Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර
Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර
මාතලේ තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවී පවුල් දෙකක ක පුද්ගලයන් 08 මිය යයි.(නොවැම්බර් 2017)
නකල්ස් හුළුගඟේ දිය නාමින් සිටි පුද්ගලයන් 05 ක් සැඩපහරට හසුවී මියයයි.(අප්‍රේල් 2018)
පස්සර හිදී දස හැවිරිදි දියණිය ක්ෂණිකව හසුවූ සැඩපහරකින් මියයි (මැයි 2018 )
මේ අපිට පහුගිය කාලයේ අහන්න දකින්න ලැබුණු අවාසනාවන්ත සිද්ධි කිහිපයක්.
ඇත්තටම මොකක්ද මේ Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර කියන්නේ?
මේ ගැන මමත් සෑහෙන කාලෙක පටන් හොයල බැලුව.කොහොමද මෙහෙම ගඟක හරි දිය ඇල්ලක හරි එක පාරටම වතුර වැඩි වෙන්නේ කියන කාරණාව.
පහුගිය දවසක බුකියේ ලලිත් කරුණාරත්න මහත්තයාගේ ලිපියකින් මේ සිද්ධිය ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන් වුනා.
මේ නූලේ අවසානෙට ඒ පොස්ටුවේ ලින්ක් එකත් දාලා තියෙනවා. කැමති කෙනෙකුට ගිහින් කියවන්න පුළුවන්.
ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා බඹරගම ඇල්ල (රාවණා ඇල්ල), බෝපත් ඇල්ල, දුන්හිඳ,
මෑතකදී බඹරකන්ද ඇල්ලෙත් මේ විදිහේ ක්ෂණික සැඩ පහරවල් ඇති වුනා.
ඉහල ජල පෝෂක වලට කලකට පසු වහින පළමු, දෙවන වැස්ස පොලවට ගොඩක්ම උරා ගැනීමක් සිද්ද වෙනවා.පසු ඇතිවන වර්ෂාවේදී මතුපිට තියෙන කොලරොඩු එක්ක,මුළු ස්තරයම ගැලවිලා පොලවේ උරා ගත්තු වතුරත් සමගම දිය පාරත් එක්කම වේගයෙන් ගලා බහිනවා.
අපි ඇළ දොලක, ගඟක, ඇල්ලක නාන අවස්තාවක එහෙම වතුරේ ස්වභාවය එක්වරම මඩ පාටට හැරිලා, කොලරොඩු පහලට ගසා එනවා නම්, කෙලින්ම රතු සංඥා එලිය දැල්වෙනවා.වහාම ඉවත් වෙන්න.මොකද අපිට වගේම අපේ ආදරණීයන්ට අපේ ජීවිත වටිනා නිසා.
ඉතින් මේ විස්තරේ කිරී වාසි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ, පහුගිය දොහක අපි උඩුදුම්බර - කළුගල ගැරඬි ඇල්ලට නැවත වරක් ගියා.
මගේ කලින් ගියපු නූල දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ පහල තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1845527
කලින් මගෙත් එක්ක මේ ගමන ගියපු මගේ යාලුවෙක් මට යෝජනාවක් කළා මිනිහගේ පංතියේ
සෙට් එකට කෑම්පින් නයිට් එකක් ගහන්න ඕනේ වෙලා තියෙනවා,යමුද ගැරඬි ඇල්ලේ ?
පහල නයිට ගහමු, අපි දෙන්නා විතරක් පුළුවන් තරම් උඩට ගිහින් හවස් වෙද්දී බහිමු කියල.
යාළුවො ටිකත් අපේ ප්ලෑන් එකට කැමති කරවාගෙන අපි ගමන ආව.
හිතුවට වඩා සෑහෙන පරක්කු උන නිසා අපි කුඩාරම් ගහන තැනට එද්දී දවල් 12 පහු වෙලා.
තරමක වැස්සකුත් තිබුන.
කට්ටියට කුඩාරම් අටවන්න කියල උපදෙස් දීල අපි දෙන්නා උඩට ගියා. නමුත් මෙදා සැරෙත් අපිට මුදුනට යන්න නම් ලැබුනේ නෑ.
මොකද අපි ගමන පටන් ගත්තේ පැය දෙකක්,තුනක් විතර පිටිපස්සෙන්.කොහොම වෙතත් හවස 3 පහු වෙනවත් එක්කම වගේ මහා ධාරානිපාත
වැස්සකට අපි දෙන්න කොටු වුනා.
අපි දෙන්නා නැවත පල්ලම් බැහැල හරියටම හවස 4.25 වෙද්දී පහල දිය පාර ගාවට ආව.ඒ වෙලාවේ අපි දැක්කා අපේ කට්ටිය දිය පාරෙන් එගොඩහ කුඩාරම අටවල ඉන්නවා.නමුත් කෑම උයන්න පහසු වෙන්න මේ පැත්තේ ටෙන්ට් රෙද්දක් එලල තිබුන.
ඒක නිසා අපි දෙන්නා වැස්ස ටිකක් තුරල් වෙනකන් කියල ඒ යට හිටියා. නමුත් එක මිනිත්තු 4,5 ඇතුලත අපි බලන් ඉද්දි වගේ පුංචි දිය පාර මහා ප්‍රචණ්ඩ සැඩපහරක් බවට පත් වුනා.
ඇත්තටම ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති වුනා...
පැයක් වගේ ඇතුලත වැස්ස අඩු වුනා නමුත් අපිට එගොඩහට මාරු වෙන තරමට වතුරේ සැර බාල වෙලා අපි කට්ටිය එක්ක එකතු වෙද්දී වෙලාව රාත්‍රී 7.15.
අපි දෙන්නා පැය 3 කිට්ටු කාලයක් බලාන හිටිය මේ වතුර පාරෙන් එගොඩ වෙන්න.
ගැරඬි ඇල්ලේ ඉහල මහළයන්
මේ පින්තුර වල තියෙන්නේ උදේ දැකපු ගැරඬි ඇල්ල සහ අපි නැවතුනු කුඩාරම අසල පිහිටි පුංචි දිය පාර.
ධාරානිපාත වැස්සට පසු ගැරඬි ඇල්ලේ ඉහල මහළයන් සහ පහල දිය පහර (වෙනස කොහොමද)
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දිය පහරේ පළල එක්ක ලේසියෙන් එහාට යන්න පුළුවන්නේ කියල?
නමුත් ඇත්තටම එහෙම කරන්න බැහැ.මොකද මේ සැඩපහර ඉතාම වේගවත්,විශාල ගම්‍යතාවයක් සහිතයි.
අනික් කාරනාව තමයි මේ දිය පාරත් එක්කම ලොකු කුඩා ගල්, මුල් වේගයෙන් ගසාගෙන යනවා.
අපි මේ වතුරට බැස්ස සැනින් වෙන්නේ අපේ සමබරතාවය ගිලිහිලා අපිව ලිස්සල වැටෙනවා.
එහෙම වැටෙනවත් එක්කම ඔලුව ගලක හරි මුලක හරි හැපුණ විටම අපිට සිහි නැති වෙනවා.
ඊට පස්සේ වෙන දේ මම කියන්න අවශ්‍යය නෑනේ.
අනික අපි මේ හිටි තැන වතුර පාර ඊට අඩි පහක් විතර ඉස්සරහින් ලොකු ගල් දෙබෝක්කාවක් හරහා මීටර් 10,15
විතර ප්‍රපාත පැලුමක් හරහා තමා යන්නේ.ඉතින් කෙනෙක් නිකන් ඒකට වැටුනත් සොරි තමා පුතේ.
මෙතන පලවෙනි වීඩියෝ එක තියෙන්නේ පහුගිය වතාවේ වතුර සාමාන්‍යය මට්ටමේදී
සහ දෙවෙනි එක Flash flood අවස්ථාවේ ගත්තු එක.වීඩියෝ කොලිටි නම් නැතුව ඇති.
ඒත් කට්ටියට අදහසක් ගන්න හින්ද දැම්මේ.
එහෙනම් ඔහෙලත් ඇලක්, දොළක්, ගඟක, දිය ඇල්ලක නාන අවස්තාවක, ඒ හරහා යන අවස්තාවක
බොහොම පරිස්සමින්.
වතුර සාමාන්‍යය මට්ටමේදී
Flash flood අවස්ථාවේ
https://www.facebook.com/groups/804276106323782/permalink/1698769406874443/
ලලිත් කරුණාරත්න මහත්තය මුහුණු පොතේ පලකල ලිපිය.කැමති කෙනක් ගිහින් කියවල බලන්න.වටිනවා
It's really nice to go out. Also good to be back home....

Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර
මාතලේ තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවී පවුල් දෙකක ක පුද්ගලයන් 08 මිය යයි.(නොවැම්බර් 2017)
නකල්ස් හුළුගඟේ දිය නාමින් සිටි පුද්ගලයන් 05 ක් සැඩපහරට හසුවී මියයයි.(අප්‍රේල් 2018)
පස්සර හිදී දස හැවිරිදි දියණිය ක්ෂණිකව හසුවූ සැඩපහරකින් මියයි (මැයි 2018 )
මේ අපිට පහුගිය කාලයේ අහන්න දකින්න ලැබුණු අවාසනාවන්ත සිද්ධි කිහිපයක්.
ඇත්තටම මොකක්ද මේ Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර කියන්නේ?
මේ ගැන මමත් සෑහෙන කාලෙක පටන් හොයල බැලුව.කොහොමද මෙහෙම ගඟක හරි දිය ඇල්ලක හරි එක පාරටම වතුර වැඩි වෙන්නේ කියන කාරණාව.
පහුගිය දවසක බුකියේ ලලිත් කරුණාරත්න මහත්තයාගේ ලිපියකින් මේ සිද්ධිය ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන් වුනා.
මේ නූලේ අවසානෙට ඒ පොස්ටුවේ ලින්ක් එකත් දාලා තියෙනවා. කැමති කෙනෙකුට ගිහින් කියවන්න පුළුවන්.
ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා බඹරගම ඇල්ල (රාවණා ඇල්ල), බෝපත් ඇල්ල, දුන්හිඳ,
මෑතකදී බඹරකන්ද ඇල්ලෙත් මේ විදිහේ ක්ෂණික සැඩ පහරවල් ඇති වුනා.
ඉහල ජල පෝෂක වලට කලකට පසු වහින පළමු, දෙවන වැස්ස පොලවට ගොඩක්ම උරා ගැනීමක් සිද්ද වෙනවා.පසු ඇතිවන වර්ෂාවේදී මතුපිට තියෙන කොලරොඩු එක්ක,මුළු ස්තරයම ගැලවිලා පොලවේ උරා ගත්තු වතුරත් සමගම දිය පාරත් එක්කම වේගයෙන් ගලා බහිනවා.
අපි ඇළ දොලක, ගඟක, ඇල්ලක නාන අවස්තාවක එහෙම වතුරේ ස්වභාවය එක්වරම මඩ පාටට හැරිලා, කොලරොඩු පහලට ගසා එනවා නම්, කෙලින්ම රතු සංඥා එලිය දැල්වෙනවා.වහාම ඉවත් වෙන්න.මොකද අපිට වගේම අපේ ආදරණීයන්ට අපේ ජීවිත වටිනා නිසා.
ඉතින් මේ විස්තරේ කිරී වාසි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ, පහුගිය දොහක අපි උඩුදුම්බර - කළුගල ගැරඬි ඇල්ලට නැවත වරක් ගියා.

මගේ කලින් ගියපු නූල දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ පහල තියෙනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=1845527
කලින් මගෙත් එක්ක මේ ගමන ගියපු මගේ යාලුවෙක් මට යෝජනාවක් කළා මිනිහගේ පංතියේ
සෙට් එකට කෑම්පින් නයිට් එකක් ගහන්න ඕනේ වෙලා තියෙනවා,යමුද ගැරඬි ඇල්ලේ ?
පහල නයිට ගහමු, අපි දෙන්නා විතරක් පුළුවන් තරම් උඩට ගිහින් හවස් වෙද්දී බහිමු කියල.
යාළුවො ටිකත් අපේ ප්ලෑන් එකට කැමති කරවාගෙන අපි ගමන ආව.
හිතුවට වඩා සෑහෙන පරක්කු උන නිසා අපි කුඩාරම් ගහන තැනට එද්දී දවල් 12 පහු වෙලා.
තරමක වැස්සකුත් තිබුන.

කට්ටියට කුඩාරම් අටවන්න කියල උපදෙස් දීල අපි දෙන්නා උඩට ගියා. නමුත් මෙදා සැරෙත් අපිට මුදුනට යන්න නම් ලැබුනේ නෑ.

මොකද අපි ගමන පටන් ගත්තේ පැය දෙකක්,තුනක් විතර පිටිපස්සෙන්.කොහොම වෙතත් හවස 3 පහු වෙනවත් එක්කම වගේ මහා ධාරානිපාත
වැස්සකට අපි දෙන්න කොටු වුනා.
අපි දෙන්නා නැවත පල්ලම් බැහැල හරියටම හවස 4.25 වෙද්දී පහල දිය පාර ගාවට ආව.ඒ වෙලාවේ අපි දැක්කා අපේ කට්ටිය දිය පාරෙන් එගොඩහ කුඩාරම අටවල ඉන්නවා.නමුත් කෑම උයන්න පහසු වෙන්න මේ පැත්තේ ටෙන්ට් රෙද්දක් එලල තිබුන.ඒක නිසා අපි දෙන්නා වැස්ස ටිකක් තුරල් වෙනකන් කියල ඒ යට හිටියා. නමුත් එක මිනිත්තු 4,5 ඇතුලත අපි බලන් ඉද්දි වගේ පුංචි දිය පාර මහා ප්‍රචණ්ඩ සැඩපහරක් බවට පත් වුනා.