මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් විස්තර කරන ආකාරය දැක්වෙනවා.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහාවග්ගයේ මහාසතිපට්ඨාන සූත්‍රයේ (496 පිටුව) [ http://thripitaka.org/view/bjts/sp2/451 / http://thripitaka.org/view/bjts/sp2/511 ] ධ්‍යාන පිළිබඳව සදහන්ව ඇති ආකාරය:

-- උපුටා ගැනීම --

කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි.

-- උපුටා ගැනීම අවසන් --

මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට කර ඇති විස්තරය මුසාවක් බව එආකාරයෙන් දකින්න පුළුවන්.

සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට පවසන ලද මුසාවට අමතරව මීවනපලානේ පචෝරිස් හිමි පවසා ඇති තවත් අන්ධබාල කථා ඉහත වීඩියෝවේ දැක්වෙනවා.

Skylark
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
දීර්ඝ ධර්ම සාකච්ඡාවක් අතරතුර ගිහි පින්වතෙක් "ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන දේශනාවෙත් නෑ නේද ධ්‍යාන ලැබීමක්?" කියලා අහන ප්‍රශ්නයට තමයි මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පිළිතුරු ලබාදෙන්නේ. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම වීඩියෝවේ ඇතුලත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කෙනෙක් අර්ථකථන ඉදිරිපත් කිරීමට පෙර එම ප්‍රශ්නය ඉදිරිපත් කළ සංදර්භය තේරුම් ගැනීම වැදගත්. මෙහිදී ගිහි පින්වතාගේ ප්‍රශ්නය සහ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේගේ පිළිතුර විමසා බැලූවිට, එම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ "නිවන් අවබෝධයට ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය වේද?" යන සාකච්ඡාව තුල "සතර සතිපට්ඨාන ධර්මයෙහි ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේද?" යන අර්ථයෙන් බව සංදර්භයට අදාළව තේරුම් ගත හැකියි.

331. සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වේද?

නෑ. සතර සතිපට්ථාන සූත්‍රයෙත් ධ්‍යාන ලැබීමක් නෑ, ඒ වගේම ඡඡක්ක සූත්‍රයෙත් ධ්‍යාන ලැබීමක් නෑ. බුදුහාමුදුරුවො අවසාන කාලෙ විග්‍රහ කළ බොහෝ සූත්‍ර ධර්ම වල ධ්‍යාන නෑ, හැබැයි මුල් කාලෙ තියනව. ඇයි එහෙම තියෙන්නෙ ඒකටත් හේතුවක් තියනව. බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුන මුල් කාලෙ හැම කෙනෙක්ම ධ්‍යාන ලබල අභිඥා ලබල නිවන් දකින්න උත්සහ කරපු ක්‍රමයක් තිබුනෙ බ්‍රාහ්මණාගමේ*. ඒ නිසා බොහෝ පිරිස් වලට මේ ධ්‍යාන ලැබීම අවශ්‍ය වෙනව.
ධ්‍යාන ලැබූ අය හිටිය, අභිඥා ලැබූ අය හිටිය, ඒ අයට මග පෙන්වන්න, අර සමථ පුබ්බංගම විපස්සනා ක්‍රමය බුදුහාමුදුරුවො කියල තියනව. නමුත් බුදුහාමුදුරුවො පහුවෙනකොට පහුවෙනකොට මේ සමථ කියන කතාව සමහර වැඩි වෙච්ච* හේතුවක් නිසා සමථ අත්හැර දාල, එහෙම නැත්නම් මේ ධ්‍යාන අත්හැර දාල, අභිඥා අත්හැරදාල, මගපල විතරක් ලබා ගන්නට උපකාරවන පිරිසිදු බුද්ධ දේශනයක් දේශනා කළා. හැබැයි අද ඒ පිරිසිදු බුද්ධ දේශනාවෙ එන ඔය සියලුම වැදගත් සූත්‍ර ධර්ම අයින් කරල අර ධ්‍යාන වලට යන ක්‍රමයක් මහායාන ක්‍රමය ඒ වගේම ආගම් සංකල්ප වලත් තියනව. ඒව මේ ලෝකෙ හදන ක්‍රම මිසක් ලෝකෙ අතරමං වෙන ක්‍රම මිසක් ලෞකිකත්වය තුල අතරමං වෙනව මිසක් ලෝකෙන් එතෙර වෙන්නට උපකාර වන ක්‍රම නෙමේ.

http://atuvawa.sirisaddharmaya.net/331
(Transcript of https://www.youtube.com/watch?v=R9yv4H5X8iU)

*Audio is not clear.
මෙහිදී මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ, මුල් කාලීන බුද්ධ දේශනාවල ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වන බවත් පසුකාලීනව එසේ නොවන බවත්, එසේ වීමට හේතුවුණ කාරණාත් පැහැදිලිව දේශනා කරනවා. එහිදී ස්කයිලාක් උපුටා දක්වා ඇති මහා සතිපට්ඨාන සූත්‍රය ගැන සඳහන් කරන්නේවත් එහි ධ්‍යාන ගැන නොමැති බවක් දේශනා කරන්නේවත් නැහැ.

සතර සතිපට්ඨාන ධර්මය බොහෝ සූත්‍රවල අඩංගු වෙනවා වගේම ඒ කිසිදු සූත්‍රයක ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස සඳහන් වෙන්නේ
නැහැ. ධ්‍යාන, අභිඥා නොමැතිව ශුෂ්ක විදර්ශකව අරිහත් බව ලැබීමට කැමති සිවුවණක් පිරිස, සතර සතිපට්ඨානය හැර වෙනත් මගක් අනුගමනය කළ යුතු බවටද බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ.

මේ ගැන විමසා බැලීමට සතිපට්ඨාන ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක් පහලින් ඇතුළත් කළා.

Thripitakaya.org සෙවුම
http://www.thripitakaya.org/tipitakaya/search?Search=සතිපට්ඨාන

http://pitaka.lk
llCDph3.png

නිවන් මග පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත්ම ගැලපෙන අයුරින් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානයක්.
බාහිය දාරුචීරිය තෙරුන්ට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති..." ලෙස බුදුරදුන් දෙසූ ධර්මය අවබෝධ කිරීමෙන් රහත් බව ලැබුණා.
චුල්ල පන්ථක තෙරුන්ට "රජෝ හරණං" ලෙස මෙනෙහි කිරීමට බුදුරදුන් දුන් අවවාදය පිළිපැදීමෙන් රහත් බවට පත්වුණා.
මෙවැනි වෙනස් උදාහරණ ත්‍රිපිටකය පුරාම අඩංගු වෙනවා.

මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පැහැදිලි කළ අයුරින්, බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානයද ඒ ඒ පිරිසට/පුද්ගලයාට පහසුවෙන්ම නිවන් පිණිස හේතු වන පරිදි දේශනා කර තිබෙනවා.
ධ්‍යාන, අභිඥා ලැබූ අයට හෝ ඒ මග පහසු පිරිසට, සමථ පුබ්බංගම ලෙස ධ්‍යාන සමග සතර සතිපට්ඨානයත්,
ධ්‍යාන, අභිඥා නොලැබූ අයට හෝ ඒ මග අපහසු විය හැකි පිරිසට ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨානයත් වශයෙන්.
මේ බව ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වන නිසා කෙනෙක් සතර සතිපට්ඨානයට ධ්‍යාන අත්‍යවශ්‍ය බව කියනවානම් එය බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානය ගැන අවබෝධයෙන් කියන දෙයක් නෙවෙයි.

බුදුරජාණන් වහන්සේ විනය නීති පැණෙව්වේ බුද්ධත්වයෙන් විසි අවුරුද්දක් ඉක්ම ගියාට පසුව විනය නීති වලින් හික්මවිය යුතු භික්ෂූන් වහන්සේලා බහුල වුණ නිසායි. ඊට පෙර භික්ෂූන්වහන්සේලා විනය නීති නොමැතිවම හික්මීමෙන් නිවන අවබෝධ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. මෙලෙසම ධ්‍යාන සමග සතර සතිපට්ඨානය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ සමයේ බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් මග පෙන්වූ බවත්; පසුකාලීනව එවැනි සිවුවණක් පිරිස දුර්ලභ වී, ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨාන ධර්මය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ බව බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දුටු විට, ඒ අයුරින් මග පෙන්වූ බවත් මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කිරීම පරම සත්‍යයක් බව ත්‍රිපිටක ධර්මානුකූලව විමසා බැලීමෙන් වටහා ගන්න පුළුවන්.
 
Last edited:
  • Like
Reactions: a2mdb

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දීර්ඝ ධර්ම සාකච්ඡාවක් අතරතුර ගිහි පින්වතෙක් "ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන දේශනාවෙත් නෑ නේද ධ්‍යාන ලැබීමක්?" කියලා අහන ප්‍රශ්නයට තමයි මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පිළිතුරු ලබාදෙන්නේ. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම වීඩියෝවේ ඇතුලත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කෙනෙක් අර්ථකථන ඉදිරිපත් කිරීමට පෙර එම ප්‍රශ්නය ඉදිරිපත් කළ සංදර්භය තේරුම් ගැනීම වැදගත්. මෙහිදී ගිහි පින්වතාගේ ප්‍රශ්නය සහ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේගේ පිළිතුර විමසා බැලූවිට, එම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ "නිවන් අවබෝධයට ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය වේද?" යන සාකච්ඡාව තුල "සතර සතිපට්ඨාන ධර්මයෙහි ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේද?" යන අර්ථයෙන් බව සංදර්භයට අදාළව තේරුම් ගත හැකියි.

    මෙහිදී මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ, මුල් කාලීන බුද්ධ දේශනාවල ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වන බවත් පසුකාලීනව එසේ නොවන බවත්, එසේ වීමට හේතුවුණ කාරණාත් පැහැදිලිව දේශනා කරනවා. එහිදී ස්කයිලාක් උපුටා දක්වා ඇති මහා සතිපට්ඨාන සූත්‍රය ගැන සඳහන් කරන්නේවත් එහි ධ්‍යාන ගැන නොමැති බවක් දේශනා කරන්නේවත් නැහැ.

    සතර සතිපට්ඨාන ධර්මය බොහෝ සූත්‍රවල අඩංගු වෙනවා වගේම ඒ කිසිදු සූත්‍රයක ධ්‍යාන ලැබීම අත්‍යවශ්‍ය ලෙස සඳහන් වෙන්නේ
    නැහැ. ධ්‍යාන, අභිඥා නොමැතිව ශුෂ්ක විදර්ශකව අරිහත් බව ලැබීමට කැමති සිවුවණක් පිරිස, සතර සතිපට්ඨානය හැර වෙනත් මගක් අනුගමනය කළ යුතු බවටද බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ.

    මේ ගැන විමසා බැලීමට සතිපට්ඨාන ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක් පහලින් ඇතුළත් කළා.

    Thripitakaya.org සෙවුම
    http://www.thripitakaya.org/tipitakaya/search?Search=සතිපට්ඨාන

    http://pitaka.lk
    llCDph3.png

    නිවන් මග පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත්ම ගැලපෙන අයුරින් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානයක්.
    බාහිය දාරුචීරිය තෙරුන්ට "දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති..." ලෙස බුදුරදුන් දෙසූ ධර්මය අවබෝධ කිරීමෙන් රහත් බව ලැබුණා.
    චුල්ල පන්ථක තෙරුන්ට "රජෝ හරණං" ලෙස මෙනෙහි කිරීමට බුදුරදුන් දුන් අවවාදය පිළිපැදීමෙන් රහත් බවට පත්වුණා.
    මෙවැනි වෙනස් උදාහරණ ත්‍රිපිටකය පුරාම අඩංගු වෙනවා.

    මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පැහැදිලි කළ අයුරින්, බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානයද ඒ ඒ පිරිසට/පුද්ගලයාට පහසුවෙන්ම නිවන් පිණිස හේතු වන පරිදි දේශනා කර තිබෙනවා.
    ධ්‍යාන, අභිඥා ලැබූ අයට හෝ ඒ මග පහසු පිරිසට, සමථ පුබ්බංගම ලෙස ධ්‍යාන සමග සතර සතිපට්ඨානයත්,
    ධ්‍යාන, අභිඥා නොලැබූ අයට හෝ ඒ මග අපහසු විය හැකි පිරිසට ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨානයත් වශයෙන්.
    මේ බව ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වන නිසා කෙනෙක් සතර සතිපට්ඨානයට ධ්‍යාන අත්‍යවශ්‍ය බව කියනවානම් එය බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානය ගැන අවබෝධයෙන් කියන දෙයක් නෙවෙයි.

    බුදුරජාණන් වහන්සේ විනය නීති පැණෙව්වේ බුද්ධත්වයෙන් විසි අවුරුද්දක් ඉක්ම ගියාට පසුව විනය නීති වලින් හික්මවිය යුතු භික්ෂූන් වහන්සේලා බහුල වුණ නිසායි. ඊට පෙර භික්ෂූන්වහන්සේලා විනය නීති නොමැතිවම හික්මීමෙන් නිවන අවබෝධ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. මෙලෙසම ධ්‍යාන සමග සතර සතිපට්ඨානය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ සමයේ බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් මග පෙන්වූ බවත්; පසුකාලීනව එවැනි සිවුවණක් පිරිස දුර්ලභ වී, ධ්‍යාන නොමැතිව සතර සතිපට්ඨාන ධර්මය වැඩිය යුතු සිවුවණක් පිරිස බහුල වූ බව බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දුටු විට, ඒ අයුරින් මග පෙන්වූ බවත් මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කිරීම පරම සත්‍යයක් බව ත්‍රිපිටක ධර්මානුකූලව විමසා බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

    ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්.සියලු දෙනා හට සත්‍යය වැටහේවා !
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0