ජපානෙට වැඩකරන්න යන්නද හොයන්නේ.
මේ දවස් ටිකේ නැවතත් ජපන් working visa ගැන කතාවෙනව දැකපු නිසා ලියන්න හිතුනා. දැනට මම දන්න ටික මෙතන ලියන්නම්, කස්ටිය එකතුවෙලා කතාකරමු. මම ගිය අවුරුද්දෙත් පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා, එකත් ඕන නම් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1782256
ජපානයේ work කරන්න පුළුවන් වීසා වර්ග කිහිපයක් තියනවා, ඒවා වෙන වෙනම කැටගරි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ අතරින් බහුලම ඒවා ගැන තමා මේ කියන්න යන්නේ.
Engineer / Specialist in Humanities / International Services
මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. මෙතැනදී වැඩිපුරම අපේ අයට හම්බුවෙන්නේ International Services කියන එක යටතේ තමා. මේ වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම , රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.
ඔය උඩින් කියල තියෙන්නේ මුලික සුදුසුකම විතරයි. එහෙම තිබිලා බෑ නේ ඉතින්, කොම්පැනියක් ඔයාට ස්පොන්සර් කරන්නත් ඕන. අන්න එතැනදී තමයි භාෂාව කරලියට එන්නේ, මොකද ජපන් භාෂාව නැතුව ජපන් කොම්පැනියකින් ස්පොන්සර් කරන්නේ ඔයාට විශ්මිත හැකියාවක් තිබුනොත් විතරයි. ජපානෙට භාෂාව ඉගෙනගන්න ඇවිත් හරියට ඒ වැඩේ කරගෙන රස්සා වලට ගිහින් ඉන්න අය ගොඩක් ඉන්නවා. ජපන් භාෂාව කියන්නේ N2 ලෙවල් එක වත් ඕන වෙනවා.
මේ වීසා එකක කාලය ඉවර උනාම නැවත අලුත් කරන්න ඕන, ඒ වෙලාවට නැවතත් ඔයා වැඩ කරන කොම්පැනියෙන් ෆෝරම් පුරවල ඔයාගේ ජොබ් එක සහතික කරලා පෙන්නන්න ඕන. මේ වීසා එකක් ලැබුනම ඒ කාලය ඇතුලත ඔයාට දැන් වැඩකරන එකෙන් අයින් වෙලා වෙන කොම්පැනියකට යන්නත් පුළුවන්. ඔයාගේ වීසා එකට කොම්පැනියේ බලපෑමක් නෑ. හැබැයි පුතෝ අයින් වෙලා දවස් 14ක් ඇතුලත ඔයාට ආදායම් මාර්ගයක් තියනවා කියල immigration එක දැනුවත් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට වෙන රස්සාවක් තියනවා කියල පෙන්නන්න ඕන. working visa තියාගෙන ආදායම් මාර්ගයක් නැතුව ජපානයේ රැඳිලා ඉන්න බෑ. මෙහෙම වෙන ඒවාට යන්න පුළුවන් උනාට හුඟක් කොම්පැනි වල බොන්ඩ් එකක් තියනවා, ඒ බොන්ඩ් එක violate වෙනවනම් ඔයාව නැවත ඔයාගේ මව්රටට එවන්න ලියකියවිලි සකස් කරන අවස්ථා බහුලව තියනවා, මොකද ඉස්සෙල්ලම ඔයාව ජපානෙට ගන්න කොම්පැනිය ගොඩක් රිසක් එකක් අරගෙන තමයි ඔයාව ගන්නේ, ඉතින් ගත්තට පස්සේ උන් කැමති නෑ නේ ඔයා ඒක දාල වෙන එකකට යනවට. (මේක හුඟක්ම අදාළ ඩිරෙක්ට් ජොබ් එකට ගන්න අයට තමා. ජපානේ ඉගෙනගෙන රස්සාවට යන අයට මේක ටිකක් අඩුයි)
Intra-company Transferee
මේකනම් ඉතින් ඔයාල දන්නවනේ, Head Office එක ජපානයේ තියෙන කොම්පැනියක හෝ, ඔයා වැඩ කරන කොම්පැනියේ Branch එකක් ජපානයේ තියනවනම් ඒකට ඇවිත් වැඩකරන්න පුළුවන් වීසා එකක් තමා මේ. මෙහෙම එන්න ඔයා කොම්පැනියේ අවම අවුරුද්දක්වත් වැඩකරලා තියෙන්න ඕන. කොම්පැනිය මත ජපන් භාෂාවේ අවශ්‍යතාව තීරණය වෙනවා.
Skilled Labor
මේකත් ඉතින් වැඩි විස්තර කියන්න ඕන නෑ නේ. ජපානයේ තියන හොටෙල්/ රෙස්ටුරන්ට් වලට එන කුක්ලා එහෙම එන්නේ මෙන්න මේ වීසා එකෙන්. අවුරුදු 3ත් 10ත් අතර සහතික කළහැකි පළපුරුද්දක් අවශ්‍යයි. මේකටත් කොම්පැනියෙන් ස්පොන්සර් කරන්න ඕන.
Trainee
මෙන්න පුතේ හුඟක් පැටලෙන තැන. මේක Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මාස තුනේ ඉඳල අවුරුද්ද දක්වා කාලෙකට වීසා ලබාදෙනවා.
මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම පහලින් තියන එකට ඇප්ලයි කරන්න පුළුවන්.
Technical Internship
මේකෙදි ඔයාට තවත් කාලයක් ජපානයේ රැඳී සිටින්න අවසර ලැබෙනවා, හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන
මේවට අමතරව මෙන්න මේ පහලින් තියන ඒවත් තියනවා,
Highly Skilled Professional
මේ ගැන කියන්න ඕන නෑ නේ. පොයින්ට් ටේබල් එකේ ලකුණු 70ට වඩා ගන්න පුළුවන් නම් ඔයාට මේ වීසා එක ගන්න පුළුවන්. මේක තියනවා නම් PR ගන්න එක ඉතාමත් පහසුයි.
Business Manager
Business වීසා එකක් ගහගන්න නම් අවම ජපන් යෙන් මිලියන පහක ආයෝජනයක් සහ ජපානයේ ඔෆිස් ස්පේස් එකක් අවශ්‍යයි.
ඔන්න ඉතින් දන්න දේ කිව්වා, වැරදි තිබේ නම් සමාවෙලා හරිගස්සන මෙන් ඉල්ලා සිටිනවා, කුණුහරුපයක් දෙකක් කියල රෙප් කපන්නේ නැතුව.

Last edited: